Ex වයිෆ්
31 වන කොටස
“ඔයාට ගුඩ් නිව්ස් එකක් දෙන්න කතා කරේ ..”
“ඒ මොකක්ද ඒ සර්?..”
ලක්ෂිකා ඇහුවේ ලොකු කුතුහලයකින්..
“ඔයාට ප්‍රමෝෂන් එකක්..මගේ සෙකට්‍රි පෝස්ට් එකේ ඉදලා ඇසිස්ටන් එච් ආර් මැනේජර් පෝස්ට් එකට .ඔයා මේක කාලයක් තිස්සේ බලාපොරොත්තු වෙන් හිටපු එකක්නේ.”
ලක්ෂිකාගේ මුහුණ සතුටින් පිරිලා ..
“මගේ එච් ආර් මාස්ටර් ඩ්‍ර්ගි එකත් කම්පිලීට් කරලා දැන් මාස හයක් විතර වෙනවා ..thank u very much sir .”
“අයියෝ මම නං නෙමේ ..අපේ එච් ආර් මැනේජර්ම තමයි චේතනාව රෙකමන්ඩ් කලේ ..”
“එතකොට සර්ට සෙක්‍රරටරි කෙනෙක් නැති වෙනවා නේ ..”
“අපි ඉන්ටර්වීව් කරලා බලමු ..ලක්ෂිකා දන්න කෙනෙක් ඉන්නවනම් රෙකමන්ඩ් කරන්න ..”
“හරි මම බලලා කියන්නම් සර්..ඒත් සර් අපේ ඔෆිස් එකේ ඇසිස්ටන් එච් ආර් මැනේජර් කෙනෙක් නෑනේ ..”
“නෑ ලක්ෂිකා ..ඔයාට මේ පෝස්ට් එක ලැබෙන්නේ හෙඩ් ඔෆිස් එකේ …”
ලක්ෂිකාගේ සිතේ තිබ්බ සතුට හේදිලා යන්න වැඩි වෙලාවක් ගියේ නෑ ..
“අයියෝ සර්..චමිල වැඩ කරන්නේ මෙහේ.මම ඔය ප්‍රමෝෂන් එක ගත්තොත් අපි දෙන්නට තැන් දෙකක ඉන්න වෙනවා ..ඔය ප්‍රමෝෂන් එක මට එපා සර් ..මම පුරුදු විදියට මේ ජොබ් එක කරගෙන යන්නම්..”
“ඔයා නම් මහා මෝ/ඩ ළමයෙක් .ඔය වගේ චාන්ස් එකක් ලේසියෙන් කිසි කෙනෙක්ට ලැබෙන් නෑ..ඔයාට අතට ලැබිච්ච චාන්ස් එක ඔයා මිස් කරගන්න හදන්නේ..”
ලක්ෂිකා මොහොතක් කල්පනා කරන්නට වුණා ..
ගිහාන් සර් කියන කතාව නම් ඇත්ත ..
ඒත් මේකට චමිල කැමති වෙයිද ?..
අපේ ගෙවල් දොරවල් තියෙන්නෙ සේරම මෙහේ…
ඒව දාලා කොහොමද කොළඹ යන්නේ..
“හරි මම චමිලත් එක්ක කතා කරලා බලලා කියන්නම් සර්..ඒක නෙමේ සර් ගෙදර
වැඩට කෙනෙක් හොයා ගත්තද ?මම චමිලත් එක්ක ගේ පැත්තේ ඇවිල්ලා වෙලාවක ගෙවල් දොරවල් අස් කරලා යන්නම්..”
ලක්ෂිකා එහෙම කියාපු ගමන් ගිහාන් කලබල වුණා..
ලක්ෂිකා ගෙදරට කඩාගෙන පැන්නොත් නම්
මේ සේරම අහු වෙනවා ..
ලක්ෂිකාට පාඩුවේ ඉන්න බෑ ..
ලක්ෂිකා නිසා මටයි චේතනාටයි කිසිම නිදහසක් නැහැ..
ලක්ෂිකාව කොහොම හරි කොළඹ යවන්න ඕනේ..
ගිහාන් එහෙම කල්පනා කරන්න ගත්තා …
“නෑ නෑ…මම දැන් පුළුවන් විදියට අස්කරගන්නවා..හිරූෂා වීකෙන්ඩ් එකේ ගියාම මට කෑම හදලා දෙනවා ..මම ඒවා මැනේජ් කරගන්නවා ..ඔයාලා ආයේමත් එහේ එන්න කරදර වෙන්න ඕනේ නෑ .”
ගිහාන් එහෙම කිව්වම ලක්ෂිකාගේ මුහුණ වෙනස් වුණා ..
“හරි සර් අකමැතිනම් අපි මීට පස්සෙ එහේ එන්නෙ නෑ ..”
ඒක නම් වඩාත් හොදයි ..
ගිහාන් එහෙම හිතුවා විතරයි කිව්වේ නෑ ..
“එහෙම නෙමෙයි මං කිව්වේ ඔයාලා ඇවිත් නිකරුනේ කරදර වෙනවා නේ..”
“මම එහෙනම් යන්නම් සර්..”
ලක්ෂිකා කැබින් එකෙන් පිට උනේ ගිහාන්ගෙ වදන්වලට හිත රිදවා ගෙන….
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
ලක්ෂිකා ගෙදර ආපු මොහොතේ ඉඳන් ඉන්නේ බර කල්පනාවක කියලා චමිල දුටුවා ..
ලක්ෂිකා රෑ කෑම පිසුවේත් ඒ කල්පනාවේ ඇලී ගැලී ඉන්න ගමන්ම …
“ලක්ෂි මොකද ඔයා අද වෙනස් වෙලා ?..මොනාද ඔච්චර කල්පනා කරන්නේ”
චමිල ඇහුවෙ ලක්ෂිකාගේ හිස පිරිමදින ගමන් ….
“මට ප්‍රමෝෂන් එකක් ඇවිත් ..”
“නියමයිනේ කොච්චර හොඳයිද ?..ප්‍රමෝෂන් එකක් හම්බ වුණාම ඔහොමද ඉන්න ඕනේ..ඔයා ඉන්නේ හරියට දාහට අරන් සීයට දීලා වගේ ..මොකක්ද පෝස්ට් එක ..’
“ඇසිස්ටන් එච් ආර් මැනේජර්..”
“නියමයිනේ ළමයෝ.. ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න ලැබෙන එක කොච්චර වටිනවාද?..”
චමිල්ගේ දෙඇස් සතුටින් දිලිසෙනවා..
“ඒත් ප්‍රමෝෂන් එකත් එක්කම ට්‍රාන්සර් එකක් ..”
“ඒ මොකද ඒ..”
“ඔව් ඒ පෝස්ට් එක තියෙන්නේ කොළඹ හෙඩ් ඔෆිස් එකේ…”
“ඒකත් එහෙමද ?..චාන්ස් එක නම් හොඳයි .ඒත් ඉතිං කොළඹ යනවා නම් මේ ගෙවල් වලට මොකක්ද කරන්නේ..මගේ ජොබ් එක ..”
චමිල කල්පනා කරන්න ගත්තා..
“ඔය ප්‍රමෝෂ්න් එක අතෑරල දාල මේ කරන් යන ජොබ් එක කරානම් හොඳයි කියලා හිතෙනවා …”
ලක්ෂිකා කිව්වේ සුසුමක් පා කරන ගමන් …
“ඔයාගේ education qualification එක්ක ඔයා ඔය වගේ ජොබ් එකක් කරන එක අපරාධයක් කියලාත් හිතෙනවා ..
“චමිල හදාගත්ත ගෙවල් දාලා ,ඔයාගේ ජොබ් එක දාලා අපි කොහොමද කොළඹ යන්නේ.ඔයා කොළඹට වෙලා කර කර හිටපු ජොබ් එකක් දාලා මෙහේ ආවේ මම හින්දා..”
චමිල හොඳ ආදරවන්තයෙක් ..
ලක්ෂිකා චමිල එක්ක විවාහ වෙනකොට ලක්ෂිකාගේ අම්මා පිළිකා රෝගියෙක් …
ගෙදර එකම ළමයා වෙච්ච ලක්ෂිකාට අම්මව දාලා කොළඹ පදිංචියට යන්න බැරි නිසා චමිල එකඟ වුනා ලක්ෂිකාගේ ගමට එන්න..
කොළඹ ඉහළ පෙළේ සමාගමක රැකියාවක් කරපු චමිල ඒ රැකියාවත් අත ඇරලා ලක්ෂිකා එක්ක විවාහ වෙලා මෙහාට පදිංචියට ආවා ..
ඊටත් පස්සේ තමා දැනට කරන රැකියාව චමිලට ලැබුණේ ..
“අපි මෙහේ පදිංචියට ආවේ ඔයාගේ අම්මා මෙහේ තනියම හිටපු නිසා නේ. දැන් ඉතින් අම්මත් නැති එකේ කොළඹ ගියා නම් හොඳයි කියලා හිතෙනවා …”
“එතකොට ඔයාගෙ ජොබ් එක ..ඔයාට ආයේමත් ජොබ් එකක් නැති වෙනවනේ ..”
“ජොබ් හොයාගන්න අමාරු මෙහෙනේ..කොළඹ ඕන තරම් ජොබ් හොයාගන්න පුළුවන්.මම අපේ කලිං ඔෆිස් එකේ බොස් එක්ක කතා කරලා බලන්නම්..ඒකේ වේකන්සියක් තිබ්බොත් මට ඒකට පැනගන්න පුළුවන් ..”
ලක්ෂිකා චමිලගේ කොපුලක් හෙමිහිට සිප ගත්තා …
“මේ මොකද මේ එකපාරටම අමුතු ආදරයක් හිතිලා..”
“ඔයා වගේ හොඳ හස්බන්ඩ් කෙනෙක් ලැබුණේ මගේ වාසනාවට…පේන්නේ නැද්ද අර ගිහන් සර් ..අච්චර රත්තරන් ටිකට ඉන්න නෝනට සලකන හැටි ..”
“ඔයා ඔය සැක කරාට අපි හරියට දන්නේ නෑනේ ළමයෝ සර් චේතනා එක්ක හරියටම සම්බන්ධයක් තියෙනවද කියලා .”
“ගිහන් සර් කොහොමත් හොඳ හස්බන්ඩ් කෙනෙක් නෙමෙයි.,,සර් හිතන්නේ මනුස්සයා සල්ලි හොයලා දුන්නම විතරක් ඇති කියලා..ලමයෙක්ගේ දෙයක් වත් හොයලා බලන්නේ නෑ..සර්ගේ වයිෆ් තමා තනියම නැහෙන්නේ…”
“අනේ මන්දා සමහර පිරිමින්ගේ පිරිමිකම ඉහට ගහලා තියෙන්නේ..දෙන්නෙක් බැඳලා එකට ජීවත් වෙන්නේ එක්කෙනාට එක්කෙනා උදව් කරගෙන සහයෝගයෙන් ආදරෙයෙන් ජීවත් වෙන්න..ඒත් පිරිමිකම ඔලුවට ගහපු අය හිතන්නේ ගෑ/නී දාසීයක් වගේ සේරම කරන්න් ඕනේ..අපි හම්බ කරලා දුන්නම ඇති කියලා..”
“ඒක නම් ඇත්ත චමී..ගොඩාක් පවුල් ප්‍රශ්න පටන් ගන්නේ එතනින්..ගැනු කෙනා වැඩ එක්ක හිර වෙනවා.හස්බන්ඩ් එක්ක කතා කරලා ආදරයෙන් ඉන්නවත් වෙලාවක් නෑ..ඊට පස්සේ පිරිමියා ගෑනු කෙනා හොයලා බලන්නේ නෑ ආදරේ කරන්නේ නෑ කියලා වෙන ගෑ/නු පස්සේ යනවා…”
“ඒක ඇත්ත..”
“චමිල මට නම් මේ ප්‍රමෝෂන් එක ගැන සැකත් හිතෙනවා..”
“ඒ මොකෝ..”
“මගේ හිත කියන්නේම සර් ආයේමත් අර චේතනා එක්ක හුටපටේ පටන් අරන් කියලාමයි.”
“ඒකයි ප්‍රමෝෂන් එකයි අතර තියෙන සම්බන්ධතාව මොකක්ද?..”
“සර්ට මාව බාධාවක්..මම ඉන්නකොට සර්ට නිදහසේ චේතනා එක්ක ම/ගු/ල් නටන්න බෑනේ.,ඒකයි මාව ප්‍රමෝෂන් එකක් දිලා රවට්ටලා කොළඹ යවන්න හදන්නේ..ඒත් සර්ට වැරදිලා..සර්ට මාව රවට්ටන එක ලේසි නැහැ හිරූෂා මිස්ව රවට්ටනවා වගේ..”
චමිල ලක්ෂිකාගේ කල්පනාබරිත මුහුණ දිහා විමසිල්ලෙන් බලාගෙන සිටියා..
“ඒ ගමන ඔයා මොන අඩව්වක් අල්ලන්ද ලෑස්ති වෙන්නේ..ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න.එයාලට ඕනේ දෙයක් කරගන්න කියලා..”
“එහෙම කොහමද පාඩුවේ ඉන්නේ.මට නම් ඔය වැරද්ද ,අසාධාරය පෙන්වන්නම බෑ..හොයලා බලන්න ඕනේ සර් තාම චේතනා එක්ක ම/ඟු/ල් නටනවද කියලා..?.”
“අනේ මන්දා මට නම් හිතෙන්නේම ඕක බොරු සැකයක් කියලා..චේතනාව මම දන්නේ අවුරුදු ගානක් තිස්සේ..චේතනා නරක කෙනෙක් නෙමේ..”
“මගේ අතටම අහුවුනානේ..මේකයි චමිල නරක මනුස්සයෙක්ට හොඳ වෙන්න අමාරු වුණාට හොඳ මනුස්සයාට නරක වෙන්න ගත වෙන්නේ සුළු මොහොතයි “.
“අනේ මේ ලක්ෂි ඔයා නම් ඔය කේලම් කියන්න ගිහින් නිකරුනේ පවුල් කඩන්න ලෑස්ති වෙන්න එපා ..”
“ඒත් චමිල හිරූෂා කියන්නෙත් මම වගේම ගෑණු කෙනෙක් ..තවත් ගෑනු කෙනෙක්ව බොරුවෙන් රවට්ටනවා බලන් ඉන්න මට බෑ..”
චමිල ලක්ෂිකාගේ අවුල් වෙච්ච කෙස් කළඹ දෑතින් සැකසුවා ..
ලක්ෂිකා කියන්නේ හිත හොඳ ගැහැනියක්…
ඒත් වැරැද්ද ඉස්සරහ ලක්ෂිකා හරිම දරුණුයි ..
ඒත් මේ වගේ දේවල් වලට පිටස්තරයෝ අත දාන්න යන්න හොඳ නෑ ..
කොහොමහරි ලක්ෂිකා ව සන්සුන් කරන්න ඕනේ …
චමිල එහෙම කල්පනා කරා ..
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
චේතනායි ගිහානුයි දැන් ආයෙමත් ආදරෙන් ඇලී ගැලී ඉන්නවා ..
දැන් දෙන්නගෙ ආදරේ දෝර ගලා ගිහින් පිටාර ගලනවා ..
ඉස්සර ගිහාන්ගේ නිල නිවාසයේ බිත්ති හතර ඇතුලේ සීමා වෙච්ච ආදරයේ සීමා මායිම් ටිකින් ටික අඩුවෙලා යනවා …
දැන් ගිහාන් චේතනා එක්ක සවාරි යනවා ..
ලක්ෂිකාත් කොළඹ නිසා දෙන්නා උපරිම නිදහසේ කාලය ගත කරනවා .
ගෙදර ගිහින් දරුවො දෙන්නයි හිරූෂාවයි බලන්න වත් ගිහාන්ට කිසිම උවමනාවක් නෑ ..
හිරූෂාට මාසේ අන්තිමට වියදමට සල්ලි විතරක් යවලා අත පිහිදගෙන ඉන්නවා..
අබීත පුතායි හිරූෂායි දෑස් රිදෙනකන් ගිහාන් එනකන් බලන් ඉන්නවා …
හිරූෂාගේ ඇමතුම් වලට පිළිතුරු දෙන්න වත් ගිහාන්ට කිසිම උවමනාවක් නෑ…..
“මාත්තයා නෝනගෙන් කෝල් එකක් නේද ?..”
ඇමතුම් එක පිට එක එන ගිහාන් ගේ මොබයිල් එක දිහා බලලා චේතනා එහෙම කිව්වා …
“රින්ග්ස් වෙච්චදෙන් .ඇතිවුනාම නතර කරයි නේ ..”
“මාත්තයා නෝනා පව්නේ ..”
“මොන පවුද?..කොයි වෙලාවෙත් බලන්නේ මගේ ඔලුව කන්න ..මට ඔය ගෑ/නි/ව පෙන්නන්න බෑ ..”
“යේම කියන්න එපා මාත්තියා..මාත්තියාගේ ළමයි දෙන්නා බලාගන්නේ නෝනානේ..”
“ඔව්වා ගැන කතා කරා ඇති ..අපි ෆිල්ම් එක බලන්නනේ ආවේ ඕවා ගැන කතා කරන්න නෙමෙයි නේ..”
“ෂරි මාත්තියා…”
ගිහාන් චිත්‍රපට ශාලාවේ තියෙන අඬ අඳුරේ චේතනාව වැළඳගත්තා ..
ඒත් ඒ සමගම ගිහාන්ගේ ජංගමයට ඇමතුමක් ආවා..
ගිහාන් ජංගමයේ ස්ක්‍රීන් එක දිහා එබිලා බැලුවා …
ඇමතුම හිරූෂාගෙන්..
හිරූෂා එක දිගට අමතන්නේ හදිසියකට වත්ද කියලා හිතන්නෙවත් නැතුව ගිහාන් ජංගමය ක්‍රියා විරහිත කළා …
චිත්‍රපටි ශාලාවෙන් එළියට යනකම්ම ගිහාන් ජංගමය ක්‍රියාත්මක කළේ නැහැ ..
චේතනා ගිහාන්ගේ දෑතේ පැටලිලා චිත්‍රපට ශාලාවෙන් එලියට එනකොටම චිත්‍රපටි ශාලාවට පිවිසෙමින් හිටපු කෙනෙක් මේ යුවළ දැක්කා …
ඒත් ගිහාන් වත් චේතනාවත් ඒ කෙනාව දැක්කෙ නෑ …
චේතනා ගිහාන්ගේ දෑතේ පැටලිලා ගිහාන්ගේ රියට නගිනකම්ම ඒ පුද්ගලයා සැගවිලා බලාගෙන හිටියා..
හමුවෙමු මීළඟ කොටසින්