නපුරු දීගේ

“අනේ ඩොක්ටර් මගෙ පූජාට මොකද වෙලා තියෙන්නෙ?එයාට ගොඩක් අමාරුයිද?…”

වෛද්‍යවරයාගේ බැරෑරුම් සහගත මුහුණ දකිද්දි පූජා ගැන බියක් ඇති වී ආර්වින්ගෙ ඇස් දෙකට කඳුලුත් පිරීගෙන ආවා.

“කලබල වෙන්න එපා මිස්ටර් ආර්වින්. ඔයාගෙ වයිෆ්ගෙ දැන් තත්වෙ අසාධ්‍ය නැහැ…”

“කලබල වෙන්න එපා කියලා කිව්වට මං කොහොමද ඩොක්ටර් එහෙම නොවී ඉන්නෙ?පූජාටයි දරුවන්ටයි මොනවා හරි උනොත් මං ඉඳලා වැඩක් නෑ.ප්ලීස් ඩොක්ටර් කියන්න මගෙ පූජාට මොකක්ද තියන අසනීපෙ?…”

ආර්වින් වෛද්‍යවරයාගේ දෑත් අල්ලන් බැගෑපත් උනා.

“මිසිස් පූජාගෙ බඩේ ගෙ/ඩි/ය/ක් තියෙන්නෙ. කලලය වර්ධනය වෙද්දි ගෙඩියත් ටිකෙන් ටික ලොකු වෙනවා…”

“දෙයියනේ…. පූජාගෙ… බඩේ…ගෙ/ඩි/ය/ක්…. අනේ…. මගෙ මැණිකට…. මොකක්ද මේ සිද්ද උනේ?… අනේ ඩොක්ටර් මට කොහොම හරි පූජා ව සනීප කරලා දෙන්න…. පූජාට ගොඩක් අමාරුයිද ඩොක්ටර්?…”

ආර්වින් පිස්සුවෙන් වගේ ඔලුවෙ අත තියාගෙන කල්පනා කරන්න ගත්තා. හීනෙකින්වත් ඔහු මෙවැනි තත්වයක් අපේක්ෂා කරේ නැහැ.පූජාගේ මේ අසනීප තත්වය ගැබිණි සමයේ එන සාමාන්‍ය අසනීප තත්වයල් කියලයි ඔහු හිතුවෙ.නමුත් ඔහු එය සුළුවෙන් තැකුවෙ නැහැ.ඇගේ සුළු අසනීපයකදි පවා ඔහු ඇයව බලෙන් හෝ වෛද්‍යවරයා ගාවට රැගෙන ගියා.

“මේකයි මිස්ටර් ආර්වින්.පූජාගෙ බඩේ මේ ගෙ/ඩි/ය ඇති වෙලා තියෙන්නෙ විශබීජයක් ගිහින්.අපිට මේකට ඔපරේෂන් එකක් කරන්න පුලුවන්.නමුත් පූජා ඉන්න මේ තත්වෙ උඩ ඔපරේෂන් එකක් කරොත් දරු ගැබට හානි වෙන්න පුලුවන්…”

“එතකොට ඩොක්ටර්…. දරුවා ලැබුනම….ඒ ඔපරේෂන් එක…. කරන්න පුලුවන් නේද…”

“ඔව්.අනිවාර්යයෙන්ම පුලුවන්.ඒත් තව මාස හතරක් විතර තියන නිසා මිසිස් පූජාට මේ වේදනාව එතකන් දරාගෙන ඉන්න වෙයි. දරුවො දෙන්නා වැඩෙද්දි ගෙ/ඩි/ය/ත් වර්ධනය වෙනවා.මං වේදනාව අඩු වෙන්න පෙති වගයක් ලියලා දෙන්නම්.වේදනාව වැඩියෙන් දැනුනු වෙලාවට විතරක් ඒ පෙත්ත ගන්න.දවසකට එකට වැඩිය ගන්නත් එපා…”

“හා ඩොක්ටර්…”

කැළඹුනු සිතින් යුතුව දෙවියන් සිහි කරමින් ආර්වින් ඒ බෙහෙත් ටිකත් අරගෙන රෝහලේ පූජා සිටි කාමරේට ආවා.ඇය දොර වෙත දෑස් යොමු කරමින් බලා සිටියේ ආර්වින්ව බලාපොරොත්තුවෙනුයි.ඔහුව දුටු ගමන්ම ඇගේ මුහුණට ආදරණීය සිනහ රැල්ලක් නැගුනා.

“මෙච්චර වෙලා කොහෙද ගිහින් හිටියෙ?මං හිතුවෙ මාව මෙහෙ තනියම දාලා ඔයා ගෙදර ගිහින් කියලා…”

“පි/ස්/සි.මට පුලුවන්ද ඔයා මෙහෙම අසනීප වෙලා ඉන්නැද්දි ගෙදර යන්න?මං ගියේ ඩොක්ටර්ව හම්බවෙන්න.මගෙ මැණිකට ගොඩක් අමාරුයිද?…”

එයා මගෙ බණ්ඩිය උඩින් අත තියලා බැලුවා.

“දැන් නම් බඩ රිදෙන්නෑ ආර්වින්.ඒත් සැරින් සැරේට ඒ වේදනාව දැනෙනවා.ඩොක්ටර් මොකද කිව්වෙ මගෙ ගැන?…”

“මොකුත් නෑ…”

එයා අහක බලාගෙන එහෙම කියලා බඩට කන තියලා පුතාලා දෙන්නත් එක්ක කතා කරනවා.මේ නපුරා මගෙන් මොකක් හරි දෙයක් හංගනවා වගේ.ඩොක්ටර් මොනවා කිව්වද දන්නෑ.කොහොම හරි චාටුවෙන් අහගන්න ඕනි.

“මොකුත් නැත්නම් මෙච්චර වෙලා මොකද කරේ?ඩොක්ටර් ගො/ලු නෑනෙ ඔයා ප්‍රශ්නයක් අහද්දි සද්දෙ නැතුව ඉන්න.ඔයා මගෙන් මොකක් හරි දෙයක් හංගනවා ආර්වින්.පුතාලා දෙන්නා එක්ක පස්සෙ කතා කරන්න පුලුවන්.මේ බලන්න මගෙ දිහා…”

එයා අහිංසක මූණක් දාගෙන මගෙ දිහා බැලුවා.මට මොකක් හරි දරුණු අසනීපයක් තියනවද කියලත් හිතෙනවා.ඒක වෙන්න ඇති මෙයා මගෙන් මොනවා හරි හංගන්නෙ.

“ඔයා කලබල වෙන්න එපා මැණික…. ඔයාටවත්… අපේ කොලු පැටව් දෙන්නටවත්…. මොකුත්ම වෙන්නෑ…”

“ඇයි…. එහෙම කියන්නෙ?…ඩොක්ටර් මොනවද…. කිව්වෙ ආර්වින්?…”

මට බයත් හිතුනා ආර්වින් එහෙම කියනකොට.ඩොක්ටර් මොනවා හරි ලොකු දෙයක් කියලා වගේ.ඒකනෙ එයා කිව්වෙ මටයි දරුවො දෙන්නටයි මොකුත් වෙන්නෑ කියලා.

“ඔයාගෙ බඩට….විශබීජයක් ගිහින්ලු මැණික…. අපේ පැටව් දෙන්නට ඒකෙන්…. බලපෑමක් වෙලා නෑ….. මෙයාලා ඉපදුනාට පස්සෙ…. ඔයාට ඔපරේෂන් එකක් තියනවලු කරන්න….. ඒ ඔපරේෂන් එක කරාම ඔයාට සනීප වෙනවා කියලා ඩොක්ටර් කිව්වා…”

ආර්වින් මගෙ අතක් සි/ප ගෙන ඔලුව අතගෑවා.බඩට විශබීජයක් ගිහින් කිව්වම මට හොඳටම බය හිතුනා.ඒකෙන් මගෙ දරුවො දෙන්නට හානියක් උනොත් එහෙම. අනේ එහෙම නම් වෙන්න එපා.මට මොනවා උනත් කමක් නෑ.එයාලා දෙන්නා හොඳින් මේ ලෝකෙ එලිය දකින්න ඕනි.

“ඉතින් ඇයි මේ ඔයාගෙ ඇස් වල කඳුලු?පුතාලා දෙන්නා ඉපදුනාම ඩොක්ටර් ඒ ඔපරේෂන් එක කරයි.එතකොට කාලයක් ගියාම මට සනීප වෙයිනෙ මැ/ට්/ටො.ඉතින් මොකටද දුක් වෙන්නෙ?…”

හිත ඇතුලෙන් මට කොයි තරම් ලොකුවට බියක් දැනුනත් ඒ බය මං ආර්වින්ට පෙන්නුවෙ නැහැ.එයා ඊටත් වැඩියෙන් දුක් විඳින නිසා.කොයි තරම් දුකක් විඳලද මේ පැටියාව බඩට ගත්තෙ.පැටව් දෙන්නෙක්නෙ ඉතින්.මට නම් මොනවා උනත් කමක් නෑ. එයාලට මොනවා හරි දෙයක් උනොත් ආර්වින්ට පි/ස්/සු හැදෙයි.

“මෙයාලා දෙන්නා අපි ගාවට එන්න තව මාස හතරක් විතර තියනවා.එතකල් ඔයාට මේ වේදනාව දරාගෙන ඉන්න වෙයි කියලා ඩොක්ටර් කිව්වා.දවසට එක ගානෙ බොන්න කියලා ඩොක්ටර් බෙහෙත් වගේකුත් දුන්නා. එතකොට වේදනාව අඩු වෙයිලු…”

“ඉතින් දුක් වෙන්න එපා මෝ/ඩ/යො. වේදනාව අඩු වෙන්න ඩොක්ටර් බෙහෙතුත් දීලා තියෙද්දි මෙයා මෙතන අඬනවා…”

මං ආර්වින්ගෙ මූණට සිනහවක් ගේන්න හැදුවත් එයා වැරදීමකින්වත් හිනා උනේ නෑ. මගෙ බඩ උඩින් කම්මුල තියාගෙන ඇස් දෙකේ කඳුලු පුරවන් ඉන්නවා.

“ඒ උනාට ඔයා වේදනාවෙන් කෙඳිරි ගානවා මට බලන් ඉන්න බැහැ.මගෙ මැණික දුක් විඳිද්දි මං කොහොමද ඒක බලන් ඉන්නෙ?…”

“ඉතින් මහත්තයො තව මාස හතරයිනෙ තියෙන්නෙ.ඒක මහ ලොකු කාලයක්වැ අනේ. ඒ මාස හතර ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට සුටුස් ගාලා ගෙවිලා යයි…”

“කෝ ගෙව්නෙ නෑනෙ මාස හතර…”

මාව අවුස්සන්න වගේ ආර්වින් එහා බිත්තිය පැත්ත බලලා මෙහා බිත්තිය පැත්ත බැලුවා.
මං එයාගෙ අතට පාරක් ගහලා ඇඳෙන් බිමට බහින්න හැදුවා.

“කොහෙ යන්නද හදන්නෙ?…”

“වොශ් රූම් එකට…”

“යමු මාත් එක්ක.ඔයා තනියම ගිහින් ලිස්සුවොත් එහෙම.මට බයයි…”

එයත් මාත් එක්ක වොශ් රූම් එකට යන්න ලෑස්තිය.මං රවලා බැලුවා.

“මට තනියම වොශ් රූම් එකට යන්න පුලුවන් අනේ.ලැජ්ජ නැද්ද?මේ නර්ස්ලා බලයි නෝනයි මහත්තයයි දෙන්නම එක සැරේ වොශ් රූම් එක අස්සෙ මොනවා කරනවද කියලා.බය නැතුව ඉන්න අනේ.මං ගිහින් එන්නම්…”

“එහෙනම් මං දොර ගාවට වෙලා ඉන්නම්. හදිස්සියක් උනොත් කතා කරන්න මට…”

“හ්ම්ම්.හරි හරි…”

මං වොශ් රූම් එකට ගිහින් එලියට එද්දි එයා දොර ගාවටම වෙලා ඉන්නවා.මාව දැක්ක ගමන්ම “අම්මෝ ඇති යාන්තං” කියලා කියන්න වගේ හයියෙන් හුස්මක් පිට කරා. මට හිනා එයාගෙ බැල්මට.හොඳටම බය වෙලා වගේ මං පරක්කු වෙච්චි නිසා.

“මොකෝ මේ බය වෙලා වගේ?…”

මං ඇහුවා.

“බබා පරක්කු වෙද්දි මං හොඳටම බය උනා. මං හිතුවෙ කලන්තයක්වත් හැදිලා කියලා. තව ටිකක් බලලා මං එන්න හිටියෙ ඇතුලට…”

“ඔහොම බය වෙන්න එපා මැ/ට්/ටො.මායි පැටව් දෙන්නයි හොඳින්.මේ බලන්නකො…”

මං එයාගෙ අතක් අරගෙන බඩ උඩින් තිබ්බා.එයත් ආසාවෙන් පාත් වෙලා බඩට කන තියලා බැලුවා.කොලු පැටව් දෙන්නම එක සැරේම දඟලන්න ගත්තා අප්පච්චිගෙ කටහඬ ඇහිලා.

“මගෙ කොලු පැටව් මේ අත් දෙකෙන් වඩා ගන්නකල් මට ඉවසිල්ලක් නෑ බබා.අනේ ඒ දවස ඉක්මනට එනවා නම්…”

එයා ඉවසිල්ලක් නැතුව වගේ මගෙ බඩ කි/ස් කරන්න ගත්තා.මාත් හරිම ආසාවෙන් හිටියෙ.මේ වගේ ආදරණීය සැමියෙක් ලබන්න මං මොන තරම් වාසනාවන්තද. හැම ගැහැණියකටම ලැබෙන්න ඕනි මේ වගේ උතුම් ගතිගුණ තියන පිරිමියෙක්ව. ආර්වින් හරි ලස්සනට මගෙ හැ/ඟී/ම් අවුස්සලා ආදරේ කරන්න දන්නවා.

“ටිකක් ඉවසලා ඉන්නකො මහත්තයො.තව මාස හතරයිනෙ.ඊට පස්සෙ ඔයාට පැටව් දෙන්නව ඇති තරම් වඩාගෙන හුරතල් කරලා දවසෙම උනත් තු/රු/ල් කරගෙන ඉන්න පුලුවන්.මෙච්චර ඉවසපු එකේ මේ ටිකත් ඉවසලා ඉන්නකො හොඳ මහත්තයා වගේ…”

“කොහොමත් මං එයාලා දෙන්නව ඔයාගෙ අතට දෙන්නෙ කු/ක්/කු බොන්න විතරයි…”

“මගෙ නපුරු හබීට පුතාලා දෙන්නා ඉපදුනාට පස්සෙ මාවත් අමතක වෙලා යයිද දන්නෑ…”

“කියන්න බෑ හැබැයි.කොහොමත් ඉතින් විභාගෙ ලිව්වට පස්සෙ පාඩම් කරන්නෑනෙ…”

“මොකක්ද කිව්වෙ?…”

මං කේන්තියෙන් වගේ එයාගෙ ප/පු/ව/ට පාරක් ගහලා අහකට තල්ලු කරා.පව් නපුරා බිමට නොවැටී බේරුනේ අනූනවයෙන්. මනමාල තාලෙට හිනා වෙවී ආයෙත් මගෙ ගාවට ආවා.

“විහිළුවක් කරේ සුදූ.මෙච්චර වටින තෑග්ගක් දෙන්න ඉන්න ඔයාව අමතක කරන්න මට පුලුවන්ද.පුතාලා දෙන්නා මාත් එක්ක තරහ වෙයි ඔයාව අමතක කරොත්…”

“ඔයා පව් ආර්වින්…”

එකපාරටම ආයෙමත් අර වේදනාව බඩ ඇතුලෙන් දැනෙන්න ගත්තා.ඒත් මං ඒක පිටට නොපෙන්වා දරාගෙන හිටියෙ මේ ආදරණීය හෝරාවෙන් මිදෙන්න බැරි නිසයි.

“ඒ ඇයි බබා?…”

“අද ඔයාගෙ උපදිනේ.ජීවිතේ ලස්සනම ලස්සන දවසක්.අද දවස ඔයා සතුටින්, නිදහසේ සමරන්න ඕනි.ඒත් මං නිසා ඔයාට අද දවසෙත් මේ හොස්පිටල් එකේ රස්තියාදු වෙන්න උනා.මට තනි නෑ ආර්වින්.ඔයා ගෙදර යන්න.ගිහින් යාළුවො එක්ක බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න.මං නිසා ඔයාගෙ ජීවිතේ ලස්සන දවසක් නැති කරගන්න එපා…”

මං ඒ ටික කියලා ඉවර වෙද්දි ආර්වින් ගි/නි පිට වෙන දෑසින් තරහෙන් පු/පු/ර පු/පු/ර මගෙ දිහා බලාගෙන හිටියා.එයාට හොඳටම කේන්ති ගිහින් වගේ මං කියපුවට.වටපිට බලලා දත් මි/ටි කා/ගෙ/න මගෙ මූණට කිට්ටු වෙලා කට දෙපැත්තෙන් රිදෙන්නැති වෙන්න යාන්තමින් මිරිකලා වගේ අල්ල ගත්තා.

“ත/මු/සෙ මොනවද ඔය කියන්නෙ?මගෙ ඉවසීමේ සීමාව පන්නගෙන ගු/ටි කන්න ලෑස්ති වෙන්න එපා හොඳේ.ත/මු/සෙ අසනීප වෙලා හොස්පිටල් එකේ ඉන්නැද්දි මට පුලුවන්ද ගෙදර ගිහින් කාලා බීලා සතුටු වෙලා උපන්දිනේ සෙලිබ්‍රේට් කරන්න?උ / බ හිතන්නෙ මං ඒ තරම් අමනුස්සයෙක් කියලද පූජා?මට ඕන්නැති උපන්දිනයක් නෑ.තමුසෙයි දරුවො දෙන්නයි හොඳින්,සතුටෙන් ඉන්නවා නම් මට ඒක ලෝකයක් තරම් වටිනවා.ආයෙ එහෙම ඔහොම කතා කියලා තිබ්බොත් කට ත/ල/න/වා…”

“ආයෙ…. එහෙම….. කියන්නෑ…”

පූජා ඇස් දෙකේ කඳුලු පුරවගෙන බයෙන් වගේ එහෙම කියද්දි ආර්වින්ගෙ මුහුණට හිනාවක් නැගුනා.

“මැණික බය උනාද මං බනිද්දි?…”

කෙ/ල්ල ඔව් කියන්න වගේ හිස වැනුවා. ආර්වින් ඇගේ හිස අතගාලා නලල සි/ප ගත්තා.

“බය වෙන්න එපා.මං මගෙ මැණිකෙත් එක්ක තරහ නෑ.ඒත් ආයෙ එහෙම කියන්න එපා. මට පුලුවන්ද මගෙ මැණික අසනීපෙන් ඉන්නකොට කාලා බීලා සතුටු වෙන්න?අපි සනීප වෙලා ගෙදර ගිහින් පාර්ටියක් දාමුකො…”

“මට අද ගෙදර යන්න පුලුවන් කියලා ඩොක්ටර් කිව්වා…”

“ඒත් ඔයාට තවම අමාරුයිනෙ මැණික.බඩ තවම රිදෙනවා නේද?…”

“ඒ වේදනාව සැරෙන් සැරේට දැනෙනවනෙ ආර්වින්.එතකොට බොන්න බෙහෙතක් ඩොක්ටර් දුන්නනෙ…”

“මං ඩොක්ටර් හම්බෙලා එන්නම්.ඔයා පරිස්සමෙන් ඉන්නකො…”

මතු සම්බන්දයි