ආදරණීයම ඔයා…04

සෝන්‍ය ගේ හැසිරීම් දැනටමත් මා නොසන්සුන් කරවා තිබිනි. මේ දැන් නම් මෙතන හිදින්නේ මා ඉන් පෙර දැන හදුනාගෙන උන් සෝන්‍ය සේ නිත් සමරදිවාකර නොවේ. වෙන කවුදෝ කෙ නෙකි.

ඔහු එතරම් ලෙංගතුව ආදරණීයව ගෞරවණී යව මගේ නෑදෑ හිතමිතරන් හා සුහදව කතා බහ කරතියි හැසිරෙතැයි මම සිහිනයෙන්වත් විශ්වාස නොකලෙමි.

වෙනකක් තබා මේ මොහොතේ මෙතැන ධනු ක උන්න ද ඔහුවත් මෙතරම්ම ලෙංගතුව ඔවු න් හා දොඬන්නේ නැත.

මන් ද කෙතරම් කටකාරයෙක් උවද ධනුක න න්නාදුනන්නන් හා එතරම් කතාබහට යන්නේ නැත. ඇරත් ඔහු කොහොමටත් ආඩම්බරය. එහෙයින් කීයටවත් මෙසේ නම් ධනුක හැසිරෙ න්නේ නැත.

සෝන්‍ය ඔවුන්ගේ කෙතරම් සිත් ගත්තේ ද කිව හොත් කිසිවෙකුගේ හොඳක් කවදාවත්ම නො කියන චූටි නැන්දම්මා පවා අප්පච්චි වගේ නැ තුව දුව නං මොගේ කල්පනා කරලා හොඳ කො ල් ලෙ ක්ව හොයාගෙන තියෙන්නේ යැයි කීවා ය.

සෝන්‍ය ගේ අරමුණ කුමක් උවත් ඔහු මා වෙනු වෙන් මේ කරනා කියන සියළු දේ නිසාවෙන් ම ට සෝන්‍ය ගැන ඇති වුයේ ගෞරවණීය හැ ඟී මකි.

එනිසාම සිතට දැනුනේ සැහැල්ලුවකි. එහෙයි න්ම සියල්ල අමතක කරද දමා සැහැල්ලු සිතින් හිදින්නට මම හැකිතාක් උත්සහ කලෙමි.

තෑන්ක්ස් සෝන්‍ය… කිසිවෙකුත් ලඟ නොමැති විකට මම ඔහුට කීවෙමි.

මොනවටද..

විසල් කරගත් දැසින් මදෙස බලමින් ඔහු ඇසු වේ විමතියෙනි.

මං වෙනුවෙන් කරන හැමදේටම…

මා කීවේ අවංකවමය.

පිස්සු කතා කියන්න එපා තාදී.. ඔයා වෙනු වෙ න් නැතුව මං වෙන කවුරු වෙනුවෙන් ඒවා කරන්නද..

ඒ වදන් වල වූයේ කවරාකාර හැඟීමක් දැයි ම ට සත්තකින්ම වටහාගත නොහැකිය.

සෝන්‍ය…

හිතේ වූ නොසන්සුන් කමටම මට කිවිනි.

ඔයා මගෙ වයිෆ් ඉතිං ඔයා වෙනුවෙන් තමා මං මේ හැමදේම කරන්නෙ..විකාර හිතන්නෙ නැතුව ඉන්න දැන්…

සෝන්‍ය කියවගේන යද්දී සත්තකින්ම මම තිගැ ස්සුනෙමි. ඔහු මෙතරම් කෙටි කාලයක් තුල එ ත රම්ම මා ගැන හිතන්නට පුරුදු වූයේ කෙ සේ දැයි මට තේරෙන්නේ නැත.

අර නන්නාදුනන අමුතු අමුත්තා ඔහුට එතරම් ම පහසුවෙන් එවැන්නත් භාරගත හැකි ද..

ඇත්තම නං මම තාමත් ඔහුව මගේ සැමියා ලෙසින් භාරගෙන නොමැති බවය. නැතිනම් මා තවමත් ඔහුව ධනුක හා සසඳමින් සිටිනා බව ය.

නොතේරෙන කුමක් දෝ අසරණ හැඟීමක් මා නොසන්සුන් කරවා ඇත. අවසාන මොහොතේ අවසන් තත්පරයේදී හෝ ධනුක ආපසු එතැයි මම බලාපොරොත්තු වීමි.

තවමත් මේ මොහොතේත් ඔහු මා කරා එතැයි අමුතු නොගැලපෙන විකාරරූපි හීනයක් මගේ හදවතේ කොනක දළුලමින් ඇත.

එහෙයින්ම සෝන්‍යට තරම් පහසුවෙන් මට ඔ හුව මාගේ කරන්නට නොහැකිය. එසේ තිබියදී සෝන්‍ය ගේ මේ සෑම හැසිරීමක්ම මසිතට එක් කලේ අමුතුම බියකි.

ඉතිං ඒ ගමන ආයිම කල්පනාව..හැමදේම ඔනි වට වඩා හිතන්න එපා තාදී.. රිලැක්ස් ඉන්න..

මා නොසන්සුන් සිතින් හිඳිනවා දුටු නිසාදෝ සෝන්‍ය කීවේය. ආයාශයෙන් මම මුවට සිනාව ක් නඟා ගතිමි.

නොදන්නා අනාගතයකට නන්නාදුනන මිනි සෙක් හා පිටවන්නට මම අම්මාගෙනුත් මල්ලී ගෙනුත් සමුගතිමි

අම්මා පමණක් නොව මල්ලීත් මා වැලඟගෙන ඉකිබිඳ හඬා වැලපුනාය. මගේ අවිනිශ්චිත අ නාගතය ගැන බියක් පිටතින් නොපෙන් වූ වාට ඔවුන්ගේ සිතේ විය.

වසර පහක් තිස්සේ දැන හදුනාගෙන උන් අයෙ කුට අවසන් මොහොතේ අර වැනි දෙයක් කර න්නට හැකිනම් මේ නන්නාදුන මිනිසාට කුමක් කෙසේ කල හැකි දැයි මා මෙන්ම ඔවුන්ද සිතු වාට සැක නැත.

මොකද තාදී මේ.. ඇයි ඔයා ඔහොම අඬන් නෙ

සෝන්‍ය ඇසුවේ මා තවමත් හඬමින් සිටිනා නිසා වන්නට ඇත. ජීවිතේ මේ අවිනිශ්චි බව වෙනුවෙන් නොහඬා කුමක් කල යුතුදැයි මට සිතාගත නොහැකි විය.

අඬන්නෙ නෑ..ඇඬෙනවනෙ…

මා කීවේ අසරණම අසරණ හඬකිනි. ඔහුට ඒ අසරණකම වටහා ගන්න හැකිවන එකක් නැත.

මොනවට ද ඇඬෙන්නෙ කියලා අහන්නෙ නෑ මම ඒත් ඔහොම අඬන්න එපා..

ඒ වදන් වල වූයේ ඉල්ලීමක් ද අනකිරීමක් දැයි මට වටහාගත නොහැකි විය. මම අසරණ ඇස්වලින් ඔහු දෙස බැලීමි.

දැසේ වූ කඳුවලින් මට ඔහුව පෙනුනේ බොඳ වීය.හිතට මොකක් දෝ නොදන්නා බියක් දැ නෙන්නට වූයේ මන්දැයි මමම නොදැන සිටි යෙමි. මම පිටි අත්ලෙන් දෑස් පිස දා ගත්තේ සිතේ වූ වේදනාව සඟවාගෙනය.

හමුවෙමු.