May be an image of 3 people, people standing and text
Priyanga Gunathilaka
rSdepotnos
e
9
2
a
13
o
ආදරණීයම ඔයා.. 02

කිසිවක්ම සිතාගත නොහැකි සිතින් මම උඩු මහලේ පඩිපෙල බැසීමි. සුරුපුරුදු ලෙසම දෑත් කලිසම් සාක්කු වල රුවාගෙන අර අමුතු බැල් මෙන් මදෙස බලාගෙන සෝන්‍ය සේනිත් සමරදි වාකර සාලයේ විය.

කවදාටත් මම මේ නිහඬ සන්සුන් මිනිසාට කු මක් දෝ නොතේරෙන අමුතු බියක් දැක්වීමි. ඔ හු ධනුකගේ හොඳම මිතුරා මාගේ ප්‍රධානියා උ වද අත්‍යාවශ්‍යම කරුණකදී හැරෙන්නට මා ඔ හු හා කතා බහ කර තිබුනේ නැත.

මන්ද වචන යනු ඉතාමත් වටිනා වස්තූන් යැයි සලකා මෙන් ඔහු කතා කලේත් ඉතාමත් අඩු වෙන් නිසාය.

ඔහු ධනුක වැනි කටකාරයෙකුගේ හොඳම මි තුරා වීම මට හැමදාම පෙනුනේ කුමක් දෝ විස ල් අත්වැරුද්දක් ලෙසිනි.

මා රැකියාවක් කරනවාට ධනුක කිසිසේත්ම ම නාප වූයේ නැත. එහෙත් රැකියාවක් කල යුතු මැයි මා අරගල කරන්නට වූ විට ධනුක මට අ වසර දුන්නේ සෝන්‍ය ගේ ආයතනයේ රැකියාව ක් සඳහා යන්නට විතරය.

ඔහු මගේ ප්‍රධානියා වූයේ එහෙමය. එහෙත් ඔ හු මගේ පෙම්වතාගේ හොඳම මිතුරා වග ආය තනයේ කිසිවෙක් දැන සිටියේ නැත.

ගුඩ් මෝනිං සර්…

මා සාලයට පැමිණියේ ඔහුට සුභ පතා ගෙන ම ය. සෝන්‍ය තිගැස්සුන දෑසින් අර අමුතු බැල්ම ම දෙස හෙළුවේය. මෙතරම් දෙයක් සිදුවී ඇති මේ උදෑසන කෙසේ සුභ වන්නේ දැයි ඔහු සිතු වා වන්නට ඇත.

ගුඩ් මෝනිං තාදී..

ඔහු කීවේ ඕනිවාට එපාවටය.

සර් හදිස්සියෙම මොකක් හරි හදිස්සි වැඩක් ද

කුමක් ඇසිය යුතුදැයි සිතාගත නොහැකිව මම ඇසීමි.

නෑ තාදි.. මං ආවෙ ඔයත් එක්ක ටිකක් කතා කරන්න…

ඔහු කියද්දි එවර නම් තිගැස්සුනේ මාය. කවදා වත් නැතුව ඔහුට මා හා කතා කරන්නට ඇත් තේ මොනවාද..

නො අනුමානවම ඔහු පැමිණෙන්නට ඇත්තේ ධනුකව සාධාරණීකරණය කරන්නට වන්නට ඇත.

හිතට නැඟුනේ කෝපයකි. මිනිසුන් එහෙමය අනෙකාට කෙතරම් දරුණු අසාධාරණයක් සිදු ව ඇති විටක උවත් ඔවුන් ගන්නේ තමන් ගේ එ කා ගේ පැත්තය.

සර් ආවේ ධනුක ගැන කතා කරන්න නම්..මට කියන්න තියෙන්නෙ එයා ගැන තව කතා කර න්න දෙයක් නෑ කියලා…

මම කීවේ හිතේ වූ කෝපය අමාරුවෙන් සඟ වාගෙනය. ධනුක කල දේට ඔහු සමඟ කෝ පගෙන පලක් නැත.

තාදී… මම ආවේ ධනුක ගැන කතා කරන්න නෙවී දරුවො..

ඔහු කීවේ මා ඉන්පෙර කවදාවත් අසා නැති ත රම් අමුතුම ස්වරයකිනි. ඒ වදන් මසිත නොස න්සුන් කිරීමට සමත් විය.

එතකොට සර් ආවේ..

මම ඇසුවේ ඒ නොසන්සුන් සිතින්මය.

මං ආවෙ ඔයා ගැන කතා කරන්න..

ඔහු කීවේ පෙර හඬින්මය.

මං ගැන මං ගැන මොනාද සර් කතා කරන්න තියෙන්නෙ ..

යැයි නො අසා සිටින්නට මට පුළුවන් වුවේ නැත.

ඔයා කලබල වෙලානෙ දරුවො.. හැමදේටම කලින් රිලැක්ස් වෙලා ඉන්නකො..

මෙතරම් දේ සිදුව ඇති විටක සන්සුන් වන්නේ කෙසේ දැයි නො අසා සිටියේ ආයාසයෙනි.

කලබල වෙලා නෙවී සර් අවුල් වෙලා.. මෙච්චර දෙයක් උනාට පස්සෙ සර් කියන්නෙ මට පැත්ත ක ට වෙලා භාවනා කරන්න ද..?

හිතේ වූ නොරිස්සුම වදන් වලට එක් නොකර හිඳින්නට මා පුදුමාකාර වෙහෙසක් දැරීමි.

පුළුවන් කමක් තියනවා නං භාවනා කරනවා කියන්නෙ නරක දෙයක් නෙවීනෙ තාදී..

ප්ලීස් සර් කියන්න තියන දෙයක් පැහැදිලිව කි යනවද මට මේ හැමදේම එපා වෙලා තියෙන් නෙ ප්‍රහේලිකා පුරවන්න මට බෑ..

ඔහොම වාඩි වෙන්න තාදී..ඇයි මේ කලබලේ

අපි හෙමීට කතා කරමු..

එවර ඔහු කිවේ සන්සුන් සුන් හඬකිනි.

අප තාමත් උන්නේ සාලය මැද සිටගෙන බැව් මට සිහිවුයේ එවිටය. හිතට දැනුනේ ලජ්ජාව කි ඔහු මගේ නිවට පැමිණි අමුත්තාය. අඩුම තරමින් ඔහුට හිද ගන්නට කියන්නට තරම් සිහියක්වත් මට තිබුනේ නැත.

අයිම් සොරි සර්… මට වාඩි වෙන්න කියන්න වත් බැරිවුනා.. මම කීවේ සමව අයදින සුළු හඬකිනි.

ඒ ගැන හිතන්න එපා තාදී… කලබල වෙලා කිසිම දෙයක් කරන්න බෑනේ ඒකයි මම ඔයාට රිලැක්ස් වෙන්න කීවේ… ඉතිං ඔහොම ඉදග න්න කො..

සාලයේ වූ අසුනකට බර වෙන අතර සෝන්‍ය සේනිත් සමර දිවාකර කීවේ අමුතුම හඬකිනි. මේ මා ඉන් දැක පුරුදු සෝන්‍ය නොවේ වෙන කවුරුන් දෝ කෙනෙකි. සැබැවින්ම ඔහු ඇවැ සිව ඇත්තේ මොනවාදැයි මට තවවමත් වැට හෙන්නෙ නැත.

එහෙත් ඔහු කියනවාක් මෙන්ම මේ මොහො තේ කලබල වී පලක් නොමැති නිසාම මම සන්සුන් වෙන්නට උත්සහ කරමින්ම අසුනකට බරවීමි.

හිතේ වු අසරණ කම නිසාම මම උන්නේ බිම බලාගෙනය. සෝන්‍ය දකිනා හැම මොහො ත කම මට ධනුක සිහිවෙන නිසාවෙන් ඔහු දෙස බලන්නට මම බියවීමි.

ධනූ කරපු දේ වැරදි..හොඳටම වැරදි..ඌ ට එ හෙම දෙයක් නොකර ඉන්න තිබුනා..

සෝන්‍ය කීවේ ඉවත බලාගෙනය.

සර් දැන් මොනවද කියන්න හදන්නෙ…?

ඔයා තවත් ධනූ ගැන හිතන්න එපා තාදී..

මම හිතන්නෙ ධනූ ගැන නෙවී සර්.. මං ගැන.. මං කොහොම හෙටින් පස්සෙ ලෝකෙට මූණ දෙන්නෙ..හෙට ඉදන් වෙඩින් එකට එන නෑය න්ට මම මොනා ද කියන්නෙ…

ඒ මිනිස්සු මට හිනා වෙයි සර්… මං මොන වැරැ ද්දක් කරලද.. ඇයි මටම මෙහෙම වෙන්නෙ..

සැබැවින්ම මා හැඬුවේ නැත. එහෙත් නිරුත්සා හකවම මට ඉකි ගැසිනි. සෝනය හිදගෙන උන් තැනින් නැඟිට මා අසලට ආවේය.

තාදී ඔහොම අඬන්න එපා දරුවො ඇඬුවා කියලා ඔය ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑනේ..

සර් මට දැන් මොනවද කරන්න කියන්නෙ ම ගෙම අත්දෙකෙන් බෙල්ල මි රි ක ගෙ න මැ රෙ න් න හිතිලා තියෙන්නෙ මට…

පිස්සු කියවන්න එපා තාදී ඔයා එහෙම මැ රෙ න් න ඕනි කෙනෙක් නෙවී ධනුක කරපු වැරැද්ද ට ඇයි ඔයා දඩුවම් විඳින්නෙ..

ඒ ඇර මම මොනා ද කරන්නෙ සර්… මිනිස්සු මට මොනා නොකියයි ද..කිසිම වැරැද්දක් නො කර..

මට වැරදි කාරයෙක් වෙන්න බෑ දෙයියනේ… සත්තකින්ම ඒ අසරණ කම මට දරා ගන්නට බැරිය.

ඔහොම අඬන්නෙ නැතුව ටිකක් රිලැක්ස් වෙ න්න තාදී.. ඔයාට එහෙම මොනාත් වෙන්නෙ නෑ..

කවුරුත් ඔයාට හිනාවෙන්නෙත් නෑ ඔයා වෙඩි න් එක කැන්සල් වෙන්නෙත් නෑ… ඒක නිසා බො රුවට අඬන්න එපා එපා..

ඒ කියන්නෙ සර්..එතකොට එතකොට…..

වෙඩින් එන කිසිම වෙනසක් නැතිව යොදා ගත්ත විඳිහටම සිද්ධ වෙනවා කියන එක..

කාත් එක්ක ද.. මා ඇසුවේ නැත මට ඇසිනි.

මාත් එක්ක..

සරල පැහැදිලි සිංහලෙන් ඔහු කීවේ ගැඹුරු ස්ථිර සාර තියුණු හඬකිනි. දෙපයින් හටගත් හීතලයක් මගේ සියොලඟ සලිත කළේය.

හමුවෙමු