කාවින්දි ලියනගේ
16 කොටස
අහ්……
සෙමෙන් සෙමෙන් ඇස් ඇරිය මන් දැක්කේ මගේ අතක් පපුවට තියන් මගේ ඇද ලඟම පුටුවකට වෙලා නින්ද ගිහින් ඉන්න රාගව් ..
එ මුහුණේ තියෙන්නේ පුදුම වෙහෙසකර බවක්..පව් මන් නිසා කොයිතරම් දුක් විදිනවද…
මන් අනිත් අතින් හෙමින් එ වත පිරිමැද්දේ..කියාගන්න බැරි හැගිමක් මගේ හිතේ තෙරපෙද්දී…
මැණික ……..
මැණිකට සිහිය ආවද…
ම්……මන් බයේ ඉදියේ..
මගේ පුංචි ස්පර්ශයෙන් ඇහැරුන රාගව් මාගේ මුහුණ එයාගේ දෝතට මැදි කරන් අතොරක් නැතුව මගේ මුව ඉඹින්න ගත්තේ මගේ දෑස් ඉබේම පියවෙද්දී…
දැන් කොහොමද ඔයාට .මොනවහරි අමාරුවක් තියනවනම් කියන්න .හොදද මැණික මට තෙරෙන්නේ නෑනේ….ඉතිං ඕවා..
මේ…මේ..අපි මේ කොහෙද ඉන්නේ….
හොස්පිටල් එකක නෙවෙයි කියලා දැනුන නිසා මන් රාගව්ගේන් ඇහුවේ .කොහෙද ඉන්නේ කියලා දැන ගන්න් ඕනි නිසා…
මැණික ෆෙන්ට් උන වෙලාවෙම මන් මැණික මේ මගේ ෆ්ලැට් එකට එකන් ආවේ..
මන් වැරදි දෙයක් නම් කලේ සොරි මැණික …මට ඒව වෙලාවේ කරන්න හොදම දේ කියලා හිතන්නේ එක..මන් වැරදි අදහසකින් එහෙම කරේ නෑ…
ඔයාව හොස්පිටල් එකක් යන්න මන් බය උනා..පස්සේ ඩොක්ටර් කෙන්ක් ඇවිත් ඔයාව චෙක් කරලා ඔයාට සේලයින් එකකුත් දීලා ගියේ ..ඔයාට ලොකු ශොක් එකක් ඇවිත් කිව්වා..
අනේ…මොනද මේ කියන්නේ…මන් එහෙම හිතන්නේ මොකටද .ඔයා මන් වෙනුවෙන් කොච්චර දේවල් කරනවද රාගව් ..
ම්….
එක නෙවෙයි මැණික ..ඔයාට ෆෙන්ට් වෙන්න තරම් මොක්කද උනේ…ආ……
මන් ගියාට පස්සේ මොකක් හරි උනාද..ම්…
මන් කොහොමද දෙවියයෙනේ මේ දේවල් රාගව්ට කියන්නේ..කිව්වොත් අනිවාර්යයෙන්ම රාගව් මිගාර එක්ක රණ්ඩු වෙනවා…මන් මේ දේවල් නොකියා ඉදලා කැම්පස් එකෙන් ආරංචි උනොත් එකත් ප්රශ්නයක් …මොක්කද දෙවියයෙනේ මන් කරන්නේ…
රාගව් මට ෆොන් එක ගන්න කියලා ඒ වෙලාවේ ඉගිකරපු නිසා මන් ෆොන් එක ගන්න හදන වෙලාවේ සර් මිගාර එක්ක අවේ..එත් මගේ අවාසනාවටද මන්දා..සර් එනවා එක්කම රාගව් කොල් එකක් ඇවිත් මට ඇහින් යනවා කියලා ඉගි කරන් හදිස්සියේම අනිත් දොරෙන් එලියට ගියේ.
මොනාද ඔච්චරටම හිතන්නේ මැණික …අර මිගාරයා මොන මගුලටද අද අර ආවේ…
ඔ…ඔය…කොහොමද ඒ ලමයාව දන්නේ….
ඌව මේ හැටේවත්තේ නොදන්නේ කවුද.. මිතොටදිසා කිව්වහම ඕන එකෙක් දන්නවා..
අනික කැම්පස් එකේ අයිති උගේ තාත්තාටනේ..අනික ලමයා ලමයා ගන්න එපා..ඕකට දැන් තිහකත් කිට්ටු ඇති…
හරි වයස අදාල නෑ..මගෙන් ඉගෙන ගන්න එන ඕනම කෙනෙක් මට ලමයෙක් තමයි. එක නෙවෙයි රාගව් මන් ඔයාගෙන් අහන්නම හිටියේ ..ඔයා කොහොමද මෙච්චර පොඩි වයසින් මේ කැම්පස් එකට ආවේ..මොකද මේකට ලේසියෙන් කාවවත් ගන්නේ..නෑ….
ම්……එ දේවල් ඕනි නෑනේ…..
රාගව් ………මට ඔය හිනාවනම් ඇල්ලුවේ නැ..හොදෙ..
මොක්කද කල නසාරානි වැඩේ..ආ.කියනවද නැද්ද…….
ආ..ආව්ස්……අව්..කන කන බන්.
මේවා රබර් නෙවෙයි බන් ඔහොම අදින්න..
රාගව් එක් අතකින් සිය කන පිරිමදිමින වුයේ මට හොදහැටි රවමින් ය..
ඉතිං මොකටද ඔයා මට බොරු කියන්නේ .ඇත්ත කිව්වනම් ඔහොම වෙනෙනේ නෑනේ………
හරි විකාර කියලා කතාව මග අරින්නේ නැතුව මොක්කද උනේ කියනවා සුදුනෝනා මගෙන් ගුටි නොකා…
මේ….මේ…..
මෙතරම් වෙලාවක් සිනාවෙන් පිරි තිබුඇගේ මුව ඔහුගේ වදන් හමුවේ ඇකිලි ගිය අයුරු ඔහුගේ උකුසු දෑසට හසුවුයේන්..ඔහුට හැගී ගියේ කුමක් හෝ බරපතල දෙයක් සිදුවී තිබෙන බවයි..එය ඇගෙන් නොඅසා..තමාම සොයගැන්ම සුදුසු බව ඔහුට හැගී යන්නට විය..
හරි පස්සේ අපි එ ගැන කතා කරමුකො.මැණික වොශ් එකක් දාන් එනවද..ම්..ඔයා තාම උදේටවත් කලා නෑනේ..ඉස්සෙල්ලා අපි මොනවහරි කාල ඉමු..ම්..හාද…
අනේ…………..
රාගව් මාව එයාගේ දෝතට අරන් බාත්රූම් එකට එක්ක යද්දි මන් කෑගැහුවේ දැනුන ලැජ්ජාවට..
මොකො බන් කෑගන්නේ…….
ඔයාට තනියම සෝද ගන්න දෙන්න බයයි මැණික එත් තාම මට බෑනේ ඔයාව හොදන්න .ම්.. එ නිසා පරිස්සමෙන් හොද ගන්න හොදද..හදිස්සියක් උනොත් මට කතා කරන්න මන් දොර ලගමයි ඉන්නේ…
මාගේ සාරිය ගලවගන්න උදව් කරලා මාව පරිස්සමට බාත් ටබ් එකෙන් තියලා රාගව් එලියට ගියෙත් මගේ ඔලුවත් අතගාගෙනමයි.
මට වඩා අවුරුදු කිහිපයක් ඔහු බාල උනත් එයා හැසිරෙන්න විදිහ මාව බලා ගන්න විදිහෙන් මට දැන්නේ.
මගේ අප්පච්චී ලග ඉන්නවා වගේ…හරි තාත්තා කෙනෙක් දරුවෙක් බලා ගන්නවටත් වඩා පරිස්සමට මාව බලා ගනනේ.කොහොමද දෙවියනේ මන් මේ ආදරේ දරා ගන්නේ.
මොන ප්රශ්නේ ආවත් මන් කවමදාවකවත් ඔයා අතාරින්නේ නෑ..රාගව් මන් මගේ පණත් හරි ඔයත් හරි ………
මතුසම්බන්ධයි …….
ලොවට රහසින් අපගෙ පෙම් කතාව
මනරම් අයුරින් සිත්තම් වී ගෙවෙන මොහෝතේ,
නොසිතූ අයුරින් එක් කුණාටුවක සේයාවක් අපේ දිවියට පැමිනෙන බැව් සිතට මහත් සේ දැඩි පිඩනයක් ගෙන දෙයි
කුමකින් කුමක් වේද කියා හරි හැටි අවබෝධයක් නොමැති වුවද
දෙවියන් ගෙන් මා එකම දෙයයි ඉල්ලන්නේ එ නුඹව සැම විටම ආරක්ෂා කරන්න කියා…
මාදීගෙන් ❤️
තැන්ක් සෝ මච් බුවිනි සිහස්නා මැණික