Ex වයිෆ්
33 වන කොටස
“මිස් දුක්වෙන්න එපා.මිස් සර්ව හදාගන්න බලමු..”
ලක්ෂිකා එහෙම කිව්වේ දරු පවුලක් කඩනවට වඩා එකතු කරන එක වැදගත් කියලා හිතලා…
“අනේ මේ ලක්ෂි.හදාගන්න එයා අතදරුවෙක්ද?.අවුරුදු කීයක් මම එයාව හදාගන්න උත්සහා කළාද?..මට මේ දේවල් අහලා දුකක් නෙමෙ දැනුණේ කළකිරීමක්..මම මෙහේ අර අසනීප ළමයා එක්ක දුක් විඳිනකොට එයා එහේ ම/ඟු/ල් නටනවා..ඒක සාධාරණද ලක්ෂි..?”
හිරූෂා එහෙම ඇහුවාම ලක්ෂිකාට කට උත්තර නැති වුණා.
ඇත්තටම හිරූෂා මිස් කියන කතාව නම් ඇත්ත…
මම වගේ නම් ඔය මනුස්සයාට අපහාස කරවලා පාරට බස්ස්ලා පස්ස බලන්නේ ..
ලක්ෂිකා එහෙම හිතුවා..
“ඒකනම් ඇත්‍ත මිස්..ඒත් ළමයින්ට තාත්තා කෙනෙක් ඕනේ නේ මිස්..”
“අනේ යන්න ලක්ෂි .මම නම් ඔහොම හිතන්නේ නැහැ.ඔය වගේ නමට විතරක් ඉන්න තාත්තලා පොල් පිත්තකින් වුනත් කපන්න පුළුවන්..ඔය මනුස්සයා මටයි ළමයින්ටයි කරපු එකම වගකීම සල්ලි හොයලා දුන්න එක විතරයි.ඉන් එහා දෙයක් ගෑනියෙක්ට ඕනේ ළමයෙක්ට ඕනේ කියලා හිතුවේ නෑ..මටයි ඔය මනුසයා හිටියත් එකයි නැතත් එකයි..මගේ ළමයින්ට ඔයවගේ තාත්තෙක් ඕනේ නැහැ.”
හිරූෂා කවදාවත් නැති විදිහට ආවේගශීලි විදිහට කතා කරන් යන විදිහ දිහා ලක්ෂිකා අහන් හිටියේ පුදුමයෙන්..
මේ වෙනදාට ඉන්න අහිංසක,තැන්පත් හිරූෂාමද කියලා ලක්ෂිකාට හිතුණා..
ගැහණියෙක් පිරිමියෙක් ගෙන් බලාපොරත්තු වෙන්නේ භෞතික දේවල් විතරක් නෙමෙයි..
ආදරය, කරුණාව ,අන්‍යෝනය සුහදතාව,ගෞරවය මේ කිසිවක් හිරූෂාට ගිහාන්ගෙන් ලැබුණේ නැහැ..
වගකීම් විරහිත හිහාන්ගෙන් ලැබුණේ මුදල් විතරයි..ඒ මුදලුත් හරි සතයට නූලට තමයි හිරූෂාට ලැබුණේ..
මාසික ආදායම පාලනය ගිහාන් තමන්ගේ අතේ තියාගෙන අනෙකුත් දේවල් වල වියදම හරි ගානටම දෙනවා..
හිරූෂා කියන්නේ තවමත් තරුණ කාන්තාවක් ඈටත් අවශ්‍යතා තියෙනවා කියලා ගිහාන් හිතන්නේ නැහැ…..
ෂැම්පු එකක්,ක්‍රීම් එකක් ගන්න,ක්ලීන්අප් එකක් කරගන්න,අම්මාට මොනවා හරි අරන් දෙන්න මේ හැම දේටම හිරූෂා ගිහාන්ට පින්සේණ්ඩු වෙන්න ඕනේ වුණා…
ගැහනියෙක්ට කන්න බොන්න අඳින්න දුන්නම විතරක් ඇති කියලා ගිහාන් හිතුවේ…
චූටි දෝණිට සලකන විදිහ,වගකීම් විරහිතකම මේ හැම දෙයක්ම නිසා හිරූෂා හිටියේ ගිහාන් ගැන කළකිරීමකින්…
හිරූෂාගේ හැඟිම්වත් බෙදාගන්න උත්සහා නොකරන ගිහාන් කොහොමත් හිටියේ හිරූෂාගේ හිතින් ගව් ගාණක් දුරින්..
ඒත් ස්වාමීපුරුෂයා නිසා මෙච්චර කාලයක් හිරූෂා ඒ හැම දෙයක්ම ඉවසාගෙන උන්නා..
ඒත් එහෙම ඉවසන් හිටපු හිරූෂාගේ ඔළුවට ගිහාන් මේ විදිහට අත හෝදයි කියලා නම් හිරූෂා කවදාවත් හිතුවේ නැහැ….
“මිස් සර්ව අතාඅරින්නද හදන්නේ..එතකොට අර ගෑනිටයි සර්ටයි දිනුම ලැබෙනවා වගේ වෙනවානේ…”
“අනේ ලක්ෂි මාව එපා කියලා වෙන ගෑනුකෙනෙක් ළඟට ගිය මනුස්සයෙක් බලෙන් මම ළඟ තියා ගත්තා කියලා මට ලැබෙන දිනුම මොකක්ද?..බැඳීම් බලෙන් ගැට ගහලා තියා ගත්තා කියලා වැඩක් නෑ ලක්ෂි..ඔය මනුස්සයා එක්ක ආයේ ජීවත්වුණොත් මට සැනසීමක් තියෙයිද?..
හිරූෂාගේ වදන් වලට ලක්ෂිකා පුදුම වුණා..
හිරූෂා කියන්නේ මේතරම් ජීවීත අවබෝධයක් ලබපු ගැහැනියක් කියලා කවදාවත් ලක්ෂිකා හිතුවේ නැහැ..
මේ වගේ වටිනා මැණිකක් වගේ ගැහැනියක් ඉන්නකොට පයට පෑගෙන තිරිවානා,කළු ගලක් වගේ කාන්තාවක් පසුපස ගිය ගිහාන් ගැනත් ලක්ෂිකාට පුදුම හිතුණා..
නිකන්ද කියන්නේ මැණික ගලේ පය හැපුනත් කණා ඇහිදලා ගනීද කියලා ?…
ගිහානුත් ඒ වගේ තමයි.මැණිකක් වගේ කාන්තාවක් ළඟ තියාගෙන කවදාවත් ඒ ගැහැණියගේ වටිනකම දැක්කේ නැහැ…
මේ සේරම හිරූෂා මිස්ගේ අවාසනාව නෙවෙයි ගිහාන්ගේ අවාසානව ලක්ෂිකාට එහෙම හිතුණා..
“අපි එතකොට මොකක්ද කරන්නේ මිස්..”
“මම ඔයාට කල්පනා කරලා කියන්නම් ලක්ෂි.මම මේ දේවල් දන්නවා කියලා කාටවත් අඟවන්න එපා..අපි නොඳන්න විදිහට ඉමු..”
“ඒ කිව්වේ මිස්..මට හිතාගන්න බෑ..”
“මම ලක්ෂිට පස්සේ කියන්නම්…”
“හරි මිස් මට උදව්වක් ඕනේ නම් කියන්න.මිස් වෙනුවෙන් ඕනේ උදව්වක් කරන්නම්…”
“අනේ ඒ වචනෙත් ඇති ලක්ෂි..ඔයා මේ කරපු උදව්වම මට වටිනවා..නැත්නම් මම හැමදාම ඔය මි/නි/හා/ට රැවටි රැවටි ජීවත් වෙනවා..තෑන්ක් යූ වෙරි මච් ලක්ෂි..”
“ඕක මොකක්ද මිස්.මම මිස්ව දැනගත්තේ සර්ගෙන්..ඒත් මේ ප්‍රශ්නේදි මම සර්ගේ පැත්තේ නෙමේ..මිස්ගේ පැත්තේ…”
ලක්ෂිකා එහෙම කියලා ඇමතුම විසන්ධි කළා..
මෙතෙක් වෙලා හිතේ තිබ්බ දුක දියවෙලා හේදිලා යන්න හිරූෂා ඇඬුවා..
අවුරුදු ගානක් ආදරේ කරලා විවාහ වෙලා අවුරුදු දහයකට වඩා එකට ජීවත් වෙච්ච තමන්ගේ සැමියා මේ වගේ ද්‍රෝහිකමක් කලාම මොන බිරිඳටද ඉවසන්න පුළුවන්…
ගිහාන් එක්ක පෙමින් වෙළිලා උන්නු යුගළ යහනටම වෙලා හිරූෂා අද තනියම හඬා වැටෙනවා…
කොට්ටේ කඳුළු වලින් පෙඟිලා යනකම්ම හිරූෂා ඇඩුවේ අද ගිහාන් වෙනුවෙන් තමන් අඬන අවසාන දවස කියලා හිතලා…
හිරූෂාට මැවිලා පෙනුණේ දෙන්නා ආදරේ කරපු කාලේ වුණු සිදුවීම්.විවාහ දිනය..වගේ දෙන්නාගේ ජීවීතේ වුණු සුවිශේෂ සිදුවීම්…
එදා ගිහාන් කිව්වේ මම හැර වෙන කිසිම කෙනෙක් ගැන හිතන්නේවත් නෑ කියලා…
ආදරය මහා බොරුවක්..මිනිස්සුන්ගේ ආදරය අවස්තාව අනුව වෙනස්වෙනවා..
හිරූෂා එහෙම හිත හදාගන්න උත්සාහා කළා..
අඬලා ඉවරවුණු හිරූෂා බාත් රූම් එකෙන් මුහුණ සෝදාගෙන සාලෙට ගියේ හරිම ශක්තිමත් කාන්‍තාවක් විදිහට..
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
හිරූෂාගේ ගේ ඉදිරියේ නැවත්වූයේ පුංචි කාර් එකක්…..
කාර් එකේ හෝන් ශබ්දෙට ගේ ඇතුළේ උන්නු හිරූෂා ඉක්මන් ගමනින් සාලේට දුවගෙන ආවා….
ඒ කාර් එකෙන් බැහැලා එන්නේ සඳුනි නේද?..හිරූෂාට පුදුම හිතුනා..
ඒ කාලේ හිරූෂා වැඩ කළේත් සඳුනි එක්ක…
විවාහයෙන් පස්සේ රැකියාවෙන් අස් නොවී හිටියානන් අද තමනුත් මේ වගේ උසස් තනතුරක නේද කියලා හිරූෂාට හිතුණා..
අන්තිමට කසාදයයි රස්සාවයි දෙකම නැතිවුණා..
මේ කසාදයෙන් අන්තිමට ඉතුරුවෙන්නේ දරු දෙන්නා විතරයි.හිරූෂා එහෙම හිතනගමන්ම ගේට් එක ඇරියා…
සඳුනි හිරූෂාගේ ගැරෑජ් එකේම කාර් එක නැවත්‍තුවා.
“ආ හිරූ කෝ ළමයි දෙන්නා..”
සඳුනි ගෙට ඇතුල්වුණේ හිරූෂාගේ අතේ දැවටිලා එහෙම අහන ගමන්මයි..
“එයාලා ස්කූල් ගියානේ…එද්දි දවල් වෙනවා..වාඩි වෙන්න සඳු..”
“මම අද ඕෆ් නිසා මට අමතක වුණා.අද සතියේ දවසක් කියලා..වාඩි වෙන්න කියලා කියන්න ඕනේ නෑ මේවා අපේ ගෙවල් වගේ තමයි..”
සඳුනි හිරූෂාගේ සාලයේ සෝපාවේ වාඩි වුණේ එහෙම කියනගමන්මයි…
“මේ මොනවද?..”
“හිරූගේ ෆේවරිට්…බූන්දී..තව අච්චාරු”
සඳුනි දුන්නු කඩදාසි මලු දෙක හිරූෂා දෝතට ගත්තේ මහමෙරක් වගේ..
“කාලෙකින් මෙහෙම කෑමක් කන්නේ..”
හිරූෂා එහෙම කිව්වම සඳුනිට හිරූෂා ගැන දුකත් හිතුණා..
“එහෙම වෙන්න එපා හිරූ.අපි අනික් අයට ආදරේ වගේම අපිටත් ආදරේ කරන්න ඕනේ.හස්බන්ඩ් ළමයි ගැන වගේම අපි ගැනත් හිතන්න ඕනේ.අපි ආස දෙයක් කන්න.අදින්න දෙපාරක් හිතන්න එපා..එහෙම නැති වුණොත් ජීවිතේ එපා වෙලා යාවී..”
සඳුනි කියපු දේවල් ඇත්ත කියලා හිරූෂාට හිතුණා.
මේ විවාහයෙන් සිද්ධ වුණේ තමන්‍ට තමන්ව නැතිවුණ එක විතරයි කියලා දැන් හිරූෂාට තේරෙනවා..
ඇස් මුලට උනපු කඳුළු බිංදුව හිරූෂා ආයේ ඇස් වලම හිර කර ගත්තා..
“දැනටම ජීවීතේ එපා වෙලා සඳු..”
හිරූෂා එහෙම කියාපු ගමන් සඳුනි හොඳටම තිගැස්සිලා ගියා..
“ඒ මොකෝ හිරූ..”
“මම අද එන්න කිව්වේ ඒ ගැන කතා කරන්න තමයි.පොඩ්ඩක් ඉන්න.අපි තේ එකක් බීලා කතා කරමු..”
“තේ බොන්න බෑ ..මාර රස්නෙයි.මුකුත් එපා හිරූ..”
“අපි කූල් එකක් බොමු..”
හිරූෂා කුස්සිසියට ගිහින් සන්කූවික් එක අරගෙන හදන්න ලෑස්ති වුණා..
එතකොටම සඳුත් කුස්සියට ආවා..
“දෙකක්ම හදන්න..”
හිරූෂා විදුරු දෙකකට බීම හැඳුවා..
ඊට පස්සේ සඳුනි ගෙනාපු කේක් එක කපලා කෑලි කිහිපයක් දිසියට දාලා බීමත් එක්ක සාලේට ගෙනිච්චා..
සඳුත් ඒ එක්කම කුස්සියට ආවා..
සඳු කේක් කෑල්ලක් අතට අරන් කන්න ගත්තා..
“ඔයත් කන්න “
“මට කන්න බෑ හිරූ..”
“ඉතින් කියන්නකෝ හිරූ මොකක්ද ඔයාගේ ප්‍රශ්ණේ..ඇයි ආයේමත් ගිහාන් ඉස්සර වගේ බීලා ඇවිත් උ/ඹ/ට ඉන්න දෙන්නේ නැද්ද?..
සදුනි එහෙම ඇහුවම හිරූෂාට හිතුණේ ජීවීතේ මොනතරම් පුදුමාකාරද කියලා.කලින් ගිහාන්ගේ වදෙන් හිරූෂාට ගැලවෙන්න බැරුව හිටියා..
ඒත් අද ගිහාන්ට මම ගැන හැඟීමක් වත් නෑ කියලා හිරූෂාට හිතුණා..
“කියනවකෝ කල්පනා කර කර ඉන්නේ නැතුව.උ/ඹ මට එන්න කීවේ මාව ළඟ තියන් තනියම කල්පනා කර කර ඉන්නද ?..”
“නෑ.ගිහාන්ට මාව දැන් ඕනේ නෑ..”
“ඒ කිව්වේ?.”
“ගිහාන් ට්‍රින්කෝ ගියාට පස්සේ සෑහෙන්න වෙනස් වෙලා.එයා එහේ වැඩට ආපු ගෑනු කෙනෙක් එක්ක යාලු වෙලා..”
හිරූෂා එහෙම කිව්වම සඳුට හුස්ම හිරවුණා වගේ දැනුණා..සඳුට මතකයි දෙන්නාගේ ආදරේ ගැන.ඒ ආදරේට දරදිය ඇද්දේ සඳුම තමයි..
“මොනවා මේ ගිහාන්…?.”
“ඔව් එයා තමයි..”
“කවුද උ/ඹ/ට ඕක කීවේ.වැරදීමක් වෙන්නැති .”
හිරූෂා හඩපටය සඳුට ඇහෙන්න දැම්මා..
සඳු ඒක අහන් හිටියේ හොඳටම ශොක් වෙලා වගේ..ඒවා අහන් ඉඳලා සඳුගේ ඇඟත් හිරිවැටුණා වගේ..
“කවුද දන්නේ ඕක ඇත්තක්ද කියලා?.ගිහාන්ගේ තරහකාරයෙක් කාවහරි දම්මලා කතා කරාද කවුද දන්නේ?..”
“නෑ ඇත්ත ..ගිහාන් මාස ගාණකින් ගේ පැත්ත පළාතක ආවේ නෑ..මටත් සැක හිතුණා.ගිහාන් හැඟීම් වැඩිපුර තියෙන කෙනෙක්.එයාට සම්බන්ධයක් මුකුත් නැත්නම් එයා ඔහොම ගෙදර එන්නේ නැතුව ඉන්නේ නෑ..”
“ගිහාන් ඉස්සර උ/ඹ පස්සේ ආපු විදිහට ගිහාන් ඔහොම කරයි කියලා හිතන්න බෑ හිරූ..”
“එහෙම තමයි සඳු මිනිස්සු .ගොඩාක් මිනිස්සුන්ට දෙයක වටිනාකමක් තියෙන්නේ අයිති කරගන්නකම් විතරයි.ඊට පස්සේ ඒක සාමාන්‍ය දෙයක් වෙලා මඟ හැරෙනවා.
ගිහානුත් එහෙමයි..”
සඳු ලොකු සුසුමක් පාකරා..
“අනේ මන්දා ඒත් අපි තව හොයලා බලමු..ගිහාන්ගේ ඔෆිස් එකේ ඕනේ තරම් ලස්සන ගෑනු ළමයි හිටියා ..එහෙම ඉදිද්දී මොකටද ඔය සර්වන්ට් කෙනෙක්ව සෙට් කරගත්තේ..?ගිහාන් වගේ ස්ටේටස් එක ගැන ලොකුවට හිතන කෙනෙක් එහෙම කරයි කියලා කීයටවත් විශ්වාස කරන්න බෑ..”.
“සඳු ..එයාගේ ඔය මාන්නෙම තමයි හැමදේටම මුල.දරුවාව ගමේ ඉස්කෝලේට දාන එක ලැජ්ජාවක් වෙච්ච ,තමන්ගේ ලෙයින්ම ඉපදුණු දරු පැටියාව ලැජ්ජාවක් වෙච්ච ගිහාන් අද ජීවත් වෙන්නේ ගෙදර වැඩට ආපු ගෑනිත් එක්ක..ඔයා කිව්ව වගේ වෙන ගෑ/නු හිටියේ නැද්ද හිටියා. ඒත් ගිහාන් ඔය ගෑනි එක්ක යාලු උනේ කරුමෙට..ඔය මගේ දරුවාට කරපු අපහාස වලටම වෙච්ච දෙයක්..”
හිරූෂා කියවන් ගියේ ආවේගයෙන්…
“අනේ මන්දා ගිහාන්ගේ සායම ,හේදිලායයි ඒක ඇත්තක් නම්.දැන් උඹ මොකක්ද කරන්න හිතන් ඉන්නේ හිරූ?..”
සඳු ඇහුවේ තම මිතුරිය ගැන උපන් අනුකම්පාවෙන්…
හිරූෂා ගේ මුහුණ මේ ටික දවසකට ඇදිලා පැදිලා ගිහින්..
“මා එක්ක පොඩි ගමනක් යන්න එන්වාද,?.,,අපි යන ගමන් කතා කරමු..”
හිරූෂා මේ හදන්නේ කොහේ යන්නද සඳුනි හිරූෂා දිහා බලන් හිටියේ පුදුමයෙනි.සිය මිතුරියගේ ජීවීතය කුමන දිශාවකට හැරී මොන පැත්තකට යාවිදැයි සඳු ගේ හිතේ ඇති වුයේ චකිතයක්..
හමුවෙමු මීලඟ කොටසින් 💔💔💔💔💔
අහක බලන් යන්න එපා .කතාව ගැන දැනෙන හැඟීම අකුරක් කරලා යන්න