සිතින් විතරක් ..
තුන…..
ඒත් මැඩම් එයා කිව්වෙ හෙට උදේ අට වෙද්දි ගේට් එක ලඟට වෙලා ඉන්න කියලනෙ…
මම මෙහෙන් යන්නෙ එහෙමද…?
මට තාමත් කිසිම දෙයක් හිතා ගන්න බෑත ලක්ස විසිපහකට මම මාවම නැතිකරගෙන.
හරි ළමයො එයා මෙහෙන් ඔයාව අරගෙන ගිහින් ග්‍රෑන්ඩ් වෙඩින් එකක් ගනී… බෑනේ ඉතිං ඒ වගේ කෙනෙකුට මෙහෙ කෙ ල් ලෙ ක් මැරි කරනවා කියලා කියන්න….
මැඩම් ආයිම කීවා. මැඩම් ඔයාට කීයක් ලැබු නද කියලා අහන් න ඕනි උනත් මගෙ හිතට එහෙම හයියක් නෑ.
ඇත්ත කියන්නෙ මැඩම් ද අර නපුරද කියන්න මම දන්නෙ නෑ. ඒත් මම දැන් එකක් දන්නවා සල්ලි වලට ඕනම දෙයක් කරන්න පුළුවන් තමා. ඉතිං මම තවත් ඒ ගැන හිතන්න ගියෙ නෑ.
මම මුළු රෑ පුරාම හැදුවෙ මගෙ හිත හදා ගන් න. හෙටින් පස්සෙ ගෙවන්න වෙන්නෙ මොන වගේ ජීවිතයක් ද කියලා මට හිතා ගන්නවත් බෑ.
ඒත් මේ ජීවිත කාලෙම මම විඳලා තියෙන්නෙ දුක විතරයි. හිතන්න බෑ ඉස්සරහට වත් සතුට ක් ලැබෙයි කියලා.
මට බිඳක්වත් ආදරයක් නැති. විවාහය කිය න්නෙ ගණුදෙනුවක් කියලා හිතන. සල්ලි දීලා බිරිඳක් මිලට ගන්න මනුස්සයෙක්ගෙන් මම මොනවද බලාපොරොත්තු වෙන්නෙ. ලක්ස විසිපහක් විතරයි.
මම ළමා නිවාසෙ හැමෝගෙන්ම සමුගත්තා. එයාලටත් හරිම පුදුමයි මොකද මීට කලින් මෙහෙ කිසිම වෙඩින් එකක් මේ විඳිහට සිද්ධ වෙලා නෑ. පොඩි උන් ටික නං මාව බඳාගෙන ඇඬුවා.
එයාලව දාලා යන්න නං මටත් හිතක් නෑ. ඒත් ජීවිතේ කියන්නෙ හමුවීම් වෙන්වීම් හිමිවීම් අහිමිවීම් ගොන්නක් කියලා මම දන්නවා. ආයිම මෙයාලව බලලා යන්නවත් මට මෙහෙ එන්න පුළුවන් වේවිද කියලා මම දන්නෙ නෑ.
පහුවදා උදේ මම මගෙ ඉරණම් ගමන යන්න සූදානම් වුනා. කාත් කවුරුත් නැතුව තනියම. අදින් පස්සෙ මගෙ ජීවිතේ කොහොමත් ගෙවෙ න්නෙ තනියම කියලා මම දන්නවා. ඒක මගෙ උරුමය නං මම මොනවා කරන්න ද..
මම මට තිබුන හොඳම ගවුම ඇඳගත්තා. බාල සෙරෙප්පු දෙකක් දාලා තනි කරලට කොණ්ඩෙ ගොතා ගත්ත මමත් මනමාලියක් අද එක්තරා ගනුදෙනුවක. ඇත්තටම හිනාවෙන්නද අඬන්ද කියලා මට තේරුමක් නෑ.
මට මෙහෙන් ගෙනියන්න තිබුනෙ මගෙ සහ තික ෆයිල් එකයි ඇඳුම් දෙක තුනකුයි විතරයි. ජීවිතේ ඇත්තටම හරි පුදුමයි.
පුංචි බෑග් එකකට මගෙ දේවල් අහුරගෙන හැමෝගෙන්ම සමු අරගෙන මම ගේට් එක ලඟට ආවෙ දරා ගන්න බැරා තරම් බර හිතකින්.
හ්ම්ම්.. ඇති යන්තං.. වෙලාවට වැඩක් කර න්නවත් කල්පනාවක් තිබුනා නඟිනවා ඉතිං…
මගෙ ඉස්සරහ එයාගෙ අළුත්ම වාහනේ නතර කරන ගමන් අර නපුරා කීවේ රවාගෙන. මම මොනවත්ම නොකියා වාහනේට ගොඩවුනා.
මොනවද ඔය සාගත මල්ලෙ තියෙන්නෙ…
ටික වෙලාවක් අපි අතර තුබුන නිහැඬියාව බිඳිමින් එයා ඇහුවා. ඇත්ත ටම දුප්පත් කම මේ තරම්ම අසරණ ද.. මට හිතුනා.
මගෙ ඇඳුම් ටිකයි..සර්ෆිකට් ටිකයි… සර්…
මම කීවේ කෙඳිරි හඬිකින්.
ඔය ඇදගෙන ඉන්න විකාර වගේ ඇඳුම්ද…? හිතට දැනෙන අසරණකමට වචන එකතු කරන්න මට තේරෙන්නෙ නෑ.
නෑ..සර් මේ මට තියන හොඳම ඇඳුම අනිත් ඒවා මීටත් අන්තයි..
කියන්න ඕනි හැමදේම කොහොම කියන්නද මට තේරෙන්නෙ නෑ.
ඔන්න ඔය කෙහෙම්මල විසිකරලා දානවා හ ලෝ.. ඔය කඩමළු උස්සගෙන තැනකට යන්න පුළුවන්ද..
එයා හැදුවෙ මගෙ අතේ තිබුන බෑග් එක්ක ඇදලා විසි ජනේලෙන් එලියට විසිකරන්න.
අනේ බෑග් එක විසි කරන්න එපා සර්…
මම බෑග් එක පපුවට තුරුල්ක රගත්තා.
මම ත මු සෙ ට අඳින්න අරන් දෙන්න ඕක විසි කරනවා…
මගෙ සර්ටිෆිකට් ටික…
මම ආයිම කෙදිරි ගෑවා.
ඒවා අරගෙන ඔය කඩමාළු විසිකරලා දානවා..
එයා එහෙම කිවවම මම බෑග් එක ඇරලා සහ තික ෆයිල් එක අතට ගත්තා. ඒත් එක්කම එයා මගෙ උකුලෙ තිබුන බෑග් එක ඇදලා අරන් ජනේලෙන් එලියට විසිකරලා.
ඇත්තටම දුකක් දැනුනෙ නෑ කියලා කීවොත් බොරු. දැන් මට මගේම කියලා මොනවත්. ජිවි තේට කිසිම බැඳීමක් නැති කෙනෙකුට ඇඳුමක් කියන්නෙත් ලොකු බැඳීමක්.
මම සහතික ෆයිල් එක එපපුවට තුරුල් කර ගත්තෙ එකත් ඇඳලා පාරට විසිකරයි කියලා බයට. මගෙ මුළු ජීවිත කාලෙටම මම එකතු කරගත්ත එකම වත්කම මෙච්චරයි කියලා මට නිකමට වගේ හිතුනා.
ටික වෙලාවක් යනකං අපි අතරෙ තිබුන නිහඬතාවයක්. හිත මොන තරම් කතා කලත් වචනයකවත් පිට කරන්න ඇත්තටම බයයි මම. අදින් පස්සෙ හැමදාම මේ වගේ වේවිද..?
මේ හලෝ.. ත මු සෙ ගෙ නම මොකක්ද කිව්වෙ..?
ටික වෙලාවකට පස්සෙ එයා ඇහුවෙ පාර දිහා බලාගෙනමයි.
තරු පබා සුරංගනාවි…. මම කීවේ එකපාරම නෙවී.
මොකක් මො කා ද… ත මු සෙ ට ඔය නම දැම් මෙ තරු පබා ..සුරංගනාවි..
කෙහෙම්මල මනුස්සයෙකුට කතාකරන්න පුළුවන් නමක් දාගන්නවකො සුරංගනාවි..මයි ෆුට්…
මේ මනුස්සයට මොනවද ඕනි වෙලා තියෙන් නෙ කියලා මම දන්නෙ නෑ. මේ නම මම දාගත් ත එකක් නෙවී.. නම විතරක් නෙවී මමත් මේ ලෝකෙට ආවෙ මගෙ ඕනිකමින් නෙවී..ඉතිං කාගෙවත් වැරැද්දකට මට හිනාවෙලා හරියන වද..?
ඒත් ඉතිං හිනා යනවා තමා මං වගේ කාත් කවු රුත් නැති අනාත අසරණ දුප්පත් කෙ ල් ලෙ ක් ට සුරංගනාවි කියලා නමක් තිබුනාම හිනා යනවා නේන්නං හත් දෙයියනේ. එහෙම හිත ලා මං හිත හදා ගන්න හැදුවා.
සර් කැමති නමක් කියන්න සර්… මම කීවේ වෙන කියන්නම දෙයක් තිබුනෙ නැති නිසා.
හමුවෙමු