සිතින් විතරක්
හය…. 06
ඔහොම ඉන්නවා දඟලන්නෙ නැතුව…
මම වාහනෙන් බහින්න හදද්දි එයා කීවා. ඒකට නං හිතට දැනුනෙ සැහැල්ලුවක් ඒ වගේ තැනකට යන්න ඇත්තටම මට දැනෙන බයක්.
එයා වාහනෙන් බැහැලා ඒ ගොඩනැඟිල්ල ඇතුලට ගියා. මොනා වෙන්න යනවද කියලා මට තේරෙන්නෙ නෑ.
මම ඔහේ පාර දිහා බලාගෙන හිටියෙ වෙන කරන්න දෙයක් තිබුනෙ නැති නිසා. මේ හැම දේම මට හරි නැවුම් ඒත් ඒවා සුන්දර ද අසුන්ද රද කියන්න නං මට තේරුමක් නෑ.
ටික ටික වෙලාව යද්දි නං මට දැනුනෙ බයක්. මේ මනුස්සයා මාව මෙතන දාලා කොහෙට වත් පැනලා ගියාවත් ද ඒත් මාව මෙතන දාලා ගියත් මේ කෝටියක් විතර වටින වාහනේ නං දාලා යන්නෙ නෑ කියලා මම හිත හදා ගත්තා.
අතේ තිබුන සෝර්ට්-ඊට්ස් පාර්සලෙන් බාගයක් විතර ඉවර කලේ මම ඇත්තටම බඩගින්නෙ න් හිටපු නිසා.
හොඳවෙලාවට අර නපුරා මෙතන හිටියෙ නැත්තෙ. නැත්තං හිතයි තියන පෙරේතකම කියලා. මට ඊලඟට දැනුනෙ පිපාසයක්.ඒත් වාහනේ කොහෙවත් වතුර බෝතලයක් තිබුනෙ නෑ.
මහ මොකෙක්ද මන්දා වතුර බෝතලයක්වත් මේකෙන් තියා ගන්න බැරිද.. මම ඉතිං අර නපුරට හිතින් බැන බැන හිටියා.
ඒත් එක්කම වගේ එයා කලබලෙන් දුවගෙන ඇවිත් වාහනේට ගොඩවෙලා ලොකු හුස්මක් ගත්තෙ වාහනේ ස්ටාර්ට් කරන ගමන්. එයාගෙ හැටි දැක්කම මට වතුර තිබහත් නැතිවුනා.
හිතේ නං ප්රශ්න කෝටියක්. ඒත් අහන්න බෑනි. ඒක නිසා මම ඔහේ සද්ධ නැතුව හිටියා. ඒත් මෙයා මේ තරම් කලබලෙන් ඉන්නෙ ඇයි කිය ලා මම කොහොමද දැන් ගන්නෙ.
ආ මේක කියවනවා… කියවලා ඕකෙ තියන දේවල් ඔළුවට දා ගන්නවා..
ටික වෙලාවකට පස්සෙ එයා කලිසම් සාක්කු වෙන් ගත්ත කඩදාසි රෝ ලක් මගෙ උකුල උඩට දාන ගමන් කීවා. මම ඒක දිගාරින්න ගත්තෙ කල බලෙන් ඒ වගේම නිමක් නැති කුතුහල යකින්.
පිස්සුවෙන් දඟලලා ඕක ඉරන්න එපා හලෝ හිමීට දිගාරිනවා.. අය ඔය වගේ එකක් ගන්න නෑ… මම කලබලෙන් ඒක දිගාරිනවා දැකලා එයා කීවා. ඒ කියන්නෙ මේක ඒ තරම් වටින දෙයක්ද..?
මම හරිම පරිස්සමින් ඒක දිගෑරලා බැළුවා. ඒකෙ තියන දේ දැක්කම ඇ ත්තම මගේ ඇස් දෙක නලලට ගියා. ඔව් ඒකෙ තිබුනෙ අපේ විවාහ සහතිකය. දෙයියනේ මෙයා මොකටද මෙහෙම දෙයක් කලේ. මට දැනුනෙ උගුර කට වේලිලා යනවා වගේ හැඟීමක්. මම ඒ පුදුමෙන් ම එයා දිහා බැළුවා.
ඔච්චර ඇස් ලොකු කරන් දඟලන්න දෙයක් නෑ ඕකට…ඔය ඇත්ත එකක් නෙවී..ඕකෙන් කර න්න පුළුවන් කෙහෙල් මලක් නෑ…
එයා ඒ ගමන කිව්වා. එහෙනං මොකට මෙහෙ ම දෙයක් මට දුන්නෙ.
එතකොට සර් ඇයි මේක මට දුන්නෙ…? කොච්චර කට පියන් ඉන්න හැදුවත් මෙහෙම ඒවා අහන්නෙ නැතුව බෑනි.
දුන්නෙ ලඟ තියාගන්න. අර නා කි යා ඔහොම එකක් නැතුව මං මැරි කලා කියලා විශ්වාස කරන්නෙ නෑ දැන් හරිනෙ ප්රශ්න පත්තරේ දිගාරින්නෙ නැතුව කට පියා ගන්නවා. ආ තව එකක්…
හදිසියෙ දෙයක් මතක් වුනා වගේ එයා කිව්වා.
මොකක්ද.. සර්…?
ත මු සෙ අනාත නිවාසෙක ඉදලා ආවා කියන්න යන්න එපා මෝ ඩ යා වගේ.. අම්මයි තාත්තායි
..එක්සිඩන්ට් එකකින් නැතිවුනා..නෑයෙක් ලඟ හිටියෙ එයාගෙන් කරදර තිබුනා කියනවා තේරුනාද..?
ගානක්වත් නැතුව එයා කියවගෙන යනවා. දෙයියනේ මෙහෙම බොරු මම කොහෙම කියන්නද කියලා මටම තේරෙන්නෙ නෑ.
ඔව් සර්…
මම කීවෙ වෙන කියන්න දෙයක් නැති නිසා. හැමෝටම මෙහෙම බොරු කරලා මෙයා මොනා කරන්න යනවද දන්නෙ නෑ.
මට එක දෙයක් නං හිතා ගන්න පුළුවන් මෙයා කිසිම ගර්ල් කෙනෙක් එක්ක නං අෆෙයාර් එකක් තියාගෙන නෑ.
එහෙම නං මෙහෙම මං වගේ අනාත කෙ ල් ලෙ ක්ව බොරුවට මැරි කරන්න ඕනි නෑ. ඇත්තටම එතකොට මොකක්ද මේක.
මොන තරම් හිතුවත් මට ඒ කිසිම දෙයක් හිතා ගන්න බෑ. මේ යන විඳිහට නං අවුරුද්දක් කියන්නෙ හුඟක් දිග කාලයක් වෙයි කියලා මට හිතෙනවා.
ඊට පස්සෙ මට මොනා වෙයිද.. ලක්ෂ විසිපහ කට මගෙ මුළු ජීවිතේම වග කීම බාරගන්න පුළුවන්ද මිනිස්සු ඇත්තටම ජීවිතේ ඉස්සරහ මෙහෙම අසරණ වෙන්න ඕනි නෑ.
මටත් අම්මෙක් තාත්තෙක් සහෝදරයෙන් හිටි ය නං මාත් අද මේ විඳිහට නන්නාදුන මනුස්ස යෙක් ඉස්සරහ අසරණ වෙන්නෙ නෑ. එයාගෙ සල්ලි වලට නැටවෙන රූකඩයක් වෙලා මෙ හෙම බොරු කරන්න වෙන්නෙ නෑනේ.
නොනවත්වාම වාහනේ හෝන් එක වදින සද් දෙන් මාව ගැස්සලා ආපහු පියවි ලෝකෙට ආවා. වාහනේ නවත්තලා තිබුනෙ විශාල ගේට් එකක් ඉස්සරහා. ආරක්ෂක නිලධාරියෙන් දුව ගෙන ඇවිත් ගේට් එක ඇරියා.
සෙත් සර් එයාටත් රවාගෙන වාහනේ ගේට් එ කෙන් ඇතුලට ගත්තා. මාව දැකලා ඒ මනුස්ස යගෙ ඇස් ලොකුවුනේ හරියට හොල්මනක් දැක්ක කෙනෙක්ගෙ වගේ පුදුමෙන්. දෙයියනේ මේ ගෙදරට මිට කලින් කවදා වත්ම කෙ ල් ලෙ ක් ඇවිත් නැද්ද..
එයා වාහනේ පෝටිකො ඒක යට නතර කලාට පස්සෙත් මම එහෙම්මම හිටියෙ මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව.
බහිනවා ඉතිං… මම එහෙම්මම හිටපු නිසා එයා කීවා.
ඔවා තියලා බහිනවා… ඕවා ගන්න එකෙක් නෑ මෙහෙ…
මම වාහනේ තිබුන මගේ දේවල් ගන්න හදද්දි එයා කීවා. ඉතිං මම වාහනෙන් බැස්සා.
දෙයියන්ගෙ නාමෙට හොල්මනක් දැක්කා වගේ ඇස් ලොකු කරලා බලන්න තියා ගන්නෙ නැතුව මනුස්සයෙක් වගේ රිලැක්ස් ඉන්නවා තේරුනාද…?
එහෙම කියලා එයා මගෙ බාහුවකින් අල්ල ගත්තා.මට දැනුනෙ මාව දඩු අඩුවකට අහුවුනා වගේ. බාහුවෙන් දැනුන වේදනා වට මට කෙඳිරි ගෑවු නා.
මොකද…?
රිදෙනවා…
මම කීවේ කෙඳිරියෙන්මයි. මගෙ දිහා රවලා බලලා එයා මගෙ අත මිඳුවා. ඒ ඇඟිලි තුඩු වලට අහුවුන බාහුව ලේපාට වෙලා තිබුනා. මම අනිත් අතින් ඒ ඇඟිලි පාරවල් අතගෑවා.
කැරකෙන්නෙ නැතුව මෙන්න මෙහෙ එනවා යනවා…
කියාගෙන එයා ඉස්සර වුනා. මම ඉතිං එයා පස්සෙන් ගියා.
සීයා පප්පා… සීයා පප්පා ඔයා කෝ….
ගෙට ඇතුල් වුන ගමන් මෙයාගෙ කතාව හොඳටම වෙනස් වුනා. දෙයිය නේ මෙහෙම රඟපෑමක්. මෙච්චර වෙලා ය කෙ ක් වගේ හූ තියපු මනුස්සයා පූස් පැටියෙක් වගේ වුන අපූරුව. සීයා පප්පට මෙයා ඒ තරම්ම බයද..
ටික වෙලාවකින් කාමරේක ඉදන් වීල් චෙයාර් එකක ඉදගෙන ආවෙ වයසක පිරිමි කෙනෙක්. එතකොට සෙත් සර්ගෙ සීයා එයාද.. එයාගෙන් තිබුනෙ හුඟක් කරුණාවන්ත පෙනුමක්.
සෙත් උ ඹ ආවද මගෙ කො ල් ලො.. දැන් දවස් කීයකද.. මට කෝල් එක ක්වත් දුන්නෙ නෑ… එයා කීවේ සෙත් සර්ව බදාගෙන.
මං හුඟක් බිසි වුනා සීයා ප්රී උන ගමන් තමා මේ ආවෙ..මට සීයට පෙන්න්න දෙයක් තියනවා… සෙත් සර් කියෝගෙන යනවා.
දෙයක් නෙවී කෙනෙක්..පෙන්න්න ඕනි නෑ මට පේනවා පුංචි සුරංගනාවි යක්නෙ… මෙහාට එන්න දරුවො..
හා පැටියෙක් වගේ ඔහොම බය වෙන්න එපා..
සීයා පප්පා කතා කලේ හරිම ආදරණීය හඬ කින්. මම හෙමින් හෙමින් එයා ලඟට ගියා. එයා මගෙ අත් දෙකෙන් අල්ල ගත්තා.
මේ කෙ ල් ල හොඳටම බය වෙලානෙ කො ල් ලො..මේ වෙව්ලනවත් එක්ක..
සියා පප්පා කීවේ සෙත් සර් දිහා බලාගෙන.
සීයා පප්පා.. මේ තරුපබා.. අපි දෙන්නා අද උදේ මැරි කලා..
මම මොනවත් කියන්න කලින්ම සෙත් සර් කීවා.
මොකක්දො කො ල් ලො ඒ කරපු වැඩේ.. හා කමක් නෑ අපි.. ඉක්මනටම ලොකු වෙඩින් එකක් ගමු.. ඒත් මේ දරුවා තනියම..
දෙමාපියො නෑ දෑයො නැතුව ගෑ ණු දැරිවියක් මෙහෙම තනියම…
ඒ ගමන සීයා පප්පා ඇහුවා.
සීයා පප්පා..මෙයාගෙ අම්මයි තාත්තයි එක්සිඩන්ට් එකකින් නැතිවෙලා. .මීට මාස කුනකට කලින්..
නෑදෑ ගෙදරක හිටියෙ එයාලගෙන් කරදරයි.. ඒකයි මෙහෙම මැරි කරන්න වුනේ… තාම සොක් වෙලා ඉන්නෙ වෙඩින් එකක් ගන්න තරම් සිටුවේෂන් එකක් නෑ…
සෙත් සර් කියවගෙන යනවා. දෙයියනේ මෙ හෙම බොරු කියන්න මේ මනුස්සයා කො හො ම පුරුදු උනාද කියලා මට හිතා ගන්නවත් බෑ.
කමක් නෑ… වෙඩින් එකක් නැතුව හරි උ ඹ මැරි කරපු එක ලොකු දෙයක්.. මේ දරුවට මහ න්සිත් ඇතිනෙ..
සෙත් මෙයාව රූම් එකට එක්කගෙන යන්න… පුතා දැන් ටිකක් රෙස්ට් කරන්නකො අපි හිමීට කතා කරමු..
සීයා පප්පා එහෙම කීවෙ මගෙ අත් දෙක මුදන ගමන්.
හමුවෙමු.
ස්තූතිය කතාව කියෝන like comment කරන හැමෝටම තාමත් මට comment කරන්න reply කරන්න අමාරුයි
ඒකට Sorry ඉතිං. කතා කියවන්න මට request එවන අය massage එකක් තියන්න. මොකද මම හැම request එකම aspect කරන්නෙ නෑ.කියවලා නිකම්ම ලස්සනයි කියලා කියන්නෙ නැතුව මොනාම හරි කියන්න