වෙස්🎭🎭

දහඅටවන දිගහැරුම

ඇය ඔහු වෙතට බත් කටක් කවද්දීම එක්වරම කාර්‍යාලයේ ඇගේ කුටියේ දොර විවර කරන් යමෙකු එන ඇසුණු ඇය පිටුපසට හැරී ඒ දෙස…….

බලද්දි දුටුවේ දොර විවර කරන් පැමිණෙන සිය පියා ය ….

ඇය දොරට පිටුපස හැරී උන් නිසා රෙජිනෝල් සෙහන්සා දිසෙන්ට බත් කවනවා දුටුවේ නැත ……

ඇය ළඟ තිබූ කඩදාසි අත් පිස්නාවක් ගෙන අතේ වූ ඉඳුල් පිසදා ගත්තාය.

“ශේෂා…..”

“තාත්ති ආවද ?”

ඇය පියා දෙසට හැරුණේ කිසිදු වෙනසක් නොපෙන්වා ය .

රෙජිනෝල් දිසෙන්ගේ මේසය සමීපයට ආවේ

සෙහන්සා එහි කුමක් කරනවා දැයි සැකයෙන් මෙනි.

“මම දිසෙන් කරපු ප්‍රොජෙක්ට් එකේ වැරදි බල බල හිටියා තාත්තී….”

“ඒක තමයි මම බැලුවේ ඔයා මොනවද දිසෙන්ගේ ටේබල් එකේ කරන්නේ කියලා …”

“දිසෙන් නම් ලන්ච් ගන්නවා ……”

“ඔයා කෑවද දුව…”

“මම ටිකකට කලින් කෑවා ….”

“ඔයා මොනාද ඒ ළමයට කන්න දෙන්නැතුව එතන ගිහිල්ලා වැඩ ගැන කතාරන්නේ…..කෝ බලන්න දිසෙන් කරපු ප්‍රොජෙක්ට් එක ….”

සෙහන්සා ගේ වාසනාවට එය ඔහුගේ මේසයේ ඇය සමීපයේම තිබුණි ….

සෙහන්සා දුන් පොජෙක්ට් රිපෝට් එක දෙස බැලූ රෙජිනෝල්ට පුදුම සිතුණී…

මේ අර රස්තියාදුකාර ත්‍රීරෝද රථ රියදුරාමද?

ඒ රිපෝට් එක දුටු මතින් ඔහුට හැඟුණේ මේ තරුණයා දිනක ඉහලටම ගමන් කරන බවකි.

“නියමයි…එක්සලන්ට් දිසෙන්…..ඔයා.හොඳට කරලා…. ෆ්‍රොෆෙසනල් විදිහට..”

“ඒකනේ තාත්ති මං කිව්වේ අපි දිසෙන්ට මේ පෝස්ට් එක දීලා බලමු කියලා..ඉක්මනටම වැඩ අල්ල ගත්තා….”

“වෙල් ඩන් දිසෙන්….දුව මම මගේ කැබින් එකට යනවා.ඉක්මනට එන්න .”

කුටියට යන ගමන් රෙජිනෝල් කල්පනා කලේ සෙහංසා හා දිසෙන් ගැනය.

ඔවුන් දෙදෙනා සමීප වැඩි ද?…

“ගින්දරයි පුළුනුයි ලංකරාම ගිනි ගන්නවා කියලා ඔයා දන්නැද්ද රෙජිනෝල්…..”

ජයන්තිගේ වදන් ඔහුට එක්වර සිහිපත් වූයේය.

නැත ……එසේ වීමට ඉඩ නැත…..

සෙහෙංසා උගත් බුද්ධිමත් යුවතියකි …..

විනෝද බර වුවද ….රාත්‍රී සමාජ ශාලාවට ගිය ද ඇය කිසි දිනෙක ඇයගේ තත්වය නැති කරගෙන නැත……

තමා බය වන්නේ අහේතුකව ය…..

දුලන්සා ගැන බය වුවත් සෙහන්සා ගැන බිය විය යුතු නැත ….

රෙජිනෝල් මෙසේ සිතමින් සිත සැහැල්ලු කර ගත්තේය .

තාත්තගෙන් ගැලවුණේ අනූනවයෙනි…..

තාත්තා දුටුවා නම් කරනු නොඅනුමාන යැයු සෙහෙංසා සිතුවේ තවමත් පහනොවූ හදවතේ ගැස්ම සමගින් ….

“ආයෙ නං මිස් මට කවන්න එපා…..”

“කොහෙද ගෙදර ද ඔෆිස් එකේ ද?”

“කොහෙදිවත් එපා ….තව පොඩ්ඩෙන් රෙජිනෝල් සර් අපි ගැන වැරදියට හිතෙනවා ……”

රැස්වීමට යාමට සූදානමින් සිටි දුලංසාගේ මුහුණ එක්වරම අඳුර වුයේ එවදන් සමඟිනි ….

ඔහුට මෙසේ තනිවම ආදරේ කරන්නේ තමා පමණිද…

දිසෙන්ගේ හිතේ කිසිම හැඟීමක් නැද්ද …

එසේනම් තනි වූ විටදි ඔහු තමාව සිප ගන්නේ ඇයි..

සිතමින් සෙහන්සා දුකින් මුහුණ අඳුරු කර ගත්තාය .

ඇගේ අඳුරු වූ මුහුණ දෙස දිසෙන් මද වෙලාවක් දුකෙන් බලා සිටියේය.

ඈට දුක දැනුනේ තමාගේ වදන්වලට බව ඔහුට සිතිණි……

ඔහු නිහඬව,කිසිදු වදනක් නොපවසවා සිටියේ ඔහුට ඇවැසි ඇගෙන් මිදීමට නිසාමය….

💓💓💓💓💓💓

සෙහංසා රැස්වීම මෙහෙයවන අන්දම…

ඇය චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිර වන අන්දම ….

ඇගේ පෞරුෂය දෙස දිසෙන් බලා සිටියේ පුදුමයෙනි.

කළු පැහැති ඇඟටම හිර දිගු කලසමත් තද නිල් පැහැති ,වැලමිට දක්වා අත්දිගු බ්ලවුස් එකත් ඇගේ දඟකාර පෙනුම පරදා ගෙනදී ඇත්තේ වැදගත් වෘත්තීමය පෙනුමකි .

දිසෙන් ඇය දෙස බලා සිටියේ දැහැනකට සමවැදුනු විලාසයෙනි .

දිසෙන් සෙහන්සා දෙස බලා සිටින අන්දම වෙන කිසිවකු නොදුටුවත් ,රෙජිනෝල් සමඟ රැස්වීමට පැමිණි සොනාලී එය දුටුවාය ….

ඒසේ නම් තමාව මොහු මෙතරම් ගණන් නොගෙන සිටින්නේ මේ නිසාද?

දිසෙන් ආදරය කරන්නේ සෙහන්සා ට ද?

එය සිතේ පවතින ආදරයක් පමණක් නොවන බව සොනාලීට සිතුනේ සෙහන්සා කිහිප වරක්ම දිසෙන් තමා හා සිටින අවස්ථාවලදී කෝප වූ අන්දම සිහිපත් වීමෙනි ….

මේ ගැන සොයා බැලිය යුතුයැයි ඈට සිතුනි …

දිසෙන් අයිති තමාටය……

ඔහු කෙසේවත් සෙහන්සා ට දිය නොහැකි යැයි ඈ කල්පනා කරන්නට වූවාය .

රැස්වීමට පැමිණ සිටි සියල්ලෝම ඔහු සකසා දුන් ව්‍යාපෘති වාර්තාව වර්ණනා කරද්දී දිසෙන් එ දෙස බලා සිටියේ නිහඬවය….

පාසලේ දී උසස් පෙළට වාණිජ විෂය ධාරාවන් හැදෑරු නිසා ඔහුට එම ව්‍යාපෘති වාර්තාව සෑදීමට පහසු වූනි….

“This project was not made by me. My assistant … he needs the honor of this ….. from his side”

එසේ ඈ තමාව එක්වර පෙන්වා කියද්දි දිසෙන් ඒ දෙස බලා සිටියේ පුදුමයෙනි …..

රැස්වීමට පැමිණ සිටි සියල්ලෝම ඔහු දෙස බැලුවේ අත්පොලොසන් දෙමිනි ..

රැස්වීම අවසන්ව මොහොතක් සියලු දෙනා හා කතා කරමින් සිටි ඇය දිසෙන්ව සෙව්වෙ ඔහු පෙනෙන්නට නොසිටි නිසා ය.

රැස්වීම පැවති හෝටල් පරිශ්‍රය පුරා ඈ ඔහුව සෙව්වේ කලබලයෙනි.

ඈ කලබල වූයේ කිසිවිටක ඔහු තමා හැරදා නොයන නිසාය .

අවසානයේදී ඈ ඔහුව දුටුවේ පිරිමින් සදහා වෙන්වූ වැසිකිලිය අසල දීය.

ඔහු දුටු විට ඇයට සතුටක් දැණුනත් ඔහු සමීපයේ සිටින තැනැත්තිය දුටු සැනින් නැවතත් ඇය කලබල වූවාය .

ඔහුගේ මුහුණ දෙස ඇසිපිය නොගසා බලමින් ඇය ඔහු හා කතා කරමින් සිටියි….

ඇයගේ හද රිදෙන්නට ගත්තේ කිසිවකු විසින් එයට ඇල්පෙනෙත්ති තුඩකින් අනින්නාක් මෙනි.

මෙතරම් ඔහුට ආදරේ කරන තමා බැහැර කරමින් ඔහු අන් යුවතියන් හා හිනහෙමින් කතා බස් කරද්දී ඇය කෙසේ ඉවසා සිටින්නද?.

ඇය එතනට කඩා පැන්නේ කිසිවෙකු විසින් තමාට අයිති යමක් උදුරාගත් පරිද්දෙනි

“මෙතන මොනාද කරන්න ….මම යන්න ඔයාව හැම තැනම හොයනවා ..”

සෙහන්සා ඇසුවේ ඔහු හා ඇය දෙස දවා හළු කරන බැල්මක් හෙලමින්…..

ඇය ඉන්නෙ තරහින් බව ඔහුට වැටහුණේ ඇගේ ළය වේගයෙන් උස් පහත් වන අන්දම දැකුමෙනි….

“මම වොෂ් රූම් එකට ආවා ….ගිහින් එද්දි සොනාලි ව හම්බවුණා ….”

“ඔයා ජෙන්ට්ස් වොෂ්රූම් එකට යන එක නං හරි….ඒත් මෙයා මොකද ?මම අදනේ දන්නේ සෙනාලි ජෙන්ට්ස් වොෂ් රූම් එකට යනවා කියලා…”

සෙහන්සා එසේ උපහාසයෙන් මෙන් අසද්දී සොනාලි නිරුත්තර වූයේ මොහොතකටය.

“නෑ නෑ මැඩම්….මම ලේඩිස් වොෂ් රූම් කියලා වැරදිලා මෙතනට ආවෙ …එතකොට තමයි දිසෙන්ව හම්බ උනේ …..”

“පුදුම වැඩේ නේ සොනාලි….ඔයා මෙතනට කී පාරක් ඇවිත් තියෙනවද?ඒත් දිසෙන් මෙහාට ආවේ පලවෙනි වතාවට…..එයාට වැරදුනා නං තව කමක් නෑ….ඔයාටයි වැරදිලා තියෙන්නේ…ඔය වගේ වැරදීම් වෙන්නේ එච්චර හොඳකට නෙමෙයි…..”

තරහෙන් රතු වූ මුහුණින් සෙහන්සා ඈ දෙස බලා සිටියාය.

💓💓💓💓💓💓

කාර්යාලයේ සිට ගෙදර ආ දිසෙන් ඇඟපත දොවාගෙන සයනයට ආවේ මහන්සි නිවා ගැනීමටය……

යමෙකු දොරට තට්ටු කරනවා ඇසුනෙන් ඔහු සයනයෙන් නැගිට දොර ඇරීමට ගියේ ඒ කවරෙක් දැයි සිතමිනි…..

“මහත්තයා ….ආ මේක ගන්න”

මැගිලින් අත වූ අලිගැට පේර යුෂ පානය ඔහු ගත්තේ සතුටිනි ………

ඒ ඔහු කුසගින්නේ දැවෙමින් සිටි නිසා ය..

“අනේ තැන්කියු මැගි අම්මේ ……මම හුඟාක් බඩගින්නෙ හිටියේ…..දැන් මේක බීලා හොඳට නිදා ගන්න පුළුවන් …”

“මහත්තයට අද නම් රෑ දෙගොඩ හරියක් වෙනකන් නිදාගන්න නං හම්බ වෙන්නේ නෑ …”

“ඒ මොකද මැගී අම්මේ….”

“අන්න ශේෂා නෝනා කිව්ව ක්ලබ් එකට යන්න ලෑස්ති වෙන්න කියලා “.

“ක්ලබ් එකට යන්න ..”

“ඔව් මහත්තයා….ඔය ළඟදි තමයි ක්ලබ් යන එක අඩු උනේ ඉස්සර හැමදාම ශේෂ නෝනා ක්ලබ් යනවා……”

“මහන්සි නැද්ද මන්දා . ..වැඩකරලා ගෙදර ඇවිල්ලා ආයෙ රෑ යන්න.”

“ඒව මේ ගෙවල් වල සාමාන්‍ය දේවල් …පොඩි කාලේ ඉඳන්ම පාටි වලට යන එක ක්ලබ් යන එක සාමාන්‍ය දේවල්….මම යනවා මහත්තයා ..කෑම මෙසේ අස් කරන්න තියෙනවා ….”

මැගිලින් ගියපසු අලිගැටපේර යුෂ පානය ඔහු එක හුස්මට බිව්වේය…..

අනතුරුව පැච් ඩෙනිම් කලිසමකුත් රතු පැහැති ටීෂර්ට් එකකුත් හැඳගත් ඔහු සිය කුටියේ වූ කන්නාඩි මේසය ඉදිරියට ගියේ හිසකෙස් වැක්ස් කර සැකසීමට ය.

අනතුරුව ඔහු සාලයේ සෝපාවේ අසුන් ගත්තේ ඈ එනතුරු ය…

ඇඟටම හිර වූ දෙවොටර තෙක් දිගු නිල් පැහැති ගවුමකින් සැරසුණු සෙහන්සා ඒ ඇදුමට ඉතාම සරාගී යැයි දිසෙන්ට සිතුනි

ඈ දෙස බලා සිටියා වැඩියැයි ඔහුට සිතුණින් ඔහු එක්වර බිම බලා ගත්තේය ….

ඇය ඔහු දෙස නොබලාම රියට නැග්ගේ තරහෙන් යැයි ඔහුට සිතුණි ….

මේ ඇය තමා ගෙන් පළි දරන්නේ යැයි දන්නා දිසෙන් රියට නැග්ගේ මුවට නැගි සිනාව ආයාසයෙන් මැඩ ගනිමිනි ….

“කෝ අද මිස්ගෙ යාළුවා …….”

“එයා කෙලින්ම ක්ලබ් එකට එනවා කිව්වා “

“මහංසි නැද්ද …ඔෆිස් ගිහින් රෑ තිස්සේ ක්ලබ් යන්න….”

“ඒක ඔයාට වැඩක් නෑනෙ…..”

අබ ඇට ටිකක් දැමුවොත් පිපිරී යන තරමට ඈ ඉන්නේ තරහෙන් බව දුටු දිසෙන්ට එක්වර ඇතිවූයේ දඟකාර සිතුවිල්ලකි ….

ඒ ඇයගේ තරහ තව වැඩි කිරීමය…..

“මිස් සොනාලි මිස් හරි ලස්සනයි නේද ?”

ඇය පිළිතුරක් නොදී ඔහු දෙස බැලුවේ රවමිනි…

“අම්මෝ මිස් ඔහොම රවන්න එපා ….එතකොට ය/කෙ/ක් වගේ ….”

“ය/කෙ/ක් වගේ …”

“සොරි මිස් ය/ක්/ෂ/ණි/යෙ?ක් වගේ….”

“යූ ඉඩීයට්…..ඔව් දැන් ත/මු/සෙ/ට ලස්සනට පේන්නේ sonali කියලා මං දන්නවා …..”

“ලස්සන දේවල් වලට ලස්සන නොකියා මොනව කියන්නද මිස්….”

“ත/මු/සෙ/ට මෙච්චර ආදරය කරන මාව යක්ෂණියක් වගේ…..අ/ර/කි තමයි ලස්සන…”

ඇය කීවේ නැවතත් ඔහු දෙස රවා බලමින් …

සෙහංසා එක්වරම රිය නැවැත් වූයේ කිසිවෙකු පාර හරස් වන ලෙස ඔහුගේ රිය දමා අවහිර කළ නිසාය …..

දිසෙන් රියදුරු අසුනේ කවුළුවෙන් හිස දමා බැලුවේ ඒ කවරෙක් දැයි බැලීමටය…..

රියේ වූ පුද්ගලයා රියෙන් බැස පැමිණියේ ඔවුන් සිටි රිය දෙසටය …..

“හායි …..කොහොමද….ඩාලිං ඔයා කොහෙද මේ යන්නේ…..ක්ලබ් එකට ද …මම යන්නේත් ඒ පැත්තට ….මෙයාව යවන්න …අපිදෙන්නා යමු මගේ වාහනේ…”

ඔහු එසේ ඇසුවේ විවර කළ රිය කවුළුවෙන් ඇගේ රිය දෙසට එබෙමිනි….

“ධනුක……..”

සෙහන්සා ඔහු දෙස බැලුවේ පුදුමයෙන් දෑස් විසල් කරගෙන ය…..

ධනුක එසේ පැමිණියේ දිසෙන් සමඟ රණ්ඩු කිරීමටදැයි සිතු සෙහන්සා බියට පත්වූවාය

හමුවෙමු මීළග කොටසින්