දහසයවන දිගහැරුම
Episode 16

“හරි බොස් හරි අපි ගේමට බහිමු….”

“උ/ඹ ලා පැත්තකට වෙයල්ලා….මම ඒක බලාගන්නම්…..”.

ධනුක කීවේ සිය ජංගමය දෙස බලමිනි.

ඔහු එහි තැන්පත් කර ඇති සෙහංසාගේ ජායාරූප එකින් එක ගෙන බලන්නට වූවේය.

“ශේෂා…..කොහෙවත් යන හා/ල්/පා/රු/වෙ/ක් ව මට වඩා ඔයාට ලොකු වුනාද?මම ත/මු/සෙ/ව කිසි කෙනෙක්ට අයිති කරගන්න දෙන්නේ නෑ…….ඔයා මට කැමති නැත්නම් මම දන්නවා ඔයාව මගේ ළගට ගන්න විදිහ…..”

ධනුක සිය සිතින් කියාගත්තේ එලෙසිනි.

💓💓💓💓💓💓

සෙහන්සා සිය හොන්ඩා ෆිඩ් හයිබිඩ් රිය නැවැත්තුවේ වැල්ල වත්තේ තිබූ ෆුට් ජූස් කෝනර් එකක් අසල ය.

උදෑසන ඔහු කිරි තේ බිව්වාට පසු කිසිවක් ආහාරයට නොගත් බව සෙහන්සා දැන සිටියාය ..

දහවල් ලමා නිවාසයේත් ඔහු කිසිවක් නො කෑ සිටි අතර ඇය දහවල් කෑම කෑවේ මව අසල සිටි නිසාය .

ඒත් ඒ කෑම උගුරෙන් පහළට ගමන් නොකළේ ඔහුගේ කුසගින්න ඇයට තදින්ම දැනුණු නිසාය .

“දිසෙන් බහින්න …”

ඔහු ඉක්මන් ගමනින් ඈ පසුපස ගියේ

ෆුට් ජූස් කෝනර් එක තුළටය.

ඇය එතුළ වූ මේසයක අසුනක ඉඳගත්තේ දිසෙන්ට සමීපයෙහිවූ අසුනක් පෙන්වමින් එහි හිද ගන්නා ලෙස අතින් සන්කරමින්.

ඔහු නිහඬව අසුන් ගත්තේය.

වෙළඳසැලේ වූ සේවකයා ඔවුන්ට පිළි ගැන්වූයේ අලිගැට පේර පාන දෙකකි .

ඔහු එක අලිගැටපේර යුෂ වීදුරුවේ තිබූ අයිස්ක්‍රීම් මේසය මත තිබූ හැන්දකින් කලවම් කර එය තැබුවේ ඔහු අසළය.

ඔහු ඇය දෙස බලා සිටියේ විමතියෙන්.

“මගේ දිහා බලන් ඉන්නේ නැතුව ඕක බොන්න …මටපොඩි බඩගින්නක් ආවා…”

ඇය කීවේ ඒ අලිගැටපේර පානය තුළ ඇති බටය ඔහුගේ මුවට තබා ගැනීමට පහසු ලෙස තබමිනි.

ඇය මෙහි ආවේ ඈට දැනුන කුසගින්නක් නිසා නොව තමා වෙනුවෙන් බව ඔහුට සිතිණි .

ඈ තරම් තමාවත් තමාගැන නොසිතන බව ඔහුට සිතෙද්දී ඇගේ ආදරේ තරම ඔහුට වැටහෙයි.

දැඩි කුසගින්නකින් සිටි ඔහු එය බී ගෙන ගියේ එක හුස්මට ය.

ඔහු ඉන්නට ඇත්තේ කෙතරම් කුසගින්නේ දැයි සිතුණු ඇගේ පපුව දැවී යන්නා සේ දැනුණි.

ඔහුගේ අත තුවාල වූයේ තමා නිසා නොවේද ?

ඔහුගේ අත සුව වනතුරු ඔහුට හිඳින්නට වෙන්නේ කුසගින්නේ යැයි සිතෙද්දී ඇයට ඉවසා ගත නොහැකි තරම්‍ ය.

“යමු”

ඇය එසේ සන් කර කියද්දී ඔහුද නිහඬව ඇයපසුපස ගොසින් රියට නැග්ගේය.

වෝඩ් පෙදෙසේ කාගිල්ස් ෆුඩ් සිටිය අසල රිය නැවැත්තූ ඇය එතුලට යද්දි ඔහුද ඇය පසුපසින් ගියේය.

විවිධ වර්ගයේ පලතුරු මල්ලක්ද ,නැවුම් එළකිරිද ,විවිධ රසති යෝගට් පානයන්ද ,මුදවපු කිරි ද ඈ මිලට ගනිද්දී ඔහු බලා සිටියේ පුදුමයෙනි.

ඒ ගෙදරට ඇවැසි බඩු ඈ මෙසේ මිලදී ගන්නේ නැති බව ඔහු දන්නා නිසාය.

දෙදෙනා නිවසට යද්දී දුලන්සා වූයේ මිදුලේ සිමෙන්ති වලින් ඉදි කෙරූ පුටුවක ඉඳගෙන පොතක් කියවමිනි.

දෙදෙනා දුටු විගස පොතෙන් ඈ දෑස් ඉවත් කරගෙන ඔවුන් දෙස බැලූ බවද ඇගේ දෑස් වැඩිපුර තිබුණේ දිසෙන් ළඟ බව සෙහෙංසා දුටුවාය .

ඇය එවිටම ඔහු දෙස බැලුවේ ඔහුගේ දෑස් දුලංසා ළඟ ඇත්දැයි තහවරු කරගැනීමටයි .

ඇය සැනසුම් සුසුමක් හෙලුවේ එය එසේනොවූ නිසාය.

“මොනාද මට ගෙනාවේ….”.

“පළතුරු වගයක් ගෙනාවේ….

“එද්දී අපිටත් මොනහරි ගේනවකෝ …”

“ආ…”

සෙහංසා නැගෙනිය වෙත පෑවේ වයිට් චොක්ලට් එකකි.ඇය එය මිලට ගත්තේ දුලංසා කැමති නිසාමය.

“අම්මෝ…තැන්කූ අක්කී….”

ඇය එය රැගෙන යළි අසුන්ගනිද්දී සෙහසා මුළුතැන්ගෙට ගියේ බඩු මල්ල මැගිලින් ට දීමටයි.

“මැගී අම්මේ…ආ මේක ෆිජ් එකේ දාලා අරන් තියන්න….මේක ගත්තේ අර මහත්තයා..එයාගේ අත තුවාල වෙලා නේ….කන්න බෑ නේ…ඔයා ෆුට් ජූස්,ස්මූති හදලා එයාට දෙන්න……මතක් කරලා එයාගේ රූම් එකට ගිහින් දෙන්න……..”

“කොයි වෙලාවටද හදලා දෙන්නේ ශේෂා නෝනේ…..”

“මම ඒක කියන්නම්….මුලින් වොෂ් දාන් එන්නම්….හරි මහන්සී මැගි අම්මේ…”

“හරි ….නෝනේ”.

💓💓💓💓💓💓💓

“ප්ලෑන් A හරිගියේ නැත්තං ,ප්ලෑන් B අනිවාර්යෙන්ම වැඩ කරයි කියලා මටනම් හිතෙන්නේ සර් …”

“හරි මේ මිෂන් එක පුළුවන් තරම් ඉක්මනට කරන්න ඕනේ .කොමිෂනර් සර් හැම තිස්සෙම මගෙන් මේ ගැන අහනවා”.

“හරි සර් හරි වැඩි කාලයක් යන්න කලින්,අපිට අනිවාර්යයෙන්ම මිෂන් එක
ඉවර කරල දාන්න පුළුවන් වෙයි ….”

“සිරිවර්ධන ඔයා වසන්ත ගැනයි මිනිස්ටරි ගැනයි ටච් එකේ ඉන්නව නේද ?……”

“සර් ඒ ගැන ඩවුට් එකක් තියාගන්න එපා….මම ගානට වැඩේ දීලා තියෙන්නේ …වසන්තගේ ගාව මගේ මිනිහෙක් ඉන්නවා……”

“නියමයි නේ…….ඔයානම් මට හැමතිස්සෙම අප්ඩේට් දෙනවා…ඒත් මේ ගම්ලත්ගේ න් කිසි කතා බහක් නැ……”

“සර් වසන්තගේ පුතාත් හරිම න/හ/ර/ක් කා/ර/යා……මෑන් ගැන මම ඇහැ ගහගෙන ඉන්නේ…..,මිනිහත් තාත්තගේ වැඩ වලට සපෝට් කරනවා ලූ..

“කොයිකටත් මිනිහ ගැනත් ටච් එකේ ඉන්න”

“මම මිනිහා ගැන සෝදිසියෙන් තමයි ඉන්නේ.මම සර්ට එදා කිව්වේ පාතාලයට අලුතින් බැහැපු කො/ල්/ලෙ/ක් ඉන්නවා කියලා ..ඌ/ට කියන්නෙ සුද්දා කියලා .සර් මම එදා කිව්වේ ධනුක එක්ක ක්ලබ් එකේ ගහ ගත්ත කො/ල්/ලා ….”

“කෙ/ල්/ලෙ/ක්/ට කරදර කරන්න ගිහිල්ලා ධනු කට ගහපු කො/ල්/ලා නේ ….”

. ” ඔව් සර් මෑන් තමයි සුද්දා කියන්නේ…..ධනුක ගෝලයෝ දම්මලා ඔය සුද්දා කියන කො/ල්/ල/ට ගහන්න යවලා තියෙනවා …..මම දාපු මෑන් ඒ සෙට් එකේ හිටියේ..ඒ කො/ල්/ලා හොඳ ෆයිටර් කෙනෙක් ලූ…..ඒ කො/ල්/ලා තනියම සෙට් එකත් එක්කම ෆයිට් කරාලූ..කොල්ලා ගාව පි/ස්/ට/ල් එකක් තිබ්බා ලූ…..”

“මොනව ……මැන් එහෙනම් එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ…..ඔය සුද්ද කියන කො/ල්/ලා ගැනත් ටච් එකේ ඉන්න ……”.

“අනේ මන්ද සර් මේ කේස් එක ……හරිම පැටලිල්ලක් ………….”

“ඒක නං ඇත්ත සිරිවර්ධන …….මේ වගේ
සංකීර්ණ ගැටලුවක් අපිට ආවමද කොහෙද ?….”

සනුක වීරසිංහ කල්පනා කරන්නට වූයේ මෙම ගැටලුව පැටලුණු නූල් බෝලයක් වන් බවය.එහි කොනක් සොයාගැනීමට තවමත් අපහසු බවය.

“නාකොටෙක් officer ගම්ලත්ගේ ගෙන් කිසි අප්ඩේට් එකක් නෑ …..වෙන කිසිම කේස් එකකදී මිනිහ මේ වගේ කරලා නෑ…..”

සනුක වීරසිංහ එවර උත්සාහ කළේ සිරිවර්ධන ඉදිරියේම ගම්ලත්ට ඇමතුමක් ගැනීමටයි .

💓💓💓💓💓💓💓

රාත්‍රී ආහාර ගෙන සෙහන්සා කාමරයට ගියේ
දිසෙන් විසින් නිම කර එවන ලද presentation එක පරික්ෂා කිරීමටයි .

ඇය සිය ලැප්ටොප් යන්ත්‍රය විවර කර එය පිරික්සන්නට වූවාය .

පැය බාගෙකට වැඩිවේලාවක් පරික්ෂා කළ ද එහි කිසිදු අඩුපාඩුවක් ඇයට සොයා ගැනීමට නොහැකි විය .

“කො/ල්/ලා එහෙනම් වැඩකාරයා ….ඉක්මනට වැඩ අල්ලගත්ත ….”

ඇය එසේ සිතමින් එය ලැප්ටොප් යන්ත්‍රයේ තැන්පත් කර ගත්තේ පසුදා කිරීමට නියමිත
රැස්වීමට එය අවැසි නිසාය .

අනතුරුව ඇය සිය මුහුණු පොතට පිවිසුනේ දින ගණනකින් එය පිරික්සීමට නොහැකි වූ නිසාය .

සිය මිතුරු මිතුරියන් ගේ ඡායාරූප අතරේ දිසෙන්ගේ ගිණුමට අලුතින් ඡායාරූපයක් එකතු කර ඇති බව දුටු ඇය එය බලන්නට වූවාය .

එම ඡායාරූපයේ ඔහු ඇඳ සිටියේ සුදු පැහැති අත් කොට ටී ෂර්ට් එකකුත් ,තද නිල් පැහැති ඩෙනිම් කලිසමකුත් ය.

කොන්ඩය වැක්ස් කර ලස්සනට සකසා තිබූ අතර ඔහුගේ සික්ස් පැක් සිරුර එම ඇඳුමෙන් කදිමට ඉස්මතු වී පෙනුණි.

ඈ මද වේලාවක් එ දෙස බලා සිටියේ වසඟව මෙනි .

තරුණියන් කිහිපදෙනෙකුම හදවත් සලකුණු දමා තිබුණි …..ඈ ඒ තරුණියන් පිරිස ගේ මුහුණු පොත් ගිණුම් පිරික්සන්නට වූවාය.

කාර්යාලයේ තරුණියන් කීප දෙනෙක් ඒ අතර ඉන්නා බව ඇය දුටුවේ එවිටය .

සොනාලි ද එයට කමෙන්ට් එකක් එක් කර තිබුණි .

“හැන්ඩ්සම් ඈස් ඕල්වේස් ❤️❤️”

එම කමෙන්ට් එකේ ඇති හදවත් ලකුණු දෙක දෙස ඈ බලා සිටියේ රවමින් .

ඉන් අනතුරුව ඇය දුටු කමෙන්ට් එකට ඇයට සිහින් දහඩිය දමන්නට විය .

“ලෝකල් අතර්වා මුරලී…යූ ආර් මෝර් හෑන්ඩ්සම් දෑන් හිම්…”

එය එකතු කර තිබුණේ සිය නැගණිය දුලන්සාය….

දුලංසා පෙර ඔහු දෙස බැලූ අන්දම දකිද්දී ද ඇගේ සිතට දැනුනේ අමුත්තකි ….

ඇයද තමා මෙන් දිසෙන්ට ආදරය කරනවා දැයි සිතීමෙන් ඇය බිය පත් වූවාය .

දිසෙන් කිසිම කමෙන්ට් එකකට ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත ……

එසේ වුවත් ඇයට ඔහු ගැන ඇතිවූයේ තරහවක්.

ඒ සමඟම ඇයට මතක් වූයේ ඔහු රාත්‍රියේදී කෑම නොකා බවයි.

ඔහු කුසගින්නේ සිටිය දී කෙලෙසින් නින්දට යන්නේ දැයි සිතූ ඇය කිසිදු ශබ්දයක් නොඇසෙන පරිදි සයනයෙන් නැගිට පහළ මාලයට ගමන් කරන්නට වූවාය .

ආහාර බෙදා ගැනීමට යාමට පෙර ඇයට සිතුනේ ඔහු අවදියෙන් දැයි බැලිය යුතු බවයි.

ඔහුට ඇමතුමක් ගැනීමට සිය ජංගම දුරකථනය පහලට ගෙන ඒමට අමතක වූ බව ඇයට සිහිපත් වූයේ ඉන් අනතුරුව ය.

හිමිහිට දොරට තට්ටු කර අවදියෙන් දැයි බැලීම හැර දැන් කරන්නට වෙනත් කිසිවක් නොමැතිබව ඇයට සිතුණි .

ඔහුගේ කුටියේ දොර අසලට ඈ ගියේ වටපිට බලමින් කිසිවෙකුවත් පෙනෙන්නට සිටිනවා දැයි පිරික්සමින්.

දොරට තට්ටු කිරීමට ගිය ඇය දුටුවේ ඔහුගේ කුටියේ දොර අඩවල් කර ඇති බවය .

ඇයට සතුටක් ඇති වූයේ ඔහු නිදි නැති බැවින් .

ඇය අඩවන් කර ඇති දොර අසලට යද්දි ඇයට ඇසුණේ ඔහුගේ කුටිය තුළින් ඔහු කිසිවෙකු හා මුමුණමින් සිටින හඬකි .

ඇය අඩවන් කර තිබූ දිසෙන්ගේ දොර විවර කර බලද්දී ඇයගේ දෑස් විසල් වූයේ එක්වරම එහිදි දුටු දසුනින් ය ……..

හමුවෙමු මීලඟ දිගහැරුමෙන්