Ex වයිෆ්
30 වන කොටස
“චේතනා ආයේ කවදද එනවා කිව්වේ ?..”
ගිහාන් එහෙම ඇහුවේ චේතනාගේ ගේ වටපිට දිහා බලලා …
හරිම පුංචි ,දිරාපත් වන ගෙයක් …
ටකරන් වහල නිසා උෂ්ණාධික මේ පළාතේ උෂ්ණය වැඩිපුර ගේ ඇතුළේ රැදුණා…
චේතනාගේ අම්මා මොහොතක් කල්පනා කරා ….
“ත.ව ද..ව..ස් දෙ..ක තුනකින් එයි මාත්තියා..”
ගිහාන් ගේ හිතේ තිබ්බ බලාපොරොත්තු සේරම සුන්වුණා..
“එහෙනම් චේතනාවට කියන්න ගිහාන් ආවා කියලා .”
“හොඳයි මාත්තියා ..”
ගිහාන් ගෙයින් එලියට යන්න හැදුවා ..
පාරේ ඉදන් ගෙමිදුලට ඇවිදගෙන එන කේඩෑරි හිරිමල් වයසේ ගැටයා දැකලා ගිහාන් මොහොතකට නැවතුනා …
චේතනගේම මුහුණුවර තියෙන ඒ කොලූගැටයා ගිහාන් දිහා විපරමින් බැලුවා…
“ඇයි මහත්තයා කාව හම්බවෙන්න ද ?”
කොලුවා නම් සිංහල හරියට උච්චාරණය කරනවා ..
“අම්මව හම්බ වෙන්න ආවේ…”
“ඇයි මහත්තයා මේ හැරිලා යන්නේ ..”
“අම්මා ගෙදර නෑ කියලා මං දැනන් හිටියේ නෑ …මම වෙන දවසක එන්නම් ..”
“කවුද මාත්තයා ට අම්මා නෑ කිව්වේ ..අම්මා හවස වැඩ ඇරිලා ගෙදර ආවා ..”
ගිහාන් මොහොතක් කල්පනා කරන්න ගත්තා ..
ඒ කියන්නේ මෙතන මොකක් හරි හොරයක් තියෙනවා..
චේතනාගේ අම්මා මට බොරු කිව්වේ ඇයි ..?
චේතනා මාව මග අරින්නේ ඇයි?…
ඒ එක්කම ගිහාන්ට මතක් උනා ලක්ෂිකා චේතනා වැඩට ගියේ නෑ කියලා කියපු කතාව .
මෙතන මොකක් හරි ලොකු රහසක් තියෙනවා ..
මේ සේරම ලක්ෂිකාගේ සැලසුම් වත්ද?..
ලක්ෂිකා කොහොමත් හිටියේ මමයි චේතනායි ගැන සැකයකින්..
ගිහාන් එහෙම කල්පනා කරන්න ගත්තා..
“ඉන්න මහත්තයා මම අම්මාට කතා කරන්න ..”
චේතනාගේ පුතා දනූෂ් එහෙම කියනවත් එක්කම ගිහාන් කල්පනාවෙන් මිදුණා..
“අම්මා…කොහෙද ඉන්නේ..මේ අම්මාව හම්බෙන්න මහත්තයෙක් ඇවිල්ලා…”
පුතා ගේ හඬට කාමරය ඇතුලේ හිටපු චේතනා තිගැස්සිලා ගියා..
ආඬවනේ මේ මොකක්ද මේ වෙන්න හදන්නේ…
පුතා ගිහාන්ට කියලා ද දන්නෑ මම ගෙදර ඉන්නවා කියලා..
දැන් මම මොකද කරන්නේ ?..
චේතනා දහ අතේ කල්පනා කරනවා ..
“අම්මා..”
දනුෂ් දොරක් නැති කාමරේ කර්ටන් එකට දාලා තිබ්බ සාරි රෙද්ද පසෙකට කරලා කාමරය ඇතුලට ගියා..
“මොනාද අම්මා..මම අම්මට කීපාරක් කතා කළාද ?.”
” ෂ් කෑගහන්න යෙපා..මම නේ කියලා යවන්න ..”
“මම දැන් කිව්වනේ අම්මා ඉන්නවා කියලා ..”
ඉවරයි ඉවරයි සේරම ඉවරයි …
තවත් නම් හැංගිලා වැඩක් නෑ..
බොරුව අතේ පත්තු වෙන්න හදන්නේ ..
චේතනා බයෙන් සලිත වුනා ….
“ඇයි මොකටද අම්මා මේ හැංගිලා ඉන්නේ..?”
පුතා එහෙම ඇහුවම චේතනා තිගැස්සුනා ..
ඒ මහත්තයා ගෙදර ආවම මම මෙහෙම හැගුණු එක ගැන දැනටමත් අම්මා ඉන්නවා ඇත්තේ සැකෙන් ..
පුතා වුණත් දැන් පොඩි නෑ ..
ඒ ළමයා උනත් මොනවා හිතනවද දන්නෑ..
චේතනා එහෙම හිතමින් කාමරයෙන් එලියට ආවා ..
අවුල් හිසකෙසින් ,මැලවුනු මුහුණෙන් ඉන්න චේතනා දිහා ගිහාන් දවා අළු කළ හැකි බැල්මක් හෙලුවා ..
චේතනා බිම බලාගෙන හිටියේ ගිහාන්ට මුහුණු දෙන්න නොහැකිව….
ඒ එක්කම දනූෂ් අම්මයි ගිහානුයි අතරට ආවා..
දනුෂ් සැක කරයි කියලා කතා කරන්න ගත්තා …
“සර් ..මම පොඩ්ඩක් අසනීපෙන් හිටියේ ..යේකයි එන්න බෙරිවුනේ ..මම හෙට ඉඳන් වැඩට යෙන්නම්..”..:
චේතනා එහෙම කීවේ කලබලයෙන් කියලා ගිහාන්ට හිතුණා …
පුතා ළඟ ඉන්න නිසා චේතනා තමන්ව ඉක්මනට ගෙදරින් එලවන්න හදන්නේ කියලා ගිහාන්ට තේරුණා ..
“කරුණාකරලා ඔයා ඔයාගේ ෆෝන් ආන්සර් කරන්න ..මීට පස්සේ එන්න වෙන්නේ නැත්නම් මට කෝල් කරල කියන්න…”
ගිහාන් චේතනා දිහා තරවටුවාත්මක බැල්මක් හෙලුවා …
දනූෂ් ඒ එක්කම කුස්සියට ගියා ..
“චේතනා මොකෝ ෆෝන් වැඩ නැත්තේ ?..”
චේතනා මිදුලේ වැලි කකුලේ ඇඟිලි වලින් හාරන්න ගත්තේ හිතේ තියෙන නොසන්සුන්කමට..
“සිම් එකමාරු කරා නේද ?..”
“ඔව් මාත්තියා..මාතියා ඉක්මනට යන්න ..අම්මයි පුතයි යෙපිව ෂැක කරයි..”
“හරි මම යනවා.ත/මු/සේ තව ටිකකින් මට කෝල් එකක් ගන්න ඕනේ ..හැබැයි කෝල් කරේ නැත්නම් හෙට උදේ වෙද්දි මම මේ ගේ ඉස්සරහ ඉඳී..තේරුණාද?..”
“ෂරි මාත්තියා දැන් යන්න..”
චේතනා හීන් හඬින් එහෙම කිව්වා ..
ගිහාන් කාර් එක ස්ටාට් කරනවත් එක්කම චේතනා ගේ ඇතුලට ගියා ..
ලක්ෂිකා මිස් මොනවා කිව්වත් ගිහාන් සර් මට ආදරෙයි…
ඒකනේ මාව හොයාගෙන ගෙදරට ආවේ…
එහෙම හිතලා සතුටු හිතුනත් ඒ එක්කම චේතනාට මතක් උනා ලක්ෂිකා කියපු දේවල් ..
“උ/ඹ හිතන්නේ ගිහාන් මහත්තයාට ඉන්න එකම ගෑ/නී උ/ඹ විතරක් කියලද ?..ගිහාන් මහත්තයාගේ නෝනාට ඔය වගේ සම්බන්ද කීයක් අහු උනාද ?..”
ඒ දේවල් තවම චේතනා ට රැව් පිළිරැව් දීලා ඇහෙනවා වගේ …
චේතනා ට දැනුණු සතුට ඒ එක්කම දුකකට ,පිළිකුලකට හැරුණා ..
ගිහාන්ට කෝල් කරේ නැත්තං ගෙදර හොයාගෙන ඒවි කියලා බයට චේතනා අම්මයි පුතයි නිදාගන්නකම් මඟ රැකගෙන හිටියා ..
චේතනා හිමිහිට දොර ඇරගෙන ගෙමිදුලට ගියා ..
සැලෙන දෑගිලි වලින් ගිහාන්ගේ දුරකථන අංකයට මොබයිල් එකෙන් ඇමතුමක් ගත්තා ..
“හලෝ “
ගිහාන්ගේ ගැඹුරු කටහඬ ඇහුණම චේතනාගේ හද ගැස්ම හෙමිහිට වැඩි වුණා…
චේතනා නිරුත්තර වුණා …
“කවුද..?..
චේතනා හයියෙන් හුස්ම ගත්තා ..
ගිහාන් චේතනාගේ ඒ සුසුම්වල හඬ අඳුනගත්තා ..
“චේතනා..මොකෝ මාත් එක්ක හොරා පොලිස් සෙල්ලම කරන්නේ?..”
චේතනා තවම නිහඩයි ..
“ඇයි මට එහෙම කලේ ?..මාව කවදාවත් දාලා යන්නෙ නෑ කිව්වා නේද ?..”
ගිහාන්ගේ හැඟූම්බර කටහඩ අහලා චේතනා සසල වුණා ..
“කතා කරනවා චේතනා ..”
“මාත්තියා මට යේක නතර කරන්න ඕනේ ..
ප්ලීස් මට කරදර කරන්න යෙපා මහත්තයා …”
“දැන් මාව කරදරයක්ද ?ඇයි අලුත් එකෙක්වත් හම්බුනාද?..”
ගිහාන් හැසිරෙන්නේ පාසල් පෙම්වතෙක් වගේ ආවේගශීලි විදිහට …
“ෂී.යෙපි ඒම නෑ මාත්තියා..මගේ මේ ඇස් යෙක පල්ලා මගේ මිනිහා නැති වුණාට පස්සේ මම වෙන මිනිස්සු ගාවට ගිහින් නෑ මාත්තියා..”
“එහෙනම් ඇයි එකපාරටම මාව එපා උනේ ..”
“යේවා වැඩකට ඇති දේවල් නෙමෙයි මාත්තියා..මාත්තියා නෝනා යෙක්ක සතුටින් යින්න..යේවා අමතක කරලා දාන්න .”
“අපි දෙන්නා අතර වුනේ අමතක කරන්න පුලුවන් දේවල් ද ?..”
අවුරුදු පහළොවකට කිට්ටුව හිරූෂා එක්ක ජීවත් වෙච්ච ගිහාන්ට දැන් හිරූෂාව පොඩ්ඩක්වත් මතක නෑ ..
ඒත් මාස ගාණක් පෙමින් වෙලුණු චේතනාව දැන් ගිහාන්ට අමතක කරන්න බෑ ..
අනියම් ආදරයට ඇබ්බැහි වෙච්ච ගිහාන් ඒ ආදරේ ඉස්සරහ වහලෙක් වගේ ..
ඒ තරමට හැඟීම් වලට වහල් වෙලා …
“සර් යෙපි පොඩි ළමයි නෙමෙයි ..යෙපිට දැන් ලොකු ළමයි ඉන්නවා ..මගේ නම් මනුෂ්සයා නේ..යේත් මාත්තියාට පවුලක් තියෙනවා …”
“මට බණ කියන්න ලෑස්ති වෙන්න එපා.එක පාරටම ඔයාට මොකක්ද උනේ චේතී..”
“මාත්තියා යේවා හොද වැඩ නෙමෙයි..මාත්තිය ඔය තියෙන සේරම දේවල් නවත්තලා නෝනා යෙක්ක හොඳින් යින්න.මට ආයෙ කරදර කරන්න එපා මාත්තයා..මම මගේ හිත හදාගෙන යින්නේ .”
“මොනවද චේතනා ඔය කියන්නේ ?..සේරම දේවල් නවත්තලා දාන්න කියලා කිව්වේ ?..මොකක්ද ඒකෙ තේරුම ?..”
“ඇයි මාත්තියා මට වඩා යේ ගැන දන්නවනේ ..මාත්තයාට යින්නේ නෝනයි මායි විතරක් නෙමෙයි නේ ..”
චේතනා එහෙම කියපු ගමන් ගිහාන්ගෙ හිතේ සැකයක් ඇති වුණා ..
මම හිතුව හරි ..
චේතනා මෙහෙම වෙනස් උනේ කාගෙ හරි කේලමක් අහලා..
කවුද චේතනාවට මම ගැන බොරු කේලම් කිව්වේ..
ගිහාන් තරහෙන් ගැහෙන්න ගත්තා..
“කවුද ඔයාට ඔය බොරු කේලම් කිව්වේ ?..”
“කවුරු කීවත් වැඩක් නෑනේ ,මාත්තියා කතාව යෙත්ත නේ..”
“චේතනා මෙච්චර ලගින් ආශ්‍රය කරපු මාව ඔයාට විශ්වාස නැද්ද ?.මට ඉන්නේ ඔයා විතරයි චේතනා වෙන කවුරුවත් නෑ..”….
ගිහාන් එහෙම කිව්වම නම් චේතනාගේ හිත පොඩ්ඩක් සෙලවුණා ..
ඒ කියන්නේ ලක්ෂිකා නෝනා කියපු දේවල් බොරු ද ……
චේතනා කල්පනා කරන්න ගත්තා ..
“මේක කාගෙ හරි ප්ලෑන් එකක්…කියනවා චේතනා කවුද කිව්වේ ?..වෙච්ච හැම දේම කියනවා ..”
“ලක්ෂිකා නෝනා..
චේතනා සිද්ධ වෙච්ච සියලු දේවල් වමාරන්න ගත්තා …
ගිහාන්ගේ හිතේ තිබුණ තරහ තවත් වැඩි වුණා ..
හිතුවා හරි මේ හැම දෙයක්ම ලක්ෂිකාගේ වැඩ …
මේ ලක්ෂිකා නම් හොඳටම වැඩියි..
“චේතනා ඔය දේවල් සේරම බොරු ..මට එහෙම ගෑ/නු අමාරුවක් තිබ්බනං ඔෆිස් එකේ ඉන්න ඕන කෙ/ල්/ලෙ/ක් මට යාලු කර ගන්න තිබ්බා ..ඒත් මම එහෙම නෑ ..මම ආදරේ ඔයාට විතරයි .මාව දාලා යන්න එපා …ඔයා නැතුව ඉන්න බෑ චේතනා…”
තත්වය, තරාතිරම වයස මේ සියල්ලම අමතක කරලා ගිහාන් චේතනා ඉස්සරහ පින්සෙන්ඩු වෙනවා ..
“මාත් මාත්තියාට ආදරෙයි..ඒත් මට බයයි මාත්තියා ..නෝනා ඇවිත් මාව ලැජ්ජ කරයි කියලා ..ගමේ අය මාව ගාලා පන්නයි මාත්තියා..”
“චේතනා හිරූෂා මේ කිසි දෙයක් දන්නෑ ..ඔය සේරම ලක්ෂිකාගේ බොරු..එදා ඔයා මගේ ගෙදර බාත්රූම් එක අස්සේ හැන්ගුනාම ලක්ෂිකාට ඔයා ගැන සැක හිතෙන්න ඇති …ඔය සේරම ලක්ෂිකාගේ ප්ලැන්”
“මම ඕවා දන්නෙ නෑ මාත්තියා..මට බයයි මාත්තියා..”
“ඔයා මම නැතුව කිසිදේකට බය වෙන්න එපා ..මම ඉන්නකං ඔයාට කිසි කරදරයක් වෙන්න දෙන්නෙ නෑ…ආයේමත් අපි ඉස්සර හිටිය වගේ සතුටින් ඉමු චේති..”
ගිහාන්ගේ ආදර වදන් ඉස්සරහා චේතනා හොඳටම හැඟීම් බර වෙලා ..
“යේත් මට බයයි මාත්තියා..නෝනයි මාත්තියයි හොඳ වෙයි..අපි අන්තිමේදී නරක් වෙයි ..”.
“එහෙම වෙන්නේ නෑ කෙ/ල්/ලේ…ඔයා නැති නිසා මට හුගදවසකින් හරි හමන් කෑමක් වත් නෑ ..”
“අනේ යෙත්තද මාත්තියා ..අනේ මට දුකයි…මම හෙට එන්නම් මාත්තියා..”
” ඔයා හෙට හවස එනවා නේද ?..”
“ඔව් මාත්තියා..මම දැන් තියන්නම් මාත්තියා..”
ගිහාන්ට දැනුණේ ඉහේ මලක් පිපුණා වගේ …
ගිහාන් හෙට දවස උදා වෙනකල් ඇගිලි ගනිනවා …
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
චේතනා ආයෙමත් ගිහාන් ලඟට ගියාට පස්සෙ ඉඳන් ගිහාන් හිටියේ ගොඩක් සතුටින්..
ගිහාන් දැන් ආයෙමත් රාජකාරි වැඩ උනන්දුවෙන් කරනවා …
ගිහාන් හිටියේ ලැප්ටොප් එකෙන් ඊමේල් චෙක් කරමින්…
ඒ අතරේ තිබුණු ඊමේල් එක දැකලා ගිහාන් පුදුම වුණා ..
ගිහාන් ලක්ෂිකාට ඇමතුමක් ගත්තා ..
“ලක්ෂිකා මේ දැන්ම මගේ කැබින් එකට එන්න ..”
“ඕකේ සර්…”
ගිහාන්ගේ ඇමතුම විසන්ධි වෙනවත් එක්කම ලක්ෂිකා ගිහාන්ගේ කැබින් එකට ගියා….
“එක්ස් යූස් මී සර් මෙඅයි කමින් ..”
ලක්ෂිකා කැබින් එකේ දොර ලඟ ඉඳන් කතා කරා..
“යර්ස් ඔෆ් කෝස්”
ගිහාන් අවසර දුන්නත් එක්කම ලක්ෂිකා කැබින් එක ඇතුලට පිවිසුණා..
“ටේක් අ සීට්..”
ලක්ෂිකා ගිහාන් පැනවූ අසුනේ ඉඳගත්තා ..
“සර් මට හදිසියේම එන්න කිව්වේ …”
“ඔයාට ගුඩ් නිව්ස් එකක් දෙන්න කතා කරේ ..”
“ඒ මොකක්ද ඒ සර්?..”
ලක්ෂිකා ඇහුවේ ලොකු කුතුහලයකින්..
හමුවෙමු මීළඟ කොටසින්