ඉහළට ගත් හුස්ම නැවත පහළට දැමීමට නොහැකි තරමට ඈ බියපත්වී උන්නේ ඒ වෙ/ඩි ශබ්දයට ය .
පැමිණ සිටින්නේ මැරයන් පිරිසකි .ඔවුන් අත අනිවාර්යයෙන්ම අ/වි තිබෙනවා විය යුතුය.
ඇගේ හදවත ගැහෙන්නට ගත්තේ ඒ වෙ/ඩි පහර වැදුණේ ඔහුට යැයි සිතුනි නිසාවෙනි.
තවදුරටත් රියේ අසුන් ගෙන බලාගෙන සිටීමට නොහැකිව ඇය රියෙන් බැස්සේ ගැහෙන හදවතිනි.
පා බිම තබා ගත නොහැකි පරිදිය.ඔහුට අනතුරක් වේ දැයි බියපත් සිතින් ඈ අඩිය තබද්දී පය පැටලී බිම වැටෙන්නට ගිය ඇය වත්තන් වූයේ ඇගේ රියට ය .
හිමි හිමීට වත්තම් වෙමින් ගිය ඇය දුටු ඒ දසුනින් ඇය පුදුම වූයේ මෙතෙක් වෙලා සිතේ පැවති බිය දුරු වෙමින්.
“ඇයි මම කියන දේ අහන්නැතුව කාර් එකෙන් බැස්සේ…”
_ අතේ තබාගෙන ඉදිරියේ වූ පිරිස වෙත දිගු කරන ඔහු එසේ ඇසුවේ ඈ දෙස රවා බලමින් .
ඔහුගේ අවධානය ඇය වෙත යොමුවන සැනින් ඉදිරියේ සිටි පිරිසෙන් එක් අයෙකු
ඔහුගේ අතට පා පහරක් එල්ල කරේ අතේ තිබූ __ බිමට ඇද වැටෙන අයුරුනි…
තමා මෙතැනට නොපැමිණියා නම් ඇයට සිතුණේ ඒ මොහොතේදීය .
කොණ්ඩය වවාගෙන කරාබුවක් පැළඳ සිටි ඒ පුද්ගලයා හනිකට ඒ __අහුලාගැනීමට යද්දී දිසෙන් ඔහු හා පොර බඳින්නට වූයේ එය ඔහුගෙන් උදුරා ගැනීමට ය..
දෙනාගෙන් එක් අයෙකු වත් අනෙකාට එය නොගැනීමට පොර බදිද්දී පිරිසේ සිටි තව අයෙක් දිසෙන්ගේ අතට එල්ල කරේ පොලු පහරකි .
ඒ පහර වැදුනේ ඔහුගේ දකුණතේ මැණික් කටුවටය.
ඇයගේ මුහුණ බියපත් වූයේ දැන් ඔහු හා තමා දෙදෙනාම වෙඩි පහරට ලක්වී මැරුම් කනු ඇතැයි සිතමිනි
“සෙහංසා මම කියන දේ අහලා කරුණාකරලා කාර් එකට නගිනවා .”
“මට බෑ ඔයාව දාලා යන්න “
“මම කියන දේ අහන්න”
මේ සියල්ලම සිදු වූයේ තමාගේ වැරද්දෙනි.ඔහුගේ අත රැදි _ ගිලිහී වැටුණේත් ,ඔහුගේ මැණික් කටුව තුවාල වූයේත් තමා නිසාය.
ඔහුගේ අතින් ගලනා රුධිර දහරින් හැඳසිටි සුදු පැහති ෂර්ට් එක තෙත් වී ගොසිනි.
එය දුටු ඇයගේ නෙත් වලට කදුළු උනන්ට ගත්තේ ඔහුගේ ඒ වේදනාව ඇයට දැනීමෙනි.
“අන්න බන් කෙ/ල්/ල අඬනවා……අඬද්දී කෙල්ලගෙ මූණ ජම්බෝල ගෙඩියක් වගේ නේ……”
“අපේ බොසාගේ හිත යන එක අහන්නත් දෙයක්ද ?”
එකෙක් ඇය වෙත ළං වෙන්නට වුයෙන් ඇය වත්තම් වූයේ ඇගේ හොන්ඩා ෆිට් රියටය.
ඇයට උසුළු විසුළු කරනවා ඇසුනු දිසෙන්ගේ _රත් වන්නට ගියේ මඳ වේලාවකි.
අතේවූ තුවාලයද අමතක කළ ඔහු සිතට එක්වරම ආ වේගයට තුවාල වූ අතින්ම අනෙකාගේ අතින් _උදුරා ගත්තේය .
“ත/මු/සෙ/ල මට මොනවා කරත් කමක් නෑ …..මට උලත් එකයි පිලත් එකයි …..ඒත් මේ කෙ/ල්/ල/ට එක වචනයක් කිව්වොත් ආයෙත් මම ඒ/කා/ගේ කට කඩලා දානවා .වැරදි විදිහට බැලුවොත් මම ඒකගෙ ඇගේ ඇස් උහුලනවා …….ඒක මතක තියාගනින්…ත/මු/සෙ/ල/ගෙ ඔයා ලොක්කා ටත් ඒක කි/යප/න් .මම ඔය වගේ කාඩ්බෝඩ් වීරයොන්ට බය නෑ ……ඌ/ට කියපං කොන්ද පණ තියෙනවා නම් එක එක සිපයියන් එවන්නේ නැතුව face to face මාත් එක්ක ෆයිට් කරන්න කියලා “.
දිසෙන් එසේ කීවේ තමා සමඟ පොර බැඳී පුද්ගලයාගේ හිසට _ තබමින්.
“වෙ….ඩි ….තියන්න එපා…… “
එම පුද්ගලයගේ හඬේ වූයේ මරබියකි.
“ත/මු/සෙ/ල මට ගහන්න ආපු වෙලාවේ මට තිබ්බ ඕනේ නම් මේකෙන් වෙ?ඩි තියාගෙන යන්න …….ඒත් මම එහෙම කරේ නැත්තෙ උ/ඹ/ලා උ/ගේ හෙන්චයියෝ නිසා ……
උ/ඹ/ලට තව ජීවත් වෙන්න ඕන නම් ප/ල/ය/න් යන්න මෙතනින් ………”
“අනේ ලොක්කා මුව අතාරින්න …..මේ ගේම අපි මෙතනින් නතර කරන්නම්….”
පිරිසේ සිටි අනෙක් පුද්ගලයන් එසේ ඉල්ලා සිටියේ මේ තරුණයාගෙන් ඔවුන්ගේ ජීවිත වලට හානි වෙතැයි සිතා බියට පත් වෙමින්.
“උ/ඹ/ලා මගේ අතත් තුවාල කරා….මගේ __ බිංදුවක් හෙල්ලපු එ/කෙ/ක්/ව/ත් මං මෙච්චර කාලෙකට අතෑරලා නෑ …..ඒත් උ/ඹ/ලා මේ දේවල් කරන්නේ උ/ඹ/ල/ගෙ රස්සාවට කියලා මං දන්නවා …..ඒක නිසයි උ/ඹ/ල/ට යන්න දෙන්නේ.හරි එහෙනම් මුලින්ම උ/ඹ/ලා නැඟපන් උ/ඹ/ලා/ගේ වාහනේට ………..ඊට පස්සේ මම මේ/කා/ව අත අරින්නම්…”
දිසෙන් එසේ කියනවාත් සමග ඔවුන් පිරිස නැග්ගේ ඔවුන්ගේ කැරවෑන් වර්ගයේ වෑන් රිය තුළට ය .
“හරි දැන් උ/බ/ත් ප/ල/ය/න් …….මීට පස්සේ උ/ඹ/ලා මාත් එක්ක ඇටෑක් එකට ආවොත් මම යහතින් යන්න දෙන්නේ නෑ………”
“අනේ ලොක්කා අපිට සමාවෙන්න ………”
ඔහු පිටව ගියේ දිසෙන් ගෙන් සමාව ඉල්ලමින්.
ඇය ඔහු ළඟට දිව ආවේ හඬමින්.
“මට සමාවෙන්න දිෂ්……..මම නිසයි මේ සේරම ……..ඔය එදා ක්ලබ් එකේ මට කරදර කරන්න ආපු කො/ල්/ල/ගෙ කට්ටිය නේද ??”
ඈ එසේ කීවේ ඔහුට තුරුළු වෙමින්.
“පාරේ ඩ්‍රාමා පෙන්නන්න යනවද ??කවුරු හරි දැක්කොත් මට නෙමෙයි ඔයාට හොඳ නැත්තේ ….”
“මේ පාරේ වැඩිපුර සෙනග නෑ…අනික කවුරු දැක්කත් කමක් නෑ දිෂ්……….මිනිස්සුන්ගෙ කතා හිත හිත හිතා ආදරේ කරන්න බෑ “
“යනවා යන්න අහකට…….ත/මු/සෙ/ලා වගේ සල්ලි කාරයොන්ට ඒ දේවල් ලොකු දෙයක් නෙමෙයි වෙන්නැති….ඒත් මේ දේවල් ත/මු/ස/ගේ ගෙදරට ආරංචි වුණොත් මට මගේ ජොබ් එකත් නැතිවෙයි….”
දිසෙන් කීවේ ඈව සිය තුරුලින් ඉවත් කරමින්
“ත/මු/සේ නම් මහ නපුරෙක්.මාව තල්ලු කරපු හැටි……”
ඇගේ දෑස් වල වූයේ රැවුමකි
“මගේ මේ අත තුවාල වෙලා __ගලනවා.ඇවිත් මෙතන කූඩැල්ල වගේ ඇඟේ එල්ලෙනවා…”
“අනේ සොරි දිෂ්.පොඩ්ඩක් ඉන්න”.
“ඉක්මනට වාහනයට නගිමු.පාරේ තව වාහන වලට යන්න ඕනේ.අපි මේ පාර බ්ලොක් කරන් ඉන්නේ”.
“මේ beach side එකනේ …..මේ වෙලාවට ම්හේ කවුරුත් සෙනග නෑ …pistol එක ෂූට් කරද්දි ඒවා කිසි දෙයක් මතක් උනේ නෑ නේ.මම දැක්කා අර සුදු පාට තාප්පේ දාපු ගෙදර මනුස්සයෙක් බැල්කනියට වෙලා පැත්ත බලන් ඉන්නවා.පුදුමයි පොලිසියට කෝල් කරපු නැති එක”.
ඇය රිය තුලට ගොස් ගෙන ආවේ ඇගේ වතුර බෝතලය.
ඔහු ඈ දෙස දෑස් විදහා බලා සිටියේ මෙවර ඈ කුමක් කරන්නට සැරසෙන්නේ යැයි සිතා ගත නොහැකිවය.
“පොඩ්ඩක් එන්න දිෂ්……..කෝ අත දික් කරන්න “
ඇය එසේ කියමින් ඔහු කැඳවාගෙන ගොස් පාරේ පසෙක තිබු කානුවක් පෙදෙසට ඔහුගේ අත දිගුකර ඒ අත සෝදන්නට වූයේ සීරුවෙනී.
“මම ඔයාකියන දේ ඇහුවා නම්,අද ඔයාව මෙහෙම තුවාල වෙන්නේ නෑ.මට සමාවෙන්න දිෂ්”.
ඉන්පසුව අත තිබූ කඩදාසි අත්පිස්නාව කින් ඔහුගේ දෑතේ වූ තෙත මාත්තු කලේ ඔහුට නොරිදෙන්නටය.
ඔහුගේ හිත මුදු වන්නට ගත්තෙ ඇගේ සෙනෙහස ,ආදරය ඔහුට හොඳින් දැනුනු නිසාවෙන් .
ඇය තමාට ආදරය කරන්නේ සැබෑවට ය.තමාගේ කඩවසම් බවට ආකර්ශනය වීමක් පමණක්ම නොවන බව ඔහුට හැඟුණේ මේ මොහොතේ දී ය .
ඈවන් රූමත් ධනවත් තරුණියකට ,ඕනෑ තරම් කඩවසම් ධනවත් තරුණයකු සොයා ගැනීමට හැකියාව තිබියදී ඇය මෙසේ තමා මත්තේම නැහෙන්නේ ඇය තමාට සැබැවින්ම ආදරේ නිසා නොවේද ?
දහවලේ දී සොනාලී නිසා තමා හා ඇය අමනාප වූයේත් ඒ නිසාමය.එහෙත් ඈ දෝත පා තමාට පුදන මේ ආදරය පිළිගන්නේ කෙසේද?
උස අතුවල පිපෙන මල් තිබෙන්නේ ,නෙලා ගැනීමට නොව එහි රුව සුවඳ විඳ ගැනීමට පමණි යැයි සිතූ දිසෙන් විසල් සුසුමක් හෙලුවේය.
“ඒක නෙමෙයි මම ඔයාගෙන් අහන්නේ හිටියේ. ඔයාට කොහෙන්ද p/i/s/t/ol එකක්?”
තමා එසේ අසද්දී ඔහු එක්වරම ගැස්සුණු බව සෙහෙන්සා දුටුවාය.
“ඔයාගේ තාත්තා දුන්නේ…..”
“තාත්තා ..මට තාත්තා කීව්වෙ වත් නැහැ නේ.මම හිතුවේ……..”
යමක් කියන්නට ගොස් එය නතර කළ ඈ පිස දැමූ අත ඇගේ ලේන්සුවකින් තද කර ගැට ගැසුවේ ලේ වහනය තවමත් නතර නොවූ නිසාය.
“මොනාද හිතුවේ මම මැරයෙක් කියලද ??”
“මැරයෝ තව හොඳයි . තුවාලයෙන් ලේ ගලන එක තාම නතර වුණේ නෑ …අපි යන ගමන් හොස්පිටල් එකෙන් බෙහෙත් දාගෙන යමු……”
“ඕනෙ නෑ ඔයගොල්ලෝ වගේ නෙමෙයි අපි හැමදේටම ඔරොත්තු වෙන විදිහට හැඳිලා තියෙන්නේ .මේක නිකම්ම හොඳ වෙයි “
දිසෙන් කීවේ රියදුරු අසුනට යාබද අසුනේ හිඳගනිමිනි….
💓💓💓💓💓💓💓💓
රාත්‍රියේ සයනයට වී කල්පනා කරමින් උන් සෙහන්සා ට නින්ද නොගියේ ඔහු ඉන්නේ කුසගින්නෙන් බව ඈ දන්නා නිසාවෙනි .
ඔහු රෑ කෑම මේසෙට නොආවේ ඔහුගේ දකුණත තුවාල වූ නිසා බව දන්නා ඇය ද කෑවේ කටවල් දෙක තුනක් පමණ ය.බොරුවට කෑම පිඟාන අනමින් සිටි ඇය ඉන් අනතුරුව එය දැම්මේ බෲනාගේ පිඟානට ය .
සැබැවින්ම ඔහුගේ අත තුවාල වුණේ තමාගේ හිතුවක්කාර කම නිසාය .එම පුද්ගලයන් ඔහුගෙන් පළිගැනීමට ආවේ සමාජ ශාලාවේ දී එදා තමා නිසා සිදුවු සිදුවීමටය.
ඔහු හිදින්නේ කුසගින්නෙන් බව සිහි වූ විට ඇගේ හද දැවී යයි .ඇයට සිතෙන්නේම කෑම රැකෙන ඔහුගේ කාමරයට යෑමට යි.
සෙහන්සා සිය ජංගම දුරකථනය ගෙන වෙලාව බැලුවාය .වෙලාව රාත්‍රී 11 යි.අම්මා නින්දට ගිය පසු බෙහෙත් වල සැරටම යද්දී යළි උදෑසන වන තුරු අවදි නොවන බව ඈ දනී .
තාත්තාද කිසියම් සුභ සාධක සංගමයක රාත්‍රී සාදයකට ගිය බැවින් ඔහු ගෙදර එන විට පාන්දර දෙකත් පසුවන බව දන්නා සෙහන්සා හිමිහිට සයනයේ නැගිට දොර ඇරියෙ හඬ නොඇසෙන පරිද්දෙනි.
යාබද කාමරයේ සිටින දුලන්සාගේ කාමරයෙන් ද හඬක් ඇසෙන්නේ නැති බව තහවුරු කර ගත් ඇය පියගැට පෙළ බසිමින් පහළ මාලයට ගියේ දෙපා හඬ නො ඇසෙන පරිද්දෙන් අඩි හිමිහිට තබමිනි.
මුළුතැන් ගෙට ගිය ඇය දුටුවේ මැගිලින් වලන් පිඟන් සේරම අස් කර සෝදා ඇති අයුරුයි .ඇය ශීතකරණය පිරික්සන්නට වූයේ ඒ තුළ කෑමට යමක් ද තිබෙනවාදැයි සොයා බැලීමටය.
බොහෝ වේලාවට මැගිලින් වැඩිපුර කෑම පිස බඳුන් වලට දමා ශීතකරණයේ දමන බව ඇය දනී .
ඇගේ දෑස් දැල්වෙන්නට වූයේ එතුළ වූ ආහාර බඳුන් කීපයක් දැකීමෙනි.ඒවා විවර කර බැලූ ඇය දුටුවේ එක් බඳුනක බතුත් ,අනෙක් බඳුන්වල කුකුල් මසුත් ,පරිප්පුත්,වම්බටු කරියක් තිබෙන බවයි .
ඈ ඒවා ගැන මයික්‍රෝවෙව් අවන් එක තුළට අතුලත් කර උදුන ක්‍රියාත්මක කරේ කෑම බදුන් රත් කර ගැනීමටයි .
ඔහුගේ පිඟාන ගෙන උණුසුමින් ම බත් හා හොදි වර්ග බෙදා ගත් ඇය ඔහුගේ කාමරය අසලට ගියේ හෙමිහිට හඬක් නො ඇසෙන පරිද්දෙන් .
අනතුරුව ඇය ඇගේ කලිසම් සාක්කුවේ තිබූ ජංගම දුරකථනය ගෙන ඔහුට ඇමතුමක් ගත්තාය .
“හලෝ “.
ඔහු නිදි නැත . ඔහුගේ කටහඬ තුල නිදි මත ගතියක් නැත.
“ඉක්මනට දොර අරින්න “
ඇය කීවේ ඉතාමත් සිහින් හඬින්.
“ඒ මොකටද??”
“ඉක්මනට දොර අරින්න….”
ඔහු සැණෙකින් දොර විවර කළේ සිය නි/රු/ව/ත් උඩුකයට අත් නැති බැනියමත් දමා ගනිම්න්.
“මොකෝ මේ…… “.
ඔහුගේ ඇස්වල හා හඬ තුළ වූයේ පුදුමයක්
“ඉක්මනට දොර වහන්න…”
ඔහු දොර නොඅසා ඈ දෙස බලා සිටියේ පුදුමයෙන්.
ඇය ගෙනා බත් පිඟාන කාමරයේ ඇති මේසය මත තබා ඉක්මනට දොර අඟුලු දමා වැසුවේ තවමත් වික්ෂිප්තව තමා දෙස බලා සිටින ඔහුට සීතල රැවුමක් පාමින්.
රාත්‍රියට අඳින පිජාමා වර්ගයේ බැනියම් රෙද්දෙන් මැසූ කොට කලිසමකිනුත් ,අත් කොට ටී ෂර්ට් එකක් හැඳ සිටි ඇය ඒ ඇඳුමට ඉතා හුරතල් බව ඔහුට සිතුණි .
ඒ පෙනුමට ඔහුට ආදරය සිතුනත් ඔහු ඒ දෙස බැලුවේ මවාගත් රැවුමකින්.
“ශේෂා……ලැජ්ජ නැද්ද රැ තිස්සේ කො/ල්/ලෙ/ක් ඉන්න කාමරයක් අස්සේ රිංගන්නේ….”
තමා දෙස රවා බලමින් එසේ ඇසූ ඔහුව ගණනකට නොගත් ඈ මේසයේ මත වූ බත් පිගානේ වැස්ම ඉවත් කෙරේ ඔහුගේ නෙත් විසල් කරමින් .
එසේ නම් ඈ මේ රාත්‍රියේ තමා සොයා ආවේ තමා ඉන්නේ කුසගින්නෙන් බව ඈ දන්නා නිසාදැයි සිතුනු ඔහුට ඈ ගැන සිතේ කොනක තිබූ ආදරය වැඩි විනි.
මේසය අසල තිබූ පුටුවක් ගෙන ඇඳ මතට ලං කළ ඈ ඒ පුටුව මත වාඩි උනේ බත් පිඟාන සිය දෑත මත තබා ගනිමින් .
ඔහුට ඇඳ මත හිඳ ගන්නා ලෙස ඇය ඉඟි කළේ ඇගේ ඇසින්.
ඔහු ඇයට කීකරුව ඇඳ මත අසුන් ගත්තාය
ඉන්පසුව ඒ බත් පිඟාන ගෙන ඔහුට කවන්නට වූයේ සීරුවෙන් .
“කෑම කන්න කෑම මේසෙට ආපු නැතිනිසා බඩගින්නෙ නිදාගනී කියලා හිතුණු නිසයි ඔයාගේ කාමරේට ආවේ ……”
“ඔයා කෑවද?”
“කෑවා..”
තමා ගේ මව තරමක් කුඩා අවධියේදී කැව්වා ට පසු මේ වෙන අයෙකු ඔහුට කවනවාවමය.
ඔහු කිසිවත් නොකියා කන්නට වූයේ ඇය ගැන ඔහුගේ සිතේ ඇතිවුණු තෝරා බේරාගත නොහැකි අමුතුම හැඟීම් රැසක්හිතේ දරාගෙනය.
ඇය අතින් අනමින් කවන බත් මෙතරම් රසවත් ඇයිදැයි ඔහු කල්පනා කළේ පුදුමයෙන්.
“මෝඩයා මීට පස්සෙ කෑම නොකා නිදා ගත්තොත් මමයි ඇවිත් කවන්නෙ …..”
ඇය කීවේ පිඟානේ වූ අන්තිම බත් කටත් අනා ඔහුට කවමින්.ඔහු ඉන්නට ඇත්තේ දැඩි කුසගින්නකින් බව ඇයට සිතුණේ ඔහු කෑම කාගෙන ගිය අන්දමටය.
“අත රිදෙනවා ගොඩක් ….කෑම කන්න අමාරුයි …ඒකයි කන්න ආවෙ නැත්තෙ .මේ වගේ
“මේ වගේ ඇවිත් කවලා යනවනම් හැමදාම නොකා නිදාගන්නවා…”.
ඔහු එසේ කීවේ ඈ දෙස බලා මඳ සිනාවක් පාමින් .
විසල් කරගත් දෑසින් ඇය ඔහු දෙස බැලුවේ,මේ නපුරාගේ මුවින් එවන් ආදරණීය වදන් ලෙහෙසියෙන් පිට නොවන නිසාය.
එහෙත් එක්වරම ඇයට මතක් වූයේ සොනාලී දහවලේ දී ඔහුට අයිස්ක්‍රීම් කවමින් සිටි දසුනයි.
“මමත් දන්නවා කවනවාට ගොඩක් ආසයි කියලා …….ඔච්චරම ආස නම් මං හැමදාම කවන්නම් .මීට පස්සේ එක එක ගෑ/ණු/න්/ට කියලා කවාගෙන අහුවුනොත් බලනව මම කරන දේ “.
ඔහුගේ මුවට සිනහවක් ආවේ ඇය තවමත් ඇය ගැන සිතමින් සිටිනා නිසාවෙනි .
“මම ප්ලේට් එක තියලා අත හෝදන් එන්නම්…එතකන් දොර වහන්න එපා ….”
ඇය දොර ඇර පිටවුනේ එසේ කියමින්
ඇය සිය කුටියෙන් ගියත් ඔහුගේ මුළු සිතම පිරී තිබුණේ ඇය ගැන උපන් ස්නේහයෙනි.
ඇය නැවත කුටිය තුළට පැමිණියේ බෙහෙත් දමා තිබූ ප්‍රථමාධාර පෙට්ටියත් රැගෙනය.
“මේ ගමන මොකද්ද කරන්න යන්නේ….”
“ඔයාගේ අතට බෙහෙත් දාන්න …..කෝ ඇවිල්ලා ඇඳෙන් වාඩි වෙන්න දිෂ් …. “
ඔහු ඇඳ මත හිඳ ගත්තේ ඇයට කීකරුවය.
ඇයි ඔහුගේ දකුණු අත දෙස බැලූවිට දුටුවේ එය මදක් ගැඹුරු තුවාලයක් බවය.ඇය ඩෙටෝල් දමා තුවාලය පිරිසිදු කරේ ඔහුට නොරිදෙන පරිද්දෙනි .
“සේෂා මොකෝ මේ අඬන්නේ…..”.
“නෑ මම නිසානෙ ඔයාට මේ සේරම ….”
“මේක මගේ ජොබ් එක…….”
“ඔයා මාව ආරක්ෂා කරන්නේ ඒක ඔයාගෙ ජොබ් එක නිසා විතරද දිෂ්……….”
ඇය එසේ කීවේ තුවාලයට බෙහෙත් දමා ගෝස් කෑල්ලක් තබා වෙළුම් පටියක් සීරුවට දවටමින්.
ඔහු නිරුත්තර වූයේ මොහොතකට ය.
තමා ඇයව මෙතරම් ආරක්ෂා කරන්නේ රැකියාව නිසාම පමණක් නොවන බව දන්නේ ඔහුම පමණි.
හිතේ කෙතරම් ආදරයක් තිබුනත් ඒ ආදරය හිත තුල හිරකරගෙන දුක් විඳිනවා හැර , තමාගෙන් ආදරය පතන ඈට ආදරේ කිරීම අකැප බව දන්නා ඔහු විසල් හුස්මත් පිට කරේ ඈ ගැන හා තමා ගැන දුකිනි.
බෙහෙත් දමා අවසන් කර ප්‍රථමාධාර පෙට්ටිය මෙසේ මත ඇය තැබුවේ දුකිනි.
“ඇයි උත්තර නැත්තේ………ඔයා පොඩ්ඩක්වත් මං ගැන හිතන්නේ නැද්ද?….”
“ප්ලීස් දැන් ඔයා මේ කාමරයෙන් යන්න …”
මෙතෙක් දවස් පාලනය කරමින් තිබූ සිත ඇය හා මෙසේ තනි වී හිඳීමෙන් පාලනය කරගත නොහැකි වේ යයි ඔහු බිය වූයේය
“ඔයා මට පොඩ්ඩක් වත් ආදරේ නැද්ද?…..”
“නැගිටිනවා ශේෂා,මමත් කො/ල්/ලෙ/ක්…මටත් හොඳට හැඟීම් දැනීම් දැනෙනවා…….”
“නෑ නැගිටින්නේ නෑ…..මම දන්නවා ඔයත් මට ආදරෙයි කියලා ……ඒක මට කියනකන් මම ඔයාගේ ඔඩොක්කුවෙන් නැගිටින්නේ
නෑ…….”
ඔහුගේ ගෙල වටා සිය දෑත් යවමින් ඇය කීවේ තව තවත් ඔහුට තුරුළු වෙමින්.
“නැගිටිනවා ශේෂා…….”
ඔහු කීවේ බෙහෙවින් දුබල වී ගිය හඬිනි.
“ආදරේ කියනකම් මම නැගිටින්නේ නෑ…..”
හමුවෙමු මීලඟ දිගහැරුමෙන්.