09වෙනි කොටස🦋
“අම්මා එනවා හවස ඔයාව එක්කගෙන යන්න .”
මං කිව්වේ ආරුගේ ඔලුව අතාගලා .ආරු මගේ කම්බුල සිපගත්තේ චූටි අත්වලින් මාව බදාගෙන.මන් ලන්ච් බොක්ස් එකත් අරගෙන ගියෙ ආරුගේ ටීචර් ගාවට.හැමදාම වගේ ආරුගේ කෑම එක දෙන්නෙ මං එයාගේ ටීචට.ඒ ආරුගේ ටීච හිරුගේ අක්කා වුන නිසා.මන් කෑම එක හිරුගේ අක්කට දීලා ආපහු ආවේ ආරුගේ මේසේ ලගට.
“ආරු හොද ලමෙක් වගේ ඉන්න ඕන.ඔයාගේ ටීචට වද දෙන්න එපා හොදද.”ආරු හිස වැනුවේ බිම බලාගෙන මන් ආරුගේ කම්බුල සිපගත්තේ හිනාවෙලා.මං ආරුගේ ඔලුව අතගාලා ආපහු සැරයක් ගියේ ටීච ගාවට.
“අනේ එයාව හොදට බලාගන්න.ස්කූල් එක ඇරුනම මට කෝල් එකක් දෙන්න මිස්.මොකද මන් අද ගොඩක් බීසී වෙයි ඒකයි.”මන් මිස්ට එහෙම කියලා එලියට එනකොටම වගේ මන් දැක්කේ එලියට වෙලා ඉන්න හිරූව.
“මං හිතුවේ අද එන එකක් නෑ කියලා.”හිරූ එහෙම කියලා අත දැම්මේ ඈතින් එන වීල් එකට.
“ගයාන් හොටෙල් එකට.”මන් එහෙම කියලා නැග්ගම හිරූත් මන් ගාවින් වාඩිවුනේ ඩ්රයිවර්ට යන් කියන ගමන්.
“අදනම් හොදටම පරක්කුයි මිහානා පියත් අපිට කෑ ගහයි.”.මගේ මුනේ හිනාවක් ඇදුනේ පොඩි දේටත් හිරූ ඕනවට වඩා කලබල වෙන හින්දා.
“අදනම් බැනුම් අහන්න වෙයි කියලා මන් හිතන්නේ නෑ හිරූ මොකද අද සදුදා නෙවේනේ.ඒක නිසා වැඩිය සෙනගක් හොටෙල් එකට එන එකක් නෑ.”
“හ්ම් එහෙම වුනොත් හොදයි කෝකටත් හෙට වෙනදට වඩා උදෙන් නැගිටින්න ඕන.”හිරූ එහෙම කිව්වේ එලිය බලාගෙන.
“ඔයාගේ පෝන් එක රින් වෙනවා මිහානා.”හිරූ කිව්වේ මන් අවුල් වුන කොන්ඩේ ගුලියකට කරලා බදිනකොට.මොකද පරක්කු වුන නිසාම මගේ කෝන්ඩේ හොදට පීරගන්න වෙලාවක් තිබ්බේ නෑ.මන් බෑග් එකෙන් පෝන් එක අරගෙන බැලුවේ කවුද කියලා.කෝල් එක ගිහාන්ගෙන්.මන් පෝන් එක ආන්සර් කරලා කනේ තියාගත්තේ …
“හෙලෝ ගිහාන්…”
“හෙලෝ මිහානා මන් අද කලින් ඕෆ් වෙනවා.මන් මේ කතා කරේ ආරුව ස්කූල් එකෙන් අරගෙන පාක් එකට එක්කගෙන යනවා කියන්න.”මගෙ මුවින් පිටවුනේ සුසුම් හඩක්.ගිහාන් කියන්නේ දෙවියෙක් වගේ මනුස්සයෙක්.සමහරවිට එයාව මන් ගාවට එවන්න ඇත්තේ මගේ බර පොඩ්ඩක් හරි සැහැල්ලු කරන්න වෙන්න ඇති.
“මිහානා ඔයා තාමත් ලයින් එකේ ඉන්නවද….”
“ආහ් ඔව් ගිහාන් ඔයා අද එහෙනම් ආරුව ගන්න.ගොඩක් තෑන්ක්ස් ගිහාන්.”මන් පෝන් එක කට් කරේ වීල් එකෙන් බහින ගමන්.
“මට ඔයාවයි ගිහාන්වයි තේරෙන්නේ නෑ.”හිරූ කිව්වේ හොටෙල් එක ඇතුලට ඇවිදගෙන යන ගමන්.
“මොනවද ඔයාට තේරෙන්නේ නැත්තේ…”
“ගිහාන් ඔයාගේ හැමදේම හොයලා බලලා කරනවා.ඔයත් වෙලාවකට එයාට කැමතියි වගේ ඉන්නවා.මන් නම් කියන්නේ මිහානා ඔයා එයාට ආරුගේ තාත්තගේ තැන දුන්නොත් හොදයි කියලා.”හිරූ කියපු දේට මගෙ මූනේ ඇදුනේ හිනාවක්.
“ආරුට දැනටමත් තාත්තා කෙනෙක් ඉන්නවා හිරූ…”මම ආදීට වෛ/ර කරත් ආදී කියන්නේ ආරුගේ තාත්තා.එයාගේ නම ඇහෙන එකත් මට පි/ලි/කු/ල් ඒත් ආදී කියන්නේ මගෙ දරුවගේ තාත්තා.මට ඒ තැන කවදාවත් වෙන කෙනෙක්ට දෙන්න බැරිවෙයි.
🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
“සියලුම දෙනා රැස් වෙන්න”හැමෝගෙම අවදානය දිනාගන්න පියත් අත්පුඩි ගහන හඩ අපිට ඇහුනා.හිරුයි මායි පියත්ට හොරෙන් කවුන්ටරය ගාවට ගියේ අපිව දැක්කොත් බැනුම් අහන්න වෙනවා කියලා හොදාකරාවම දන්න නිසා.
"අම්මෝ හිරූ හොද වෙලාවට අපිව පියත් දැක්කේ නෑ.දැක්කනම් අපි දෙන්නම අද ඉවරයි."
“අහ්ම්…”පියත් උගුර පෑදුවේ අපි දිහා බලාගෙන.
“ඔයාලා දෙන්නා අන්තිම මොහොතේ හරි ආපු එක ලොකු දෙයක්.මිහානා.”පියත් කියද්දි මට දැනුනේ අපහසුතාවයක්.
“ගුඩ්මෝර්නින්ග් පියත් “පියත් මොකුත් නොකියා හැරුනේ මාව ගනන් නොගෙන වගේ.හිරූ මන් දිහා බලලා හිනාවුනා.පියත් එයාගේ වයිෆ් දරුවෝ එක්ක කොහොම ඉන්නවා ඇද්ද මන් කල්පනා කරේ පියත් දිහාම බලාගෙන.
“ඇයි මිහානා මේ මනුස්සයගේ මූනේ කිසි හිනාවක් නැත්තේ….අනික මේ මනුස්සයා ඉන්නේ ලොකු බරක් ඔලුව උඩ තියාගෙන වගේ “හිරූ කියපු දේට මට හිනාවක් යන්න ආවත් මන් ඒක නතර කරගත්තේ ඒකටත් බැනුමක් අහන්න වෙන නිසා.හිරු කියපු දේ ඇත්ත.මොකද මන් මෙතන වැඩ කරන්න ආපු දවසේ ඉදන් මන් පියත් හිනාවෙනවා දැකලා තියෙන්නේ දෙපාරයි.කොහොමත් මේ නුවර හොටෙල් එක්ක මැනේජර් කෙනෙක් වෙනවා කියන එක එච්චර ලේසි නෑ.
“අද මට ගයාන්ගෙන් කෝල් එකක් ආවා.”පියත් එහෙම කියනකොටම හැමෝම වගේ කසුකුසු ගෑවේ ඇයි හදිසියේම ගයාන් කතා කරේ කියන එක.ගයාන් කියන්නේ මේ හොටෙල් එකේ සී.ඊ.ඕ.
“හැමෝම කටවහගන්න.”පියත් කෑ ගැහුවේ තමන්ගේ කතාවට බාදාවෙන හින්දා.
“ගයාන් සර් කිව්වේ අපි අද හොද හැසීරීමක් තියාගන්න කියලා.මොකද අද මේ හොටෙල් එකට වැදගත් ගෙස්ට් කෙනෙක් එනවා.ඉතින් සර් කිව්වේ අපෙන් කිසිම වැරැද්දක් වෙන්න දෙන්න එපා කියලා.”
මම හිරූගේ කනට ලංවෙලා මිමිනුවේ…”ගයාන් සර් අද ගෙස්ට් කෙනෙක් එක්ක එනවනම් මන් ඉවරයි”
“ඒ ඇයි…”හිරූ ඇහුවේ මගෙ කනට ලංවෙලා.
“මගෙ යුනිෆෝම් එක ගොඩක් පරනයි.”යුනිෆෝම් එකක් ගන්න ඕන වුනත් මේ දවස් ටික මග ඇර ඇර මන් හිටියේ මන් ගාව සල්ලි තිබුනේ නැති නිසා.
“ගයාන් සර් කිව්වේ සර්ට වගේම මෙහෙට එන ගෙස්ට්ට සේවය කරන වේටර් වේටරියන් දෙන්නගේ පඩි වැඩි කරනව කියලා.”පඩි වැඩිකරනවා ඒක මට ඕනමයි.මගේ පඩිය වැඩි කරොත් ආරුට වගේම මටත් ගිහාන්ගෙන් උදව් ගන්න ඕන වෙන එකක් නෑ.
“මන් දැනටමත් ඒ වැඩේට හරියන දෙන්න තෝරගෙන ඉවරයි .ඒ දෙන්නා තමයි….”පියත්ගේ දෑස් යොමුවුනේ අපි දිහාට.”ප්ලීස් මාව තෝරගන්න මාව තෝරගන්න මන් හදවතින්ම ප්රාර්තනා කරේ මට ඒක ගොඩක් වටින චාන්ස් එකක් හින්දා.
“රමේශ්….සරනි…”පියත් කියද්දිම මට ඇහුනේ මගේ වගේම අනිත් අයගෙත් බලාපොරොත්තු සුන් වුන සුසුම් හඩවල්.මම හිරූගේ උරහිසේ අත යවලා බැලුවේ පියත් දිහා.
“අනෙක් අය අද දවසේ හොදින් හැසිරෙන්න ඕන වගේම හොටෙල් එකට එන අයට හොදින් සර්ව් කරන්න ඕන වගේම….”පියත් කතාව නවත්තලා බැලුවේ අපි දෙන්නා දිහා.
“පහුගිය් දවස් ටිකේම ඔය දෙන්නා මහ්න්සිවෙලා වැඩ කරා.ඒකට ගොඩක් ස්තූති .”අපි දෙන්නා අත්පුඩි ගැහුවේ සතුටින්.මොකද පියත් අපිට ප්රශංසා කරන්නේ ගොඩක් කලාතුරකින් නිසා.
“හ්ම්ම් අදට එච්චරයි.ඔයාල හැමෝම දැන් තමන්ගේ ඩියුටි වලට යන්න “හැමෝම ගියාම අපි දෙන්නත් හැදුවේ යන්න ඒත් අපි දෙන්නා නැවතුනේ පියත්ගේ හඩින්.
“මිහානා ඔයා එන්න මාත් එක්ක මගේ කැබින් එකට හිරූට යන්න පුලුවන් .”පියත් එහෙම කියලා කැබින් එකට ගියේ හිරූ මං ලගට එද්දි .හිරූගේ මූනේ තිබ්බේ සමාව ඉල්ලන බැල්මක්.
“බයවෙන්න එපා මිහානා එයා මොකුත් කියන එකක් නෑ.ඔයා යන්න.”මං හිස වනලා ගියේ පියත්ගේ කැබින් එකට.
🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
💫මතු සම්බන්ධයි💫
මිහානගේ ජොබ් එක නැතිවෙයිද?වෙනදා වගේම අදත් අදහසක් කියාගෙන යන්න.