🦋07වෙනි කොටස🦋

ඒකට දෙන්න උත්තරයක් දන්නේ නැති නිසාම මං හිටියේ නිහඩව.මම ආදී එනකම් බලාගෙන ඉන්නවද නැද්ද කියන එක මන් මගෙන්ම අහන උත්තර නැති ප්‍රශ්නයක්.දැන් මගේ ජීවිතේම ප්‍රශ්න පත්‍රයක් විතරයි .

“එයා ආපහු එන්නේ නෑ කියලා ඔයාටම පේනවා මිහානා.දැන් අවුරුදු දෙකක් වෙනවා.ඇයි එයා ඔයාවයි ආර්යන්වයි හොයාගෙන ආවේ නැත්තේ….”ගිහාන් අහපු දේ නිසා මගේ ඇස් වලින් නිමක් නැතුව කදුලු වැටුනා.මන් ඇස් දෙක තද කරලා පියාගත්තේ වේදනාව දරාගන්න බැරිම තැන.

“ඔයාගේ බඩට ආර්යන් ආවට පස්සේ වුන හැමදේම ඔයා හොදටම දන්නවා.ඒ තියෙද්දිත්….”

“මොකුත් කියන්න එපා.”මං ගිහාන්ව නැවැත්තුවේ තවත් ඒ ගැන අහන්න ශක්තියක් මට නැති නිසා.මං පුතාව ඇදෙන් තියලා ඇවිදගෙන ගියේ ජනේලේ ගාවට.මන් ජනේලේ ගාවින් හිටගද්දිම වාගේ මට දැනුනේ ගිහාන්ගේ සුසුම් හඩ.

“මට මෙතනින් යන්න ඕන….”

“ඔයාට මෙතනින් යන්න ඕනද…”ගිහාන් අහද්දි මන් කරේ හිස සොලවපු එක.

“ඔයා මේ ගෙදරින් යනවද ….නැත්තම් මේ කොලඹම දාලා යන්නම යනවද….”දිග හුස්මක් ගත්ත මම….

“මට මේ කොලඹින්ම යන්න ඕන.”

“ඒ ඇයි මිහානා ඔයාට මෙතන කිසිම කරදරයක් නැතුව ඉන්න පුලුවන් ඒ තියෙද්දි ඔයා ඇයි මේ.කොලඹ දාලා යන්න හදන්නේ…”ගිහාන් අහපු දේට උත්තර දෙනවා වෙනුවට මන් කරේ නිහඩවම ජනේලෙන් එලිය බලාගෙන හිටපු එක.

“මිහානා ඔයා යන්නේ ඔයාගේ තාත්තා හින්දනම් එයා දන්නේ නෑ ඔයා මෙහෙ ඉන්නවා කියලා.”

“මන් තාත්තට බයේ නෙවේ ගිහාන් යන්න හදන්නේ මට වෙනසක් ඕන.මටම ඇතිවෙලා මෙහෙ ඉන්න එක.මොකද මගේ හැම දුක හිතෙන මතකයක්ම තියෙන්නේ මෙහෙ හින්දා….මන් තවත් මෙහෙ ඉන්නවා කියන්නේ ආදීව මට මතක් වෙනවා වැඩි.මන් ආර්යන් හින්දා ගොඩක් දුක් වින්දා.ඇත්තටම දරුවෙක් හම්බෙන්න ඉද්දි දැනෙන වේදනාව මන් දැනගත්තේ ආර්යන් නිසා.මට ඒ හැමදේකින්ම ඈත් වෙන්න ඕන “

“ඔයා කියන දේ මට තේරෙන්නේ නෑ මිහානා….”ගිහාන් කියපු දේ නිසා මන් ගිහාන් දිහා බැලුවේ හිනාවෙලා.කවදාවත් මූනට හිනාවක් ආපු නැති නිසාමදෝ ගිහාන් මන් දිහා බලාගෙන හිටියේ පුදුමෙන්.

“ගිහාන් මට මෙහෙ ඉදන් අලුතින් ජීවිතයක් පටන් ගන්න බෑ.මන් මෙහෙ ඉදන් මොකක් හරි දෙයක් පටන්ගත්තොත් මට ඒ කරන වැඩේට වඩා මතක් වෙන්නේ ආදීගේ මතකයන් විතරයි.මෙතන මේ නගරේ මට මගේ අතීතයේ අදුරු මතක මට මතක් කරලා දෙනවා.මට ඒ හැම දේකින්ම ඈත් වෙන්න ඕන.මං පටන් ගන්න ඕන මටයි මගේ පුතාටයි අලුත් ජීවිතයක්.”ගිහාන් මන් කියන දේවල් අහගෙන ඉදල හිස සැලුවේ කල්පනාකාරීව.මන් ගිහාන්ගේ අත අල්ලගෙනම…

“ප්ලීස් මට ආපහු පාරක් උදව් කරන්න.”

“ඔයා ඕක මගෙන් ඉල්ලන්න ඕන දෙයක් නෙවේ මිහානා.ඔයා කිව්වත් නැතැත් මන් ඔයාටයි පුතාටයි උදව් කරනවා.ඔයාට යන්න ඕන කොහෙටද කියලා විතරක් මට කියන්න.”

මන් හිනාවුනා.ගිහාන් කියන්නේ ගොඩක් හොද කෙනෙක්.මන් කැමති වුනානම් එයා ආර්යන්ට හොද තාත්තා කෙනෙක් වෙනවා.ඒත් මන් එකම වැරැද්ද දෙපාරක් කරන්න කැමති නෑ.කවදාවත් කො/ල්/ලෙ/ක්/ව විශ්වාස කරන්න එපා.මන් ආදීගෙන් ඉගෙනගත්ත දේ ඒක.

“නුවර…”මං කිව්වේ අලුත් බලාපොරොත්තුවකින්.

“නුවර….”මං හිස වැනුවා.

“ඔව් මට නුවර යන්න ඕන.”

“හරි යන්න ලෑස්ති වෙන්න ඔයාටයි පුතාටයි ඉන්න හොද තැනක් මන් හොයලා දෙන්නම්.”ගිහාන් කිව්වේ පුතා දිහයි මං දිහයි බලලා.

වර්තමානයට

ඒ වගේම තමයි මීට අවුරුදු තුනකට කලින් ආපහු සැරයක් මන් කොලඹ ගියා ඒක මට හිරූට කියන්න බෑ.එදා කොලඹ ඉදන් හැමදෙයක්ම මන් දාලා ආවේ ආදීගේ මතකත් එක්ක.මන් හිතුවත් මට එයාව අමතක කරන පුලුවන් වෙයි කියලා ඒක කවදාවත් කරන්න බැරි දෙයක්.

“ඒයි මිහානා….”මන් පියවි සිහියට ආවේ හිරූගේ කටහඩින්.

“මට සමාවෙන්න හිරූ මන් ඔයාට මේ දේවල් පස්සේ කියන්නම්.තාම ඒ දේවල් කියන්න මන් ලෑස්ති නෑ කියලා මට හිතෙනවා හිරූ…”හිරූ හිනාවෙලා මගේ පිට අතගෑවා.ඒත් එක්කම වගේ මන් ගාවට ආවේ ආර්යන්.

“ආරු ඔයා ටීවී බලලා ඉවරද…එහෙනම් හිරූ නැන්දි එක්ක ගිහින් මූන සෝදගෙන ලෑස්ති වෙන්නකෝ.මන් ඔයාට කන්න උදේ කෑම ඉක්මනටම ලෑස්ති කරන්නම්”ආර්යන් ඔලුව වනලා හිරූ එක්ක ගියේ මගේ කම්බුලක් සිපගෙන.ඒත් එක්කම ඇහුනේ බෙල් එක වදින සද්දෙ.දොර අරිද්දි මන් දැක්කේ ගිහාන්ව.

“පුතා ලෑස්තිද….මන් ආවේ එයාවත් එක්කගෙන යන්න.මොකද මට ඔෆිස් යනකොට එයාවත් දාගෙන යන්න පුලුවන්නේ.”එතකොටම මන් දැක්කේ හිරූ එක්ක එන ආරූව.ඉක්මනට කිචන් එකට දුවපු මම ආරූගේ ලන්ච් බොක්ස් එක බෑග් එකට දැම්මේ තවත් පරක්කු වෙන්න බැරි හින්දා.ආර්යන් මගේ කම්බුල සිපගෙන යන්න ගියේ මන් ආර්යන් යන දිහාම බලන් ඉද්දි.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

සුදුපාට ශර්ට් එකට කලු කලිසම ඇදගෙන නිල් කෝට් එකක් දාගෙන ඔෆිස් එකට ඇතුල් වෙන ආදිත්‍ය සෙනාශ්ව දකිද්දි හැමදෙනාම නැගිටලා ගුඩ්මෝර්නින්ග් කිව්වේ ආදී හිනාවකින් විතරක් ඒ අයට සංග්‍රහ කරද්දි.ලිෆ්ට් එක ලගට ආපු ආදී ගාවට ආවේ ආදීගේ සෙක්‍රටි දිස්නා.

“ගුඩ්මෝර්නින්ග් සර්….”දිස්නා කිව්වේ ෆයිල් එකත් එක් අතකින් තියාගෙන.දිස්නා කියපු දේට ආදී හ්ම්ම් කියලා විතරක් මුමුනව්වේ දිස්නා දිහා බලලා.

“දිස්නා අද ටයිම් ටේබල් එක මොකක්ද ….”ආදී ඇහුවේ බොත්තම ඔබලා ලිෆ්ට් එකට ඇතුල් වෙන ගමන්.දිස්නා ඇතුලට ඇවිත් 54වෙනි බොත්තම එබුවේ කැබින් එකට යන්න.

“සර් අද ඔයාට සිල්වා හොටෙල් එකේ මිස්ටර් සිල්වා එක්ක දවල් එකට ලන්ච් එකක් රෙඩි කරලා තියෙනවා.”ලිෆ්ට් එක නතරවුන ගමන් ආදී දිස්නයි එලියට ආවේ කැබින් එකට යන්න.

“අය 2.30ට මීටින්ග් එකක් තියෙනවා සර්.”

“සිල්වාගේ ලන්ච් එක කෑන්සල් කරන්න මොකද මට ඒ වෙලාවට කෙනෙක්ව මීට් වෙන්න තියෙනවා.”දිස්නා ආදී කියන දේවල් සටහන් කරලා බැලුවේ ආදී දිහා කැබින් එකේ දොර ගාවට ආපු ආදී හැරිලා බැලුවේ දිස්නා දිහා.

“දිස්නා හෙට අපිට අයිතිවෙන්න වෙන්න තියෙන ගයාන්ගේ හොටෙල් එකත් එක්ක මීටින්ග් එකක් ලෑස්ති කරන්න.එයාලගේ හොටෙල් එකේ වටිනාකම ලක්ශ 5ක් විතරයි කියලා එයාලට කියන්න.ලක්ශ 5ට වඩා සතයක් වැඩි වෙන්න බෑ.”

“ඕකේ සර්…”

“ජගත් ආවම කියන්න මාව මීට් වෙන්න එන්න කියලා.හරි දිස්නා දැන් ඔයාට යන්න පුලුවන්.ආදී එහෙම කියාගෙනම ආවේ තමන්ගේ කැබින් එක ඇතුලට.ආදී පුටුවෙන් වාඩිවෙලා බෑග් එක මේසෙට විසිකරේ ටයි එක බුරුල් කරන ගමන්.

“කෝ ජගත්…”ඒත් එක්කම වාගේ ආදීට ඇහුනේ ගොඩක් හුරුපුරුදු කටහඩක්.

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

💫මතු සම්බන්ධයි💫