02 කොටස
අනේ අනේ ලංකාවේ පොල් ගස් ගැන වද වෙන්නැතිව දැන් වත් පාඩම් කරන්න පටන් ගනින් කිලාන්. සෙනාල් කිව්වේ බැරෑරුම් මුහුණකින්.
ඔව් බන් ඔහොම ඉන්නද හදන්නේ? අපි කට්ටිය ඉන්ජිනියර්ලා උනාම උඹට බිම ඉදන් පොල් කඩන මැෂිමක් හදල දෙන්නම් ඕනෙම නම්. දැන් ඔහොම හිටිය ඇති පාඩම් කරපන් යකෝ. දසුන් කිව්වා.
බයිලා කියන්නැතිව නවත්තපු තැනින් කතාව පටන් ගනින් බන්. බ්රයිට් පාට කෙල්ලෙක් ගැන නේද උඹල කියා කියා හිටියෙ.
තව ඉතින් එකේ කියන්න දෙයක් නෑ. බිතුම් කිව්වා. ලස්සන කෙල්ලෙක් ආව. ලස්සන කියන්නේ මාරම ලස්සනයි. හරියට ඇදපු චිත්රයක් වගේ. ඒ වගේම මාර ආඩම්බර බඩුවක්. අනිත් එවුන් අපිත් එක්ක හොදට කතා කරද්දී ඒකි විතරක් වචනයක් වත් නොකිය හිටිය එදා.
හොද කෙල්ලෙක් කවදාවත් අදුරන්නේ නැති අයත් එක්ක කතා කරන්නේ නෑ. දැන් ඒකි පැන පැන එවුන් එක්ක කතා කරා නම් අපි උනත් ගනන් ගන්නවද නෑනේ.
මම ඔය කියන දවසේ කොහෙද බන් හිටියේ? කිලාන් ඇහුව.
ඇයි එදානේ උඹ sounir එක ප්රින්ට් කරන්න දෙන්න ගියේ මිහින් එක්ක මතක නැද්ද?
ආ ඔව් නේද? අපරාදේ මට ඉන්න තිබුනේ ආඩම්බර කෙල්ලන්ගේ ගණන් බස්සන්න
හරි එදා බැරි උණු එකට අද කරපංකෝ කොහොමත් උඹේ හොබී එකනේ.
ඇත්තටම මොකද්ද කිනාල් අපි කරන්නේ? තව වැඩි වෙලාවකුත් නෑ. සෙනාල් කිව්වෙ නොඉවසිල්ලෙන්.
හරි එහෙනම් අපි උන්ට කියමු ස්ටේජ් එකට ඇවිල්ල මොකක් හරි කරන්න කියල.
ඔව් ඔව් උඹ ලගට කිව්වම උන් මේං කියල එයි බලන් ඉදින්. අදීෂ කිව්ව.
නෑ නෑ බං එහෙම නෙමේ. අපි announcing කරනකොට උන් ටික aim කරලා කියමු. එතකොට එන්නම වෙනවනේ.
ඇත්තටම කිනාල් උඹ ඕක ප්ලෑන් කරගෙනමද ආවේ. මට සාදාරණ සැකයක් එනෝ උන් කාත් එක්ක හරි උඹගෙ පරණ තරහක් තරහක් වත් තියෙනවද කියල
පිස්සුද බන් එහෙම අමාරුවක් නෑ. දන්නවනේ උඹල. මාගේ මේ ක්රියා සියල්ලම හුදෙක් විනෝදය සඳහාම පමණයි.
ඔව් ඔව් අර ක්ලාස් එකේ කෙල්ලෝ නිකම් ද උඹට කියන්නේ ලගින් ගියොත් ඇහැක් නෑ කියල.
උන්ට පිස්සු. වයසට ගිහාම ජොලි කරන්නද. උන් ඉතින් මාත් එක්ක එල්ලෙන්න එනකොට මාත් නිකම් ඉන්නේ නෑ
ඒ උනාට උඹ ඕවර් වෙලාවකට. බිතුම් කිව්වේ බැරෑරුම්ව. විහිලු වලත් සීමාවක් තියෙන්න ඕනේ.
බම්බුව බිතුම් උඹ මගේ තාත්තා නොවී හිටපන් මම කරන්නේ මට ඕනේ දේ කාගෙවත් උපදෙස් ඕනේ නෑ මට.
බිතුම් එතනින් එහාට මුකුත් කිව්වේ නෑ. කිනාල්ගේ තරහ පිරුණු මුණ දැක්ක කොල්ලෝ ටික මොහොතකට උනා.
හරි හරි දැන් ඒකෙන් කමක් නෑ ප්ලෑන් එක තව විස්තර කරපංකෝ කිනාල් අපිට අවුලක් වෙන එකක් නෑනේ? අන්තිමට නිහඩතාව බින්දේ අදීෂ. ඔහුට උවමනා වුයේ කිනාල් මදක් සන්සුන් කරවීමටයි. ඔහු හොදින් හිටියේ නැත්තම් නිවේදන කටයුතු අඩාල වේ යයි අදීෂ හිටියේ බියෙන්.
සෙනාල් හා බිතුම් මුකුත් කිව්වේ නෑ. කිනාල් නම් කවදාවත් හැදෙන්නේ නෑ. ඔවුන් හිතුව.
කිනාල් දගකාරය. කෙල්ලන්ට විහිලු කිරීම විනෝදාංශය විය. හොද මිතුරෙකි. නිර්ලොභිය. එමෙන්ම ඉක්මන් කේන්ති කාරයෙකි. නමුත් හිරු දුටු පිනි මෙන් ඒ කේන්තිය සැනෙන් නිවී යයි. අන් අයගේ කීම් වලට බින්දුවක් වත් හිස නොනමයි. වැරදි වුවද තමා හරි යයි සිතයි. වඩාත් වැදගත් පරිදි ඔහු ඉතා සංවේදී. හැබැයි එය දන්නී ලගම සිටින මිතුරන් පමණි.
මේකනේ මචන් මට ඕනේ ෆන් එකක් අරගෙන ජොලියේ හිනාවෙලා ඉන්න
ඔව් ඉතින් ඒක අපි නොදන්න දෙයක් යැ. වෙන ළමයි අඩන වෙලාවේ උඹ ඉපදුනෙත් හිනා වෙලානේ. මම අහගෙන ඇන්ටි කියනවා.
බොරු නොකිය මැද්දෙන් පනින්නැතුව පලයන් ඌරා කිනාල් කිව්වෙ ආයිත් අසුහාරදහට කේන්ති අරගෙන.
හරි හරි බන් තරහ ගන්නෙපා උඹට හොස්ස ලගින් මැස්ස යන්න බෑනේ මගුල.
ආ ඒක දන්නවනම් මාව කේන්ති නොකර ඉදින්. දැන් මොකද්ද කියා කියා හිටියේ මන්. මේකනේ බන් වෙන කෙල්ලන්ගේ ඉස්කෝල වලින් එයිද කියල ෂුවර් නෑනේ මේ ගොල්ල ඉතින් සහෝදර බාලිකා පාසල නිසා එනවමනේ. ඉස්කෝල දෙකේ මිස්ල සර්ලා උනත් ෆිට් නිසා අපිට අවුලක් වෙන එකක් නෑ.
ඒගොල්ල හිතයි මේ පොඩි කොල්ලන්ගේ විහිළුවක් කියල. එතකොට රැග් එක උන්ට ජොලිය අපිට.
කිනාල් මේ සුළු කරුණක් ගැන කොච්චර දුරට හිතලද කියල මිතුරන්ට හිතුන. ඉගෙන ගන්න එක ගැනත් මේ වගේම හිතන්න ඔහුට බැරි මොකද. හැමෝටම හිතුන. අන්තිමට ඒක වචන වලට පෙරලුවේ ආයෙත් බිතුම්.
අම්මප කිලාන් ඕනේ නැති බම්බු නම් උඹට හොදට හිතන්න පුළුවන්. ඉගෙන ගන්න ඒවා තමයි බැරි.
බිතුම් කියන්නේ ඇත්ත කිලාන් ඇයි උඹ විහින් නාස්ති වෙන්න හදන්නේ?
අනේ බන් මුට කියල වැඩක් නෑ. තාත්ත හම්බ කරලා තියෙන්නේ හත්මුතු පරම්පරාවටම. ඒ නිසා ඉගෙන ගෙන වැඩක් නෑ කියල මු හිතන්නේ. ඒ අදීෂ.
අන්න අදිෂයා උඹට විතරයි මොලේ තියෙන්නේ ඉගෙන ගෙන මොකද වෙන්නේ සල්ලි හම්බ කරන එකනේ මට දැනටම සල්ලි තියෙනවා ඕනේ තරම්. ඉගෙන ගත්ත කියල කාට ද බන් හරි ගියේ?
ඒ උනාට සල්ලි කියන්නේ හැමදාම තියෙන දෙයක් නෙමෙයි කිලාන්. ඒක උඹට තේරෙනකොට උඹ පරක්කු වැඩි වෙයි කියල මට බයයි
බණ කියන්නතුව ඉදින් බන්. මොකද බන් උඹලට වෙලා තියෙන්නේ කවදාවත් නැතුව
කවදාවත් නැතුව නෙමේ බන් අපි කවද ඉදන්ද මේ එකම ටික කියන්නේ?
අනේ දැන් ඇති බන් ආයෙත් ඕකම කිව්වොත් මම යනවා යන්න
අනේ පුතේ යන්න නම් එපා එතකොට කවුද announcing කරන්නේ? සෙනාල් දැන් ඇති බන් මු කිව්වට කියන දේ අහන්නේ නෑනේ
හරි හරි එක වැඩක් නෑ දැන්. එහෙනම් කිලාන් උඹේ අතේ තමයි හැන්ද තියෙන්නේ. අරුන් ටික ස්ටේජ් එකට ගන්න.
උඹල බය වෙන්න එපා ඒ ගැන. කිනාල් කිව්වේ දගකාර විදියට