නපුරු දීගේ

“එහෙම කියන්න එපා අක්කෙ.හැම දෙයක්ම හොඳින් විසඳෙයි.ඔයා කාටවත් වරදක් කරපු කෙනෙක් නෙවෙයි.දන්න කියන කාලෙ ඉඳන්ම මගෙ අක්කා හැමෝටම හොඳ කරපු කෙනෙක්.දරුවෙක් නැතුව අක්කයි අක්කයි කොච්චර දුක් වින්දද.අර ඇක්සිඩන්ට් එක නිසා ආර්වින් අයියගෙ කකුලකුත් නැති උනා.

ඒත් අක්කා හැම දෙයක්ම දරාගෙන දෙවියො ගැන විශ්වාසෙ තියාගෙන ජීවිතේට කෙලින් ශක්තිමත්ව මුහුණ දුන්නා.ඒ වගේ මේකටත් හිත කෙලින් තියාගෙන දෙවියො ගැන විශ්වාසෙන් ඉන්න.ඔයාටයි පැටව් දෙන්නටයි මොකුත්ම වෙන්නෑ.අපි හැමෝම ඔයත් එක්ක ඉන්නවා.බය වෙන්න එපා…”

නංගි මගෙ හිතේ විශ්වාසයකුයි අලුත් බලාපොරොත්තුයි ඇති කරා.ආර්වින් ඉස්සරහදි නොපෙන්නුවට මං හිටියෙ ජීවිතේ ගැන අවිනිශ්චිත භාවයකින්.ඩොක්ටර්ලා කියලා තිබ්බ විදියට මගෙ බඩට විශබීජයක් ගිහින් එතන ගෙ/ඩි/ය/ක් හැදිලා.

ඒකයිලු මෙහෙම සැරින් සැරේට බඩ ඇතුලෙන් වේදනාවක් දැනෙන්නෙ.දරුවො දෙන්නා දඟලද්දි ඒ වේදනාව එනකොට නම් ඉවසගෙන ඉන්නම බැහැ.ඒ වෙලාවට මහ හයියෙන් කෑ ගහලා අඬන්න තරම් හිතෙනවා.

“ආර්වින් නිසයි මං මෙහෙම හිත ශක්තිමත් කරගෙන ඉන්නෙ නංගි.එයා කියන්නෙ පිට රටකින් හරි ඩොක්ටර්ලා ගෙන්නලා මාවයි පුතාලා දෙන්නවයි බේර ගන්නවලු.එයාගෙ හිතේ ලොකු විශ්වාසයක් තියනවා අපි තුන් දෙනාවම බේර ගන්න පුලුවන් කියලා…”

“අපි කියන්නෙත් ඒකමයි අක්කෙ.ඔය හිටියා වගේ මේ මාස ටිකත් ඔයා කොහොම හරි දරාගෙන ඉන්න.ඩිලිවරි එක උනාට පස්සෙ ඔපරේෂන් එක කරයි.කොහොමත් ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ ආර්වින් අයියට වගේ ඔයාටත් කාලයක් යනකල් රෙස්ට් කරන්න වෙයි.ඊට පස්සෙ කලින් වගේ දුවලා පැනලා සතුටින් ඉන්න ලැබෙයි…”

නංගියි මමයි බැල්කනියට ඇවිත් ගොඩාක් වෙලා කතා කර කර හිටියා.අපි දෙන්නා වැඩියෙන්ම කතා කරේ අපේ පුංචි කාලෙ ගැන.ඉස්කෝලෙ කාලෙ වෙච්චි රසවත් සිදුවීම් නැවත සිහිපත් කරමින් එහි රස මුසු තැන් වල මතකය සිහිපත් කරා.

රෑ දහයහමාරට විතර පාර්ටිය ඉවර වෙලා නංගි ධනුකත් එක්ක ගෙදර ගියා.අම්මත් අප්පච්චිත් එක්ක ගෙදර ගියා.

ආර්වින් කාමරේට එනකල් මම ඇහැරිලයි හිටියෙ.චුට්ටක් බොන්න කිව්වත් ආර්වින් වැඩිපුර බීලා වගේ.කෙලින් හිටගෙන ඉන්නත් අමාරු ගතියක් පෙනුනෙ.මඩේ හිටෝපු ඉන්නක් වගේ දෙපැත්තට වැනෙනවා.දහයත් පහු වෙච්චි නිසා මම නිදාගෙන ඇති කියලා හිතලා වැඩියෙන් බීලාද කොහෙද.

“මැණි… කා…”

එයා වැනි වැනි ඇවිත් මාව තු/රු/ල් කරගන්න හැදුවා.මං අහකට ගියා.නහයක් තියාගෙන මං කොහොම මේ මනුස්සයත් එක්ක එක ඇඳේ නි/දා ගන්නද මන්දා.උදේට බලාගන්නම්කො මං.

“එපා මාව අල්ලන්න.යන්නයි කිව්වෙ අහකට…”

ආර්වින් ඇස් ලොකු කරගෙන මගෙ දිහා බැලුවා.මං එයාව රවලා කොට්ටෙයි සීට් එකයි අතට ගත්තා.

“බබා…. බිම නි…දා…ගන්න… එපා…”

එයාට හිතේ මමයි බිම නිදාගන්න හදන්නෙ කියලා.මෙච්චර ඉක්මනට මං කියපු දේ අමතක වෙලා වගේ.

“යන්නයි කිව්වෙ කාමරෙන් එලියට…”

මං එයාගෙ අතින් ඇදගෙන කාමරේ දොර ගාවටම ඇවිත් එලියට යැව්වා.මං කලින්ම කිව්වනෙ ගොඩක් බිව්වොත් එලියෙ තමයි නිදා ගන්න දෙන්නෙ කියලා.මට්ටු වෙන්නම අරින්න ඕනි.

“අනේ බබා… ඇයි මේ?…. මං ගොඩක් බිව්වෙ නෑනෙ සුදූ…. මං කෙලින් මේ…. අනේ මැණික සොරි වස්තුවෙ….. ආයෙ මං බොන්නෑ…. මේ දොර අරින්නකො….. සුදූ ආදරෙයි පන…. මේ දොර අරින්නකො අනේ…”

එයා කොච්චර කෑ ගැහුවත් මං දොර ඇරියෙ නෑ.මං කොයි තරම් ආදරෙන් කිව්වද පොඩ්ඩක් බොන්න කියලා.ඒත් ඇහුවෙ නෑනෙ නපුරා.මාමණ්ඩියි යාළුවයි එක්ක හොඳටම බිව්වා.උදේට කියලා දෙන්නම්කො.

ටික වෙලාවකින් ආර්වින්ගෙ සද්දෙ නැතුව ගියා.නපුරා උඩ සාලෙ සෙටියට වැටිලා නිදි ඇති.මාත් නිදාගන්නවා.උදේට හොඳටම නාවලා ගන්න ඕනි.

නිදාගන්න ආවත් නින්ද ඇස් අහලකටවත් ආවෙ නැහැ.පණ්ඩිතයා වගේ එයාව කාමරෙන් එලියට ඇදලා දාලා දැන් ඉතින් ඒ උණුහුම නැතුව මට නින්ද යන්නෑ.වෙනදාට නම් මේ වෙලාවට එයා මාව තු/රු/ල් කරගෙන සැ/ප/ට නිදි.අද මං දුකින් වගේ එයා ඇඳේ අනික් පස දිහා බලාගෙන ඉන්නවා.

කාමරේ දොර ඇරලා එයාට ඇතුලට එන්න කියන්නත් හිතෙනවා.කොහොමත් මට නපුරාව නැතුව නින්ද යන්නෙත් නෑනෙ. ඔයාගෙ සුවඳ නොවිඳ මං කොහොමද නිදා ගන්නෙ නපුරො?

චණ්ඩියා වගේ ආර්වින්ව කාමරෙන් එලියට දාලා මං දැන් කොහොමද ආයෙත් එයාව කාමරේ ඇතුලට එක්කන් එන්නෙ?කලින් මං කිව්වත් එක්කනෙ එයාට වැඩියෙන් බිව්වොත් එහෙම එලියෙ නිදාගන්න වෙන්නෙ කියලා.

කල්පනා කර කර ඉඳලා මට පාන්දර යාමයේ හොඳට නින්ද ගිහින් තිබුනා.උදේම ඇහැරිලා මං ගිහින් දොර ඇරලා බැලුවා.ආර්වින් සෙටිය උඩ මුනින් අතට වැටිලා නිදියගෙන ඉන්නවා.ඉන්න විදියට මට පව් කියලත් හිතුනා.

මං අතපය දිගෑරලා ඇඳේ සැ/ප/ට නිදා ගනිද්දි එයා සෙටිය උඩ අතපය වකුටු කරගෙන සීතලේ ගැහි ගැහි ඊයෙ රෑ නිදාගන්න ඇත්තෙ.පාන්දර දොළහට එකට විතර වැස්සකුත් වැස්සනෙ.ආර්වින් හිතනවා ඇති මං මහා නපුරියක් කියලා.

මං ආර්වින්ව ඇහැරවලා කියලා හිතාගෙන ළඟට යද්දි එයා කෙඳිරි ගාලා ඈනුමකුත් ඇරලා නැගිට්ටා.දැන් මට හොඳටම බනියි ඊයෙ රෑ එයාව කාමරෙන් එලියට දැම්ම එකට.

මාව දැක්කා විතරයි එයා අහක බලාගෙන සෙටියෙ නැගිටලා කොට්ටෙයි පොරවන සීට් එකයි අරගෙන කොර ගගහා කාමරේට ගියා. මාත් එක්ක තරහෙන් වගේ ඉන්නෙ.

මං ළඟට යද්දි ආර්වින් ඔලුව කස කස අහක බලාගත්තා.මං ඇඳේ පැත්තකින් වාඩි උනා. ඇසුත් ර/තු වෙලා එයාගෙ.

“සොරි පූජා.මට ඊයෙ ටිකක් වැඩි උනා දන්නෙම නැතුව.ඔයා තරහයිද?…”

ඇති යාන්තං.මං හිතුවෙ ආර්වින් මාත් එක්ක කේන්තියෙන් ඉන්නෙ කියලා.නපුරා ශේප් ඒ කියන්නෙ.

“නෑ ආර්වින්.මං හිතුවෙ ඔයා මාත් එක්ක කේන්තියෙන් ඉන්නෙ කියලා.ඔයාව කාමරෙන් එලියට දාලා මං ඇඳේ නිදාගත්තා. පන්ඩිතකමට එහෙම කරාට මං සතුටින් හිටියෙ නෑ.ඔයාගෙ උණුහුම නැතුව මට නින්ද යන්නෑ.මං දුකින් හිටියෙ…”

මං ගැන ආර්වින්ට දුක හිතිලද මන්දා එයා මගෙ නලල ඉඹලා මාව තුරුල් කරගත්තා. තාම හැබැයි එයා ගාව ඊයෙ බීපුවැ ග / ඳ තියනවා.නාගෙන එන්න කියන්න ඕනි.

“මට සමාවෙන්න මැණික.ඔයා දුක් වෙන්න එපා.ඔයා වැරදි නෑ.මගෙ මැණිකා මට වැඩිපුර බොන්න එපා කියද්දිනෙ මං බිව්වෙ…”

“හොඳ ළමයා වගේ ගිහින් නාගෙන එන්නකො දැන්…”

“මේ උදේ පාන්දර නාන්න??…”

ආර්වින් ඇස් දෙක ලොකු කරගෙන මගෙ දිහා බැලුවෙ පුදුම වෙලා වගේ.

“ඔව් ඔව්.දැන් තමයි නාන්න කිව්වෙ.ග/න්/ද/ස්/සා/රෙ බැහැ ළඟ.එන්න එපා පුතාලා දෙන්නා එක්ක එහෙම කතා කරන්න නාන්නැතුව…”

බෑ කියන්න බැරි කමට වගේ ආර්වින් ඇඳෙන් නැගිටලා ටවල් එක අරන් බාතෲම් එකට ගියේ.එයා ගිහින් ටික වෙලාවක් යද්දි මගෙ බඩ ඇතුලෙන් අර වේදනාව ආපහු ඉවසන්න බැරි විදියට දැනීගෙන ආවා.

මතු සම්බන්දයි.

තව කොටස් දෙකෙන් කතාව ඉවරයි.මේ දවස් වල ගොඩක් වැඩ අස්සෙ කතාව ටයිප් කරන්නෙ.කතාව නොදී ඉන්නෑ.පුංචි කොටසක් හරි දෙන්නම්