සිතින් විතරක් ..
පහ….. 05
අර ගර්ල් මාව උඩට එක්කගෙන ගියා. දෙයි යනේ ඒක සුරංගනා ලෝකය ක් වගේ. හැම තැනම එක එක විඳිහෙ ඇඳුම් පුදුම ලස්සනක් මම අසරණ ඇස් වලින් අර ගර්ල් දිහා බැළුවා.
මට උදව් කරන්න කියන්න වගේ. ඇත්තමයි මොනා තෝරගන්න ද කියලා මට තේරෙන්නෙ නෑ..
මිස්ට නං ඉතිං අමුතුවෙන් ඇඳුම් තෝරන්න දෙයක් නෑ.. කැමති එකක් ගන්න තියෙන්නෙ…
ඒ ගර්ල් එහෙම කීවේ මගේ දිහා බලාගෙන. මොනාත් නොකියා මම හිනාවුනා.
හිනාවෙනකොට සුරංගනාවියක් වගේ..සර්ට පිස්සු හැදෙන්න ඇත්තෙ ඔය හිනාවට වෙන්න ඇති…
කෙල්ල ආයිම කීවා. අම්මේ ඔව් සර්ට පිස්සු හැදිලා පිස්සු වාන්දාලා තියෙන්නෙ දැන්. මට එහෙම හිතුනා. මුංටත් ඕනි නැති දෙයක් නැති හැටි ඇත්තට.
මිස් ටිකක් ඉක්මන් කරමුද.. මට ලේට් වෙනවා..
මම හෙමින් කීවා. මට ඕනි වුනේ පුළුවන් තර ම් ඉක්මනින් මෙතනින් පිට වෙන්න නැත්තං අර නපුරා මොනා කියයිද කවුද දන්නෙ.
මේ රැක්වල තියන ඕනි ඇඳුමක් මිස්ට හරි යනවා කැමති එකක් තෝර ගන්න..
කෙ ල් ල ඇඳුම් ගොඩක් තියන තැනකට මාව එක්කගෙන ඇවිත් කීවා.
ඇඳුම් තෝරගන්න මට ලොකු දැනුමක් නෑ. මොකද ලැබෙන ඇඳුමක් අඳිනවා මිසක් තෝර තෝර අඳින්න අපිට ඇඳුම් තිබුනෙ නෑ.
අනික මේ වෙලාවෙන නං ඇඳුම් තෝර තෝර මෙතන රස්තියාදු වෙන්න බෑ. එහෙම උනොත් අර නපුරා ඇවිත් මගෙ කනෙන් ඇදගෙන යාවි.
මම ඒ රැක්වල තියන ඇඳුම් ටිකක් තෝරන්නෙ නැතුවම අරගත්තා අර ගර්ල් මගෙ දිහා පුදුමෙන් බලාගෙන හිටියා.
මිස්ට නං ඔහොම තෝරන්නෙ නැතුව ඇඳුම් ගන්න පුළුවන්.. ඕනි එකක් මැච් වෙනවනෙ.. අනිත් එක ඉතිං සෙත් සර් එක්ක ඇවිත් මේ ෂොප් එකම උනත් අරන් යන්න පුළුවන්නෙ වියදමක් යනවය..
කෙ ල් ල එහෙම කීවෙ මොන හැඟීමකින් ද දන්නෙ නෑ. ඒත් ඉති මට අහ න්න බෑනි. අර යක්ෂයා එක එක ගර්ල්ස් එක්ක එනවද දන්නෙ නෑ මෙතට ඇඳුම් තෝරලා දෙන්න. එහෙම උනත් ඉතිං මං මොනා කරන්න ද එපා කියන්නය.
එහෙම නං මොකටද එයා මට කිව්වෙ ලක්ෂ විසිපහකට එයාගෙ වයිෆ් වෙන්න කියලා. ඒ කෙ ල් ලෙ ක්ව එක්ක යන්න තිබුනනෙ. මේ වගේ යකෂයෙක් එක්ක එන්න මොන කෙල්ල ද කැමති ඒ අස්සෙ මට හිතුනා. මටත් ඕනි නැති දෙයක් නෑනි.
මිස් නං හරිම වාසනාවන්තයි..
ඒ ගමන ඒ කෙ ල් ල කීවෙ මගෙ මූණ දිහා බලාගෙන. අම්මේ ඔව් වාසනාව තියන්න තැනක් නැතුව ඉන්නෙ මේ. වෙන වෙලාවක නං මට එහෙම කියවෙන්න තිබුනා.
සල්ලි තිබුනා කියලා නෑ… සර් හරි ඩීසන් විඳිහට ජීවත් වෙන්නෙ.. මේ ෂොප් එකට කෙ ල් ලෙ ක් එක්ක ආවම ද කොහෙද..?
මෙයාලත් මහ ඕපාදූප මළුනෙ බලං යද්දි. අර මනුස්සගෙ මුළු ජාතකේම හොයලනෙ. හො යන්න හිතෙනවනෙ ඉතිං. කොච්චර රවාගෙන ඔරෝ ගෙන හිටියත් නළුවා වගේ ඉන්නවනෙ.
නොතේරෙන ආඩම්බර කමකින් හිත පිරුනෙ නෑ කීවොත් බොරු. ටික කාලෙකට හරි අර නපුරු අඩම්බරකාරයා නමට හරි මගෙනෙ කියලා මට හිතුනා. ඇත්තටම මට පිස්සු. තවත් ලේට් උනොත් මාව මෙතන දාලා එයා යයි යන්න.
අපි යමුද මිස්…
මම ඇඳුම් ටිකක් තෝරගෙන ඉවර වෙලා අර ගර්ල්ට කීවම එයා මගෙ අතේ තිබුන ඇඳුම් ටිකත් අරගෙන පහලට බැස්සා. මම එයා පස්සෙන් ගියා.එයා ඉක්මනින්ම ඒවා ටික පැක් කරලා මගෙ අතට දුන්නා.
තෑන්ක්ස්.. හෙල්ප් කරලාට…. මම ඒවා ටික ගත්තෙ එහෙම කියාගෙන.
අනේ මිස් ඕවා මොනද..මේක මගෙ ඩියුටි එකනෙ..
කෙ ල් ල හිනාවෙලා කිව්වා. මමත් හිනාවේ ගෙනම ෂොප් එකෙන් එලියට ආවා. මම වට පිට බැළුවෙ අර නපුරු කුමාරයා කොහෙද කියලා බලන්න. වාහනේ දන්නෙත් නෑ මම අදමනෙ දැක්කෙ.
කොකෙක් වගේ බෙල්ල දික් කර කර මොනවද හොයන්නෙ ඔතන ඉද ගෙන.. මෙන්න මෙහෙ එනව යන්න..පිස්සු මගුලක් තනිකරම..
අම්මේ ඇති යන්නං ඒ හඬ ඇහුනට පස්සෙ තමා සැනසීමක් ආවෙ. මෙයා නං මැජික්කා රයෙක් ද කොහෙද කොහෙන් කොහෙම මතු වෙනවද මම දන්නෙ නෑ. මම මොනාත් නොකියා එයා පස්සෙන් ගියා.
ජිවිතේ කවදා හරි දවසක කාටවත් මේ හැඟීම දැනිලා තියනවද මම ද න්නෙ නෑ. තමන්ට තම න් අහිමි වීම ඒක දරාගන්න හරි අමාරු අහි මී වීමක්.
හුඟාක් දෙනා මට අරයා නැතුව ඉන්න බෑ මෙයා නැතුව ඉන්න බෑ.. එයා නැතුව ජීවත් වෙලා වැඩක් නෑ කියනවා. ඒත් ඒ කවුරුවත්ම තමන්ට තමන් නැති වුනාම ජීවත් වෙන්න මොන තරම් අමාරුද කියලා දන්නෙ නෑ,
ඒත් දැන් මට මාව අහිමි වෙලා මම මාවම මේ නපුරට විකුණලා ඉවරයි. ඉතිං මට මාව අයිති නෑ. මේ අවුරුද්දම මට ජීවත් වෙන්න වෙන්නෙ මේ විඳිහට. මම නොවෙන මම මගෙ නොවෙන කොට. මට නං පිස්සු.
කාලද ඉන්නෙ…?
ටික වෙලාවකට පස්සෙ එයා ආපහු හැරිලා මගෙන් ඇහුවා. උදේ ඉදන් බඩගින්නෙ නේද ඉන්නෙ කියලා මට මතක් වුනේ එතකොට.
උදේ නෙවී මම ඊයෙ රෑටත් කාලා නෑ. මම හිටියෙ මොන තරම් නො සන්සුන් වෙලාද කියනවා නං මට කෑම කන්න කල්පනාවක් තිබුනෙ නෑ. මම නෑ කියන්නෙ නැතුව ඔළුව වැනුවා.
මොකද කටේ පිට්ටු ද කතා කරන්න බැරි..
ඔළුව වනන්න තියා ගත්තෙ. මාත් එක්ක කතා කරනවා නං කටින් කතා කරනවා..අතින් පයි න් ඔළුවෙන් කතා නොකර..ත මු සෙ ගො ළු වෙක් නෙවීනෙ…
ඇයි දෙයියනේ මේ මනුස්සයට හොඳින් කතා කරන්න බැරි. එයාගෙ සල්ලි වල ලොකු කම වෙන්න ඇති. මං වගේ කෙනෙකුට හොඳින් කතා කරන්න ඕනි නෑ කියලා හිතනවා ඇති.
මම තාම කෑම කාලා නෑ සර්…
මම කෙඳිරිලි හඬකින් කීවා. එයා අපහු හැරිලා රවලා බැළුවෙ හරියට මම ලොකු වැරැද්දක් කලා වගේ.
මෙච්චර වෙලා කන්නෙ නැතුව මොන මඟුලක් කලාද..?
මේවට උත්තර දෙන්නෙ කොහොමද කියලා මම දන්නෙ නෑ. ඉතිං මම හිනා වෙලා බිම බලා ගත්තා.
මේ හලෝ මම දැන් ත මු සෙ ට සැරයක් කීවා… ඔය හිනාවෙන ඒවා කෝලං කරන ඒවා තියා ගන්න එපා මාත් එක්ක.. කියන මඟුලක් තේරෙන්න කිය නවා මට ගෑ ණු නලව නලව ඉන්න වෙලාව නෑ..
මම නිවාසෙන් එනකොට කෑම කාලා නෙවී ආවෙ සර්…
ඊට වඩා දෙයක් කියන්න මට තේරුමක් නෑ. නිවාසෙන් ආවට පස්සෙ මම කෑවද නැද්ද කියලා එයා දැන ගන්න ඕනිනෙ.
හ්ම්ම්…
කියාගෙන එයා ඉස්සර වුනා. මහ පිස්සෙක්නෙ මෙයා. මෙච්චර වෙලා අමතක වෙලා තිබුන මගෙ බඩගින්න අවුස්සලා දැන් ගානක්වත් නැතව යනවා. බනින්න විතරයි දන්නෙ මහ ලොකුවට.
ඔහොම ඉන්නවා ටිකක්..
කියාගෙන එයා වාහනේ නවත්තලා ඒක ඉස් සරහා තිබුන හොටෙල් එකකට ගියා. ගිහින් ආවෙ පොලිතින් බෑග් එකක් අරගෙන.
යන ගමන් කනවා..මෙතන කකා ඉන්න වෙලා වක් නෑ..
ඒ බෑග් එක මගෙ අතේ තියන ගමන් එයා කීවා
ඒ කියන්නෙ මං ගැන ටිකක් හරි හිතනවා මෙයා. ඒ බෑග් එක ඇතුලෙ සෝට්-ඊට්ස් වර්ග හුඟක් තිබුනා.
සර් කෑම කාලද ඉන්නෙ..?
තනියම කෑම කාලා පුරුද්දක් නැති නිසා මම ඇහුවා. නිවාසෙදි අපි පුරුදු වෙලා හිටියෙ පුංචිම දෙයක් උනත් හැමෝම එක්ක බෙදා හදාගෙන එකම වෙලාවට කන්න බොන්න.
මගෙ කෑමෙන් වැඩක් නෑ ත මු සෙ කනවා බඩගින්නෙ ඉදලා පේන්ට් වෙන්නෙ නැතුව මෙතන…
හොඳින් කතා කරන්න නම් දන්නෙම නෑද කොහෙද මෙයා.
පේන්ට් වෙන්නෙ නෑ.. මට බඩගින්නෙ ඉදලා පුරුදුයි…
මම එච්චර වීක් කෙ ල් ල ක් නෙවී වේලක් දෙකක් නොකා හිටියම පේන්ට් වෙලා ඇදගෙන වැටෙන්න තරම්.
එහෙනං බඩගින්නෙ ඉන්නවා…
එයා එහෙම කිව්වම මට කියන්න දෙයක් තිබුනෙ නෑ. පණ්ඩිත කතා කීවට ඒ කෑම වල සුවද එනකොට නං ඉවසන් ඉන්න පුළුවන් වුනේ නෑ. බඩගින්න දෙගුන තෙගුන වෙලා දැනුනා.
මම ආයිම ඇස් කරකවලා අර නපුරා දිහා බැළුවා. එයා උන්නෙ පාර දිහාම බලා ගෙන
මම කියලා කෙනෙක් වාහනේ ඉන්නවා කියලවත් එයාට ගාන ක් නෑ. මම බෑග් එකට අත දාලා පැටිස් එකක් අරගෙන කන්න ගත්තා. මොකටද බොරුවට බඩගින්නෙ ඉන්නෙ.
ඒ ගමන වාහනේ නතර කලේ පාරෙන් ටිකක් ඇතුලට වෙන්න තිබුන පරණ ගොඩනැඟි ල්ලක් ඉස්සරහා. හිතට මහා බයක් දැනුනා. මේක නං මෙයාගෙ ගෙදර වෙන්න බෑ. එතකොට මේ කොහෙද මේ..
හමුවෙමු.
ස්තූතිය කතාව කියෝන like comment කරන හැමෝටම. කතාව කියවලා නිකම්ම යන්නෙ නැතුව like එකක් comment එකක් දාගෙන යන්න. reply කරන්න බැරි උනාට මම ඒවා සේරම කියවනවා.