මෙහන්සා – 01 කොටස
එය සත්සර මහා විද්‍යාලයේ විද්‍යා අංශයේ සිසුන්ට ඉතා වැදගත් දිනයකි. මන්දයත් බොහෝ දිනක වූ වෙහෙස මහන්සියේ ප්‍රතිපලයක් ලෙස ඔවුන්ගේ වාර්ෂික විද්‍යා දිනය එළිදක්වන්නට කටයුතු යොදා තිබිණි. පාසල් වෙලාව නිම වීමෙන් පසු පැවැත්වීමට කටයුතු යොදා තිබුණු බැවින් සිසුහු උදෑසන සිට ඊට සුදානම් වෙමින් සිටියහ.
“ඔක්කොම හරිද මචන්” ඒ විද්‍යා සංගමයේ සභාපති වූ සෙනාල් ය. ඔහු මේ ප්රශ්නය ඇසුවේ දහවෙනි වතාවට හෝ විසි වෙනි වතාවට හෝ විය යුතුය.
“උඹ සභාපති නිසා මෙතන එකම ප්‍රශ්නේ හැට වතාවක් අහ අහ හිටපන්. අපි එපැයි නැහෙන්න” දසුන් කිවේ පොල්තෙල් පහන සකසන ගමන් ය.
“අනේ නිකා හිටපන්. මෙච්චර දවසක් මම කොච්චර වැඩ කන්දරාවක් කරා ද? දැන් ඔය උඹ මහා ලොකුවට හදන පොල්තෙල් පහනේ අයිඩියා එක කාගෙද? ඒකත් මේ සෙනාල් නමැති නව යොවුන් තරුණයා වන මගේ නෙ” සෙනාල් කිවේ දුවන්න බලාගෙන.
“ඔව් ඔව් අදහස් දෙන එක මහා ලොකු වැඩක්නේ. සෙනාල් උඹ මගෙන් මැරුම් නොකා හිටපන්. අච්චර ලස්සන පොල්තෙල් පහනක් පුළුවන් කම තියෙද්දී උඹට ඕනේ උනා ලෝකේ කොහෙවත් නැති එකක් හදන්න.අන්තිමේදී එකෙනුත් කට්ට කන්නේ අපිනේ. මිහින් කිවේ මවාගත් තරහකිනි.
උඹලගේ ඔය වැදගැම්මකට නැති රණ්ඩුව නවත්තලා අර කිලාන් කොහෙද කියල බලපන් සෙනාල්. announcing අවුල් උනොත් මෙච්චර මහන්සි වෙලා කරපු කිසිම දෙකින් වැඩක් නැති වෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු බාරව තිබු අදීශ කීය.
සිංහල භාෂාවෙන් නිවේදන කටයුතු භාරව තිබුනේ කිලාන්ට යි.
“ඇත්තමයි කිව්වත් වගේ කෝ මේකා?” ශාලාව සිසාරා බලමින් දසුන් ඇසීය. ආ… අර අතන ඉන්නේ හිනා වෙවී. ඇන්ටි මචන් මුට කිලාන් කියල නම දාල තියෙන්නේ නිකම් නෙමෙයි. ඉපදුනු දවසෙත් හිනා වෙවී ඉන්නැති”
“ඒක නම් ඇත්ත” උඹල ඕක ඉවර කරපල්ලා මම අදගහගෙන එන්නම්” එසේ කී සෙනාල් කිලාන් සිටි දෙසට දිව ගියේ ය.
පව් බන් අපි බැන්නට ඌ හැම එකටම නැහෙනවා” බිතුම් කීවේ සෙනාල් යන දෙස බලමිනි.
අනේ උඹේ සත්ව කරුණාව තියල මේ වැඩේ ඉවර කරපන් තව වැඩ තියෙනවා කරන්න. මිහින් යලි පහන සකසන්නට යෙදුනු අතර සෙනාල් කිලාන් ද සමග යලිත් එතැනට ආවේ ය.
මචන් උඹ අතන මෙච්චර වෙලා හිනාවෙවී හිටියේ දැන් announcing වලට ඔක්කොම හදන් ඉවර වෙලා ද? අදීශ ඇසුවේ වැඩසටහන දෙස බලමින්.
මේකනෙ බන් මං උඹ වගේ කොලේ බලන් කියන්නේ නෑනේ. මට කටට එන ඒවා තමයි මම කියන්නේ. ඕකේ මොනාද පාඩම් කරන්න නෑ නෑ පුරුදු වෙන්න තියෙන්නේ?”
ඔව් ඔව් උඹ කියා කියා ඉදින්කෝ. සෙනාල් කියන්නට හදද්දිම
දීපන් මටත් ඔය නයාගේ පත්තරේ ටිකක් බලන්න කී කිලාන් අදීශ අත තිබු වැඩසටහන් කොලය උදුරා ගත්ත.
නයාගේ මොකක්? කිලාන් කී දෙය නොවැටහුණු බැවින් මිහින් ඇසුවේ පහන හදන එක පැත්තක තියල.
නයාගේ පත්තරේ බන් නයාගේ පත්තරේ න්‍යාය පත්‍රය කියනවට වඩා නැද්ද ඒක?
අන්න බලපන් හොද නිවේදකයෝ කියන්නේ මු වගේ අයට තමයි. තව පැයකින් තියෙන උත්සවේට දැනුයි agenda එක බලන්නේ බිතුම් කිව්වා.
ඔය හැකර කට වහල ටිකක් ඉදින්කෝ මගුල.
උඹ කියා කියා ඉදහන්කෝ කිනාල් බාලිකාවේ ඉන්නේ announcing කාල වතුර බීපු කෙල්ලෝ ටිකක්. උන්ට සෙකන්ඩ් වෙන්න නම් බෑ හොදේ
අහ්.. බාලිකාවේ කෙල්ලෝ එනවද නියමයි. දසුන් කීවේ සතුටින්.
මෝඩ කතා අහන්නේ උන් එන්නැතුව කොහොමද අසල්වැසි ඉස්කෝලේ වෙලා. ඉස්කෝල කීයකට එන්න කිව්වත් අනිවා එනවා කියල ෂුවර් කරන්න පුළුවන් උන් විතරයි. සෙනාල් කීය.
මරුම තමයි අපි වැඩක් කරමුද? කිනාල් විනෝදයෙන් අසද්දී කොල්ලෝ ඔක්කොම ටික එයා දිහා බැලුව. ඔහුගේ කඩවසම් අහිංසක වුවනේ මේ තිබුනේ දගකාර පෙනුමක්
ඔන්න ඔන්න ඉතින් උඹ අදත් අඩව්වක් අල්ලන්න තමයි ලෑස්තිය. මිහින් කීවේ නොරිස්සුමෙන්. මොකද්ද අද නටන නාඩගම?
නාඩගමක් නෙමේ බන් මන් කියන්න ගියේ අපි අර බාලිකාවේ කෙල්ලෝ ටික ට හොද බයිටක් දෙමු. කිලාන් කීවේ මිහින් දෙස රවා බලමින්.
ඔය මන් කිව්වේ පව් වැඩ නොකර ඉදින් කිලාන්. හැමදාම කෙල්ලන්ව බයිට් කරලා තොට ඇති උනේ නැද්ද?
අනේ අනේ උපාසක මහත්තය උඹට බැරි නම් නිකා හිටපන්. ඒ සෙනාල්. අදහස නම් හොදයි කිලාන්. මේ වගේ වෙලාවක උපරිම ප්‍රයෝජනේ ගන්න ඕනේ. නැත්තම් ඉතින් ආයේ කවද ද උන්ට ජෝක් එකක් වත් කරන්න හම්බවෙන්නෙ
ඉතින් මොකද්ද බන් අපි කරන්නේ
කිලාන් ගේ යෝජනාවට හැමෝම කැමැති වෙච්ච නිසා මිහින් පමණක් නොරිස්සුමෙන් යුතුව තමාගේ වැඩක නිරත විය. අනිත් සගයින්ට එය තේරුණ නමුත් ඔවුන් මෙම අවස්තාව මගහැරගැනීමට කැමති උනේද නැත.
බලපන්කො කවදාහරි උඹලත් පාඩමක් ඉගෙන ගනිනේ. තව දුරටත් මිතුරන් අතර රැදීමට නොරිසි මිහින් එපමණක් කියා ඉවත ගියේ ය.
අර මොකද බන් අරූට වෙලා තියෙන්නේ? කිලාන් කීවේ තරහෙන්. මොකෝ උගේ ගෑනි වත් ඉන්නවද බාලිකාවේ කෑ ගහන්නේ?
ඕව ගණන් ගන්නෙපා. ඌ ඔහොම තමයි ඉස්සර ඉදන් ඕව අල්ලන්නේ නෑ
කිලාන් පාසලට පැමිණියේ මෑතකදීය. ඔහු කුඩා කල සිට හැදී වැඩුණේ විදේශ රටක වූ අතර මෙහි පැමිණියේ පියාත් මවත් ලංකාවේ විසීම ප්‍රිය කල බැවිනි. ලගදී පාසලට ආව වුව ද ඔහු ටික කලකින්ම පාසලේ ජනප්‍රියතම චරිතයක් වුයේ විනෝදකාමී තරුණයෙක් වූ නිසාම ය.
ඌට ඒවා අල්ලන්නේ නැත්තම් සද්දේ දාන්නේ නැතුව ඉන්න කියහල්ල
හරි හරි දැන් ඒක අමතක කරල අපි මොකද කරන්නේ කියල හිතමු. දසුන් කිව්වා
quiz එකක් තියමුද? ඒ බිතුම්
ඒක හරියන්නේ නෑ කලින් එකක් තිබ්බනේ දැන් වෙලාවකුත් නෑ. බාලිකාවේ උන්ට විතරක් quiz එකක් තියන්නත් බෑ. එතකොට වැඩේ අහුවෙනවා. සෙනාල් කිව්වා.
කිව්වත් වගේ කවුද බන් quiz එකෙන් place කරලා තියෙන්නේ. දසුන් ඇහුව.
බාලිකාවේ උන් තමයි. අදීශ කිව්ව. papers බලපු sir කිව්වා උන් එක ප්‍රශ්නයක් වත් වරද්දල නෑලු.
නෑහ්. බිතුම කිවේ පුදුමෙන්. යකෝ අපිටත් බැරි උනා එවලින් බාගෙකට වත් උත්තර ලියාගන්න. උන් ඔක්කොම ලියලද? ෂාහ් මාර බ්‍රයිට් නෙහ්
quiz එකට ආපු තුන් දෙනෙක් අපේ class එකට එන අය. බිසේකයි ශමින්ද්රියි පවනි ආවේ. උන් නම් ඉතින් බ්‍රයිට් තමයි. අදිශ කීය. තව ලස්සන කෙල්ලෙක් ආව. නම මතක නෑ. මම කවදාවත් ක්ලාස් එහෙකදී වත් දැකල වත් නෑ. හැබැයි සැහෙන්න බ්‍රයිට් පාටයි.
අහ් මම අදමයි ඇහුවේ බ්‍රයිට් වල පාට. මොන පාට ද මචන් ඒ? කිනාල් ඇසුවේ හිනා වෙවී
පාට ද? ඒ උඹේ ඔලු ගෙඩියේ පාට.
මුණ බලල කොහොමද බන් බ්‍රයිට් ද නැත්ද කියල තීරණය කරන්නේ දැන් එහෙනම් මේ කිලාන් ගනින් උදාහරණෙකට. කොහොමද පේන්නේ? නිකම් වත් හිතෙනවද පන්තියටම ඉන්න ගොන් වස්ස මූ කියල. බිතුම් කීවේ කිලාන් කෝප ගැන්වීමට වුවත් කිලාන් තරහ ගත් වගක් පෙනුනේ නැත.
පන්තියක් උනාම ගොන් වස්සෙකුත් ඉන්න එපැයි බන්. නැද්ද මන් අහන්නේ? උඹල හැමෝම ඉන්ජිනියර්ලා ඩොක්ටර්ලා වෙයල්ලා. මම පොල් කඩන්න යනවා. කිලාන් කීවේ මිතුරන් ගේ හිනා හඩ මැද. ලංකාවේ ඔක්කොම උන් ඩොක්ටර්ලයි ඉන්ජිනියර්ලයි උනාම අන්තිමට පොල් ගෙඩියක් කඩාගන්න එකෙක් නැති වෙයි.