03 කොටස

විද්‍යා දින වැඩසටහන ඇරඹිණි. සත්සර විද්‍යාලයේ බාලිකා පාසලේ සිසුවියෝ ද ඊට සහභාගී උනා.

වැඩසටහන සාර්ථකව කෙරීගෙන ගිය අතර කිලාන් සහ අදිශ ඉතාම දක්ෂ අන්දමට නිවේදන කටයුතු මෙහෙයවුවා. විශේෂයෙන්ම කිසිම ලියවිල්ලක් බලා නොගෙන පරිනත වාග් මාලාවක් භාවිත කරමින් කිලාන් නිවේදන කටයුතු කල අන්දම බාලිකාවන්ගේද කතා බහට ලක් උනා.

ඒයි කවුද බන් අර announcing කරන එකා.? මාර ලස්සනට කරනවනෙ. ඒ පවනි

ඇයි අන්දුනුවේ නැද්ද කිලාන් නේ. අපේ බයෝ ක්ලාස් එන්නේ. ඒ ශමින්ද්රි

අපෝ ඒ ඌ ද? කවුද බන් ඌ ට මෙච්චර ටැලන්ට් එකක් දන්නේ? මහා එපාම කරපු එකෙක්. පවනි කිව්වේ තරහෙන්.

ඔව් බන් ඕකා නම් මහා මොට්ට යකෙක් තමයි. හැබැයි announcing නම් සුපිරි. බිසේකා කිව්වා

ඇයි බිනූ ඒ බෝයි ගැන ඔච්චර තරහෙන් කතා කරන්නේ? එයා එච්චර නරක ද? මෙච්චර වෙලා නිහඩව හිටපු මෙහන්සා ඇහුවේ පුදුමෙන්

නරක? නරක විතරක් නම් බැරි යැ. මූ එකෙක් අපේ ක්ලාස් එකේ හතර මායිමක නෑ. මිහී උඹ හිතන්නෙපා අහිංසක පාටට හිටියට හැම කොල්ලම උඹලගේ අයිය වගේ අහිංසකයි කියල.

ඔව් මිහී මෙයා ගැන තමයි අපි හැමදාම ඉස්කෝලෙදි කතා වෙන්නේ. උඹ නම් ඉතින් ක්ලාස් එන්නේ නෑනෙ. ඔන්න අද බලාගනින් කිලාන් පහන්සිත් කියල ලස්සන නමකුයි අහිංසක පෙනුමකුයි තියෙන සත්සරේ තමයි අර. ශමින්ද්රි කිව්වා.

පාසලේදී නිතර මිතුරියන්ගේ කතා බහට මාතෘකාව වන කිලාන් එවෙලේ තමයි මෙහන්සා ගත්තේ. ඇය නිතරම ඔවුන් කියන ඒවා අහන්නේ පුදුමෙන්. කොල්ලෙක්ට මෙච්චර අවිනීත වෙන්න පුළුවන් දැයි සිතමින්. ඇයට පිරිමි ළමුන් ළමුන් ගැන දැන නොසිටි තරම්. ඇගේ ලොවේ සිටියේ ඇගේ පියා ත් සොහොයුරා ත් පමණයි.

ඔව් ඒක ඇත්ත. බිනූ කිව්වා. ක්ලාස් එකට එන කෙල්ලෝ මෙයාගෙ ලගින් යන්නත් බයයි මොකක් හරි ජඩ වැඩක් කරයි කියල. සේරම නැහැදිච්ච මහා හයියෙන් හිනාවෙන්න නම් දන්නවා

ඔව් ඒක තමයි මතකද ගිය සතියේ කරපු බලු වැඩේ?

මොකද නැත්තේ? දන්නවද මිහී මෙයාගේ අලුත්ම හපන්කම? අනේ අර රශ්මි පවු ඒ කෙල්ල

ඇයි මොකද උනේ?

ගිය සතියේ රශ්මි පරක්කු වෙලා පන්තියට ආවේ. සර් ක්ලාස් එක පටන් ගන්න ඔන්න මෙන්න. ඒ නිසා කෙල්ල ටිකක් දුවගෙන දුවගෙන ඉස්සරහට ආව. මුගේ ලගින් එනකොටම මු කකුල දැම්ම. කෙලින්ම බිම. අර ළමයි දාහක් විතර ඉන්න පන්තියේදී ලැජ්ජාව.

සර් ඇහුව කන්නාඩි දාලත් ඔය ළමයට ඇස් පේන්නේ නැද්ද කියල. බලපන් කොච්චර ලැජ්ජද කියල. කොල්ලෝ හු කිය කියා හිනා උනා. පවු ඒකි ඇඩුව හොදටම.

ඕකා හැමදාම කෙල්ලන්ගේ පැත්තේ අයිනේ ඉදගන්නේ ඕකට තමයි. ශමින්ද්රි නොරිස්සුමෙන් කිව්වා. මෙහන්සා අහන හිටියේ පුදුමෙන්.

ඒ උනාට යුනිෆෝම් එකට නම් කිලාන් මාර ගති නේද? ක්ලාස් එන්නේ නිකම් මොකාද එකා වගේනේ.

යුනිෆෝම් එකට ඕනේ රස්තියාදුකාරයෙක් ලස්සන තමයි බන්.

ඉගෙන ගන්නත් කිසිම උවමනාවක් නෑ. තාත්ත ප්‍රසිද්ද ක්‍රිකටර් කෙනෙක්නෙ. ඇති තරම් සල්ලි තියෙනවා. බිසේකා කිව්වේ මෙහන්සා දිහා බලාගෙන. මොකද මිහී සද්ද නැත්තේ?

නෑ මුකුත් නෑ. මම මේ හිතුවේ announcing හොදයි තව ටිකක් සංයමයෙන් කරා නම්

ඔවු ඉතින් උඹට නම් තේරෙනවනෙ අඩු පාඩු. ඔන්න බලපන් අද අපිව බයිට් කරන්න මේගොල්ලෝ මොනාහරි කරල තිබුනේ නැත්තම් මම පවනි නෙමෙයි

ඒ ඒ කොහොමද විශ්වාසෙන් කියන්නේ?

බලපන් මෙතන ඉන්න එකම ගර්ල්ස් ස්කුල් එක අපි. එකත් මුන් ප්ලෑන් කරලම කරාද දන්නේ නෑ. ඒ නැතත් quiz එකේ ප්ලේස් තියෙන නිසා දන්නවනේ අපි එනවම කියල. ඊටත් මට අරූ ව ශුවර්ම නෑ. ඕකා ඉන්න තැන මොකක් හරි වෙනවමයි.

ඔහු එතරම් නැහැදුණු අයෙක් ද? මෙහන්සා හිතුවේ කිලාන් දිහාම බලාගෙන. නමුත් ඒ මුහුණ? ඔහුට ඇත්තේ තම පියාටත් නිවුන් සොයුරාටත් පසුව දුටු අහිංසකම රුව බව ඇයට සිතුන. නමුත් ඒ අවිහිංසක මුහුණට යටින් හුන් දගකාර දඩබ්බරයා ඇය ඒ මොහොතේ දැක්කේ නෑ

විද්‍යා දින වැඩසටහන සාර්ථක ව කෙරීගෙන ගිය අතර අවසාන විශේෂාංගය ද එළඹිණි. ඒ ඔවුන් හදිසියේ සුදානම් කල ආරාධිත පාසල් විශේෂාංගය විය.

හොදයි මම හිතනවා පැමිණ සිටින සියලු දෙනාම අපේ මේ විද්‍යා දැනුමක් විනෝදයක් ලබන්නට ඇති කියල. කිලාන් කියන්නට විය. ඉතින් ඒ විනෝදයට තවත් කරමින් අපේ විද්‍යා සාර්ථක කරගන්නයි අපිට අවශ්‍ය.

ඒ … ඒ… මොකද්ද බන් ඒ?

මොකවත් නෙමෙයි අර උඹ කියපු මගඩි වැඩේ තමයි.

ඉතින් ඒ නිසා අපි හිතුව පුංචි වෙනස් දෙයක් කරලා මේ දවස ආලෝකමත් කරගන්න. මම හිතන්නේ සියලු දෙනාම සතුටු වේවි ඒ අදහසට. තවත් වෙලා නොගෙන මම කියන්නම් ඒ විශේෂාංගය කියල. ඒ තමයි අපේ ආරාධිත පාසල් විශේෂාංගය.

විද්‍යාලිය සිසුන් ප්‍රීති ගෝෂා කල අතර ආරාධිත පාසල් අතාරි කසු කුසුවක් නැගිණි.

මම කිව්වනේ මම කිව්වනේ. පවනි කිව්වේ තරහෙන්

පොඩ්ඩක් ඉන්න පවනි. මෙහන්සා කිව්වේ ඔහු ඊළගට කියන්න යන්නේ කුමක්ද පිළිබද විමසිලිමත් වෙමින්.

කිලාන්ගේ නොඉවසිලිමත් සිත් ඇදගන්නා හඬ නැවත ඇහෙන්න උනා.

මම එහෙම කිව්වම ඔයාල කලබල වෙන්න අවශ්‍ය නෑ. අපේ ආරාධනය පිළගෙන මෙහි පැමිණීම සතුටක් වගේම ගෞරවයක්. ඔබ අපහසුතාවයකට පත් කරන්න නෙමෙයි අපි උත්සහ කරන්නේ

අපහසුතාවයට පත් කරන්න නෙමෙයි? අම්මප මු එක කියන ලස්සන. ශාමින්ද්රි කිව්ව

ඉතින් ගොඩක් කාලය නැති නිසා අපි කැමතියි අපිට ගොඩක් සමීප අපේ සහෝදර බාලිකා පාසලේ සොයුරියන්ට වේදිකාවට ආරාධනා කරන්න.

මචන් ඒ කියන්නේ නම් අපිට.

ඒක ඉතින් ඕනේ බුරුවෙකුට තේරෙනවනෙ. ශම්න්ද්රි කිව්වේ තරහෙන්. නැතුව ඉතින් මුන්ට වෙන බාලිකා පාසලක් තියෙන එකක්යැ

මේක නම් ප්ලෑන් කරලම කරපු දෙයක්. කලින් කිව්වා නම් අපි ලෑස්ති වෙලා එනවා නේද? නෑ මුන්ට ඕනේ වෙලා තියෙන්නෙ අපිව ස්ටේජ් එකට අරගෙන බයිට් කරන්න. පවනි කිව්වා. මෙහන්සා මොකද දැන් අපි කරන්නේ? මෙතන ඉන්නත් බැහැනේ.

මෙහන්සාගේ සිතට දැනුනෙත් තරහක්. ආරාධිත පාසලක් විදියට ආ තමන්ව අපහසුතාවයට පත් කරන්න ඔහුට කොහෙන් හයියක්ද? නැහැ. එහෙම වෙන්න දෙන්නේ නැහැ මන්