Ex වයිෆ්
32 වන කොටස
චේතනා ගිහාන්ගේ දෑතේ පැටලිලා චිත්‍රපට ශාලාවෙන් එලියට එනකොටම චිත්‍රපටි ශාලාවට පිවිසෙමින් හිටපු කෙනෙක් මේ යුවළ දැක්කා …
ඒත් ගිහාන් වත් චේතනාවත් ඒ කෙනාව දැක්කෙ නෑ …
චේතනා ගිහාන්ගේ දෑතේ පැටලිලා ගිහාන්ගේ රියට නගිනකම්ම ඒ පුද්ගලයා සැගවිලා බලාගෙන හිටියා..
පසු දින ගිහාන්ගෙ කාර්යාලය පුරාම ලැව්ගින්නක් වගේ ලොකු රාවයක් පැතිරිලා ගියා ..
“අපේ බොසා මෙහෙම හිටියට මරු භාණ්ඩේ තමා “
කාර්යාල ආපනශාලාවේ පිරිසත් සමඟ උදෑසන ආහාර ගන්න ගීත් එහෙම කිව්වම හැමෝම කුතුහලයට පත් වුණා ..
“ඇයි බං .කියපංකො මොකද්ද වෙලා තියෙන්නේ ?..”
“මම ඊයේ අපේ වයිෆ් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා ..අපේ බොසා කෑල්ලක් එක්ක ඇවිත් හිටියානේ..”
ගීත් එහෙම කිව්වම හැමෝම පුදුමයට පත්වුණා.
“බයිලා කියන්නැතුව හි/ට/ප/න් ..බොසාගේ වයිෆ් ඉන්නේ කොළඹ ..මෙහෙ කොහෙද කෑලී..”
“නෑ බ/න් මම මොකටද බොරු කියන්නේ..බොසා ඇවිත් හිටියේ අනිවාර්යෙන්ම හොර ෂොට් එකක් එක්ක..”
එක්කෙනාට එක්කෙනා මුහුණට මූණ බලා ගන්නවා..හැමෝටම කෑම කන එකත් අමතක වෙලා ..
“බොසා ඉන්න විදිහට කියන්නවත් බෑ නේ ..”
“එහෙම තමයි .උ/ඹ/ලා අපි වගේ විහිලුවක් කරගෙන ඉන්න එවුන්ව ෂුවර් කරත් ඔය වගේ ජෙන්ට්ල්මන් ලයින් එකේ ඉන්න එවුන්ම පොඩ්ඩක්වත් ෂුවර් කරන්න බෑ ..බොසා ඉතිං ටිකක් වයස වුනත් හැන්ඩියානේ.සුපිරි කෑල්ලක් වෙන්න ඇති රන් කරනවා ඇත්තේ”
“මොන සුපිරිද?.මොකට බොස් යාලු උනාද මන්දා .ඒ හැටි කොලිටියක් නෑ ..ටැමිල් ලේඩි කෙනෙක්..”
“බොරු…”
දැන් නම් කැන්ටින් එකේ ඉඳිකටු තුඩක් බිම වැටුණත් ඇසෙන තරම් නිහඬයි.හැමෝම තුෂ්නිම්බූත වෙලා බලාගෙන ඉන්නවා..
“ඇයි මම බොරු කිව්වා කියලා උ/ඹ/ලා මට සම්මාන ,සහතික දෙනවද?.”
“අනේ මන්දා බොසාට පි/ස්/සු/ද
ලස්සන හොඳ වයිෆ් කෙනෙක් ඉන්නකොට ඔහොම කිසිම කමකට නැති එකක් සෙට් කරගන්නේ..”
“වයිෆ් මෙහේ නෑනේ..ජොලියට කරනවා ඇති.”
“ලොකු පුතෙකුත් ඉන්නවානේ බ/න්.”
“ම*ල් විසේ ඔලුවට ගැහුවම හැමදේම අමතකයි බ/න්..”
ඒත් එක්කම කැන්ටින් එකට ආවේ සමාරා ඇතුළු කාන්තා පිරිස.කට්ටිය ඊට යාබද අසුනේ වාඩි වුණේ ගීත් ඇතුළු කොලු රෑනගේ කතාවලට ඇහුම්කන් දෙන ගමන්මයි.
“කොහෙන්ද දන්නෑ බ/න් ඔය තන්ගච්චිව සෙට් කරගත්තේ..”
දිනේෂ් එහෙම කියනවත් එක්කම සමාරා විමසිලිමත් වුනා කට්ටිය කා ගැනද මේ කතා කරන්නේ කියලා..
“කවුද අනේ.කා ගැනද කතා වෙන්නේ..”
“අපේ බොසා ගැන..”
“මොනවා…මේ අපේ ගිහාන් සර්..”
සමාරා ඇතූලු පිරිස හිටියේ ඉහළට ගත්ත හුස්ම පහළට ගන්න බැරුව..
“බොරුවට මඩ ගහන්න එපා “
සමාරා කීවේ ගීත් දිහා රවලා බලන ගමන්මයි..
“බොරු නෙමේ ..මගේ ඊයේ අතට මාට්ටු..බොස් එක්ක ෆීල්ම් හෝල් එකෙන් තුරුල් වෙලා එලියට බැහැපු විදිය තමා මරු..”
සමාරා ඇතුළු පිරිස මුහුණට මුහුණ බලාගත්තේ මේ කියන දේවල් අදහාගන්නත් බැරි නිසා.
“බොස් ඉන්න විදිහට කියන්න්වත් බෑනේ..අපි දිහා හරියට බලලා කතා කරන්නේවත් නෑ.”
සමාරාට නම් දැන් ගෙදරින් ගෙනාපු බත් මුලත් අමතක වෙලා..බත් මුල ලිහන්නේවත් නැතුව මේසේ උඩ තියාගෙන සමාරා එහෙම ඇහුවා..
“අපි දිහා තියා මේ මලිති දිහාවත් සර් බලන්නේ නෑ..”
මලිති කියන්නේ කාර්යාලයේ ඉන්න රූබරම තරුණිය.මලිති මේ දැන් පිපුණු මලක් වගේ රූබරයි.
“කෝ ඉතින් උඹලාට කිසි උවමනාවක් නෑනේ..තන්ගච්චි බොසාව දාගත්තා..”
ගිහාන්ගේ කාර්යාලයේ වැඩ කරන සේරම අයට ගිහාන්ව විහිලුවක් වෙලා.හැමෝම ගිහාන්ට හිනාවෙනවා.
“අනේ මේ වැඩේමයි.අනුන්ගේ මිනිස්සුන්ව අල්ලගන්න..”
මලිති කීවේ ගීත් දිහා තරහෙන් බලලා ..
“අපි හිතුවේ ඉස්සර සර් ලක්ෂි මිස්ව සෙට් කර ගනී කියලා”
මලිති කීවේ බත් මුල ලිහනගමන්.
“ලක්ෂි මිස් එහෙම නෑ..ඒක නෙමේ උ/ඹ/ලා මේ ගැන කාට්වත් කියන්න එපා..”
කාටවත් කියන්න එපා කිය කියාම මේ කටකතාව කනින් කනට පැතිරිලා ගියා..
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
ලක්ෂිකා හිටියේ අලුත් රාජකාරී ස්ථානයේ ලිපිගොනු වගයක් පරීක්ෂා කරන ගමන්..
සැරෙන් සැරේ ජංගමයට එන ඇමතුම් ලක්ෂිකාට ලොකු බාදාවක්.
හවස හයටත් ළංවෙනකන් ලක්ෂිකා ඒ වැඩ වල නිරත වෙලා උන්නේ හෙටවෙද්දි ඒ ලිපිගොනු කම්කරු දෙපාර්තුමේන්තුවට යවන්න තියෙන නිසා.
සේරම පරීක්ෂා කරලා ඉවර වුණාට පසුව ලක්ෂිකා මොබයිල් එක අතට ගත්තේ එකදිගට ඇමතුම් ගත්තේ කවුද කියලා බලන්න..
කෝල් එක ඇවිත් තියෙන්නේ සමාරාගෙන්.
සමාරා කියන්නේ ලක්ෂිකාගේ මිතුරියක්.
“මිස් …”
“කොහොමද..පුදුමයි මාව මතක් වෙලා..”
“අනේ යන්න මිස්.එහෙම අමතක වෙනවද මිස්ව..”
“කොහොමද අලුත් ළමයා හොඳට වැඩ කරන් යනවද?”
“එයානම් ලක්ෂි මිස් පාඩුවේ වැඩ කරන් ඉන්නවා හරි අහින්සකයි.බොස් නම් හැබැයි කෑ ගහනවා පොඩ්ඩක් බැරිවෙච්ච ගමන්…ඒක නෙමෙයි මිස් මම පොඩි කාරණාවක් කියන්නත් එක්ක කතා කළේ..”
සමාරා එහෙම බැරූරුම්හඬින් අහපුගමන් ලක්ෂිකා එකපාරට තිහැස්සුණා වගේ වුණා.
“මොකක්ද ඒ..?.”
ලක්ෂිකා ඇහුවේ ලොකු කුතුහලයකින්.
සමාරා කාර්යාලයයේදි ආරංචි වුණු දේවල් අකුරක් නෑර ලක්ෂිකාට කිව්වා.ලක්ෂිකා මේ දේවල් අහන් හිටියේ පුදුමයෙන් බීත වෙලා..
එහෙනම් මම හිතුවා හරි.සර් මාව ප්‍රමෝෂන් එකක් දීලා මෙහාට ට්‍රාන්සර කරලා එව්වේ මේ නාඩගම් නටන්න තමා..
ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි කියනවනේ..දැන් චේතනා එක්ක රට වටේ ඇවිදින්නත් පටන් අරගෙන.
සද්ද නැතුව හිටියා හොඳටම ඇති..තවත් නම් නිකන් ඉන්න හොඳ නෑ..නියපොත්තෙන් කඩන්න ඕන දේ නියපොත්තෙන් කඩන්න ඕනේ.පොරවෙන් කපන්න තියාගන්නේ නැතුව..
ලක්ෂිකාට අහිංසක හිරූෂායි දරුවෝ දෙන්නායි ගැන ඇතිවුණේ වාවගන්න බැරි දුකක්.
“අනේ මිස් මම කිව්වා කියලා මේක කාටවත් කියන්න එපා..අන්තිමට අපි කේලම්කාරයෝ වෙයි..”
“අයියෝ පිස්සුද ළමයෝ.මම එහෙම කරනවද?..බය වෙන්න එපා.”
ඇමතුම විසන්ධ් වුණාට පස්සේ ලක්ෂිකා මේකට මොකක්ද කරන්න ඕනේ කියලා කල්පනා කරන්න ගත්තේ තරහෙන් ගැහෙන ගමන්මයි.
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
චූටි දෝණිව පෞද්ගලික පාසලකට ඇතුල් කළාට පස්සේ හිරූෂා දැන් ටිකක් සැනසීමෙන් ඉන්නවා.
උදේ වරුවේ දරුවාගේ වැඩ රාජකාරි වලින් හිරූෂා නිදහස් වෙලා.
පාසලේ විශේෂ අංශයේ ඉගෙන ගන්න චූටි දෝණිට ඒ විශේෂ අධ්‍යාපන ක්‍රම වලින් තරමක ප්‍රගතියක් තියෙනවා…
එකේ ඉඳලා දහය වෙනකන් වගේම ඉංග්‍රීසි හෝඩියේ අකුරු කීපයක්ම දැන් දූ ලස්සනට ලියනවා.
පාසල් අවසානයේ හවස් වරුවේ චූටි දෝණි ළඟ තියාගෙන හෝම්වර්ක් කර කර උන්නු හිරූෂාට දුව ගැන දැන් හරි සතුටුයි..
දුවගේ අකුරු ලියවමින් ඒ ගැන සතුටු සිතින් ඉන්න හිරූෂාගේ මොබයිල් එකට මොකක්දෝ මැසේජ් එකක් ආවත් හිරූෂා ඒක බලන්න ගියේ නැහැ..
මොහතකින් හිරූෂාගේ මොබයිල් එකට කෝල් එකක් ආවා.
හිරූෂා මොබයිල් එකේ ස්ක්‍රීන් එකට එබිලා ඒ කවුද කියලා පරීක්ෂා කරලා බැලුවා.
ලක්ෂිකාගෙන් නේද කෝල් එක..
ලක්ෂිකා මේ හදිසියේ කතා කරන්නේ ඇයි දන්නෑ..කියලා හිරූෂාට හිතුණා.
හිරූෂා ඇමතුමට පිළිතුරු දුන්නා..
“හලෝ ලක්ෂි…”
“හිරූ මිස්..”
“ඉතින් කොහොමද .මොකද හදිසියේ මාව මතක් වෙලා.”
“මිස් මම එවපු වට්සැප් මැසේජ් එක බැලුවද?..”
“නෑ බලන්න බැරිවුණා..”
“ඒක ඕඩියෝ ක්ලිප් එකක්..මිස්ට ගොඩක් වැදගත් එකක් නිසා එව්වේ.මිස් ඒක අහලා මට කෝල් එකක් දෙන්න.”
ඒ එක්කම ලක්ෂිකා ඇමතුම විසන්ධි කළා..
ලක්ෂිකා අද ගොඩාක් වෙනස් .කතා කරන්නේ ලොකු කලබලයකින් කියලා හිරූෂාට හිතුණා.
දුවව බලාගන්න එක අභීත පුතාට බාර කරපු හිරූෂා මොබයිල් එකත් අරන් කාමරේට ගියා.
හිරූෂා ලක්ෂිකා එවපු ඕඩියෝ රෙකෝඩ් එක විවර කළා.
මේ ඇහෙන්නේ ලක්ෂිකාගේ කටහඬ නේද?
එයා කා එක්කද ගත්තු කෝල් එකක් නේද මේ..?..
ඒත් එයා මොකටද ඒක මට එව්වේ?..
හිරූෂා එහෙම කල්පනා කරමින් ඒ හඬපටය අහන්න ගත්තා..
දෙවියනේ මේ කතා කරන්නේ ගිහාන් ගැන නේද?..
මේ මොනවාද මට ඇහෙන දේවල්..?
දැන් නම් හිරූෂාගේ ඉහින් කනින් දාඩිය දාන්න ගත්තා.
හඬපටය අවසන් වෙනකම් අහන් හිටපු හිරූෂාගේ දෑස් කඳුලින් බර වුණා.
ගිහාන් මේකට තමා අපිව තනියම මෙහේ දාලා කොළඹ ගියේ..එක එක ගෑ/නු එක්ක නාඩගම් නටන්න..
මේ මනුස්සයාට නටන්න වෙන ගෑ/නි/යෙ/ක් හිටියේම නැද්ද ගෙදර වැඩට ආපු ගෑ/නි/ව අල්ලාගත්තේ..
මේ මනුස්සයාට මගේ අසනීප දරුවාව ලැජ්ජාවක් වුණා.ඒ දරුවාට ඒක නිසා කොයි තරම් කෙනහිළිකම් කරාද?..
ගෙදර වැඩට ආපු මේ වගේ ගෑනුකෙනෙක් එක්ක සම්බන්ධකමක් පවත්වද්දී නම්බුව කොහෙද දන්නේ නෑ තිබ්බේ…
හිරූෂාට දුකයි.ඊටත් වඩා තරහයි..
හිරූෂා හිමිහිට අඬන්න ගත්තේ දරු දෙන්නාට ඇහුණොත් එයාලා කලබලවෙයි කියලා හිතලා..
ඒ එක්කම හිරූෂාගේ ජංගමයට ලක්ෂිකාගෙන් ආයේමත් ඇමතුමක් ආවා.
හිරූෂා ඇස්වල කඳුළු පිටි අල්ලෙන් පිහිදානගමන් ඒ ඇමතුමට පිළිතුරු දුන්නා.
“මිස් ඇහුවාද?.”
“ඔ..ව් ල..ක්..ෂි…”
හිරූෂාගේ දෙතොල් සැලෙන නිසා ඒ හඬ පවා ගැහෙනවා.
“ඕක මට අහුවෙලා ටිකක් දවස් මිස්..මම ඒ ගෑනු කෙනාට ඇඩ්වයිස් කරලා ගිහාන් සර්ගේ ක්වාටස් එකට යන්න එපා කියලත් ආවා.ඒත් මම කොළඹ ආවාට පස්සේ ආයේමත් මේක පටන් අරන් වගේ මිස්..”
“ඇයි ලක්ෂි ඔයා මේක මට මෙච්චර දවස් නොකීවේ..ඔයාට මට කලින්ම කියන්න තිබ්බා..”
“මිස් නිකරුණේ අහිංසක පවුලක් කඩන එක පවක් නිසා එහෙම ගොඩින් මේක ව්සඳගන්න හැදුවේ.තමන්ගේ හස්බන්ඩ් මේ වගේ මනුස්සයෙක් කියලා දැනගත්තම කිසිම ගෑ/නු කෙනෙක්ට ඉවසන්න බෑනේ මිස්…”
“ඔය මනුස්සයා කරපු එකම වැරද්ද නෙමේ මේක.”
“ඒ කියන්නේ සර්ට මීට කලින් මේ වගේ සම්බන්ධ තියලා අහුවුණාද මිස්..”
“නෑ ..එහෙම තිබ්බේ නෑ..ඒත් ගිහාන් නොකරපු වැරද්ද ඕක විතරයි.”
හිරූෂා කියන්නේ ගෙයි ගින්දර පිටතට දෙන්නේ නැති කෙනෙක් උනත් දැන් මේ දේවල් සඟවලා වැඩක් නැති නිසා හිරූෂා මේ දේවල් කතා කරන්න හිතුවා..
“ගිහාන් හොඳ හස්බන්ඩ් කෙනෙක් නෙමේ..දුවව හම්බවෙන්න ඉන්නකොට මට කරදර කළා හරියට.ඊට කලින් මට මිස් කැරේජ් එකක් වුණා ගිහාන් නිසා.ගිහාන් කියන්නේ ආත්මාර්ථකාමී පිරිමියෙක්.කිසිම වගකීමක් නෑ..රස්සාව කරලා සල්ලි හොයලා දුන්නම එතනින් එහා දෙයක් නෑ කියලායි ගිහාන් හිතන්නේ..”
ලක්ෂිකා මේ දේවල් අහන් උන්නේ හිරූෂා ගැන ලොකු අනුකම්පාවකින් වගේම ,ගිහාන් ගැන ලොකු තරහකින්.
“ගිහාන් ළමයින්ට හොඳ තාත්තා කෙනෙක් උනෙත් නෑ..දරුවෝ දෙන්නාට දෙවිදියකට සැලකුවේ.ලොකු දරුවාට විතරයි ආදරේ..අසනීප දරුවාට කවදාවත් ආදරේ කළේ නෑ..මට විතරයි දරුවා හදාගන්න ඕනේ වුණේ..එයා ළමයාව අතඇරලා දාලා වෙනස්කම් කරා.මම මේ දේවල් ඉවසන් හිටියේ හරි අමාරුවෙන් ලක්ෂි..එයාට මේ දරුවා ලැජ්ජාවක් වුණා.”
“මිස් දුක්වෙන්න එපා.මිස් සර්ව හදාගන්න බලමු..”
ලක්ෂිකා එහෙම කිව්වා..
හමුවෙමු මීළඟ කොටසින්
💔💔💔💔💔💔💔
අහක බලාගෙන යන්න එපා .ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න