වෙස්🎭🎭
පහළොස්වන දිහහැරුම
පෙර කොටසට
“අනේ මට බ…ය…යි…… දිෂ්…… අම්මාද දන්නේ නෑ. හොඳටම බැනුම් අහන්න වෙන්නේ”.
ඇය කීවේ ඔහුගේ ටීෂර්ට් එකේ එල්ලෙමින් .
“ඕවා හිතන්න තිබ්බේ මේ කාමරයට එන්න කලින් .මහ ලොකු වීරයා වගේ ඇවිත් … දැන් මාවත් අමාරුවේ වැටෙනවා ….”
ඔහු සිහින් හඬින් කීවේ ඇය දෙස රවා බලමින් .
විදුලි පංකාව සමීපයේ සිටියත් සිතේ තිබුණු බයට සෙහන්සා උන්නේ දහඩියෙන් නැහැවෙමිනි.
ටක්….ටක්…ටක්..
නැවතත්
“ශේෂා …..ඔයා අර අල්මාරිය අස්සෙ හැංගෙන්න …..එතන නියමයි ..ඉක්මන් කරල හැංගෙන්න.දොර අරින්න පරක්කු වුනොත් සැක කරයි”.
දිසෙන් දොර ඇරියේ ඇය සැඟවුණූ පසුවය
ඔහුගේ ඇඟට ලේ පොදක් ඉනුවේ මැගිලින් දුටු පසුය.
නිදිමත වැගිරෙන මුහුණින් පොරවන් සිටි රෙද්දකින් හා හිස වසා හුන් ඇයව ඔහුට දිස් වූයේ හොල්මනක් පරිද්දෙනි
“ඇයි මැගී අම්මේ ……මොකෝ මේ මහ රෑ තිස්සේ ……”
“මහත්තයා දැන් ටිකකට කලින් කුස්සියට ආවා ද ?”.
“ඇයි මැගි අම්මේ එහෙම ඇහුවේ ?”.
“කුස්සියේ කවුරු හරි සද්ද කරනවා ඇහුනා…මම බෲනා වෙන්නැති කියලා හිතලා ගණන් ගන්න ගන්නේ නැතුව නිදාගත්තා…පස්සේ ආයෙ පැය බාගෙකින් විතර කුස්සියේ සද්දයක් ඇහුන ….නිදිමතෙන් හිටපු නිසා එහෙමම නිදාගත්තා……ටිකකට කලින් ඇහැරිලා වතුර බොන්න කුස්සියට ගියාම දැක්කා පැන්ට්‍රිය උඩ ප්ලේට් එකකුයි කන්ටේන්ටර් වගයකුයි හෝදාලා දාලා තියෙනවා.”
“ආ…ඔ..ඔව් මැගී අම්මේ.රෑට කන්න බැරි උන් නිසා බඩගිනි වෙලා මං කුස්සියට ගියා “.
“ඒක තමා මට හිතුනා මහත්තයා තමයි කියලා.මහත්තයා රෑට නොකා නිදාගත්ත විත්තිය මට මතක් උනා …..අනේ මහත්තයෝ මට කතා කරන්න නේ තිබ්බේ මං එහෙනම් කෑම ටික රත් කරලා මහත්තයට දෙනවනේ…”
“මැගිඅම්මා නිදාගෙනන හිටියේ ඒකයි කතා කරේ නැත්තෙ ……..”
“මම බැලුව මහත්තයට මොකක් හරි අසනීපයක් වත්ද් කියලා?රෑට කන්න නෑවිත් එළිවෙච්ච ජාමේ ආපු නිසා.
මීට පස්සේ මොනව හරි ඕන වුනොත් මට කියන්න …..මම යන්නම් මහත්තයා.”
“මගේ මේ දකුණු අත තුවාල වුණා .ඒක නිසයි රෑට කන්න ආවෙ නැත්තෙ.අතේ කැක්කුම අඩු වුණු නිසා දැන් කෑවෙ…”
“ඒක මිසක් මහත්තයා…මම බයවුණා මහත්තයා නෙමේනම් කවුද කියලා….”.
මම එහෙනම් යන්නම් මහත්තයා”.
මැගිලින් එතැනින් පිටව ගියේ ලොකු ඈනුමක් යවමින්.
ඈ ගිය සැනෙන් ඔහු දොර වැසුවේය .
“අම්මෝ හරිම අමාරුවෙන් හිටියේ ……එතැන තිබ්බ දූවිල්ලට මට කිඹුහුම් යන්න ගිහිල්ලා බොහම අමාරුවෙන් ඒක හිරකරගත්තේ……”
ඔහු තමා දෙස බලමින් හොරෙන් හිනැහෙන බව ඈ දුටුවාය .
“මොකෝ මගේ දිහා බලාගෙන හිනාවෙන්නේ ….,මැගීඅම්මටත් ඕන්නැති දෙයක් නෑ .’.
ඇය පැවසුවේ මුහුණ පුරා තැවරී තිබූ මකුළු දැල් අතින් පිරිමැද බලමින් .
ඒවා මුහුණේ තිබූ දහඩියට මූහුණටම ඇලවී ගොසිනි.
“හචීස්…..”
“කෝ එන්න පිහිදාන්න…”
ඇය ඔහු වෙත ළං වූයේ වේගවත් හදගැස්ම
සමඟිනි..
ඔහු හෙමිහිට ඇඟේ මුහුණ පිස දැම්මේ ඔහු අත තිබූ කඩදාසි අත්පිසිනාවකින්.
“මොකෝ ඇස් වහ ගත්තේ….”
ඇය සිනාසුනා පමණය.
“මොකෝ ආයේ මගෙන් කිස් ඕනේ වෙලාද?”
ඔහු ඇසුවේ ඇගේ සවනට මුමුණමින් .
ඒ සුසුම් වැදීමෙන් ඇගේ ගත කිති කැවිනි.
“යනවා යන්න මගේ කාමරෙන්.කලින් මැගිලින් ආවා.ඊළඟට කෙළින්ම ඔයාගේ අම්මා ඒවි.මීට පස්සෙ මගේ කාමරේ අස්සේ රිංගන්නේ එහෙම නෑ ….”
“ඇයි මාව එළවන්නේ …..?”.
“ඔයා තව ටිකක් වෙලා මේක අස්සේ හිටියොත් මම කිස් කරල නවත්තන එකක් නෑ……..මගේ limit පන්නවන්නේ නැතුව දැන් මෙතනින් යනවා….”
දිසෙන් සැර වූයේ ඒ බෝල ඇස් වලින් පවසන වදන් දිගේ ගොසින් ඔහු අතරමං විය හැකි නිසා ය.
“මං දන්නවා ඔයා මට ආදරෙයි .ඒත් ඔයා මගේ ආදරේට බයයි …..”
“එහෙම දෙයක් නෑ ….”
“ඔයා මට ආදරේ .ඔයාගේ ඇස්දෙක දැක්කම කියන්න පුළුවන් “..
“එහෙම දෙයක් නෑ ශේෂා……”
“ඔයා මට ආදරේ නෑ කියලා අහක බලාගෙන කියන්නෙ නැතුව මගේ ඇස් දෙක දිහා බලාගෙන පුළුවන්නම් කියන්න……”
“ශේෂ මගේ ය/කා අවුස්සන්නේ නැතුව යනවා යන්න මගේ කාමරෙන්…..ගිය නැත්තං ගෙදර අයට ඇහෙන්න හයියෙන් කෑ ගහනවා ත/මු/සේ මගේ කාමරේ අස්සේ බලෙන් රිංගන් ඉන්නවා කියලා….”
සෙහන්සා ඔහුගේ කුටියෙන් පිටවුනේ මුහුණ අඳුරු කර ගෙනය.
ඇය නික්ම ගිය පසු සිය කුටියේ දොරගුලු වසා ගත් දිසෙන් සයනයේ වැතිරුනේ ඇය ගැන කප්පරක් සිතුවිලි සිතේ හිරකරන්.
ඇය ගිය පසු මුළු කුටියම පාළුවට ගොස් ඇති බව ඔහුට දැනුනි .
ඈ හිඳ උන් සයනේ තවමත් ඇයගේ සුවඳ දැනෙන්නා මෙනි .
ඈ සිපගත් රළු තොල් පෙති තවමත් සියුමැලි ඇගේ කොපුල් පහස සොයන්නා මෙනි .
නෙතු යුගල තවමත් ඇගේ බෝල ඇස් වල බැල්මන් සොයන්නා මෙනි.
ඇයගේ ආදරය ,ඇයගේ සොඳුරු රුව විදින්නට සිත කෙතරම් ලෝබ වුවත් තමා ඈ පන්නා දැමුවේ හිත්පිත් නැති අයුරිනි.
ඇය මෙතරම් තමාට ආදරය කරන්නේ ඇයිදැයි ඔහුට සිතා ගත නොහැක .
සිය කුස කුසගින්නෙන් දැවෙද්දී ,ඈට එය දැනුනාක් මෙන් කෑම බෙදාගෙන විත් කැව්වේ ,
අතේ වූ තුවාලයට බෙහෙත් ගෙනවිත් දැම්මේ,
මවක් පරිද්දෙන් නොවේද ?
එසේ තමාට ආදරය කරන ඇයට ,තමා බැන වැදුනේ නපුරු විලසිනි.
“මට සමාවෙ/ය/න් මැණික ,මට උ/ඹේ ආදරේ පපුවටම දැනෙනවා …..උ/ඹ කොයි වෙලාවෙත් මගේ හිත අස්සට එද්දී මට මා එක්කම තරහයි ……උ/ඹ නම් මහ පි/ස්/සු/ව/ක් ……මගෙන් ඈත් වෙයන් බන්…
උ/ඹ ඔච්චර ආදරේ කරද්දි මං කොහොමද උඹෙන් ඈත් වෙන්නෙ “
දිසෙන් තමාටම කියා ගත්තේ එලෙසින්.
සිත බොහෝ සෙයින් කලබල වී ඇති නිසා දු/ම්/වැ/ටියක් බීමට ඔහුට අවැසි වුවත් රිදුම් දෙන සිය දකුණත නිසා එය සිදු කිරීමට නොහැකිව ඔහු උන්නේ තරහෙනි.
💓💓💓💓💓💓
“අද ඔෆිස් නෙමෙයිද යන්නේ මිස් “.
රියට නැගී වෙලාවේ සිට ඈ ඉන්නේ නිහඬව ඔහුව ගණනකට නොගෙනය.
කාර්යාලයත් පසුකර රිය ගල්කිස්ස පෙදෙසට ඇදෙද්දි ඔහු එසේ ඇසුවේ ඈ කිසිවක් නොකී නිසාය .
“ඔෆිස් නෙමෙයි”.
“එහෙනම් කොහෙද අපි යන්නේ “.
“ඔයාට මොකටද ඒක….ඔයා මගේ bodyguard විදිහට මං යන ඕන තැනක මා එක්ක යන්ට ලෑස්ති වෙලා ඉන්න ඕනේ…..ඊට එහා අපි අතර කිසිම සම්බන්ධයක් නෑ නේ මම කරන කියන දේවල් ඔයාට කියන්න”.
ඇගේ සිත බොහෝ සෙයින් රිදී ඇති බව ඔහුට සිතිණි .
ඈ මෙසේ තමාගෙන් පළි ගන්නේ එබැවිනි.
ඔහු නිහඬව සිටියේ මෙලෙස තමා රිදවා හෝ ඈ සැනසෙන්නේ නම් කම් නැතැයි සිතමින්.
ඈ රිය නැවැත්තුවේ රත්මලානේ බොරුපන පාරේ මද දුරක් ඉදිරියට ගොසින් .
ඒ නිස්කලංක පරිසරයක තිබූ විසල් භූමි ප්‍රමාණයක ඉදි කෙරූ තෙමහල් ගොඩනැගිල්ලකුත් දෙමහල් ගොඩනැගිල්ලකුත් ය.
ඊට එක් පසකින් වූයේ තනි මහල් ගොඩනැගිල්ලකි.
රිය නැවතුනේ ඒ සමීපයේ ය .
ඔහු රියෙන් බැස්සේ ඒ පුවරුව කියවමින්.
“සුමඟ ළමා පියස කාර්‍යාලය”
එසේනම් මේ ඈ පැමිණ ඇත්තේ ළමා නිවාසයකට දැයි ඔහුට සිතුණේය.
සෙහංසා නිහඬව ඉදිරියට ඇවිදන් යද්දි ඔහු ඇගේ පිටුපසින් ගියේ එහි වටපිට බලමින් .
ඈ ඇවිදන් ගියේ තෙමහල් ගොඩනැගිල්ලේ පිටුපස පෙදෙසටය.
ඒ ක්‍රීඩා පිට්ටනියකි.
පසෙකින් වූයේ අලංකාර මල් උයනකි .
රෝස ,කානේෂන්,ඇන්තූරියම්,දාස්පෙතියා ,සීනියස් වැනි නෙක වර්ගයේ විවිධ පැහැ වලින් එය දිස්වෙයි.
ඈ පියමැන්නෙ ක්‍රීඩා පිට්ටනිය දෙසටය.
ක්‍රීඩා පිට්ටනියට පවා මල් උයනේ සුවඳ හමා එන්නේ ය.
සෙල්ලම් කරමින් සිටි ළමයි පිරිසක් හනිකට ඈ දෙසට දිව ආවේ කලබලයෙනි.
“ශේ අක්කා …”.
රෝස කොපුල් ඇති,ගෙලෙන් මදක් පහතට වන්නට දිගු කැරලි කොණ්ඩයක් ඇති පැහැපත් බෝලයක් මෙන් අවුරුදු තුන හතරක සුරතල් දැරිවියක්
ඇයව වැළඳගත්තාය.
“ශේෂා අක්කා ගොඩ කාලෙකින් .මේ අයියා කාද?…….”
අනෙකුත් දරු දැරියන් ඈ වට කර ගත්තේ එසේ කියමිනි .
“මේ අක්කාගේ ඔෆිස් එකේ යාලුවෙක්”.
“ඔයා නං නෝති ම නෝති අක්කි බබෝ…..ඔවාට දැන් අපිව මතත් වෙන්නේත් නෑ….බබා ගොඩ දවසක් ඔවා එනකම් බලන් හිටියේ ….මං තලහයි…..”
ඒ කුඩා දැරිය ඇගෙන් මිදුණේ එක්වරම අමනාප මුහුණක් ඇගේ සුරතල් මුහුණට ගනිමිනි.
“මගේ පුලුන් බෝලෙ මාත් එක්ක තරහයිද ?අක්කියා බිසී වෙලා හිටියේ පහුගිය දවස් ටිකේ පැටියෝ …..ඒකයි එන්න බැරිවුනේ …so sorry පැටියෝ…..”
“නන්න මං තලහයි …බබා ගොඩාලියක් ඇඩුවත් එක්ක සුජා නැන්නී මත බැන්නා බබා නෝතී උනා කියලා……”
“ඉතින් බබා ඇයි නෝටි උනේ ……”
“මත මගේ ශේ අක්කාව බලන්න ඕනේ උනා…..ඔයා නැතුව මං හිතියේ හලි පාලුවෙන්…….බබා අක්කී ඕනේ කීලා ඇඬුවා.එතකොට සුජාත නැන්නී මට ගොඩාලියක් බැන්නා……”
ඒ සුරතලිය කියන්නේ ඇගේ පුංචි කට උල්කරමින්…..අස් දෙක ලොකු කරමිනි….
“හරි මම සුජාතා නැන්දට කියන්නම් මීට පස්සේ බබාට බනින්න එපා කියලා ……”
“බනින්න නෙමේ සුජා නැන්නීට කෝට්ට පෙන්නල බල කරලා සැල දාන්න….හුදේ …….”
“අම්මෝ මේක නයි මිරිස් කරලක් වගේනේ….”
දැරියගේ මට්ටමට බිම පාත් වී හුන් සෙහංසා කීවේ දැරියගේ නහය මිරිකමිනි.
“ආ……මේක මගේ පුළුන් බෝලෙට……”
“අනේ බබා ආතම චොකෝ…..චන්නි චොක්……..තැන්කූ ශේ අක්කේ….”
“පුලුන් බෝලෙ දැන් මාත් එක්ක තරහ නෑ නේද …….?
“ලාලූ වෙන්නේ බඩුවක් කොමිස් උනොත්…”
“කොමිස් නෙමේ බබා ප්‍රොමිස්…..”
“හලි…හලි….බබාගේ දිව කුලුක් වෙනා ….අක්කී මීත පත්තේ බබාල බලන්න හැමතාම නෙන්න ඕනේ.”
“අක්කිට හැමදාම එන්න බෑනෙ බබා.මම සතියට දවසක් එන්නම්…..බබාට අක්කි මතක් උනොත් සුජා නැන්දිට කියලා මට කෝල් එකක් ගන්න…මම සුජාතා නැන්දාටත් කියන්නම්….”
“හලි අක්කී ….”
ඇය චොකලට් පෙත්තත් ගෙන දිව යන අයුරු සෙහන්සා බලා සිටියේ සිනහමුසු මුවින්..
“අක්කී දියානා ට විතරද චොකෝ…අපිට නැද්ද?…..”
අනෙක්ක් පිරිස ඈ වට කර ගනිද්දී ඇය සිය අත් බෑගය විවර කර
ඉවතට ගත්තේ චොක්ලට් පිරවු බෑගයකි.
දිසෙන් නිහඬව බලා සිටියේ ඈ දෙසයි.
ඈ කෙතරම් විසල් හඳවතක් ඇත්තියක්ද?
මේ අනාථ ළමයින්ට ඈ බෙහවින් ආදරය කරන බව ඔහුට දැනුණේ මෙහි ආ මොහොතටය.
“ආ ශේෂා….කොයි වෙලාවේද ආවේ……මම හිතුවේ තාම ආවේ නෑ කියලා”.
“නෑ අම්මී දියානා යි පොඩිඋන් කට්ටියයි මාව වට කර ගත්තා නේ….”
“දිසෙන් මේ අපේ අම්මා ගේ ළමා නිවාසේ”.
ජයන්ති ඔහු දෙස බලා එක්වරම ඉවත බලාගත් අයුරු දුටු දිසෙන් කල්පනා කරන්න වූයේ ඈ ඔහුට මෙතරම් අකැමැති ඇයිදැයි යනුවෙනි.
💓💓💓💓💓💓
“ත/මු/සෙ/ලා කිරි සප්පයෝද ඕ/යි….බජාර් එකට අලුතින් බැහපු එ/කෙ/ක්/ට කි/ච වෙලා ආවේ..”
“බොස් දන්නේ නෑ බොස් ඌ හොඳ වැඩ කාරයෙක් ……….”
“උ/ඹ/ලා මේ වැඩ පුරුදු වෙන්න ද බ/න් කරන්නේ …….ඌ තනි එකා….උ/ඹ/ලා හතරදෙනෙක් දෙනාට බැරි වුනාද උ/ගේ හතර හන්දි කඩලා එන්න…..”
“අපේ තුෂාරයා ඒ/ක/ගේ අතට වැඩේ දුන්න.ඌ ගාව පි__ තිබ්බනේ ලොක්කා…..”
“ඌ වගේ දෙකයි පනහේ එකෙක් ගාව පි_ තිබ්බා ……”
මෙතක් වෙලා තරහින් පුපුරමින් හුන් ධනුක දෑස් විසල් කරමින් ගෝලයන් පිරිස දෙස බලා සිටියේ පුදුමයෙනි.
“ඒකනෙ ලොක්කා ……ඌ කෙ/ල්/ල/ගෙ ඉස්සරහ වීරයා වගේ අපිට වෙඩි තියන්න හැදුවේ……”
“එකත් එකටම රෙජිනෝල්ඩ් කාරය දෙන්නැත්තෙ ඕකාට පිස්තෝලේ…..”
ධනුක කීවේ මොහොතක් කල්පනා කරමින්.
“වෙන්නැති බොස්…කිව්වට ඒකා කෙ/ල්/ල/ගෙ බොඩි ගාර්ඩ් කියලා අපිට නම් ඒ විත්‍තියක් පෙනුනේ නෑ…..”.
“ඔව් ඔව් බොස් ……..කෙ/ල්/ල ඌ/ට හෙන ලව් වගේ …….උ/ගේ ඇඟේ ඇලවිලා වගේ හිටියේ……..”.
“ඒකත් එහෙමද ?…..ඒක තමා ඌ මෙච්චර උඩ යන්නේ……මැස්සෙක් ගිය උඩ ……..”
“ඌ කිව්වනේ එක එක හෙංචයියෝ එන්නේ නැතුව පුළුවන්නම් බොස්ට ඌ/ත් එක්ක ෆේස් ටූ ෆේස් ෆයිට් එකට එන්න කියන්න කියලා…”
“ඌ එහෙම කිව්වද …….එහෙනම් උ/ගේ මේ …අන්තිම කාලේ.මම හැදුවේ ඌ/ව බය කරල පැත්තකට කරන්න…….
අර කෙ/ල්/ල ……ඒ/කි/ව මට ඕනේ ………..
ඌට වැඩේ දීලා ඒ/කි/ව මගේ ළගට ගන්නකන් මට සිහියක් නෑ……….”
හමුවෙමු මීලඟ දිගහැරුමෙන්