12 කොටස
දෙවියයෙනේ …
රා ..රාගව් ඔ..ඔයා….ම.මට ආදරේ කරනවද.මට නම් හිතාගන්නවත් බෑ..එහෙනම් ඇයි දෙවියයෙනේ මට ඔයා එදා එහෙම කිව්වේ…..
මටනම් මේ කිසිම දෙයක් හිතාගන්න බෑ…රාගව්ට මොකක් හරි ලොකු ප්රශ්නයක් තියනවා වගේ .එ නිසා තමයි මට ආදරේ වෙලත් මට නොකියන්නේ..හරි බලමුකෝ මන් කොහොම හරි හොයා ගන්නම්කෝ ඔයා මට නොකියා මේ හංගන දේ.
රාගව් අමාරුවෙන් මන් මට වාරුකරන් බාත්රූම් එකට අරන් ගිහින් ශවර් එකයටින් ඉන්දලා ශවර් එක ඇරියේ ටිකක් හරි පියවි සිහියට ගන්න ඕනි උන නිසා උනත්………
රාගව් කරේ මන් හිනෙකින්වත් හිතපුනැති දෙයක් ….
රාගව් එකපාරටම මාව ඇදලා තුරුල් කරගත්තේ මාව සම්පුර්ණයෙන් නැවිලා යද්දි…
අහ්………..
මේකනම්………මහා බනින්න කට නැලියෑවත් මුට බැන්නට තේරුම්ක් නැති නිසා මන් කටපියගත්තා .
මාව සම්පූර්ණයෙන් තෙමිලා මුළු සාරියම ඇගට ඇලිලා.ඇගේ හැම හැඩයක්ම කැපිලා හොදට පේනවා…
ලැජ්ජාවක් නොදැනුනාම නෙවෙයි .
වදෙන් පොරෙන් නාවගෙන පිහිදලා සරමක් දවටන් කාමරේට එක්ක ඇදෙන් ඇලකරද්දි මගේ හොද පණ ගිහින්….
ඇයි දෙවියනේ අඩි හයකට කිට්ටු වෙන්න උස මහත එ අලිපැටියා මේ අඩි පහක්වත් උස නැති මන් කොහොම අම්බාන් කරන්නද..
ඔන දෙයක් වෙන්න කියලා මාත් නැවේ .අලුතෙන් නාගන්න දෙයක් ඉතුරු වෙලා තිබේ නැති නිසා…
රාගව්ගේ අල්මාරිය අවුස්සලා ටී ශර්ට් එකක් හොයන් ඇද ගත්තේ .වෙන අදින්න එකක් තිබ්බේ නැති නිසා.
ලොකු අවුලක් නෑ..දිගන්චියාගේ ටී ශර්ට් එක දෙවියයෙන්ට පින් සිද්ධ වෙන්න දණ ඉස්ස ගාවටම තියෙනවා…
මන් හෙමින් සැරේ එයා ලගින් ඇල වෙලා එයාගේ ඔලුව අතගැවේ ටිකක් නිදාගෙන නැගිටහම ඔය මත් ගතිය ඇරිලා යන නිසා .
ම්…ම්……..
කෙදිරිගන ගමන් රාගව් මගේ පපුවෙන් ඔලුව තියාගත්තේ මගෙ හුස්මත් එකපාරට හිරවෙද්දී.මුළු ඇගටම ටී ශර්ට් එක විතරක් නිසා ඔහුගේන් මිදෙන සුසුම් මගේ ලය ස්පර්ශ වෙන්නේ ගත හිරිවට්ටමින්…
අයින් කරන්න හැදුවත් තව තවත් මට තුරුල් වෙලා මගේ බද වටේ අතකුත් දාන් එයාට හිර කරගත්තේ මට හෙලවෙනවත් බැරි විදිහට…
දවසෙම මහන්සි වෙලා මේකව නාවන්නවත් ඔට්ටුවෙලා දැනුන මහන්සිය මටත් නොදැනිම මගේ ඇස් පියවුණ…..
අහ්…..
ඔලුව පුපුරන තරම් රිදුම් දෙද්දි රාගව් සෙමෙන් දෙනෙත් විවර කන්නට වුයේ ගතට නුහුරු නුපුරුදු උණුසුම්ක් හා ගත්ට සුව මෘදු පහසට තව තවත් ගුලිවෙමිනි.
සිය තුරුලේ සා පැටියෙක් මෙන් ගුලිවී හිදින ඇ දැක ඔහුගේ නෙත් විසල් වී .යහනෙහි ඉන්ද වුයේ .මත් බව ගතින් පලා යද්දිය .
ඔ…ඔයා කොහොමද මන් ලග මැණික.ඔහු එලෙස සිතිමින් ඇගේ වත දිගෙ දෑස් ගෙන යන්නට විය.
ඈ ගුලි වී හිදින අයුරු දැක ඔහුගේ මුවෙහි ලා මදහසක් නැගුනේ නිරායාසයෙනි .ඈ ගතලා සිටින තම කමිසය කොහෙවත් ය ..ඇගේ කලවා වැඩි ප්රමාණයක් නිරාවරණය වී තිබෙන්නේ ඇගේ කිරිපැහැ ගත නිරාවරණය කරමිනි .
මගේ දඟ මල්ල….
දැනෙන නොදැන තරම් මෘදුව ඇගේ කොපුල්ක සිප ගනිමින් ඇගේ කෙහෙරැලි අතරින් සිය දැගිලි යවමින් පිරිමදිමින්නට විය….
මන් කොහොමද මැණික කුමාරිකාවක් වගේ ජිවත් වෙන ඔයාව මේ නරාවලට ඇදගන්නේ..
ඔයා මැණිකක්…ම..ම…මන් කිසිම වටිනාකමක් නැති කළුගලක්….
එහෙම මන් කොහොමද මැණික ඔයාට ආදරේ කරලා ..ඔයාගේ ජිවිතේ විනාශ කරන්නේ….
රාගව් ඈ තව තවත් සිය නිරුවත් ලය මඩලට තුරුල් කරගනිමින් සිතන්නට වුයේ .මදකට හෝ ඈ සිය ගතින් මෑත් කිරීමට දැනුනු ලෝභකමෙනි….
මන් කැමති මැණික මේ රෑ ගෙවෙන්නෙම නැතුව තියනවනම්.
මන්ද….
මෙලෙස හැර ඈ සිය තුරුලට ගැනීමට ඉඩක් නැවත කිසි දිනෙක තමාට නොලැබෙනු ඇත…
මතුසම්බන්ධයි