08වෙනි කොටස🦋
ආදී තමන්ගේ බෑග් එකේ තිබ්බ ලැප් එක අරගෙන මේසේ උඩ තියලා ඔන් කරේ සහන් අහපු දේ ගනන් නොගෙන.
“එයා ඔයාව එලෙව්වේ නැද්ද….ඔයාම පදවගෙන ගියාද…”
“සහන් ඔයා වැඩ කරන්න ඕනේ ඔයාගේ ඔෆිස් එකේ.ඔයා මොකක්ද මෙතන කරන්නේ….”සහන් කියන්නේ ආදීගේ හොදම යාලුවා.සහන් පුටුවක් ඇදගෙන වාඩිවෙලා ලංවුනේ ආදී ගාවට.
“ඔයාගේ අම්මා මට කතා කරේ නැත්තම් මන් තාම ඔෆිස් එකේ ඉන්නවා.මන් කිව්වේ මේ මට කෝල් කරේ නැත්තම්…”ආදී ලැප් එකෙන් ඇස් අහකට අරගෙන බැලුවේ සහන් දිහා.
“ඇයි අම්මා මේ පාර ඔයාට කතා කරේ…”
“වැඩි දෙයක් නෑ….”ආදි අතින් සන් කරේ ඉතිරි ටිකත් කියන්න කියලා.
“ආන්ටි කිව්වා ඔයාට ගෙදර එන්න කියලා ඔයාගේ වයිෆ් ඔයා එනකම් බලන් ඉන්නවලු.”සහන් කියපු දේට ආදී මේසෙට තදින් පහරක් ගැහුවේ කේන්තියෙන්.ආදී කේන්තියෙන්ම….
“එයා මගේ වයිෆ් නෙවේ ….”ආදී කිව්වේ තාමත් පහව නොගිය කේන්තියෙන් .ආදිගේ දෑස් ගියේ මේසේ උඩ තිබ්බ පොටෝ එක දිහාට.ආදී ඒ පොටෝ එක අතට අරගෙන අතගෑවේ හෙමින්.ආදී ඒ පොටො එක හැරෙව්වේ සහන් දිහාට.
“මේ ඉන්නේ මගේ වයිෆ් කියලා අදටත් මන් පිලිගන්න කෙනා.”සහන්ගේ මුවින් පිටවුනේ සුසුම් හඩක්.
“ආදී මන් දන්නවා ඔයා තාම එයාට ආ/ද/රෙ/යි කියලා.ඒත් දැන් අවුරුදු පහක් ගිහිල්ලත් එයා ගැන කිසිම ආරංචියක් නෑ.මං හිතන්නේ ආදී ඔයා එයාව අමතක කරලා ඉස්සරහට යන්න ඕන.”
“නෑ මන් එයාව කොහොමහරි හොයාගන්නවා.”
“හොයාගන්නවා කියන්නේ උඹ වයසට ගියාමද ඒකීව හොයාගන්නේ….”ආදී පොටො එක තමන්ගේ පපුවට තුරුලු කරගත්තේ ඇස් දෙකේ කදුලු පුරවගෙන.
“එයා මන් කරපු දේ නිසා මගෙන් හැංගිලා ඉන්නේ….අනික මන් එයාට කිසිම හේතුවක් කියන්නේ නැතුව එයාව දාලා ආවේ….මිහානා ඒකට මාත් එක්ක ගොඩක් කේන්තියෙන් ඉන්නේ….”
“ඒක ඇත්ත මචං මොකද මන් මිහානගේ තැන හිටියනම් මාත් කරන්නේ මිහානා කරපු දේම තමා.”
“උ/බ දන්නවනේ මන් මිහානාව දාලා යන්න ලොකු හේතුවක් තිබ්බා කියලා.”
“ලොකු හේතුවක්…..උ/බ/ට තිබ්බා වෙඩින්ග් එක නවත්තන්න ඒත් උ/බ/ට ඒක කරගන්න බැරිවුනා.සරසි ගැන හි/ත/ප/න්.ඒ/කී දැන් උ/බේ වයිෆ් වෙලා ඉවරයි උ/බ පිලිගත්තත් නැතැත්.”ආදී හිස වැනුවේ සහන් කියපු දේ හරි කියන්න වගේ.
“මගේ වයිෆ්….ඒ/කී මගේ වයිෆ් නෙවේ අනික මන් වෙඩින්ග් එකට ගියෙත් නැතුව කොහොමද ඒ/කී මගේ වයිෆ් වෙන්නේ…මන් වෙනුවට ගියේ මගේ මල්ලි.ඉතින් දැන් ඒ/කී මගේ මල්ලිගේ වයිෆ් මගේ නෙවේ.”
“එහෙම නෙවේ ආදී උ/බ/ගේ මල්ලි ගියේ උ/බ වෙනුවෙන්.ඒක නිසා දැන් ඒ/කි කොහොමත් උ/බ/ගේ වයිෆ් ඒක තමයි උ/බ පිලිගන්න අකමැති වුනත් ඇත්ත.”ආදීගේ හිත ගියේ එදා තමන්ගේ තාත්තත් එක්ක ඇතිවුනු කතාබහට.
“නෑ සරසි කවදාවත් මගේ වයිෆ් වෙන්නේ නෑ.මන් ඒක පිලිගන්නෙත් නෑ.”සහන්ගේ දෑස් ගියේ ආදී ගාව තියෙන පොටො එක දිහාට.
“මිහානා උ/බෙ/න් හැංගිලා ඉන්නවනම් උ/බ/ට මිහානව හොයාගන්න එක එච්චර ලේසි වෙන්නේ නෑ.”ඒත් එක්කම වගේ කැබින් එකේ දොරට ගහන සද්දෙ නිසාම ආදී සහන් කතාව නවත්තලා දෙන්නම හැරිලා බැලුවේ ඒ දිහා.ඒත් එක්කම වගේ ඇතුලට ආවේ ජගත්.ඇතුලට ආපු ජගත් දැක්කේ ආදී ගාව තියෙන පොටෝ එක.
“සර් ඔය පොටො එකේ ඉන්න ගෑනු ලමයව මන් දැකලා තියෙනවා.”ආදීට ඉබේටම පුටුවෙන් නැගිට්ටුනේ ජගත් කියපු දේ ඇහෙද්දි .
“කොහෙද….කොහෙදිද දැක්කේ…”
“නුවරදි සර්…”ආදීගේ මූනේ ඇදුනේ හිනාවක්.
“තව දෙයක් සර්…”
“මොකක්ද….”
“මන් ඒ ගෑනු ලමයව දැක්කේ පොඩි පිරිමි ලමයෙක් එක්ක.ඒ පොඩි පිරිමි ලමයා හරියට සර් වගේමයි.”ජගත් කියපු දේ නිසා ආදී සහනුයි මූනට මූන බලාගත්තේ පුදුමෙන්.ආදී කල්පනා කරේ සහන් මේ ගැන මොනවහරි දැනගෙන හිටියද කියලා.
“ඒ ගර්ල් එක්ක හිටිය පොඩි පිරිමි ලමයගේ වයස කීයද….”ආදී ජගත්ගෙන් ඇහුවේ මිහානා ගැන තොරතුරු දැනගන්න තියෙන හදිසියට.
“අවුරුදු පහක් හයක් විතර ඇති සර්…ඒත් මට හරියටම වයස කීයද කියලා ශුවර් නෑ.” කල්පනාවෙන් මේසයට තට්ටු කරන ආදීගේ මූනේ ඇදුනේ හිනාවක්.
“ඒ මගේ පුතා.”ආදී එහෙම කියලා නැගිට්ටේ තමන්ට මිහානා හොයාගන්න තවත් හේතුවක් තියෙන නිසා සතුටින්.
“කාර් එක ගන්න…අපි අද නුවර යනවා”
“හරි සර්…”ජගත් එහෙම කියමින් පිටවුනේ ආදීට සිහින් සිනාවක් පාලා.ආදී කල්පනාවේ ඉන්නවා දැකපු සහන් මේසෙට තට්ටු කරේ ආදීගේ අවදානය තමන් දිහාට ගන්න.
“ආදී ඔයාගේ අම්මා මට අද ඔයාව ඩිනර් එකට එක්කගෙන එන්න කිව්වා ඒ කියන්නේ ඔයා එන්නේ නැද්ද…”
“නෑ…මට ඕන දැන් මගේ මිහානවයි පුතාවයි මගෙ ලගට ගන්න ඒකට මන් අද නුවර යන්නම ඕන.මේ චාන්ස් එක මන් නැති කරගන්න කැමති නෑ”ආදී කිව්වේ හිනාවකින් මූන සරසගෙන.
“එහෙනම් ඔයා මෙහෙ ඉන්න පවුල ගැන මොනවද කියන්නේ….ඔයා අමතක කරන්න එපා ආදී ඔයාට වයිෆ් කෙනෙක් ඉන්නවා කියලා.”සහන් කියපු දේට ආදීගේ මූනෙන් හිනාව වියැකිලා ගිහින් ආදී බැලුවේ තමන් ලග තියෙන හිස් පුටුව දිහා.
“මන් ඔයාට කිව්වා මන් එයාව මගේ වයිෆ් විදිහට පිලිගන්නේ නෑ.”සහන්ගේ මූනේ ඇදුනේ හිනාවක්.
“ඔයාට අවුරුදු පහක් ගියාට පස්සෙද මිහානව හොයන්න ඕන…එතකොට ඔයාගේ වයිෆ්ට මොකද වෙන්නේ….මේක ඔයාට විහිලුවක්ද ආදී….”
“එයාට තිබ්බා මාව බදින්නේ නෑ කියන්න ඒත් එය එහෙම කරේ නෑ ඒක මගේ වැරැද්දක් නෙවේ ඔයාගේ වැරැද්ද .
“ඒත් ආදී ඔයා එකපාරක් හරි සරසිව බලන්න යන්න.අනික එයා ඔයාව එක පාරක්වත් දැකලා නෑ.එයාට ඔයාව ඕන.මට ආන්ටි කියපු විදිහට එයා ඔය ගැන නිතරම අහනවලු.”ආදීගේ මූනේ ඇදුනේ වියරු හිනාවක්.ආදී කෝල් එකක් අරගෙන දිස්නාට කතා කරේ සහන්ගේ කතාව මගහරින්න වගේ.
“හෙලෝ ආදී සර්…”
“හෙලෝ දිස්නා අද ගයාන් එක්ක මීටින්ග් එකක් ලෑස්ති කරන්න.ඒකත් නුවර අපි ඒක ගැන කතා කරගන්න නුවර යනවා කියන්න.ගයාන්ටත් එහෙටම එන්න කියන්න.”
“ඕකේ සර්…”ආදී කෝල් එක කට් කරලා පුටුවෙන් වාඩිවෙලා හේත්තු වුනේ ජයාග්‍රාහී හිනාවකින්.ආදීගේ දෑස් ගියේ මේසේ උඩ තියෙන මිහානාගේ පොටෝ එක දිහාට.අන්තිමට අවුරුදු පහකින් පස්සේ මන් ඔයාව මීට් වෙනවා.ආදී හිතින් හිතුවේ මිහානාගේ පොටෝ එක දිහාම බලාගෙන.
🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
💫මතු සම්බන්ධයි💫
ආදීට මිහානව හම්බවෙයිද?එතකොට සරසිට මොනවා වෙයිද?ලයික් කමෙන්ට් කරපු හැමෝටම තෑන්ක්ස්.අදහසක් කියාගෙනම යමු.