May be an image of 3 people, people standing and text
Priyanga Gunathilaka
prnoSsteod979
r
6
b
6
e
th64
c
cආදරණීයම ඔයා…05
සෝන්‍ය නිහඩවම රිය පදවයි. නොතේරෙන මොකක් දෝ අසරණ හැඟීමක් හදවත නො ස න්සුන් කරවා ඇති බැවින් මට කතා කර න්න ට නොහැකිය.
මුවින් පිට නොවනා වදන් හදවත හා මහා ලො කු අරගලයක් කරමින් හිඳිනා වග මට දැනෙ න්නට විය.
මම යටැසින් සෝන්‍ය දෙස බැලීමි. ඒ වත පුරා විසිර තිබුනේ අමුතුම සිනාවකි. මින් පෙර නො වූ මේ අමුතු කඩවසම් බව පැමිණ ඇත්තේ ඒ සිනාවෙන් වන්නට ඇත.
මේ පැය ගනනකට ඔහුට එතරම්ම වෙනස් ව න්නට හැකිවූයේ කෙසේදැයි මට හිතාග න්න ටවත් බැරිය. කවුරුන් නොදැන සිටියත් ධනුක ගැන සියළු තොරතුරු සෝන්‍ය දන්නා බව වි ශ්වාය.
කාට සැඟ උවත් ධනුක ඒවා සෝන්‍යට සඟව න්නේ නැත. එහෙත් මට සෝන්‍ය ගෙන් ඒ ගැන අසන්නට දැනෙන්නේ බියකි. ඒ ඇයි දැයි මම දන්නේ නැත.
ඔහුගේ මේ හැසිරීමේ බිය හිතෙන්නට මොන වාවත් නැති බව ඇත්තය. ඒත් වෙනදා නුදුටු වෙනස්කම් හිතට එක්කරන අමුතු බිය මට නවතා ගත නොහැකිය.
තාදී..ඇයි මේ බය වෙලා ද ඔයා…
මම ඔහු දෙස බලා සිටිනු දුටු සෝන්‍ය ඇසුවේ ලෙංගතු හඬකිනි.
එහෙම දෙයක් නෑ සෝන්‍ය..
මම කීවේ කියන්නට අන් කිසිවක් නොවූ නිසා ය.
එහෙම නං කොහොම දෙයක් ද තියෙන්නෙ..
කොහොමවත් දෙයක් නෑ…
මම කීවාම නොවේ මට කියවිනි.
ඒක නං සෑහෙන ලොකු ප්‍රශ්නයක් වෙයි වගේ.. ඔහු කීවේ බැරෑරුම් හඬකිනි.
කෝකද…
ඔය කොහොමවත් දෙයක් නැති එක..
පෙර හඬින්ම ඔහු කියද්දි මට බකස් ගා සිනා නැඟිනි.
ඔහොම හිනාවෙලා ඉන්නකො…ම ර න් න අර ගෙන යන හ ර කෙ ක් වගේ බය වෙලා ඉන්නෙ නැතුව.. එවර ඔහු කීවේ සන්සුන් හඬකිනි.
හැමදේම මෙහෙම හදිස්සියෙන් උනාම බය හිතෙනවනෙ සෝන්‍ය… මම ඇත්තම කීවෙමි.
මට ඔයාව තේරෙනවා තාදී… සේරටම කලින් රිලැක්ස් වෙන්න හැමදේම හරියයි…
ඒත්…. මට යමක් දැන ගැනීමට ඇවැසිය.
කීවනෙ කලබල වෙන්න එපා කියලා දැන් ටිකක් රෙස්ට් කරන්න දවස් ගානක් එක දිගට මහන්සි වෙලා අමාරු ඇතිනෙ ඔයාට…
සෝන්‍ය එසේ කීවේ තව දුරටත් කතා කරන්නට එපා යැයි නොකියා බව මට වැටහුන නිසාම මම නිහඬ වීමි.
සත්තකින්ම ඔහු කී ලෙසටම දින ගනනක් වෙහෙසී ගතටත් සිතට දැනුනේ විසල් වෙහෙ සකි. එහෙයින්ම මම නිහඬවම අසුනේ පසු පසට වී දෑස් පියා ගතිමි.
නැඟිටින්න මැඩම් අපි මෙතනින් නතර වෙන්න ඕනි..
මා ගැස්සී අවදි වූයේ කන ලඟින් ආ ඒ හඬ ටය. දෑස් හැර බලන විට සෝන්‍ය උන්නේ මගේ මුහුණට එබීගෙනය.
බහිමු ද .. එසේ බලා හිද ඔහු ඇසුවේය.
මේ කොහෙද…. මම ඇසුවේ වටපිට බලමිනි.
මෙහෙ තමා අපි අද නවතින්නෙ කොහෙද ඉතින් ඔයා නිදාගෙනනෙ ආවේ..
මහන්සියට නින්ද ගියා…
මම නිදහසට කරුණු කීවෙමි.
ඒකට කමක් නෑ… එන්නකො අපි බැහැලා ඉමු…
ඔහු කීවේ රියෙන් බසිමිනි. මම සෙමින් වාහ නයෙන් බැසගතිමි. මීදුම මුසු මද අඳුරක් විසිර පැතිර තිබුන ද හාත්පස වූයේ අමුතුම සුන්ද රත්වයකි. මම ඒ සුන්දරත්වයෙන් වශී වී වට පිට බලන්නට වීමි.
හිටි හැටියේම සෝන්‍ය ගේ සුරත මගේ බඳ වටා වෙළුනේ මා අපේක්ෂා නොකල ලෙසිනි. කො තෙක් සන්සුන් වන්නට උත්සහ කල ද හිත ගැස්සෙන එක නවතා ගත නොහැකිය.
වටපිට බලන්න වෙලාව තියනවා ඕනි තරම්
..අපි ඇතුලට යමුද..
ඔහු ඇසුවේ සිහින් හඬකිනි. මම හිස සැලුවේ හා කියන්නටය. ජීවිතයේ ඉදිරි කාලයම මේ නන්නාදුනන මිනිසා හා ගෙවන්නට සිදුවන බව සිටි වෙද්දී හිතට දැනෙනා හැඟීම් වචන වන්නේ නැත.
මහන්සීනේ හොඳටම ඔය ඩ්‍රස් එක චේන්ජ් කරගෙන වොෂ් එකක් අරන් ඉන්න..
අපට වෙන්කල කාමරයට ඇතුලු වූ විගසම සෝන්‍ය කීවේය. උදේ සිට ගතට සිරකර ගෙන උන් මේ අමුතු ඇගලුම් වලින් මිදී නිදහස් වීමේ උවමනාවක් මට දැඩිව තිබිනි.
එහෙත් මේ හිස් සැරසිලි තනිවම ඉවත් කරග න්නට මට පුළුවන් කමක් නැත.
කුමක් කලයුතු දැයි සිතාගත නොහැකිව මම වටපිට බැලිමි. මේ මොහොතේ මෙතන උන්නේ ධනුක නං මම ඔහුට බැන වැදී හෝ උදව් ඉල්ලා ගන්නවා ඇත.
එහෙත් නීතියෙන් කුමන හිමිකමක් තිබුනද සෝන්‍ය මට බෙහෙවින් දුරය. එවන් අවශ්‍ය තා වක් ඔහුට කියන්නට මගේ මුව විවර වන්නේ නැත.
වොෂ් එකක් ගන්න කීවම මොකෝ මේ වටපිට බලන්නෙ ඒ ගමන..
සෝන්‍ය..මේ හෙයා ඩ්‍රස් එක….රිමූ කරගන්න…. මම අමාරුවෙන් වචන පිට කලෙමි.
ඕ ගෝඩ්…මට එක අමතක වුනා…අයිම් සොරි තාදී.. ඔයාට ඒක තනියම කරගන්න අමාරු යිනේ….කෝ ඉදගන්නකො මොතනින්…
මගේ උරහිස් වලින් අල්ලා කාමරයේ වූ කුඩා ස්ටූලයක් මත මා හිදවමින් ඔහු කීවේ සමාව අයදින සුළු හඬකිනි.
මා ඉල්ලුවේ ඔහුගෙන් සුළු සහයක් උවත් ඔහු මගෙන් සහයක් නොලඹාම මගේ හිස් සැරසි ල්ල ගලවා දැමූයේ මනා හුරුබුහුටි කමකිනි.
හිසට දැනුනේ සැහැල්ලුවකි. එහෙත් ඔහුට එවන් හුරුබුහුටි කමක් කෙසේ ලැබුනේ දැයි සිහිවන විට හිතට අමුතුම බියක් දැනෙන්නට විය.
සිතල දිය බිඳිති ගත තෙමා යද්දී අමුතු සිසිලක් ගත දැනෙන්නට විය. එහෙත් සිතේ උණුසුම නම් බිඳක්වත් අඩු වූයේ නැත.
ඉදිරියට කුමක් සිදුවේද මේ රාත්‍රිය කෙසේ ගත වේද සෝන්‍ය මා ගැන සිතා ඇත්තේ කවර ලෙසින් ද.. පිලි තුරු නොවූ ප්‍රශ්න වැලක මා පැටලී සිටියෙමි.
තාදී..මොනවද ළමයො ඔයා මෙච්චර වෙලා කරන්නෙ සීතල එයි ඔයාට..
මා නාන කාමරයට වැදී බොහෝ වේලාවක් වග සිහි වූය සෝන්‍යගේ ඇමතුමෙනි.
මම කඩිනමින් නාන කාමරයෙන් පිටවීමි.
අනේ මන්දා තාදී ඔයත්…හොඳටම හවස් වෙ ලා මේ සීතලේ නෑවද ඒ ගමන…
අමුතු බැල්මක් මදෙස හෙලමින් සෝන්‍ය කීවේය.
නාන්නෙ නැතුව හිස කකියනවා හෙයා ජෙල් වලට… මම නිදහසට කරුණු කියන්නට වීමි.
හ්ම්ම් ඉක්මනින් කෙස් වේලගන්න නැත්තං
ලෙඩ වෙයි ඔයාව..
එසේ කියමින් ඔහු නාන කාමරයට වැදුනේය.
ජීවිතය කෙසේවත් පහසු නොවනා බව මට හැඟෙන්නට විය. සෝන්‍ය කවරාකාර අයෙක් ද
ඔහු හා ගෙවනා ජීවිතය කෙසේ විය හැකිදැයි මට වටහාගත නොහැකිය .
මම යහනට වී දෑත දනහිසේ පටලවාගෙන ඔහේ සිටියේ හීතල නිසාම නොව නොතේරෙන හිස් කමක් හදවත වසාගෙන තිබූ නිසාවෙනි.
සෝන්‍යගේ ජංගම දුරකථනය නාඳවූයේ මේ අතරය. ඔහු තවමත් උන්නේ නානකාමරයේය. ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ උවද ඔහුගේ ඇ ම තුම් වලට පිලිතුරු දෙන්නට තරම් සමීප කමක් අප අතර ඇත්තේ නැත.
මම ඔහේ නිහඬව බලා සිටියෙමි. පසුව උව මනා නම් මග හැරුණු ඇමතුම ට පිලිතුරු සපයනු ඇත.
ඒ ගමන මොකද මේ ගුලි වෙලා..හවස් වෙලා නාලා හීතලද….
මම හිස එසවූයේ ඒ හඬටය. යන්තමින් ගත දවටාගත් තුවායකින් හා තවමත් දිය බේරෙන හිසින් යුතුව සෝන්‍ය මා ඉදිරියේ විය. ඔහුගේ මේ පෙනුම කුමක් දෝ සරාගී බවක් දැක්වූ බැවින්ම හිත නොසන්සුන් විය.
ටිකක් හීතලයි.. මම උරහිස් ඇකිලීමි.
රස්නෙට මොනාහරි බොමු ද…
හ්ම්ම්…
මොනා ද..
ඔයා කැමති දෙයක්..
ඒක නං ඔයා ලොකු අමාරුවක වැටෙන වැඩක්
මොකක්ද….
මං කැමති දේවල් බොන්න හදන එක….
ඇයි…
දන්නවා බියර් එකක්වත් බොන්නෙ නෑ කියලා
ඔයා හරි නරකයි සෝන්‍ය…. මම ඔහේ කීවෙමි.
ඒකනි මං කැමති දේ නෙවී ඔයාට කැමති දෙ යක් කියන්න….. එවර ඔහු හිනැහුනේ මදෙස බලමිනි.
මට කිසිවක් කියන්නට නොවුනේ සෝන්‍යගේ දුරකථනය නැවතත් නාඳ වූ නිසාය. එහි මුහු ණ දෙස බැළු සෝන්‍යගේ දෑස් නලලට ගියේ විමතියෙන් ද නැතහොත් වරදකාරී හැඟීමකින් දැයි මට සිතා ගන්නට බැරිවිය.
ඔහු දුරකථනය ගෙන කාමරයෙන් පිටවූයේය. නොරෙන බියකින් හදවත සැලෙන්නට විය.
හමුවෙමු.
ආදරෙයි කතාව කියවන ලයික් කමෙන්ට් කරන වස්තුලා හැමෝටම. ආවා ඇන්නා පැන්නා ටයිප් මිසක් මේ ස්ටයිල් එකේ කතා මීට කලින් ලියලා නෑ මම අවුලක් වගේ නම් කියන්න වෙනස් ආරක අත්හදාබැලීමක්.