May be an image of 3 people, people standing and text
Priyanga Gunathilaka
prnoSsteod979
r
6
b
1
e
th64
cආදරණීයම ඔයා…. 06
කියපං මැණික…
සෝන්ය කාට දෝ එසේ අමතතනවා මට ඇසෙ න්නට විය. ඔව් ඔහු සරල පැහැදිලි සිංහලෙන් කාටදෝ එසේ කියනවා මට ඇසිනි. මා තැති ගත්තේ ඔහු කියූ දෙයට නොවේ. ඒ වදන් වල තැවරී තිබුන ආදරණීය බවටය.
ඔහු එතරම්ම ආදරණීයව කිසිවෙක් අමතනවා මා ඉන් පෙර අසා තිබුනේ නැත. ඒ කියන්නේ ඔහුට එසේ ආදරණීයව අමතන්නට වෙනත් කිසිවෙක් සිටිනා බවය.
එසේ නම් ඔහු මගේ කිසිම බලපෑමක් ඉල්ලී මක් නැතුව මා විවාහ කරගත්තේ ඇයි.. සෝ න්යගේ අරමුණ කුමක්ද.. මට තවමත් සිතා ගන්නට නොහැකි විය.
එයින් පැවසෙන්නේ මා දෙවන වරට සෝන්යට ත් රැවටී ඇති බව නෝවේද.. ධනුක විසින් අසර ණ කර දැමූ ජීවිතය සෝන්ය නැත්තටම නැති කර දැමු බව නොවේද…මේ මිතුරන් දෙදෙනා මගේ ජිවිතය සමඟ කරනා මේ අමුතු ක්රිඩාවේ තේරුම කුමක්ද..
නෑදෑයන්ට හිතමිතුරන්ට ඕනෑ දෙයක් කරග න් නට කියා මට තිබුනේ මේ විවාහය අවලංගු ක ර දමන්නටය. එහෙත් අම්මාගේත් මල්ලී ගේත් බලාපොරොත්තු සිහින ඒවා බිඳ දම න්නේ කෙ සේද.. මම බර සුසුමක් හෙලීමි.
තියන්නං වස්තුවේ..පරිස්සමින් හිටපං..මං පුළු වන් තරම් ඉක්මනට එනවා උ ඹ ව බලන්න ම ගෙ පන…
සෝන්ය ඇමතුම නිමා කලේ එහෙමය.
කුමක් කල යුතුදැයි මට තේරෙන්නේ නැත. වි වාහ වූ දිනයේම මේ මංගල රැයේම එතරම් ආ දරණීයව අමතන්නට මට වඩා ඔහුට ඇත්තේ කවුරුන්ද..
විවාහය ලියාපදිංචි කල මොහොතේ පටන් මම සිතා ගත්තේ අතීතය සපුරාම අමතක කර සෝන්ය හා නව දිවියක් අරබන්නටය.
ධනුකට තරම්ම නැතත් මාගේ සැමියා ලෙසින් ඔහුට ආදරය කරන්නටත් යහපත් බිරිඳක ලෙසින් ඔහු වෙනුවෙන් සියළු යුතුකම් වගකීම් ඉටු කරන්නටත් මම ඉත සිතින් මටම පොරො න්දු වූයෙමි.
එහෙත් දෙවියනි මේ සිදුවන්නට යන්නේ කුම ක්ද.. සෝන්ය එක නිමේෂයක දී මගේ සියළු සිහින මාලිඟා කඩා බිඳ දමා පොලවටම සම තලා කර දැම්මා නොවේ ද.. දන්නා තරමින් සෝන්යට පෙම්වතියක හිටියේ නැත.
දන්නා තරමින් යැයි කීවේ මා ඔහු ගැන කිසි ව ක්ම නොදන්නා නිසාය. ඔහුගේ හොඳම මිතුරා උවද මට කිසිම දිනක ධනුක ගෙන් සෝන්ය ගැන අසන්නට හෝ උවමනාවක් තිබුනේ නැත. ඔහුගේ සේවිකාවක උවද මා කිසිම දිනක රාජ කාරි මට්ටමින් එහාට සෝන්ය හා කතාබහ කර තිබුනේවත් නැත.
ඉදින් මා ඔහු ගැන දන්නේ නැත. සමහර විට ඔහුට කුමක් හෝ හේතුවක් නිසා ප්රසිද්ධියේ විවාහ කර ගත නොහැකි පෙම්වතියක් හිඳින වා ඇත.
ඔහුගේ දෙමාපියන් ඇයට අකමැති වන්නට ඇත. පහසුම දේ මා විවාහ කරගෙන පසුව අතහැර දමා දික්කසාද වී ඈව විවාහ කරගන් නට වන්නට ඇත.
ඔළුව විකාර අදහස් වලින් පිරී ඉතිරී යන්නට විය. ඉවසා දරා ගත නොහෙනා හිසේ වේදනා වකින් මා පෙලෙන්නට වීමි. මම දෝතින්ම හිස තද කර ගත්තේ ඒ වේදනාව අඩුකර ගන්නටය.
තාදී..ඇයි දරුවො මේ..මොකද ඔය..
සෝන්ය කාමරයට ආවේ කලබල හඬකින් එ සේ අසාගෙනය. ඒ හඬේවත් වචන වලවත් කි සිදු වෙනසක් තිබුනේ නැත.
මගෙ හිස කකියනවා…
මම ඔහේ කියවාගෙන ගියෙමි. කුමක් දෝ අස රණ කමක් මාවටා හොල්මන් කරන්නට විය.
හවස් වෙලා හීතලේ නාලා උනවත් එයිද දන් නෙ නෑ.. කෝ බලන්න..
එසේ කියමින් ඔහු මගේ දෝත හිසින් ඉවත් ක ර නලලට සුරතේ පිටි අත්ල තැඹුවේය.
හ්ම්ම්…ලාවට රස්නෙයි…අපි රස්නෙන් මොනා හරි බීලා පෙන ඩෝල් දෙකක් බොමු හාද…
ඔහු ඇසුවේ මගේ මුහුණට එඹෙමිනි. කුමක් කිවයුතු දැයි නිනව්වක් නොවූ මා හිස සැලීමි. මද වේලාවකින් පිටතින් දොරට තට්ටු කරනා හඬක් ඇසිනි. සෝන්ය ගොස් දොර විවර ක ලේ ය.
තාදී කෝ හොඳ දරුවා වගේ නැඟිටින්නකො
මේ කොෆී එක බීලා ඔයා ටිකක් නිදා ගන්න ඔය ගතිය අඩුවෙයි….
සෝන්ය කීවේ මා නැඟිටවා ඇඳ විට්ටමට හේත්තු කරනා ගමන්ය.
පොඩි එකෙක් වගේනෙ ඔයා..ටිකක්වත් බර නෑ… ඔහු ම වෙතින් ඉවත් වුනේ එසේ කියමිනි. ඔහුගේ හැඩි දැඩි සිරුර හා සලකනා විට මා කැහැටු කුඩා එකියක වීමි.
ආ මේක බීලා ඉන්නකො ඉතිං….
ඔහුම සැකසූ කෝපි කෝප්පයක් මගේ සුරතින් තබමින් සෝන්ය කීවේය. මේ සියල්ලම මේ සො යා බැලීම් සත්කාර ලෙංගතුකම සියල්ලම රැව ටීමක් වන්නේ කෙසේ ද..යමෙකුට මෙතරම්ම වංචාකාරී ලෙසින් හැසිරිය හැකි ද ඒ කුමක් සඳහා ද..
අතේ තියන් කල්පනා කරන්නෙ නැතුව රස්නෙ න් ඕක බීලා ඉන්නකො ඉතින්..
කෝපි කෝපය අතේ තබාගෙන ඔහේ බලා සිටි නිසා දෝ සෝන්ය නෝක්කාඩු කීවේය. මම සෙ මින් කෝපි කෝප්පය තොල ගෑවෙමි. මින් පෙර එතරම් රසවත් කෝපි කෝප්පයක් මා රසවිඳ තිබුනේ නැත.
රසයි… හැමදේම හරි ගානටම තියනවා…
මම කීවේ අවංකවමය. සෝන්ය ගේ දෑස් දිප්ති යෙන් දිලිසුනේ සතුටට වන්නට ඇත.
ජීවිතෙත් ඒ වගේ තමා තාදී..හැමදේම හරි ගා නට තියනවා නං හරිම රසයි..
ඒ වදන් වල තිබුනේ දරා ගන්නට බැරි තරම් දැ ඩි බරකි. ඒ කියන්නේ ඔහුගේ ජීවිතයේ හැම දේම හරි පදමට නොමැති බවද එහෙයින්ම එ ය නීරසල බවද.. එයට හේතුව මා බවද..
සෝ..න්ය….
ඔන්න ඉතිං මොනා හරි කීව ගමන් ඔයා කල බල වෙනවනෙ රිලැක්ස් ඉන්න තාදී මම නික මට කියන දේවල් ඔච්චර හිතන්න එපා… එවර ඔහු කීවේ සන්සුන්වය.
මට තාමත් මේ කිසිම දෙයක් තේරෙන්නෙ නෑ සෝන්ය..
මම කීවේ අසරණම අසරණ හඬකිනි.
අහන්නකො ඉතිං..
ඔහු කතාව පටන් ගත්තේ මා අසලින් හිද ගන් නා අතර තුරය. ඉන්පසු එ ක් අතක් මගේ බඳ වටා දමා මාව ඔහුගේ උරහිසට බර කර ගත් තේය.
හැමදේම සිද්ධ වුනේ හරි හදිස්සියෙන්.. දන් නවා ඔයාට මොනාත් හිතා ගන්නවත් වෙලා වක් තිබුනෙ නෑ කියලා…
අවුරුදු ගානක් හින දැකලා වෙඩින් එකට ලෑස් ති වෙලා එක දවසින් වෙන කෙනෙක් මැරි කර න්න උනාම මොනා ද හිතෙන්නෙ කියලා මට තේරුං ගන්න පුළුවන්..අනික ඔයා මං ගැන මොනවත් දන්නෙත් නෑ..
සෝන්ය කියවාගෙන යන්නේ මුදු හඬකිනි. ඒ වචන වල නම් වංචාකාර බවක් තිබුනේ නැත. එහෙත් මට තවමත් නොවැට හෙන්නේ ඔහුට ඇවැසි මොනවාද යන්නය.
ඔයා මගෙ වයිෆ්.. මං ඔයාගෙ හස්බන්ඩ්…අපි මුළු ජිවිත කාලයක්ම එකට ජිවත් වෙන්න… තේරුං ගන්න තාදී..
මං ඔයාව මැරි කලේ මො නම ප්රශ්නයක් ආ ව ත් අතර මගදි දාලා යන්න නෙවී ඒක නිසා හැම දේම හිතේ තියාගෙන ඉන්නෙ නැතුව කියන්න
බොරුවට කල්පනා කරලා ඔළුවට වද දෙන්න එපා…
සෝන්ය කීවේ ඉතා මුදුවට ඒ ඇඟිලි තුඩු මගේ හිස්කෙස් අතරේ යවමිනි.
ඔළුවෙ කැක්කුම හැදෙන්නෙ නැතැයි මේ කෙස් තාම තෙතයි සේරටම කලින් මේ කෙස් වේල ගෙන ඉන්න තාදී..නැත්තං උදේ වෙද්දි උනත් හැදෙ යි..
කියන්නට ගිය කතාව නවතා ඔහු එවර කීවේ තරමක් වෙනස් හඬකිනි. මා සැරසුනේ යහනි න් බැස ගන්නටය.
ඔහොම ඉන්න බහින්න එපා…
එසේ කියමින් ඔහු කණ්නාඩි මේසය මත වූ හිසකෙස් වියලනය ගෙන මගේ හිසකෙස් වියලන්නට විය.
හමුවෙමු.
ඒකාකාරීයි මෙලෝ රහක් නෑ එක තැන කැර කෙනවා පිස්සු විකාරයක් කියන්න එපා ම ර ණ වා ක්ෂණිකව. කතාව කියවන්නවත් වෙලාව ක් නැතව අහරෙන් මෙහෙන් ලියන්නෙ අවුල් නං කියන්න පස්සෙ හෙමීට ලියන්නං.
ආදරෙයි කතාව කියවන ලයික් කමෙන්ට් ක රන හැමෝටම ම සොරි රිප්ලයි නැතුවට. හවසටත් කොටසක් ඕනි නං ලයික් එකක් දිග කමෙන්ට් එකක් දාන්න