May be an image of 3 people, people standing and text
Priyanga Gunathilaka
pSerostodn
ආදරණීයම ඔයා…07

සෝන්‍ය ගේ ආශ්වාසයේ හඬ මා සවන් අසලින් ඇසෙද්දී මා වෙව්ලා ගියෙමි. තමන් නන්නා දුන න අමුතු පිරිමියෙකු සමඟින් මෙතරම්ම සමීප ව හිඳිද්දි ඕනෑම කෙ ල් ල ක එසේ බිය වනවා ඇත.

කුමක් සිදුවේද කුමක් කිවයුතුද කුමක් කල යු තුදැයි මට නිනව්වක් වූයේ නැත. වේගයෙන් ගැහෙනා හදවතේ හඬ පිටතට නෑසෙන්නට මම මහත් වෙහෙසක් ගතිමි.

සෝන්‍ය උන්නෙත් කලබලයෙන් බව මට දැනු නේ ඔහුගේ ආශ්වාසයේ වූ වේගවත් බව නිසා ය.

මම සිවිලිමේ වූ ජ්‍යාමිතක රටාවන් දෙස බලා සිටියෙමි. කාමරය පුරා විසිර පැතිර තිබූ මද ආලෝකය සිතට එක් කලේ කුමක් දෝ බිය ජනක බවකි.

මල මි නි යක් සේ මම නිසොල් මන් වීමි. ඒ තරමට සිතල වී උන්නේ හිත පුරා වූ නොතේ රෙන බිය ජනක නොසන්සුන් කම නිසාය.

තාදී….

බොහෝ වේලාවකට පසුව සෝන්‍ය මා ඇමතු වේ කෙඳිරිලි හඬකිනි. ඔහු මින් පෙර ඇමතූ අර නන්නාදුනන ගැහැණිය සිහිවී මා නොසන් සුන් වීමි ඔහු වැනි වංචාකාරයෙකුට මගේ ජීවි තයට පිවිසෙන්නට මා ඉඩ දිය යුතුද..

තාදී.. ඔයා හොඳින් නේද දරුවො…

මා මොනවාවත්ම නොකී නිසා දෝ ඔහු ඇසු වේය. ඉන්පසු ඔහු මගේ සුරතින් අල්ලා ගත් තේය. එය ශීතලව ගොස් ඇති වග ඔහුට දැනෙ න්නට විය.

තාදී..ඇයි මේ ඔයා බය වෙලාද..මෙච්චර ශීතල

නැත්තං අසනීපෙන් ද ඔයා..

ඔහු එවර ඇසුවේ මගේ දෙසට හැරෙමිනි.

මගේ හිස කකියනවා සෝන්‍ය..

ඔහුගේම පැනයේ එල්ලී මම යන්තමට ගොඩ විමි.

ඔය හිසේ කැක්කුම තාම අඩු නැද්ද තාදී… මම ඩොක්ටර් කෙනෙකුට කතා කරන්න ද..

ඔහු ඇසුවේ කලබල හඬකිනි. දැන් ඔහු මා අ සනීපෙන් බව කියා වෛද්‍යවරයෙකු ගෙන්වුව හො තත්වය තවත් බැරෑරුම් වන බැව් මම දැ න සිටියෙමි.

එපා සෝන්‍ය ටිකක් රෙස්ට් කලාම මේක හරි යයි…

හ්ම්ම…. එහෙම නං විකාර හිත හිත ඉන්නෙ නැතුව නිදන්න ඔහොම හැමදේම හරියයි..

සෝන්‍ය කීවේ කවර අරමුණකින් දැයි නොදන් නා මුත් ඔහුගේ වදන් මගේ සිතට එක් කලේ සැනසීමකි.

සෝන්‍ය මම… මට යමක් කීමට ඇවැසි විය.

උදේට කතා කරමු තාදී..මටත් මහන්සි..දැන් හොඳ දරුවා වගේ ඔහොම නිදන්න..

එවර ඔහු කීවේ මට තවත් කතා කරන්නට ඉඩ නොදීමය. මා නොදන්නා මට නොතේරෙන කුම ක් දෝ අභිරහසක් සෝන්‍ය වටා ඇතැයි මට හැ ඟෙන්නට විය.

මා අවදිවද්දී සෝන්‍ය යහනේ සිටියේ නැත. බැල් කනිය පැත්තේ දොර හැර දමා තිබූ නිසාම ඔහු ඉන් පිටතට යන්නට ඇතැයි මට සිතිනි. මම ය හනෙන් නැඟිට දොරකඩ වෙතට ගියෙමි.

තාම නිදී පව් අහිංසක කෙ ල් ල…

සෝන්‍ය උන්නේ ඇමතුමකය. ඔහු කාට හෝ ඒ ලෙසින් හදුන්වා දුන්නේ මාය. මට දැනුනේ මො කක්දෝ නොතේරෙන බියකි.

මේ අමුතු ගුප්ත මිනිසා මගේ ජීවිතයට කුමක් දෝ අනතුරක් කරන්නට සැරසේ යැයි මට සිතෙ න්නේ මන්දැයි මම නොදැන සිටියෙමි.

හරි මැණික මං එනවා අදම පරිස්සමින් ඉන්න

තවත් මොනවා දෝ කියා ඔහු අවසන කීවේය. සෝන්‍ය ආපසු පැමිනෙන්ට කලියෙන් මම නැ වතත් යහන වෙත ආවේමි.පටලවා අත හරින ලද නූල් පන්දුවක් සේ සියල්ල අපහැදිලිය.

ගුඩ් මෝනිං මැඩම් දැන් ද ඇහැරුනේ.. කාමරයට ඇතුල් වෙමින් සෝන්‍ය මට සුභ පැතී ය.

ගුඩ් මෝනිං සෝන්‍ය… මට ටිකක් නින්ද ගියා..

ඒකට කමක් නෑ..රෑ අසනීප වෙලා නිදි වර න් නත් උනානෙ තාදී ඉක්මනට වොෂ් එකක් අරන් ලෑස්ති වෙනවද අපි අද ආපහු යන්න ඕනි බ්‍රෙ ක්පස්ට් ගත්ත ගමන්ම ගියා නං ලේසියි…

එවර ඔහු කීවේ කලබල හඬකිනි.

අදම යනවද…මා ඇසුවේ පුදුමයෙනි. අප මෙහි දින කිහිපයක් නතර වී ඉන්නට සැලසුම් කර තිබිනි.

අදම යන්න ඕනි දරුවො..හදිස්සියක් අපි ආයි දවසක මෙහෙට එමුකො ටික දවසක් ඉදලා යන්න…

ඒත් සෝන්‍ය…. අපගේ මංගල උත්සවයේ දෙවනි දවස තිබුනේ තව දින කිහිපයකිනි.

හැමදේම ගැන දැන් හිතන්න වෙලාවක් නෑ තාදී..මට හදිස්සි වැඩකට යන්න වෙලා.. ඔයාව ගෙදරින් දාගෙන මම යන්න ඕනි..හෝම් කමින් එක කොහොමත් තියෙන්නෙ ගෙදරනෙ…

සෝන්‍ය කීවේ සැහැල්ලුවෙනි. ඔහු හා තර්ක ක ර තේරුමක් නැති නිසාමදෝ මම නිහඩවම සූ දානම් වීමි.

උදෑසන ආහාරය ගත් වහාම අප ආපසු එන්න ට පිටත්විමි. සෝන්‍ය මේ නටනා නාඩගමේ තේ රුම කුමක් දැයි මට වැටහෙන්නේ නැති නමුත් පැත්තට වි එය නරඹනවා ඇරෙන්නට විශේෂ යමක් මට කරන්නට බැරි බව මම හොඳා කා රවම දැන සිටියෙමි.

මම පුළුවන් තරම් ඉක්මනින් එනවා තාදී…මුතු අම්මා මම එනකං නෝනව පරිස්මින් බලා ගන්න…

නිවසට පැමිණි වහාම මටත් නිවසේ මෙහෙ කාරියටත් එක වර කියාගෙන ඔහු ආපසු හැරු නේ අපට කිසිවක්ම කියන්නට ඉඩ නොතියා මය.

සුදු මහත්තයා කොහෙද නෝනා කඩිමුඩියෙ ආපහු ගියෙ..

සෝන්‍ය මුතු අම්මා යැයි ඇමතූ තැනැත්තය මගෙන් ඇසුවාය.

මම දන්නෙ නෑ…

සිදු වූ දෙයින් අන් ද මන්ද උන් මා කීවාම නො වේ මට එකවරම කියවිනි. ඈ අමුතු බැල්මක් මදෙස හෙළුවාය.

අපි ඇතුලට යමු නෝනා..මොකක් හරි හදිස්සි වැඩක් වෙන්න ඇති… ඉක්මනට එයි..

මද වේලාවක් එසේ බලා හිද කී ඈ මගේ අත කින් අල්ලාගෙන ගෙට ඇතුල් වූවාය. අළුත් ම නාලියක් සිය මනාලයාගේ නිවසට ඇතුල් වන් නේ මෙසේ දැයි කියන්නට මම දන්නෙ නැති මුත් හිතට මොකක් දෝ අසරණකමක් දැනිනි.

මේ විසල් නිවසේ මා කුඩා ප්‍රාණියෙකු පමණක් බව මට හැඟී යන්නට විය. මා එහි අතරමං වී සිටියෙමි.

මේ තමා සුදු මහත්තයගෙ කාමරේ…
ඈ මාව නිවස තුලට රැගෙන ගොස් සෝන්‍ය ගේ කාමරය ඉදිරියේ නතර වෙමින් කීවාය.

නෝනා ඇතුලට වෙලා ඉන්න…

ඈ කීවේ එහි දොර විවර කරමිනි. කිසිවක්ම නොකියා මම එය තුලට ගියෙමි. එයා තරමක් විසල් ඉතාමත් පිරිසිදුව පිලිවෙලකට සකස් කර තිබූ කාමරක් විය.

විසල් යහනකුත් කුඩා කබඩයකුත් ඇරෙන් න ට එහි අන් කිසිවක්ම තිබුනේ නැත. මම යහන මත හිදගතිමි.

නෝනා ඔහොම ඉන්නකො මම බොන්න මො නා හරි අරගෙන එන්නම්..
කියමින් ඈ කාමරයෙන් පිටවිය. හදිසියේ මගේ දුරකතන නාද විය කතා කර තිබුනේ අම්මාය. දෙවියනේ ඊයේ නිවසින් පිට වූ මොහොතේ පට න් මා ඇයව ඇමතුවේ නැති බව මට සිහි වුයේ එවිටය.

හෙලෝ අම්මා…

ලොක්කි ඔයා හොඳින් නේද…
අම්මා තවමත් හඬමින් ඉන්නවා වන්නට ඇත. ඒ හඬ හොඳටම බොඳ වෙලාය.

ඔව් අම්මා… මට එකවරම ඉකි ගැසිනි.

ලොක්කි ඇයි මැණික ඔයා අඬන්නෙ… අම්මා ඇසුවේ බියෙනි.

ඔයාව මතක් වුනා අම්මා…

කෝ සෝන්‍ය පුතා ඉන්නවද

මේ ටිකකට එලියට ගිහින්….

මම කීවේ හදිසියේවත් අම්මා ඔහුට කතා ක රන්නට ඕනෑ යැයි කිවහොත් කුමක් කිවයුතු දැයි සිතා ගත නොහැකි වන නිසාය.

එලියට ඒ කොහෙටද…..

අම්මා ඇසුවේ කලබල හඬකිනි.

මේ පහලට අම්මා මටත් එන්න කීවා.කම්මැලි හින්දා නතර වුනා මං…

අමාරුවෙන් මම බොරුවක් ගැට ගසා ගතිමි.

ඔයා හොඳින් ඉන්නවා නේද දරුවො…

ඔව් අම්මා..කෝ මල්ලා..මොනවද ඒ පිස්සා කරන්නෙ.. මාත් ගෙදර නැති නිසා පිස්සු නට න්න තියා ගත්තද…

මම ඇසුවේ කතාව වෙනතකට හරවන්නට සිතාගෙනය.

තාම නිදි..මහා රෑ වෙන කං ලොක්කි නැතුව ගේත් එක්ක පාළුයි කිය කිය ඉදලා පාන්දර නිදා ගත්තෙ.. අම්මා කීවේ ඉහලට අදිමිනි.

අනේ ඔහොම අඬන්න එපා අම්මා..හැමදේම දාලා දුවගෙන එන්න හිතෙනවා මට..

මම බයේ හිටියෙ ලොක්කු සිද්ධ වුන දේවල් හින්දා මොනා වෙයිද කියලා..

ඔයා බය වෙන්න එපා අම්මා..සෝන්‍ය හරි හොඳයි..එයා ආදරෙන් මාව බලා ගන්නවා.. කල්පනා කරන්නෙ නැතුව වෙලාවට කාලා බීලා ඉන්න.. මං ඉක්මනට ඔයාලව බලන්න එනවා..

මං නෙවී ලොක්කි අපි කියන්න..දැන් ඉතිං ඉස්සර වගේ තනියම එහෙ මෙහෙ ඇවිදින්න තියා ගන්න එපා…

අයියෝ අම්මා…එහෙ මෙහෙ නෙවී ගෙදරනෙ ආවත් එන්නෙ මම..

ගෙදර උනත් බැඳපු ගෑ ණි යෙක් තනියම එන්නෙ නෑ..තේරුනාද..

හරි හරි ඉතිං අපි ඉක්මනට එනවනෙ…අර පිස්සට පිස්සු නටන්නෙ නැතුව ඉන්න කියන්න ඇවිල්ලා ඔළුව හිල්වෙන්න ටොක්කක් අනින වා නැත්තං මම…

මම ඔහේ කියවාගෙන ගියෙමි. අම්මා සමඟ කතා කිරිමෙන් හිතේ වූ බර මදක් පහ වූවාක් වැනිය.

මේ ලොකු අම්මා කතා කරනවා මං තියන්නං ලොක්කි පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි… අම්මා ඇමතුම නිමා කලේ එසේය.

මේ බිත්ති හතර ඇතුලේ කුමක් සිදු උවද මට නැවතත් අම්මාටවත් මල්ලාටවත් බරක් වන්න ට නොහැකිය. ජීවිතය ගෙවෙනා ලෙසකට ගෙ වෙන්නට ඉඩ දී බලා හිඳිනවා ඇරෙන්නට මට මේ මොහොතේ කල හැකි දෙයක් නැත.

හමුවෙමු