සිතින් විතරක්..
දෙක…
ජීවිතය හරි බර දෙයක් මොනා කරන්නද අමා රුවෙන් හරි ඒ බර දරාගෙන ඉන්නවා ඇරෙ න්න. එයා දිහා බලන් මම හිතුවා. ඇත්තටම මට මේ මොනවද වෙන්න යන්නෙ.
ලෑස්ති වෙනවා හෙට අපේ ගෙදර යන්න….
එයා එක පාරම එහෙම කියද්දි මට මොනවත් හිතාගන්න බෑ. පෙනී ඉන්න බිරිඳක් වෙන්න උනත් පැය දොලහක් පහලවක් ඇතිද…
හෙට…? මම පුදුමෙන් ඇහුවා.
ඔව්..නැතුව අවුරුදු ගානක් ප්ලෑන් කරලා පයිව් ස්ටාර් හොටෙල් එකක වෙඩින් එක ගන්නද තමුසෙ හිතාගෙන හිටියෙ…
අර දිග ඇස්වල සමච්චල් හිනාවක් ආයිම පි රු ණා.මේක ගනුදෙනුවක් කියලා මට අමතක වෙන්නෙ ඇයි.. ඒත් දෙයියනේ හෙටම.
බෝසෙත් අනුත්තර මංචනායක..මේ දේවදත්ත යට ඒවගේ නමක් දාපු කෙනා තාමත් ඉන්නවද දන්නෙ නෑ. මට එහෙම හිතුනා.
එහෙම නෙවී සර්…
මම දෙයක් කියන්න හැදුවා.
එහෙම නං කෝමද…?
මැරි කරන්නෙ නැතුව…මට එහෙම යන්න දෙ න්නෙ නෑ සර් මෙහෙන්…
මම කීවෙ බිම බලා ගෙන. ඒක තමා මේ ලමා නිවසෙ සිරිත හැමෝම මෙහෙන් පිට කලේ විවාහයක් කරලා දීලා. එහෙම තිබුන මංගල උත්සව ගනනාවක් මතකයි මට.
ත මු සෙ ට පිස්සුද ඕයි ලක්ෂ විසිපහකුත් දීලා අවුරුද්දකට ගත්ත ගෑ ණි ව මැරි කරන්න… මම මොකෙක් කියලා හිතුවද….
එයා ආයිම කෑ ගැහුවා. ඇත්ත තමා එයාට මම තවත් එක වෙලඳ භාණ්ඩයක් විතරයි. බඩුවක් කවුද කසාද බඳින්නෙ.
ඒත් සර් මේ මැඩම්ලා….
හරි ඕ යි මං ඒක බලාගන්නං… සල්ලි වලට මො කාද ඔළුව නවන්නෙ නැත්තෙ ත මු සෙ දැන් ඔය අපූරුවට කැමති වුනේ අනිත් උනුත් එහෙ ම තමා….
මට වැඩ තියනවා උදේ අට වෙද්දි ලෑ ස්ති වෙලා ගේට් එක ලඟ ඉන්නවා..මම යනවා
එහෙම කියාගෙන මම මොනවත් කියන්න කලි න්ම එයා එතනින් පිටවුනා.
මම ඒ යන දිහා බලාගෙන හිටියෙ කිසිම හැඟී මක් නැතුව. ලක්ස විසිපහකට මම මගෙ ජිවි තේ උගස් කරලා කියලා මට තේරුනා දැන් මට මාව අයිති නෑ. හෙටින් පස්සෙ මොනාවේවිද…
මේ දඩබ්බර හිතුවක්කාර නපුරු කුමාරයගෙ තාවකාලික බිරිඳ නොවී එක අහිංසක දුප්පත් ආදරණීය කොල්ලෙක්ගෙ හැබෑ බිරිඳ වෙන්න තිබුනනං මම අද ඉන්නෙ මොන තරම් සතුටි න්ද.හීනත් වෙලාවකට හරිම අමුතුයි. හැමෝම කඩවසම් පෝසත් කො ල් ලො ගැන හීන දකිද්දි මම.
මම ආපහු මගේ කාමරේට ගියෙ නොසන්සුන් හිතින්. දන්න දවසෙ ඉදන් හැදුන වැඩුන තැන. මැඩම්ලා ආන්ටිලා අර පුංචිවුන් ටික ඒ හැමෝ ම අතෑරලා මම හෙට නොදන්න කෙනෙක් එක්ක නොදන්න තැනක නොදන්න ජීවිතයක් පටන් ගන්න යනවා. ජීවිතේ ඇත්තටම මොන තරම් අමුතුද..
පබා…. ලොකු මැඩම් මට කතා කලා.
එන්න මැඩම්… ඇස්වලට පිරුණු කඳුළු පිටි අත්ලෙන් පිහදාගෙන මම දොර ඇරියා.
මොකද පබා මේ… හිනාවෙන්න ඕනි වෙලාවෙ අඬන්නෙ.. එයා ඇහුවෙ මගෙ අත් දෙකෙන් අල්ලගෙන.
මට බයයි මැඩම්… මං එයාව දන්නෙත් නෑ… හරිම නපුරු පාටයි…ඊටත් හෙටම මට හුස්ම ගන්නවත් වෙලාවක් නෑ… මම කෙඳිරි ගෑවා.
පිස්සු කෙ ල් ල ඕවා හිතන්න එපා… හැමදේම හරියයි..මේක ඔයාගෙ වාසනාව..නැත්තං ඔය වගේ කො ල් ලෙ ක් මැරි කරන්න ලැබෙනවද… එයා කියවගෙන යනවා. ඔව් සල්ලිවලට ඕනි දෙයක් කරන්න පුළුවන්.
හමුවෙමු