නපුරු දීගේ

එදාම හවස ටිකට් කපපු නිසා මං හිටියෙ ගොඩක් සතුටින්.ගෙදර ආපු ගමන්ම නාගෙන ඉවර වෙලා මං කෙලින්ම ආවෙ කිචන් එකට.අම්මයි මමයි එකතු වෙලා ආර්වින්ගෙ බර්ත්ඩේ එක වෙනුවෙන් රෑට කෑම හදන්න සූදානම් උනා.

“හෝව් හෝව්…. මේ මැඩම්ට මෙච්චර ඉක්මනට අමතක උනාද ඩොක්ටර් කියපුවා?…”

එකපාරටම කඩාගෙන බිඳගෙන කිචන් එකට ආපු ආර්වින් එහෙම කියාගෙන ඉනට අත් දෙක තියන් මගෙ දිහා බැලුවෙ මං මහා ලොකු වැරැද්දක් කරපු ගානට.අම්මටත් හිනා ආර්වින් ඒක කියපු විදියට.

“මට හොඳට මතකයි ඩොක්ටර් කියපු දේවල්… අම්මෙ මේ චිකන් කෑලි ටික හොඳට හෝදලා වතුර පෙරෙන්න තියන්නකො.මං තක්කාලි ටික ක/ප/ලා ගන්නම්…”

මං නපුරාව ගනන් ගන්නැතුව තක්කාලි ගෙඩි ටික හෝදලා ගත්තා.මං දන්නවා දැන් එයාට කේන්තියි කියලා.

“චිකන් කෑලි ටික හොඳට හෝදලා වතුර පෙරෙන්න තියලා තක්කාලි ටික ක/ප/න්/න කියලද ඩොක්ටර් කිව්වෙ?…”

එයා කියපු කතාවට මට වගේම අම්මටත් බකස් ගාලා හිනා ගියා.

“හිනා වෙන්න නෙවෙයි මං කිව්වෙ.ඩොක්ටර් කියපු දේවල් මතකයිද කියලා මතකයිද කියලා ඇහුවෙ?…”

“මොකද පුතාට අද මෙච්චර කේන්ති ගිහින්?ඇයි මගෙ ලේලිට ඔහොම කෑ ගහන්නෙ?එයාට දැන් ඔහොම කෑ ගහලා බනින්න එහෙම හොඳ නෑ.අපිට බාධා කරන්නැතුව පුතා ගිහින් වැඩක් බලා ගන්න…”

අම්මත් මගෙ පැත්ත අරගෙන කතා කරා. හොඳම වැඩේ මගෙ නපුරු මහත්තයට.

“ඩොක්ටර් මෙයාට මහන්සි වෙන්න එපා කිව්වා.පුලුවන් තරම් රෙස්ට් කරන්න කියලයි කිව්වෙ.ඔය වැඩේ පැත්තක තියලා එනවා යන්න කාමරේට…”

නපුරා මගෙ අතින් ඇදගෙන කාමරේට යන්නයි ලෑස්තිය.මං බැගෑපත් වෙලා දුකින් වගේ අම්මා දිහා බැලුවා.කොච්චර ආසාවෙන්ද මං කෑම ටික උයන්න ගත්තෙ. පුංචි කාලෙ ඉඳන්ම මං ආසම වැඩක් තමයි කෑම උයන එක.අම්මලාගෙ ගෙදර ඉන්නැද්දි එහෙම පොත් බලාගෙන එක එක ජාතියෙ රස කෑම හදනවා.

“අනේ පුතේ දුවගෙ ආසාවනෙ මේක.එපා කියන්න එපා ඉතින්.මටත් කලින් දුවමයි උයන්න ගත්තෙ.මේක ගොඩක් මහන්සි වෙලා කරන වැඩක් නෙවෙයිනෙ.මාත් උදව් කරනවනෙ පුතේ…”

“අනේ ඔව් ආර්වින්.ඔයාගෙ උපන්දිනේ වෙනුවෙන් මං මේ කෑම ටික හදන්න ගත්තෙ ගොඩක් ආසාවෙන් වගේම හරිම සතුටින්. මේක මහන්සියක් නෙවෙයි මහත්තයො…”

“හ්ම්ම්.කමක් නෑ එහෙනම්.වැඩිය මහන්සි වෙන්න එපා…”

“තැන්ක්‍යූ…”

අම්මා අහක බලාගන්නකල් ඉඳලා මං ආර්වින්ගෙ කම්මුලට කි/ස් එකක් දුන්නා. එයා පැනි බේරෙන මනමාල හිනාවක් දාගෙන කිචන් එකෙන් ගියේ මගෙ තො/ල් දෙකත් කි/ස් කරගෙනයි.මගෙ පි/ස්/සු හබී වෙලාවකට පොඩි බබෙක් වගේ.

ලස්සන කෑම මේසයක් සූදානම් කරලා මං ඇ/ඟ හෝදගෙන එහෙම ලෑස්ති උනා.මං ඇන්දෙ ආර්වින් ගෙනත් දීපු නිල් පාට ලස්සන ගව්මක්.කොණ්ඩෙ කඩලා දාලා කටුවක් ගහගෙන කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බඩට අත තියාගෙන හැඩ බැලුවා.

බෝලෙ වගේ පිරීලා තියන බණ්ඩියට මං හරිම හැඩයි කියලා මට හිතුනා.ඉස්සරට වැඩිය මං දැන් මහත් වෙලා.පැටව් දෙන්නෙක්නෙ ඉතින් හම්බෙන්න ඉන්නෙ.

දෑස් පියාගෙන සිහින ලෝකෙක අතරමං වෙලා ඉන්නැද්දි එකපාරටම මගෙ කම්මුලට සීතලක් දැනුනා.මං ඇස් ඇරලා බලද්දි ආර්වින් මගෙ උරහිසෙන් නිකට තියාගෙන මාව තුරුල් කරන් කණ්ණාඩියෙන් බලන් ඉන්නවා.එයා නාලා තවමත් කොණ්ඩෙන් දිය බිඳු බේරෙනවා.

“මැණික අද හරිම ලස්සනයි.සුරංගනාවියක් වගේ මගෙ බෝනික්කි…”

මං දඟකාර විදියට ඇහුවා.එයා ව$ හිනාවක් දාලා ඇඳේ ඉඳගෙන මාව ළඟට අරන් ඉන වටේට වලල්ලක් වගේ අත් දෙක යවලා තු/රු/ල් කරගත්තා.

ටික වෙලාවකින් එයා මගෙ බඩ පුරාම කි/ස් කරමින් මාව ඇඳේ තියලා ටවල් එකෙන් ඔලුව පිහදාගෙන ඇවිත් බඩට කන තියාගෙන හිටියා.

“පුතාලා දෙන්නා මොනවද කියන්නෙ ආර්වින්?…”

“එයාලා දෙන්නට සෙල්ලම් කරන්න නංගි බබෙකුත් ඕනිලු.ඉක්මනටම නංගි බබෙකුත් ගෙනත් දෙන්නලු…”

එයා ක/ප/ටි හිනාවක් දාලා මගෙ මූණට මූණ ලං කරගෙන තො/ල් වලින් අල්ල ගත්තා.ගොඩාක් වෙලා ගියාට පස්සෙ තමයි මගෙ දෙ/තො/ල් ඒ දෙ/තො/ල් වලින් නිදහස් උනේ.

“ඉක්මනට ඕනි නම් ඉතින් කඩෙන් තමයි ගේන්න වෙන්නෙ…”

“කඩෙන් නෙවෙයි මෙහෙන් ගේමු…”

එයා මගෙ බ ඩ අතගාලා ඇඳේ අනික් පසින් වැතිරුනා.හොඳට පීරපු කොණ්ඩෙත් අවුල් වෙලා දැන් මෙයාගෙ දඟකාර වැඩ නිසා. අරෙහෙ අම්මා බලාගෙන ඇති අපි ලෑස්ති වෙලා පල්ලෙහාට එනකල්.මෙයාට ගානක්වත් නෑ පහලට යන්න.

“මේ හොඳටම ඇති…”

“අයියෝ බබා පුතාලා දෙන්නා විතරක් මදි. මට තව ඔයා වගේ බෝනික්කියෙකුත් ඕනි…”

“බෝනික්කො නම් ඉතින් කඩෙත් ඉන්නෙ. සල්ලි දීලා දෙක තුනක්ම අරන් එමු…”

“ඒ බෝනික්කො නෙවෙයි මැ/ට්/ටි/යෙ කිව්වෙ.මට ඔයාගෙ වගේම ඇස් තියන මේ වගේ ලස්සන හුරුබුහුටි දූ පොඩිත්තක් ඕනි. දෙනවා නේද?…”

“හ්ම්ම්…”

“මොකද හ්ම්ම් විතරක්?කට ඇරලා උත්තරයක් දෙන්න දන්නැද්ද?…”

“හ්ම්ම්…”

එයා මට රවලා ඇඳෙන් බිමට බැස්සා.මට තනියම හිනා එයාගෙ කේන්තියට.මගෙ නපුරු හබීව කේන්ති ගස්සලා හිනා වෙන එක මට දැන් පුරුද්දට ගිහින්.

“මට රවන්න එපා.ඔයාට පව් සිද්ද වෙයි…”

එයා දම් පාට ටීෂර්ට් එකට නිල් ඩෙනිම් කලිසමක් ඇඳගෙන මගෙ ගාවට ඇවිත් නලලට කි/ස් එකක් දුන්නා.

“සොරි බබා.ආයෙ මං ඔයාට රවන්නෑ.ඒ රැව්වෙ තරහට නෙවෙයිනෙ.ආදරේටනෙ…”

“ඒක මං දන්නවා මහත්තයො.අපි දැන් පල්ලෙහාට යමු.අපේ අම්මලා එහෙම් දැන් ලඟම එනවලු.මට දැන් මැසේජ් එකක් ආවා…”

අපි දෙන්නා ලෑස්ති වෙලා පල්ලෙහාට එද්දි අපේ අම්මයි,අප්පච්චියි,ධනුකයි,නංගියි ගෙදරට ආවා.ධනුකගෙ අතේ ලොකු බර්ත්ඩේ කේක් එකක් තිබුනා.එයාලා අපිව සප්‍රයිස් කරන්න ලස්සන කේක් එකක් අරන් ඇවිත්.

Happy Birthday To You
Happy Birthday To You


Happy Birthday dr Aarvin
Happy Birthday To You….. ❤️🎂🎁🎈🎊️

හැමෝගෙම ප්‍රීතිමත් අත්පොලසන් හඬ මධ්‍යයේ ආර්වින් කේක් එක ක/ප/ලා අපි හැමෝටම කැව්වා.මට තමයි ලොකුම කෑල්ල කැව්වෙ.

“ෂා…. අද නම් මඟුල් ගෙදරකට වගේ කෑම හදලා.අක්කගෙයි ඇන්ටිගෙයි කෑම වල පුදුම සුවඳක්නෙ තියෙන්නෙ…”

නංගි එහෙම කියාගෙන පුටුවක් ඇදලා අරන් වාඩි උනා.

“මං නෙවෙයි දූ ඔයාගෙ අක්කා තමයි මේ කෑම සේරම තනියම හැදුවෙ.මං ළඟින් ඉඳන් උදව් කරා විතරයි.ඔයාගෙ අක්කට රසට කෑම උයන්න පුලුවන්…”

නංගිත් දැන් මාස දෙකක ගැබිණියක් කියලා මං දැන ගත්තෙ අදයි.කෙ/ල්ල කොහොමත් ඉස්සර ඉඳන්ම මගෙ අතින් හදන කෑම කන්න හරිම ආසයි.ආයෙත් දවසක දෙන්නටම එන්න කියලා රසම රස කෑම වේලක් හදලා දෙන්න ඕනි.

කෑම කාලා ඉවර උනාට පස්සෙ අප්පච්චියි ආර්විනුයි ධනුකයි ඉස්තෝප්පු කෑල්ලෙ පොඩියට සෙට් උනා.අප්පච්චි බ/ඩු/ත් අරගෙන ඇවිත් ආර්වින්ටයි ධනුකටයි කතා කරා.ධනුකට නම් නංගි කලින්ම අවසර දීලා. ඒ නිකන්ම නෙවෙයි.දාහක් විතර කොන්දේසි දාලා.

“අදට විතරක් පොඩ්ඩක් ගත්තට කමක් නැද්ද බබා?…”

ආර්වින් මගෙ ළඟට ඇවිත් පූස් පැටියෙක් වගේ අහිංසක විදියට ඇ/ඟේ එතෙන්න ගත්තා.බොන්න කලින්ම මේ/කා/ට වෙ/රි/ද මන්දා.

“වැඩිය බෑ ඔන්න.චුට්ටයි හැබැයි.වැඩිය ගත්තොත් අද ඔයාට නිදා ගන්න වෙන්නෙ කාමරෙන් එලියෙ තමයි.මතකයිනෙ?…”

“යර්ස් මැඩම්…”

බඩට අත තියාගෙන ඔලුවත් නවලා පාත් වෙලා ආර්වින් ඒක කියපු තාලෙට මට හිනා ගියා.එයාලා බො / න අතරෙ මායි නංගියි කාමරේට ආවා.අම්මලා දෙන්නා කුස්සියෙ සාකච්චාවක්.

“මට නම් ඔයා ගැන ගොඩක් සන්තෝශයි නංගි.ඔයා කොහොම හරි ධනුකව වෙනස් කරා.මං ඔයාලා දෙන්නට හදවතින්ම සුබ පතනවා…”

“මං නෙවෙයි අක්කි ධනුකව වෙනස් කරේ. එයාව වෙනස් කරේ කාලය…”

“කාලය?…”

“ඔව් අක්කි.එයා ඔයාට කරපු වැරදි සේරම ආපහු කැරකිලා එයාගෙ ඔලුවටම එද්දි එයාට දෙයක්ම නැති වෙලා ඉවරයි.ඒකෙන් එයා ලොකු පාඩමක් ඉගන ගත්තා.ජීවිතේ ගැන ඇත්ත එයා තේරුම් ගත්තා.එයා සම්පූර්ණයෙන්ම වෙනස් මනුස්සයෙක් උනා…”

“මෙයා ඔයාලගෙ ජීවිත තවත් ලස්සන කරයි නංගි…”

මං නංගිගෙ බඩ අතගාලා එහෙම කිව්වා. මගෙ පුතාලා දෙන්නාට එයාගෙ පුංචි,නංගි බබෙක් ගෙනාවොත් හොඳයි.

“ඔව් අක්කෙ.දැන් අපේ එකම බලාපොරොත්තුව මෙයා.අපේ දරුවො තුන් දෙනා එකට හැදිලා වැඩිලා සෙල්ලම් කරනවා දකින්න මං හරිම ආසයි…”

“ඒක දකින්න සමහර විට මට නම් වාසනාවක් නැති වෙයි නංගි…”

පූජා එහෙම කියද්දි ඇයටත් නොදනීම ඇගේ ඇස් දෙකෙන් කඳුලු දෙපේලියක් කම්මුල් තෙමාලමින් ගලාගෙන ගියා.

මතු සම්බන්දයි