වෙස්🎭🎭
දහ හත්වන දිගහැරුම
ඇය අඩවන් කර ඇති දොර අසලට යද්දි ඇයට ඇසුණේ ඔහුගේ කුටිය තුළින් ඔහු කිසිවෙකු හා මුමුණමින් සිටින හඬකි .
ඇය අඩවන් කර තිබූ දොර විවර කර බලද්දී ඇයගේ දෑස් විසල් වූයේ ඔහු හා සිටින්නේ සොයුරිය දුලංසා නිසාය.
ඇය සිටින්නෙ ඔහුගේ සයනයේ අසුන්ගෙනය.
ඔහු සිටින්නේ ඒ අසල බිම සිටගෙනය.
“දුලංසා ත/මු/සේ මොනාද මහ රෑ තිස්සේ කො/ල්/ලො/න්/ගේ කාමර වල රිංගන් කරන්නේ”..
තම කටහඬ ඇසීමෙන් එක්වර ඔවුන්
දෙදෙනා තිගැස්සෙන අයුරු ඈ දුටුවාය.
තමා මෙන් ඇයද ඔහුව සොයා මෙලෙස ඔහුගේ කුටියට නිරතුරුව පිවිසෙන්නේ දැයි සැක සිතුණු ඇය ඔවුන් දෙදෙනා දෙස බැලුවේ රවමින්.
දුලංසා අතේ තිබුණු පොත එක්වරම බිම වැටුණේ ඈ බියට පත්වීමෙන්.
“අක්ක ඔයා ……”
“ඔව් මම ……”
“ලැජ්ජ නැද්ද රෑ තිස්සේ කො/ල්/ලො/න්/ගේ කාමර වලට රිංගන්නේ……”
“දිසෙන් ඔයා මොකද රෑ තිස්සෙ කාමරේ අස්සට කෙ/ල්/ලො/න්ව දාගන්නේ “
“මේ මිස් මන් කාවවත් බලෙන් මගේ කාමරේ අස්සේ දාගත්තේ නෑ…..”.
“මම ආවේ මගේ කැම්පස් එකේ එසයින්මන්ට් එකක් කරගන්න පොඩි උදව්වක් ඉල්ලගන්න.මට කියනවා අක්කේ ත/මු/සෙ මොකටද ආවෙ ?”.
“මේ මගේ බොඩිගාඩ්….ත/මු/සෙ/ට මොකක්ද තියෙන අයිතිය මගෙන් එහෙම අහන්න….මම එයාට
රිපෝට් එකක් හදන්න බාර දුන්නා ….ඒකේ පොඩි අඩුපාඩු තියෙනවා ඒව හදාගන්න මං ආවේ ….”
“මම ආවේ අසයින්මන්ට් එකේ වැඩ වගයකට උදව් ඉල්ලගන්න……ඔයාට නිකං හරියට අයියව ලියල දීල වගේ නේ……..මං යනවා අයියේ ……”
දුලන්සා එසේ කියමින් පිටත්වුනේ සිය සොයුරියට ගස්සමින්. …..
සිය සොයුරිය පිටත් වූ පසු සෙහන්සා ඔහුගේ කුටියේ දොර වැසුවේ ඔහු දෙස රවා බලමිනි.
“මොනවද ඔයා ඔය කරන්නේ ……යනවා මගේ කාමරයෙන්….”
“අකමැති මම එනවට විතරයි .අනික් ඕන එ/කෙ/ක් මේක අස්සෙ දාගන්නවා…..”
“ශේෂ තේරුම් ගන්න ඒ ළමයා ආවෙ මගෙන් උදව්වක් ඉල්ලන්න ….”
“ඔයාට තිබ්බනේ කාමරෙන් එලියට ඇවිල්ල සාලෙ ඉඳන් කතා කරන්න …..”
“ඒ ළමයා ඇවිල්ල මගේ දොරට තට්ටු කරා ….මම හිතුවේ මිස් ආවා කියලා ….කාට හරි ඇහෙන්න කලින් ඒකයි මන් දොර ඇරියේ……..මෙන්න එක පාරටම කඩන් පැන්න මගේ ඇඳේ වාඩි වුණා……ඊට පස්සේ “.
“කියනවා ඊට පස්සේ මොකද්ද උනේ ….”
“එයාගෙ ඇසයින්මන්ට් එක ගැන කිව්වා….ඒ කිය කිය ඉන්නකොට තමයි මිස් ආවේ…”
“තමුසෙට මෙච්චර ආදරය කරන මාව තමයි පෙන්නන්න බැරි….අනික් එවුන් එක්ක මාර මුකුළුව …..එහෙන් සොනාලී.. මෙහෙන් මගෙ නංගි ….”
“මේ ශේෂා මට බොරු චෝදනා කරන්න ලෑස්ති වෙන්න එපා ……”
“මම දැක්කනෙ ප්‍රොෆයිල් පික්චර් එකට සොනාලී දාල තිබ්බ කමෙන්ට්…හැන්ඩ්සම් ඈස් ඕල්වේස්…….”
සෙහංසා එසේ කියන් යද්දී දිසෙන්ට සිනා ගියේ ඇය තමාට කෙතරම් ආදරේ දැයි සිතමින් …..
ඇය ඉන්නේ ඊර්ෂ්‍යාවෙන් දැවෙමිනි…
ඇය තවත් කුමක්දෝ කියමින් බැනවදිනවා දිසෙන්ට ඇසුනත් ඒ කුමක්දැයි ඔහුට හරිහැටි නො ඇසුනි.
එක්වරම ඇතිවූ සිතිවිල්ලකට අනුව ඔහු ඇයගේ අතින් ඇද ඔහුගේ කුටියේ වූ බිත්තියක් මත ඇයව වත්තං කළේය …..
ඇයගේ පපුවෙ ගැස්ම වැඩිවූයේ එක්වරමය .
ඔහුට මෙතෙක් වේලා බැනවදිමින් සිටි ඇයගේ මුව වැසුනේ බියට මය .
“ශේෂා ……..බොරුවට මට කෑ ගහන් එන්න එපා……ත/මු/සේ දන්නෑ මං ගැන…..මම මහ දරුණු මිනිහෙක් ……”
“ත/මු/සෙ/ට පිස්සු ද?අතාරිනවා මාව……මෝ/ඩ/යා…”
නැවතත් ඇය ඔහුට බැණ වදින්නට විය .
“කට වහගන්නවා…මතක තියාගන්නවා… මීට පස්සේ මට කට ගහන් එනවට දෙන දඬුවම ……”
ඇයගේ වෙව්ලන දෙතොල් පෙති රෝස පෙති මෙන් යැයි ඔහුට සිතිණි…ඔහුට සියල්ල අමතක වූයේ සැණෙකිනි ……
ඇය දෑස් පියාගෙන ඒ සිප ගැනීම විඳගත්තේ හදවතින් …..
“මීට පස්සේ ඔය චූටි කට ඇරලා මට බනින්න ගියොත් කරන්නේ ඕක තමා “
ඔහු කීවේ ඇගේ තොල් පෙති මත ඇඟිලි වලින් සියුම් රටාවක් අඳිමිනි……
ඇයගේ සියොළග හිරිවැටුනේ ඔහුගේ අතැඟිලි වලටය.
“මට වෙන ගෑ/නු ඕනෙ නෑ ……මං දන්නවා මට විඳින්න බැරි තරම් ආදරේ ත/මු/සේ ළඟ තියෙනවා කියලා ……වෙන ගෑ/නු ගැන අල්ලලා මට එක එක ඒව කියවන් එන්න එපා”
ඔහු කීවේ ඇයගෙන් ඈත්වී ඈ දෙස බලමින් සිය නිකට පිරිමදිමින් ….
“බූ/රු/වා මාව බය කළා…..”
ඈ ඔහුගේ කුටියේ දොර ඇරියේ තවමත් ගැහෙන ඇගේ පපුවමත අනෙක් අතතබමිනි.
තමා යන අයුරු දෙස ඔහු බලා සිටියේ කට කොනකින් සිනහ වෙමින් බව ඈ දුටුවාය ….
ඇය සිය කුටියට ගොස් දොර වසා ඒ දොරට හේත්තූ වී සිට ගෙන සිටියේ හිස දොර මත තබා තවමත් ගැහෙන ඇගේ ළය මත දෑත් තබාගෙනය .
ඔහුගේ රළු සිපගැනීම් වල මිහිර තවමත් අයට දැනෙන්නාක් මෙනි.
ඔහු තමාට නොකියා පැවසුවේ ඔහුගේ සිතේ තමා ගැන ආදරයක් තිබෙන බව නොවෙදැයි… ඈට සිතුණි …….
💓💓💓💓💓💓
ඈ රිය පදවන්නේ තමාට මුහුණ නොදී ලැජ්ජාවෙන් යැයි දිසෙන්ට සිතුණි…..
මේ වෙනදා තමා හා රණ්ඩු වී තමාට බැන වදින දඟකාර කටකාර යුවතිය දැයි ඔහු කල්පනා කරන්නට වුනේ නිහඬවය.
දුලංසාද සිටියේ පෙරදා සිදු වූ සිදුවීම නිසාම නිහඬවමය…..
ඈද දිසෙන් දෙසවත් සිය සොයුරිය දෙසවත් නොබලා සිටියේ නිහඬවය…
ඈ ICBT එක අසලින් බැස ගියේත් දෙදෙනාගෙන් එක් අයෙකු දෙසවත් නොබලාය.
වෙනදා මෙන් පුරුද්දට ඔහු ඉදිරිපස අසුනේ හිඳ ගනිද්දීත් ඈ හුන්නේ නිහඬවමය.
ඈ නිහඬව රිය පදවන් යන අයුරු දෙස මද වේලාවක් බලමින් සිටි ඔහු අනෙක් පසට හැරුනේ නිහඬය.
“බෙහෙත හොඳට වැඩ කරලා වගේ”
ඔහු එලෙස සිතමින් සිනාසුණේ තනිවමය.
මැගිලින් වරින් වර පළතුරු යුෂ,ස්මූතී සාදන් එද්දී ඔහුට සිහිපත් වූයේ පෙරදා සෙහන්සා පළතුරු ඇතුළු නොයෙක් දේ මිලට ගත්තේ තමා වෙනුවෙන් යැයි සිතමිනි.
තමා පෙරදා ඇයව සිපගෙන ඇයට කියු දේ ඔහුට සිහිපත් වීය…….
ආදරේ යැයි ඇයට නොකීවද තම වදන් ඈගේ සිතේ බලාපොරත්තු ඇති කරන්නට ඇතැයි ඔහුට සිතිණි.
මෙතෙක් නිහඬව සිටි ඈ සිය හඬ අවදි කරන්නට සිතුවාය.
“දිෂ්…..”
“ඇයි මිස්…..”
“තාම මිස් කියල කියන්නේ ශේෂා කියන්න…..”
“මිස් යටතේ නේ මම වැඩ කරන්නේ….ඉතින් එහෙම කතා කරන එක හොඳයි….”
“අපි දෙන්නා අතර තියෙන්නේ ඒ සම්බන්ධය විතරද?……”
“ඔව්……”
“එහෙනම් ඔයා මාව ඒ විදිහට කිස් කරේ…..”
“එදත් මම කිව්වා…මගේ රූම් එක අස්සේ එන්න එපා කියලා….මාත් කො/ල්/ලෙ/ක් නේ…..ලස්සන කෙ/ල්/ලෙ/ක් එක්ක තනි වෙලා ඉන්නකොට ඒ කෙ/ල්/ල මට ආදරේ කරද්දී මම කොහමද ඉවසන් ඉන්නේ……..ආයේ එන්න එපා මගේ රූම් එක අස්සේ රිංගන්න….”
“ඇයි ඔයා ඔහොම කතා කරන්නේ දිෂ්…ඔයා කතා කරපු විදිහෙන් මට තේරුණා…ඔයා මට ආදරේ කියලා…ඔයා ඊයේ ඒක නොකියා කිව්වා …..”
” මට සමාවෙන්න මිස්…..ඒ වෙලාවේ මම කියපු දේවල් වලට……”
“සමාව ඉල්ලන්න……….ඔයා ඇයි මගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන්නේ……මේ සෙල්ලම මට ඇති වෙලා….වෙලාවකට ආදරේ පෙන්වනවා…ආයේ නෑ කියනවා….ඔයා ඔය කියන්නේ බොරු…..ඔයා කියන්නේ මට දැනෙන දේවල් බොරු කියලාද?……..”
ඈ සිය නෙතට ඉනූ කඳුළු රිය තුළවූ කඩදාසි අත්පිස්නාවකින් පිස දමන අයුරු දිසෙන් බලා සිටියේ දුකිනි….
💓💓💓💓💓💓💓💓
“දිසෙන් ඉක්මනට අද ලන්ච් ගන්න ඕනේ…තව පැය බාගෙකින් අපි මෙහෙන් යන්න ඕනේ….”
“මිස් අර මීටීන් එකට නේද?….”
“ඔව්……තාත්තී හරියටම 12 වෙද්දී එනවා කිව්වා….අපි දැන් කමු…..ලන්ච් රූම් තාම වහලා……මෙහෙදිම කමු……”
“මිස් කන්න.මගේ අත තවම රිදෙනවානේ….”
දිසෙන් ඈ දෙස බලා උන්නේ නිහඬමය
ඈ ඇගේ බත් පාර්සලය ගෙන තමා මේසයේ තබා අසුනක් තබා එහි හිඳගත් අයුරු ,දෑත් සෝදාගෙන එන ඔහු බලා සිටියේ පුදුමයෙන්….
තමා මෙතරම් රිදවන්නට රිදවන්නට,ඈ තමාට මෙසේ ලන්වීම ඔහුගේ හදවත රිදවන්නට විය.
ඈ බත් පාරසලය ලිහා මුලින්ම බත් කටක් අනා ඔහු වෙතට පාද්දී ඔහු ඈ දෙස බලා සිටියේ දෙඇස් විසල් කරමිනි.
“කන්න ළමයෝ….”
ඔහු මුව විවර කරමින් බත්කට කෑවේය.
ඔහුගේ ළයට දැනුනේ විසල් බරකි.
ඇගේ මහමෙරක් වන් ආදරය මෙසේ තමාට දැනෙද්දි කෙසේ සිත් පිත් නැති අයුරින් තවත් හැසිරෙන්නේදැයි ඔහු කල්පනා කරන්නට වුවා……
පිළිවලින් ඔහුට කවා ඉන්පසුව ඇයද කෑවේ මාරුවෙන් මාරුවටය.
ඇය ඔහු වෙතට බත් කටක් කවද්දීම එක්වරම කාර්යාලයේ ඇගේ කුටියේ දොර විවර කරන් යමෙකු එන ඇසුණු ඇය පිටුපසට හැරී ඒ දෙස බැලුවාය..ඒ පැමිණෙන පුද්ගලයාගේ රුව දුටු ඇගේ දෑස් මහත් වීමට වැඩි වෙලාවක් ගියේ නැත.
හමුවෙමු මීලඟ දිගහැරුමෙන්