සිතින් විතරක් …
හතර….. 04
ඒත් එයා ආයිම මොනවත් කිව්වෙ නෑ. සිද්ධ වෙන දෙයක් දිහා බලාගෙන ඉන්නවා ඇරෙ න්න මට වෙන කරන්න දෙයක් නෑ. වාහනේ තව කෙනෙක් ඉන්නවද කියලා හැඟීමක්වත් නැති කෙනෙක් වගේ එයා ඩ්‍රයිව් කරනවා.
එයාට හොරෙන් මම ඒ මූණ දිහා බලාගෙන හිටියා. නැත්තං මොකද ත මු සෙ මගෙ මූණ දිහා බලන්නෙ කියලා අහයි.
පාරටත් ඔරෝගෙන ඉන්න ඒ මූණෙන් නං මට එයාගෙ හැඟීම් කියවන්න බෑ.
අවුරුදු දහ නවයක ජිවිත කාලෙටම මම මේ පිරිමියෙකු මේ තරම්වත් ලං උනාමයි. ආදරේ කරන්න තාත්තා කෙනෙක් අයියා කෙනෙක් මල්ලි කෙනෙක් යාළුවෙක් නැතිව හැදුන වැඩුන කෙ ල් ලෙ ක්ට පිරිමියෙක් කියන්නෙ ඇත්තටම අමුතු සතෙක් තමා.
ඊටත් මේ වගේ නපුරෙක්. අඩුම තරමින් හිනා වෙලා වැදගත් විඳිහට කතා කරන්න දන්නෙ නැති. එයාගෙ සල්ලි වලට මුළු ලෝකෙම ගන්න පුළුවන් කියලා හිතන කෙනෙක් ගැන මම මොනවා හිතන්නද..?
අවුරුද්දක් පෙනී ඉන්න බිරිඳකට ලක්ෂ විසි පහක් ගෙවන්න පුළුවන් මනුස්සයෙකුට ඇයි බැරි ජීවිත කාලෙම තමන් එක්ක ජීවත් වෙන්න පුළුවන් තමන් කැමති තමන්ට ආදරේ කරන කෙ ල් ලෙ ක්ව හොයා ගන්න.
තේරෙන්නෙ නෑ මොන තරම් හිතුවත් ඒ හැම තැනම මට පුරව ගන්න බැරි හිස්තැන් පිරිලා හරියට මගෙ ජිවිතේ වගේ. ඒකත් හරියට හිස් වුන බඳුනක් වගේ. ඒත් ඉතිං කවුද ඒක පුරවන්නෙ.
හ්ම්ම්ම්… බහිනවා…
ඒ හඬින් ගැස්සිලා මම ඔළුව උස්සලා බැළුවා. ඉස්සරහින් තිබුනෙ තට්ටු පහක ගොඩනැඟි ල්ලක්. ඒක ඉස්සරහා SETH FATION COMPLEX කියලා දිලිසෙන රත්තරන් පාට අකුරුවලින් ගහලා තිබුන නාම පුවරුවක්. මම ආයිම ඇස් කරකවලා අර නපුරා දිහා බැළුවා.
එතකොට මේ පැෂන් කම්ප්ලෙක්ස් එක මෙයා ගෙද.. මට කිසි දෙයක් හිතා ගන්න බෑ. මොකද මම එයා ගැන මොනවත් දන්නෙ නෑ.
හොල්මනක් දැකලා වගේ බය වෙලා බලා ගෙන ඉන්නෙ නැතුව බහිනවා හලෝ…ගිහින් ත මු සෙ ට ඹ්නි දේවල් තෝරගන්නවා…
ඒ ගමන අර නපුරා කෑ ගහන්න තියා ගත්තා.
සර් මං….
මට කියන්න ඕනි වුනේ මම මීට කලින් මේ වගේ තැනකට ඇවිත් නැති නිසා තනියම යන්න බයයි කියලා. අනාත නිවාසෙක හැදුන මම කොහොමද මේ වගේ තැන්වලට එන්නෙ.
මේ මගෙ සීයගෙ ෂොප් එකක්.. බය නැතුව ගිහින් ඕනි දෙයක් ගන්නවා.. මම කෝල් එකක් දෙන්නම්.. ඒ ගමන එයා එහෙම කීවම මට තවත් කියන්න දෙයක් තිබුනෙ නෑ.
මම වාහනෙන් බැහැලා බයෙන් බයෙන් ඉස්ස රහට ඇවිදගෙන ගියා. ජීවිතේදි මීට කලින් තවදාවත් මෙහෙම අසරණකමක් මෙහෙම තනික මක් මට දැනිලා.
මට හිතුනෙ මම නන්නාදුනන ලෝකෙක අතරමං වෙලා කියලා. ඒ අසරණකමට ඇස් වලටක කඳුළුත් පිරුනා.
මම බිම බලාගෙනම ෂොප් එකට ඇතුළු වුනා. බලන බලන හැමතැනම ඇඳුන් පැලදුම් විසි තරු බඩු පිරිලා මොනා කොහොම තෝරගන්න ද කොහෙට යන්නද කියලා මට තේරුමක් නෑ.
මම එතන ඉදගෙන වටපිට බැළුවෙ මට උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා බලන්න. මට ටිකක් දුරින් හිටපු පිරිමි ළමයෙක් මාත් එක්ක හිනාවුනා.
හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා. හරියට මහා කාන්තාරයක් මැද්දෙ විලක් දැක්කා වගේ.
නිවාසෙදි අපිට උගන්නලා තිබුනෙ අපිත් එක්ක හිනාවෙන කෙනෙක්ට හිනාවෙන්න කතා කරන කෙනෙක් එක්ක කතා කරන්න කියලා. ඉතිං මමත් ඒ පිරිමි ළමයා එක්ක හිනාවුනා.
ඒත් සිද්ධ වුනේ මම හිතපු දේ නෙවී. ඒ කො ල් ලා අඩියට දෙකට මම ඉන්න තැනට ආවා.
ආ නංගි…ඇඳුම් ගන්න ඇවිත් වගේ නේ…
මගෙ ලඟට ආව ඒ කොල්ලා ඇහුවා. ඒ වචන වල නං තිබුනෙ සුහද තාවයක නෙවී වෙන මොකක්දෝ හැඟීමක් කියලා මට හිතුනා.
හිතට දැනුනෙ බයක්. මට ඕනි වුනේ එතනින් අයින් වෙන්න. ඒත් එයා උන්නෙ පාර හරස් කරගෙන.
ඔතනින්.. අයින් වෙන්න මට යන්න ඕනි..
කියන්න ඕනි මොනවද කියලා හිතා ගන්න බැරුවුන මම අසරණ හඬකින් කීවා.
කොහෙ යන්න ද බබො ඔහොම ඉන්නකො අපි ටිකක් කතා කරලා අඳුන ගමුකො ඉතිං…
එයා එහෙම කීවේ මගෙ මූණට එබෙන ගමන්. හිතට දැනන බයට දැන් නම් මාව වෙව්ලනවා. ඇස්වලට කඳුලුත් පිරුනා.
මීට කලින් මට කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ. මොකද අපි කොහෙට ගියත් තනියම යන්නෙ නෑ. මැඩම්ලා ආන්ටිලා එක්ක යන්නෙ.
අනේ..අයින් වෙන්න.. මට මට මෙතින් යන්න ඕනි…
දැන් නම් මට ඇඬෙන්න හොඳටම ලඟයි.
ඔහොම පැනලා දුවන්නද..ඇස් කරකවලා හිනාවෙලා ලඟට ගෙන්න ගත්තෙ ත මු සෙ ල්ත මාර බඩු හලෝ..
ඒ ගමන මේ කො ල් ලා කිව්වා. මට හිතුනෙ මෙතනම පොලව පලාගෙන කොහෙට හරි යන්න.
දෙයියනේ මම හිනාවුනේ එයා හිනාවුන නිසා නෙ. වෙන දේකට නෙවී. ඇස්වල පිරුනු කඳුළු කම්මුල් දිගේ ගලාගෙන යනවා මට දැනෙනවා.
මං… මං.. එහෙම කෙ..නෙක් නෙවී….
මම කීවේ ගොත ගගහා. බයටම මට ඉකිගැහු නා. කොල්ලා ඇස් දෙකත් කටේ දාගෙන මගෙ දිහා බලන් හිටියෙ පුදුමෙන්.
ත මු සෙ මොනවද තවත් මෙතන කරන්නෙ
දැන් ඇඳුම් තෝරගෙන ඉවරද..
අර නපුරගෙ ගෝරනාඩු හඬින් මං ආපහු හැරි ලා බැළුවා. කලිසම් සාක්කු දෙකේ අත්දෙක දාගෙන යකෙක් වගේ මූණත් රතු කරගෙන එයා මං ඉස්සරහා හිටගෙන ඉන්නවා.
ඒත් මට දැනෙන බයක් නෙවී මොකක්දෝ නොතේරෙන ආරක්ෂාකාරී හැඟීමක්.
මෙතන.. මනමාල කං කරකර ඉන්නෙ නැතුව ගිහින් ඕනි දේවල් අරගෙන එනවා..
ඒ හඬින්ම එයා ආයිම කීවම මම කලබලෙන් ආපහු හැරුනා. අර කො ල් ලා කොහෙට ගියාද මන්දා. මට හිනා යන්නත් ආවා. පව් බය වෙන්න ඇති.
ඔහොම ඉන්නවා… මම එතනින් ඉස්සරහට යන්න හදද්දි එයා කීවා. කියලා එතන උන්න ගෑ ණු ලමයෙකුට මාව භාරදුන්නා.
මේ මිස්ව උඩට එක්කගෙන ගිහින්..එයාට ඕනි දේවල් තෝරලා දෙන්න..එයා ඒ ගෑ ණු ළමයට කීිවා.
අපි යමු මිස්.. ඒ කෙ ල් ල කීවේ මගෙ අතකින් අල්ලගෙන.
එක එකා එක්ක කදේ දාගෙන රස්තියාදු වෙන්නෙ නැතුව.. ඉක්මට එනවා මට වැඩ තියනවා.. තව ඒ ගමන එයා කීවෙ මට.
හමුවෙමු