වෙස්🎭🎭
දහහතර වන දිගහැරුම
Episode 14
“මගෙන් ගුටි නොකා නැගිටිනවා …….”
“මම කිව්වනේ …..ආදරේ කියලා කියනකන්
මම යන්නෑ කියලා ………”
“ඔයා යන්න ශේෂා…….. කවුරු හරි දැක්කොත් ඒක අපි දෙන්නටම හොඳ නැහැ…….”
“නැහැ මම යන්නෑ ……”
“ත/මු/සේ නම් කිසිම ලැජ්ජාවක් නැති කෙ/ල්/ලෙ/ක් ……….කො/ල්/ලෙ/ක් තනියම ඉන්න කාමරයකට කෙ/ල්/ලෙ/ක් එන සිරිතක් තියෙනවද?…..”
ඇය ඔහුගේ උරහිස මත හිස තබාගත්තේ දුකිනි.
“ශේෂා ඇයි මේ ඉකිගහන්නේ…….”
තමාගේ ටීෂර්ට් එක තෙත් කරමින් ඇගේ කඳුලු ඇද වැටෙද්දී දිසෙන්ට දැනුනේ දුකකි .
කෙතරම් නපුරුකම් කළත් ඇය තමාට මේ ලෙස ආදරය කිරීම පුදුමයකි .
ඕනෑම දරුණු පිරිමි හිතක් මුදු කිරීමට ඔහු ආදරය කරන තැනැත්තියගේ කඳුළු බිඳුවක් ප්‍රමාණවත් ය.
ඇයගේ ඇඩිල්ල නැවතුණේ ඔහු ඇගේ හිස සිප ගත් විටය .
සෙහන්සා ඔහුගේ තුරුලට වී දෑස් පියාගෙන
සිටියේ ඒ ස්පරශය විඳගනිමිනි
“ශේෂා දැන් ඔයා යන්න ……”
ඔහුගේ හඬ බොහෝ සෙයින් මුදුවී ඇති බව ඇයට දැනුණි .
සෙහන්සා ඔහුගේ උරහිස මත තිබූ ඇගේ හිස එයින් ඉවතට ගෙන ඔහුගේ මුහුණ දෙස බැලුවේ එක එල්ලේය.
ඔහුත් එවෙලේම ඈ දෙස බැලුවෙන් දෙන්නාගේ සිවු නෙත් ගැටුණේ මොහොතකට ය .
ඇගේ තද දුඹුරු පැහැති බෝල ඇස් දෙක ,දිගු ඇහි පිහාටු…..පිරුණු රෝස කොපුල් ……ළා රෝස පැහැති දෙතොල් පෙති ඒ මුහුණට ගෙන ආවේ අමුතුම සුන්දරත්වයක්.
කාමරේ දැල්වෙන ලා කහ පාට විදුලි බුබුල ට පවා ඈව දිස්වන්නේ කිරිගරුඩ පැහැයෙනි.
“ශේෂා …….දැන් නැගිටිනවා මගේ උකුලින්.
තව වෙලා හිටියොත් මට මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ …….”
“මාව එලවන්න එපා දිෂ්…………ඔයාට මගේ ආදරේ ඔච්චරටම දැනෙන්නැදද?…..”
ඔහු දෑස් පියා ගත්තේ මොහොතකට ය .
“මට ත/මු/ස/ව ඕනේවටත් වඩා දැනෙනවා ශේෂා………ඒ නිසයි මං මෙහෙම එලවන්නේ………..මගේ උකුල උඩ වාඩිවෙලා ඔහොම තුරුල් වෙලා ඉන්නකොට මට මාව කන්ට්‍රෝල් නැති වෙයි කියලා බයයි……”
“ඒ කියන්නේ ඔයා මට ආදරෙයිද දිෂ්….”
“මම ඒක දන්නේ නෑ…..මොන කො/ල්/ලා/ටද ඉවසන්න පුළුවන් …ලස්සන කෙ/ල්/ලෙ/ක් මෙහෙම ළඟට ඇවිත් තුරුල් වෙලා ඉන්න කොට…ඒකයි…….”
“ඒ කියන්නේ …….මම වෙනුවට වෙන කෙ/ල්/ලෙ/ක් ඔයා ළඟට ඇවිත් මෙහෙම ඉන්නකොටත් ඔයාට ඔයාව කන්ට්‍රෝල් නැතුව යයිද දිෂ්……..”
“වෙන කෙ/ල්/ලෝ ඉස්සරහ නෙමයි මට මාව කන්ට්‍රෝල් නැත්තෙ ඔයා ඉස්සරහ ……ඒකයි මම යන්න කියන්න ශේෂා…..”
“ආදරේ කියල කිව්වොත් යනවා ……..”
” ත/මු/සෙ මහා මුරණ්ඩු කෙ/ල්/ලෙ/ක් ශේෂා…..හැබැයි මම ඒ මුරණ්ඩු කමට කැමතී..”
ඇයගේ දෑස් දිලිසෙන්නට වැඩි වේලාවක් ගියේ නැත .
“ඔයා මට ආදරෙයි දිෂ්…….ඒත් ඔයා ඒක පිළිගන්න කැමති නෑ………”
“එහෙම දෙයක් නෑ ශේෂා ………..”
ඔහු වදනින් ඒ ආදරේ නොකීවත්,ඒ හඬ තුළ පිරී තිබුණේ ආදරය බව ඈ හැඳින ගත්තා ය .
“ඔය බොරු ……….ඔයා මට ආදරෙයි….”
ඇය ඔහුගේ හිස කෙස් අතරින් දෑඟිලි යවා අත ගෑවාය .
ඔහුට ඇගේ ආදරය දැනෙන්නේ ඕනෑවටත් වඩා ය .ඒ හුරතල් වලට ඔහුට සියල්ල අමතක වූයේ මොහොතකිනි.
ඔහු ඇගේ නළල සිප ගත්තේ එහෙයිනි.
ඉන් අනතුරුව ඇයගේ රෝස කොපුල් ඔහු සිය අතැඟිලි වලින් පිරිමැද්දේ ඇගේ දෙනෙත් පියවෙද්දීය……..
ඒ රෝස කොපුල් සැබැවින්ම මල් පෙත්තක් මෙන් යයි ඔහුට දැනුනේ ඒ පහස එතරම්ම සියුමැලි යයි ඔහුගේ රළුතොල්පෙති වලට දැනුණු නිසාය.
ඇයගේ වෙව්ලන දෙතොල් පෙති දකිද්දී
ඔහුට සියලුම සීමා මායිම් අමතක වූයේ සැනකින් .
ඔවුන් දෙදෙනාට දැනුනේ කාලය මොහොතකට නතර වූ බවක්….
ඔහු ඇයගේ හිසකෙස් අතරින් ඇගේ හිස අල්ලාගෙන ඒ මොහොත විඳගත්තේ හදවතින්මය.
ඇය දෙඇස් පියාගෙන සිටියේ ලෝකයම මොහොතකට අමතක වූ පරිද්දෙනි …….
ඈ දෑස් විවර කර ඔහු දෙස බැලුවේ ලජ්ජාවෙන් .
“මට සමාවෙන්න ශේෂා……”
ඔහු එසේ කීවේ ඈ පුදුමයට පත් කරමින්.
ඈ ඔහු දෙස බැලුවේ ඒ දෑස් විසල් කරගෙනය.
“මොකටද සමාව ඉල්ලන්නේ.මම ඔයාගෙ නේ.ආදරය කරන අය අතරේ ඕවා සාමාන්‍ය දේවල් නේ දිෂ්…..”
“මම ඔයාව කි/ස් කරාට මම ඔයාට ආදරේ නෑ ශේෂා………….”
ඇයට මොහොතකට හුස්ම ගැනීමට පවා අමතක විය.
“විහිළු කරන්න එපා …….මම දන්නවා ඔයා කොච්චර නෑ කිව්වත් මට ආදරෙයි කියලා……….”
“නෑ ශේෂා නෑ ……….මං ඔයාට ආදරේ නෑ…..”
“එහෙනම් ඔයා මාව කි/ස් කරේ….”
“ඔයා ලස්සන කෙ/ල්/ලෙ/ක්……..මම ඔයාට මගේ ලගින් නැගිටින්න කිව්වේ ඒකයි …….ඔයා මං කියන දේ ඇහුවේ නෑ.මට මාව කන්ට්‍රෝල් නැති වුණා ………මම ඒ වෙලේ ඔයාව කි/ස් කරේ මට ඔයාව ෆීල් උන නිසා……”
” අපි කෙනෙක්ව කිස් කරද්දී ඒකෙනාව ෆීල් වෙන්නේ එයාට ආදරේ නම් විතරයි .ඔයාට මාව ෆීල් උනේ ඔයා මට ආදරේ නිසා “.
“නෑ සේශා ,ඕනේම කො/ල්/ලෙ/කු/යි කෙ/ල්/ලෙ/කු/යි මේ වගේ තනි උනාම එහෙම වෙන්නේ පුලුවන්……”
ඇය අඬන්නට ගත්තේ දෙවුර සලමින් ඉකිගසමිනි.
“ත/මු/සෙ මහ බොරුකාරයෙක් …….ඔය ත/මු/සෙ/ගෙ බොරු…………….”
ඇය ඔහුගේ පපුවට මිට මොලවා ගත් අතින් ගසන්නට වූයේ දුකිනුත් තරහිනුත්ය.
“මම කිව්වේ ඇත්ත ….දැන්වත් බහිනවා”.
ඇය ඔහුගෙන් මිඳී හිඳගත්තේ ඔහුගේ යහන මතය .
ඇගේ ඉකි බිඳීමඅඩු වෙනවා වෙනුවට වැඩි උනේ බලා සිටියද්දීමය.
“අඬන්නැතුව හොඳ ළමයා වගේ යන්න ශේෂා….ඔයාට මීට කලින් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න ඇතිනේ .එයා ඔයාව මේ විදියට කිස් කරන්න ඇති ……..ඒ කොහොම උනත් ආදරේ නැතුව මම ඔයාව කිස් කරපු එක වැරදියි …”
බිම බලමින් හඬමින් සිටි ඈ එක්වරම ඔහු දෙස බැලුවාය.ඇගේ තරු මෙන් දිලෙන බෝල ඇස් හොඳටම මැලවී බොරපාට ව ගොසිනි .
“මට ….මීට කලින් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියෙ නෑ …………”
ඔහු මොහොතක් සිටියේ නිරුත්තර වය.
එසේනම් ඇගේ මුහුණ දෙතොල් ඉඳුල් වී ඇත්තේ තමාගෙනි.
ඔහු ලොකු හුස්මක් හෙළුවේය.
“මේ ඔයාගේ පලවෙනි කි/ස් එක නේද ??මේක ඔයාට අමතක කරන්න බෑ කවදාවත්…….මේ සේරම උනේ ඔයාගේ හිතුවක්කාර කම් නිසා……මම පිරිමියෙක් ….ඔයා හැසිරුනු විදියට මට මාව කන්ට්‍රෝල් නැතිවුණා …….මේ සේරම ඔය අමතක කරන්න ඕනේ”.
“ඔයාට මේක සුළු දෙයක් වෙන්නැති……ඒක අමතක වෙන්න මට මැරිලා ඉපදෙන්න වෙයි …. මම ඒ ගැන පසුතැවෙන්නේ නෑ.මට දුක මෙච්චර දෙයක් අපි අතර වෙලාත් ඔයා ඒ සේරම මිස්ටේක් එකක් කියලා මාව රිජෙක්ට් කරන එක …..”
“කාලයක් යද්දි ඕක අමතක වෙයි …….දැන් යන්න හොඳ ළමයා වගේ…..”
“මට කියනවා ඇයි ත/මු/සේ මාව මෙච්චර රිජෙක්ට් කරන්නේ …….මොකද්ද මගේ තියෙන අඩුව…….”
ඇයගේ දෙනෙත් තුළ ඇති වියරු බැල්ම ඔහු හඳුනා ගත්තේය.
“ශේෂා ඔයාගේ කිසිම අඩුවක් නෑ …..අඩුව තියෙන්නේ මගේ …….පොඩ්ඩක් කල්පනා කරල බලන්න බැරිද මම වගේ නිකමෙක්ට ඔයාගේ අම්මා තාත්තා කැමති වෙයි කියලා…….ඔයාගේ අම්මා මම මේ ගෙදර ඉන්නවට වත් කැමති නෑ ……..ඉතින් මාව බැනෑ කර ගන්න කැමති වෙයිද ???”
“ඔයා මට ආදරේ නෑ කියන්නේ ඒ නිසාද?
ඔයා පොඩ්ඩක්වත් ඒ ගැන හිතන්න එපා මම ඒ සේරම බලාගන්නම්…..තාත්තා මට ගොඩක් ආදරෙයි එයා මම කියන ඕන දෙයක් කරනව…………”
“ශේෂා මුලින්ම ඔය හීන ලෝකෙන් එලියට එන්න…. හීන ලෝකෙ වගේ සැබෑ ලෝකෙ එච්චර ලස්සන නෑ……මේ වගේ මාලිගාවල සැපට හැදිච්ච ඔයාට ඒක තේරෙන්නේ නැහැ…ඔයා හිතනවද ඔයා පොඩි කාලේ බෝනික්කෙක් ඉල්ලද්දී තාත්ත ඒක අරන් දුන්න වගේ ඔයාට මාව බඳින්න ඕනේ කිව්වම තාත්තා ඒකත් කරයි කියලා……නෑ ශේෂා එහෙම වෙන්නේ නෑ……මුලින්ම ඔයා ඉන්න හීන ලෝකෙන් එළියට එන්න …..
කඳලු වලින්පිරුණු ඒ මුහුණ පිණිබිඳු වලින් නැහැවිච්ච මලක් මෙන් යැයි ඔහුට සිතුණි.ඇගේ හිස සිඹ ඇය සැනසීමට සිතුනත් ඔහු සිත වාරු කර කර ගත්තේ අසීරුවෙනි .
“මට ඔයාව ඕනේ.දිෂ්….මම දන්නේ ඔයාට ආදරය කරන්න විතරයි … …..”
“හැඟීම් වලට වහල් වෙන්න එපා …දැන් මං කියන දේ අහල ඔයා යන්න දැන් 12ත් පහුවෙලා ……..”
ඇය දිග හුස්මක් හෙළුවේ හිත නිදහස් කර ගැනීමට මෙනි.
ඇය ඔහුගේ කුටියෙන් යෑමට සැරසෙද්දී ම
යමකු ඔහුගේ කුටියේ දොරට තට්ටු කරනු ඇසී ඔවුන් දෙදෙනා මොහොතකට ගල්ගැසී බලා සිටියේ බියෙන්…………
“දැන් අපි මොකද කරන්නේ …..”
“ෂ්…ෂ්….සද්ද කරන්න එපා …”
ඇයගේ බිය තවත් වැඩි වූයේ නැවතත් එහා පසින් සිටි පුද්ගලයා දොරට තට්ටු කරනු ඇසුණෙන්………….
හමුවෙමු මීලඟ දිගහැරුමෙන්