ආදරණීයම ඔයා……03
සර්.. සර් ටත් මාව විහිළුවක් ද….
මද වේලාවක් යන තුරු මට කිසිවක්ම සිතා ගත නොහැකි විය. මුව විවර වු වහාම මට එසේ ඇසිනි.
ජීවිතයේ කවර හො තැනක කාගේ හෝ වරද කින් වුව අසරණ වන ගැහැණියකට ලෝකය සුන්දර නැතැයි මට හැඟෙන්නට විය. ධනුක ඔහුට එවැන්නක් නොකර හිදින්ට තිබිනි.
තාදී ..කවුද දරුවො ඔයාට කීවේ මං ඔයාව විහිළුවකට ගත්තා කියලා…
සෝන්‍ය ඇසුවේ සන්සුන්ම සන්සුන් හඬකිනි. ඔහුගේ මේ හැසිරීම පවා මට පෙනුනේ කුමක් දෝ මවා පැමකි ලෙසිනි.
ඒක කවුරුවත් කියන්න ඕනි නෑ සර්.. මට තේරෙනවනෙ..
මගේ වදන් වල සමච්චල් සහගත බවක් තිබෙ න්නට ඇත.
ඒත් ඔයා තේරුං අරන් තියෙන්නෙ වැරදියට.. මට ඔයාව විහිළුවකට ගන්න ඕනි කමක් නෑ තාදි.. ඇයි මං එහෙම කරන්නෙ…
එතකොට සර් කියන්නෙ..?
මං කියන්නෙ ඔයාට ඇහුන දේම තමා දරුවො
මම ඔයාව විහිළුවකට ගත්තෙ නෑ…
මම කීවේ මේ වෙලාවෙ කරන්න පුළුවන් හො ඳම දේ ඒකෙන් ඔයාගෙ ප්‍රශ්න සේරටම උත්තර ලැබෙ නවා
ඔහු නැවතත් කීවේ පෙර හඬින්මය.
සැබැවින්ම මට තවමත් සිතා ගත නොහැක් කේ ඔහුට කුමක් ඇවැසිව ඇති ද යන්නය. වසර පහක් පුරා ආදරය කල ඔහුත් අවසාන මොහොතේ හැරදා ගිය මා ගැන සෝන්‍ය මෙත රම්ම සිතන්නේ ඇයි…?
ඒත් සර්… මං මං..කොහොම ද…
කුමක් කිවයුතු දැයි මට වැටහෙන්නේ නැත.
මට ඔයාව තේරෙනවා තාදි.. ඔයා ඉන්න තැන මම හිටිය නං.. මටත් ඔහොම හිතෙනවා හැම දේම සිද්ධ වුනේ හදිස්සියෙන්..
ඒත් මං කියන්නෙ දැන් ඒ කිසි දෙයක් ගැන හි තලා වැඩක් නෑ…ඒවා සිද්ධ වෙලා ඉවරයි.. මං හදන්නෙ ඉස්සරහට ඇති වෙන ප්‍රශ්න නතර කරන්න..
ඒක තවත් ප්‍රශ්න හදන එකක් නෑ කියලා සර් ට විශ්වාසද..?
මොනවා අසනවා දැයි මටම නිනව්වක් නැතිය. මා උන්නේ එතරම්ම අවුලකිනි.
මම ඔව් කීවොත්….
ඔව් කීවේ ගැඹුරු හඬකිනි. මම නිරුත්තර වීමි ජීවිතය එය තවෙකෙකුට තීරණය කිරීමට ඉඩ දීම කෙතරම් වේදනාබරද..
මම ඔයාගෙ අම්මයි මල්ලියි එක්කත් කතා කලා එයාලා කැමති ඒකට…
සෝන්‍ය කීවේ මට තවත් කිසිවක්ම කියන්නට ඉඩ නොතබාමය. අම්මාත් මල්ලීත් කෙතරම්ම අසරණවී ඇතිදැයි මට සිතා ගන්නට හැකිය.
නෑදෑ හිතමිතුරන් සියල්ලට ආරාධනා කර තව දිනකින් පවත්වන්නට තිබූ මංගල උත්සවය අතරමඟ කඩාකප්පල් වීම එය කෙසේ දරා ගත හැකිද..
හිත රිදෙනා නිසාවෙන් මට කිසිවක් නොකිවත් අම්මාත් මල්ලීත් උහුලන වේදනාව ලජ්ජාව අ පේක්ෂා භංගත්වය අසරණකම මට තේරුම් ගත හැකිය.
ඉදින් ඔවුන් තවත් අසරන කරන්නේ කෙසේද දෛවය කරනා සමහර ක්‍රිඩාවන්ට අපිට කරන් නට දෙයක් නැත.
මගේ දෛවය ලියවී ඇත්තේ මේ නන්නාදුන අමුතු ගුප්ප මිනිසාගේ පතිනිය වන්නට නම් මා එය කෙසේ වෙනස් කරන්න ද..
එක් අතකින් ගත්කල වසර පහක් තිස්සේ දැන හදුනාගෙන උන්නත් මා දනුක ගැන දැන සිටි යේ කුමක් ද.. එය සෝන්‍ය ගැන දන්නවාට වඩා වැඩි යමක් නොවේ. ඉදින් එසේනම්..
වසර පහක් ආදරය කලත් ධනුක අවසාන මො හොතේ අවසන් තත්පරයේදි මා ඉතාම සාහ සික ලෙසින් අත්හැර දැමුවේ කෙතරම් පහසුවෙන් ද..
කෙනෙක් තමා ඉතා ප්‍රිය කරනා ඇඟලුමකින් වත් එතරම් පහසුවෙන් මිඳෙන්නේ නැත. ඉදිත් ඔහු මට ආදරය කලේ යැයි මා විශ්වාස කරන් නෙ කෙසේද..
එසේනම් සෝන්‍ය නරක නපුරු අවිශ්වාස කටයුතු අයෙක් යැයි මා හිතන්නේ ඇයි.. මා ඔහු ගැන කිසිවක්ම දන්නේ නැත.
සමහර විට මා සිතා සිටිනවා වඩා ඔහු බෙහෙ වින්ම හොඳ ආදරණීය අයෙක්වන්නට ද හැකි ය. එසේ නොවන්නට ද හැකිය. එය මා නොව දෛවය විසඳිය යුතු පැනයකි.
තාදී….
මා කිසිවක්ම නොකියා කල්පනා කරන්නට වූ නිසාදෝ සෝන්‍ය මා ඇමතීය.
මේ තරම් හදිස්සියෙන් ඔය වගේ තීරණයක් ගන්න අමාරුයි කියලා මම දන්නවා.. ඒත් අපිට තව නාස්ති කරන්න වෙලාව නෑ…
තව තියෙන්නෙ පැය ගානක්.. ඔයා තරම්වත් මං ලෑස්ති නෑ.. කට කොනකට නඟාගත් අමුතු සිනාවකින් යුතුව ඔහු කීවේය.
ඉතිං සර් එතකොට…
ඒ ගැන හිතන්න එපා හැමදේම හරි යයි… අනං මනං හිතන්නෙ නැතුව සැහැල්ලුවෙන් ඉන්න… නැත්තං වෙඩින් එක දවසෙ ඔයා මැලවිලා ඉදී..
සියල්ල එතරම් පහසුවෙන් සහැල්ලුවෙන් භාර ගන්නට ඔහුට හැකිවූයේ කෙසේ ද.. කිසිවක් එතරම් නොතකන ඔහු වැන්නෙක් සමඟ ගෙ වනා ජීවිතය කෙසේ විය හැකිද..
ඒවා අනාගතයට භාර දෙනවා ඇරෙන්නට මට කල හැකි දෙයක් තිබුනේ නැත.
කැඩපතින් පෙනෙනා මගේම රැව දෙස මම ඔහේ බලාගෙන සිටියෙමි. සාම්ප්‍රධායික උඩ රට මනාලිය ලෙසින් මගේ පෙනුම සුන්දර යැයි මා දුටු සියළු දෙනාම එක හෙලාම පැවසූහ.
එහෙත් හිත තිබුනේ නොසන්සුන්වය. මේ විවාහය සිදුවන්නේ ධනුක සමගින් නම් මේ මොහොතේ මා හිදින්නේ කෙතරම් සතුටකින් ද එහෙත් දැන් මට සිදුව ඇත්තේ නන්නාදුන මිනිසෙකුගේ බිරිඳ වන්නටය.
මා මනාලියක ලෙස සැරසී හිදිනු දැක අම්මා හිඳින්නේ සතුටිනි. ධනුකගේ වෙනස් වීමෙන් ඈ කෙතම් වේදනාවට පත්වී හිඳින්නට ඇති දැයි ඒ සතුට කියා පෑවේය.
ඇගේ මේ සතුට වෙනුවෙන් මට කල නොහැකි දෙයක් නැත. ඒ වෙනුවෙන් නම් මා සෝන්‍යට කෘතඥ විය යුතුය.
ඔයාට වරදින්නෙ නෑ දෝණි..හැමදේම සිද්ධ වෙන්නෙ හොඳට කියලා හිතන්න..
අම්මා කීවේ මගේ හිස සිපගෙනය.
ත මු සෙ බය වෙන්න එපා හ ලෝ.. ධනුකයට වඩා සෝන්‍ය අයියා කොච්චර හොඳද..විකර හිතන්නෙ නැතුව..
හිනා වෙලා ඉන්නවා නැත්තං..අනිත් උන් හිත යි..අපි බලෙන් මේ මඟුල කරනවා කියලා..
මා සූදානම් වෙමින් සිටි කාමරයට අනවසර යෙන් ගොඩ වදිමින් මල්ලා කිවේය. ඔහු උන් නේ වේදනාවෙනි.
මගේ අවිනිශ්ත අනාගතය ගැන බියක් මා ඒ දෑස්වල දිටිමි. එහෙත් ඔහු මා වෙනුවෙන් ඒ සියල්ල දරා ගත්තේය. සියල්ල දෛවයට භාර දෙන්නට මම අවසානයේ තිරණය කලෙමි.
මනාලයෙකු ලෙසින් සැරසුනු සෝන්‍ය මා මුලි න්ම දුටුවේ පෝරුවේදීය. වෙනදා ඔහු වෙතින් පෙනනා අර අමුතු පෙනුම වෙනුවට අදනම් ඒ මුහුගේ වූයේ සුන්දර සිනාවකි.
කිසිදු චකිතයක් නොමැතිව දන්නා නොදන්නා සියල්ලන් ඔහු උන්නේ හිනැහෙමිනි.
හිනාවෙලා ඉන්න තාදී… ඔහොම බය වෙලා ඉද්දි..මිනිස්සු බලයි මොකද කියලා..
පෝරුව මතදී ඔහු කීවේ මට පමනක් ඇසෙන ලෙසිනි. මම අමාරුවෙන් හිනැහෙන්නට උත්ස හ කලෙමි.
පොරුවේ චාරිත්‍ර ඉතා හොඳින් ඉටුවිය. වෙනක ක් තබා පෝරුවෙන් බසිද්දී බිඳි පොල් ගෙඩිය පවා හරි මැඳින් දෙකට බිඳී උඩුකුරුව හිනැහෙ මින් තිබිනි.
තාදී මෙත් දහරා අලගියවන්න.. යන මම මෙහි සිටින සෝන්‍ය සේනිත් සමරදිවාකර.. යන අය මාගේ නීතියානූකූල ස්වාමි පුරුෂයා ලෙසින් භාර ගන්නා බවට..
විවාහ රෙජිස්ට්‍රාර් වරිය විසින් කියූ වාක්‍ය මා කියවාගෙන ගියේ කවරාකාර හැඟීමකින් දැයි මටම තේරුමක් තිබුනේ නැත.
එහෙත් අප ඉදිරියේ දිගහැර දමා තිබූ පුස්ථක යේ මා තැබූ අත්සන මේ ජීවිතය කවරාකාර තැනකට රැගෙන යාවි දැයි කියන්නට තවම වේලාසන වැඩිය.
හමුවෙමු