ඔහු ඇයට යමක් කියන්නට මුව විවර කරද්දීම එතනට පැමිණියේ සෙහන්සා ය …..ඈ ඔවුන් දෙදෙනා දෙස බලමින් සිටියේ ගිනි පිටවන දෑසිනි.
“මෙතන මොනවද මේ සිද්ද වෙන්නේ…….”
සෙහන්සා එසේ කීවේ දෙදෙනා දෙසම රවාබලමින්.
“මු…කුත් නෑ………..මිස්……..”.
“මුකුත් නැ…. මම ඇස් දෙකෙන්ම දැක්කා ඔයා දිසෙන්ට අයිස්ක්‍රීම් කවනවා.ලැජ්ජ නැද්ද සොනාලී කොල්ලොන්ගේ කරේ එල්ලෙන්නේ………..මේ ඔෆිස් එක ඔෆිස් එකේ හැසිරෙන විදිය කවුරුත් කවුරුත් මතක තියාගත්තා නම් හොඳයි…………..”
සොනාලී එතනින් ඉවත්ව යන්නට ගියේ ඇය කමින් උන් අයිස්ක්‍රීම් බඳුන මේසය තබා තබාය.
“සොනාලී මේක ඔයා මේසය උඩ දාලා ගියාම මේ කැන්ටින් එකේ වැඩ කරන මනුස්සයා එද්දී මේකේ කූඹි ගොඩාක් එකතු වෙලා තියේවි…..තව කෙනෙක්ට කරදරයක් වෙන්නැති විදියට ජීවත් වෙන්න දන්නේ නැද්ද…..”
“සොරි මිස්……
ආපනශාලාවේන් පිටවයන දිසෙන්ගේ නෙත් වලට ඇගේ නෙත් හමු වෙද්දී ඇය පෑවේ නපුරුම රැවුමකි .ඔහු එය නොදැක්කා සේ බිම බලා ගත්තේ සැණෙකිනි.
“මොනාද ආනියා මෙහෙමද වැඩ කරන්නේ
යවල තියෙන quotation එක සම්පූර්ණයෙන් වැරදියි නේ.ඕගොල්ලො මෙහෙම කෙයාලස් විදියට වැඩ කරද්දි ඒක බලපාන්නේ අපේ කම්පැනියට……………..”.
“සොරි මිස් ඒ ළමයා අලුතෙන් ආපු ළමයෙක්……”
“ඒ ළමයත් ඉතින් අලුතින් වැඩ කරන්න ආවට ඔයා මෙහේ වැඩ කරන්නේ සෑහෙන කාලයක් තිස්සේ .ඔයා සේල්ස් මැනේජර් විදිහට ඔයාගේ ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන අයගේ වැඩ ගයිඩ් කරන්න ඕනේ .ස්පෙෂලි අලුතින් ළමයෙක් ආවාම ඔයා දැනගන්න ඕන ටික කාලයක් යනකන් එයාට තනියම වැඩක් හැන්ඩ්ල් කරගන්න පුලුවන් වෙනකන් පොඩ්ඩක් එයා ගැන ඇටෙන්ෂන් එකෙන් ඉන්න .ආයෙත් මේ වගේ දෙයක් වෙලා කස්ටමර් කෙනෙක්ගේ ක්ම්පේලේන් එකක් ආවොත් මම ජොබ් එකෙන් අස් කරන්නේ ඔයාව…… ඒක මතක තියාගෙන වැඩ කරන්න “.
“ඕකේ මැඩම්…….”
ඇය වරින් වර ආයතනයේ සේවකයන්ට බැන වදින ඇසෙන දිසෙන්ට තනියම හිනා යන්නේ ඇය මේ අනෙක් පුද්ගලයන්ගේ පිට යවන්නේ තමා පිළිබඳ ඇති තරහව බවයි.
දහවල් ආපන ශාලාවේ දී සිදුවූ සිදුවීමෙන් පසු ඇය වැරදීමකින්වත් තමා දෙස නොබලයි.ඒ තරමට ඇ ඉන්නේ තරහෙනි .
කාර්යාලය අවසන් වන විට ඈ පිටව ගියේත් දිසෙන් දෙස නොබලාය.ඔහු වහා අසුනින් නැගිට ඇය පිටුපස ගියේ ඇය තමා හැරදා තනිව යතැයි බිය වූ නිසාය.
රිය පදවන අතරතුරවත් සෙහන්සා උන්නේ එතුළ වෙනකෙකු ඉන්නා බව අමතකව මෙන් ඔහුව ගණනකට නොගෙනය.
මූණත් රතු කරන් සිටිනා ඇය කොච්චි මිරිස් කරලක් මෙන් යැයි සිතූ දිසෙන්ට තනියම හිනායන්නේ ඇගේ මුරණ්ඩු කමට ය.
“අ/ර/කි/ව මතක් උනාම තනියම හිනා යනවා නේද……….”
“හ්ම්……….”
ඔහු එසේ කීවේ ඇයව තවත් තරහ ගැස්සීමටය.එවර රිය පදවමින් ඇය ඔහු දෙස බැලුවේ රවමිනි.
“කියනවා මගේ තියෙන අඩුව මොකක්ද ?ත/මු/සෙ/ට මට වඩා කොහෙවත් ඉන්න එ/කි/ය/ක් ව ලොකු වෙන්න”
“මිස් මොනාද මේ කියන්නේ මට කියන කිසි දෙයක් තේරෙන්නෙ නෑ”.
“මොකුත්ම තේරෙන්නැති බබා නේ .ඔයා දන්නවා මම ඔයාට ආදරේ කරනවා කියලා …..ඔයාව දැක්කා මුල්ම දවසේ ඉඳන් මං ඔයාට ආදරේ කරන්නේ …..”
ඒ වදන් වලට ඔහුගේ හද ගැස්ම වේගවත් වුනේ ඇගේ ආදරය මේ තරම් ගැඹුරු යැයි ඔහු සිතුවේ නැති නිසාය.
නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන් කැපීමට ඉඩ දිය යුතු නැති නිසා ඇයගේ සිත කෙසේ හෝ වෙනස් කළ යුතු යැයි දිසෙන්ට සිතුනි .
“මම මිස්ට එදාම කිව්වා මට ආදරේ කරන්න එපා කියලා……. ආදරය කරනවට වඩා කරන්න දේවල් ගොඩක් මට තියෙනවා …..”
“මට ආදරේ කරන්න බෑ .ඒත් අර කොහෙවත් ඉන්න එ/කි/ය/ක්ට ආදරය කරන්න පුළුවන් .මම ත/මු/සෙ/ට ආදරය කරන්නේ දැකපු පළවෙනි දවසේ ඉඳන්…..ඇයි මගේ ආදරේ විහිලුවට ගන්නේ …..”
ඇය එසේ කීවේ රියේ වේගය අඩු කරමින් සිය කකියන හිස අතගාමිනි.
“කෝ දෙන්න මිස් මට ඩ්‍රයිව් කරන්න.”
💓💓💓💓💓💓💓💓💓💓💓
“මොකෝ මේ පැත්තේ ලොක්කා. ඉදලා හිටලා හරිඅපිව බලන්න එනවා නේද ?අද ගෝලයෙකු ත් එක්කම ඇවිල්ල …”
“මිස්ට කීර්තිසිංහ .මම ආවේ පොඩි ප්‍රශ්න කිරීමකට “.
සනුක වීරසිංහ එසේ කීවේ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත වසන්ත කැඳවා ගොස් ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලූ ලිපිය දිගු කරමින්..
“හෙඩ් ඔෆ් නාකොටික් සනුක වික්‍රමසිංහ ඔයාලා හොඳටම පරක්කු වැඩියි .වසන්තව අද උදේ රිලීස් කරා …”
“මොනවා ඒ කොහොමද බ්‍ර/වු/න් /ෂු/ග/ර් කිලෝ එකක් හම්බ වෙලා කොහොමද එහෙම නිකන්ම නිදහස් කරන්නේ………?”..
“ඊයෙනේ අල්ලගත්තෙ සර් “
ම/ත්/ද්‍ර/ව්ය නිවාරණ නිලධාරී සිරිවර්ධන එසේ කීවේ නළල රැලි කරන් ඔවුන් දෙස බලා සිටින ස්ථානාධිපතිවරයා දෙස පුදුමයෙන් බලමිනි .
“අපිට කරන්න දෙයක් නෑ සනුක.ඩීඅයිජී අබේගුණවර්ධනගේ ඕඩර් එකට තමා රිලීස් කලේ …….”
“ඒ වුණත් කීර්ති බඩුත් එක්ක හමුවෙච්ච ගෑ/ණු එක්කෙනා කිව්ව සාක්ෂිය තියෙනවනේ අපිට…..?”
“ඒකනෙ සනුක තියෙන ප්‍රශ්නේ ……මුලින් වසන්තගේ බඩු කියලා කියපු ගෑ/නි ඊට පස්සේ එකපාරටම වචනය වෙනස් කරා අපි ප්‍රශ්න කරන කොට ගෑ/නි ඉඳලා තියෙන්නෙ අ/යි/ස් අරන් කියලා වෛද්‍ය පරීක්ෂණයකින් ඔප්පු උනා.හොඳ සිහියක් නැතුව ඉන්නකොට කියන දෙයක් සාක්ෂියක් විදියට බාර ගන්න බෑ කියලා තමයි ඩීඅයිජී මහත්තයා නිදහස් කරන්න කිව්වේ “.
අතට අසුවෙන්නට ගිය තුරුම්පුව ගිලිහී ගිය බැවින් සනුකට ඇතිවූයේ පසුතැවීමක් .
“මේ හදිස්සියේ සනුක මොකටද වසන්තව හොයාගෙන ආවේ?…..”
“කීර්ති.පිටරටින් ලංකාවට ඩ්ර/ග්/ස් ඉම්පෝර්ට් කරන්න වසන්ත සම්බන්ධයි කියලා පොඩි විස්තර වගයක් මට හම්බෙලා තියෙන්නෙ .ඒත් ඒක ඔප්පු කරන්න ශාක්ෂි මුකුත් මං ගාව නෑ …සැකයක් විතරයි .වසන්ත ඇරස්ට් කරල හිටපු නිසා අපි ආවෙ වසන්තගෙන් ප්‍රශ්න කරන්න……දැන් ඉතින් මොකක් කරන්නද?….”
“අයෑම් සොරි සනුක….ඉහළින් එන ඕඩර්ස් වලටනෙ අපි වැඩ කරන්න ඕනේ……”
“ඕකේ අපි එහෙනම් යන්නම්…..”
“හිටපන් මචන් මම තේ ගේන්න කිව්ව …උඹලා නිකං අපිව අඳුරන්නෙ නෑ වගේනේ………අපි මේ ඉස්කෝලේ එකට කාපු බීපු උන් නේ “
“excuse me sir…”
පොලිස් කොස්තාපල් වරයා සිය ප්‍රධානියාගෙන් අවසර ගෙන එසේ කුටිය තුලට ආවෙ තේ සමග කෙටි කෑම බඳුනක් රැගෙනය .
“මේ සර්ලට දෙන්න “
“සර් ට්‍රැෆික් පොලිසියේ ඕඅයිසී මහත්තයා එළියට ගියා …එතන කවුරුවත් නෑ සර්…..කට්ටියක් ඇවිල්ල ඒ මහත්තයා නැත්තං සර්ව හම්බවෙන්න ඕන කිව්වා”.
කොස්තාපල් එසේ කීවේ අමුත්තන්ට තේ පැන් සංග්‍රහ කිරීමට පෙර ය .
“මචං මං පොඩ්ඩක් ඒ පැත්තට ගිහින් එන්නම්. මම එනකන් පොඩ්ඩක් හිටපන්…..”
සිරිවර්ධන බලා සිටියේ එසේ කියමින් එතැනින් පිට වී යන පොලිස් ස්ථානාධිපතිවරයා දෙසය.
තේ පැන් සංග්‍රහ කළ කොස්තාපල් එතනින් පිට වූ පසු එතන ඉතිරිවූයේ සනුකත් ඔහුගේ ගෝලයා සිරිවර්ධනත් පමණය.
“බලන්නකෝ සිරිවර්ධන වසන්තව කොටු කරගන්න තිබ්බ චාන්ස් එක නිකම්ම මිස් වෙලා ගියා නේ …..”
“මොනා කරන්නද ..සර්… මට ඊයේ අලුත් නිවුස් එකක් හම්බ උනා “.
සනුකගේ දෑස් දැල්වීමට ගියෙ සුළු මොහොතකි .
“ඒ මොකක්ද සිරිවර්ධන ?”.
“සර් දන්නව නේද බම්බලපිටියේ තියෙන O to O club එක?”.
“ඔව් සිරිවර්ධන “.
“සර් එතැන ඊයේ රෑ පොඩි රණ්ඩුවක් ගිහිල්ලා…..”
“අයියෝ සිරිවර්ධන .. ක්ලබ් වලට එන කො/ල්/ලෝ බීලා රණ්ඩු වෙන එක එක සාමාන්‍ය දෙයක් නෙ ……ඔන්න ඇමති කෙනෙක් ගේ පුතෙක් රණ්ඩු වුණොත් නං තමයි ඒක ලොකු නිව්ස් එකක් වෙන්නේ”.
“නෑ සර් එහෙම එකක් නෙවෙයි….එතන ඊයේ රණ්ඩු වෙලා තියෙන්නෙ වසන්තගේ පුතා…….”
“මොනව වසන්තගේ පුතා…?”.
සනුක එසේ කීවේ බොමින් සිටි තේ කෝප්පය මුවින් ඉවතට ගෙන සිරිවර්ධන දෙස කුහුලෙන් බලමිනි .
“ඔව් සර්…..වසන්තගේ පුතා ධනුක ඩාන්සින් ෆ්ලෝ එකේ ඩ්රාන්ස් කර හිටපු කෙ/ල්/ලෙ/ක්/ගෙ අතින් බලෙන් ඇදන් ගිහින් තියෙනවා….ඒ කෙ/ල්/ල/ගේ කො/ල්/ලා වසන්ත ගේ පුතාට හොඳටම ගහලා තියෙනවා”.
“වසන්ත වගේ මි/නි/හෙ/ක් ගේ පුතෙක්ට……ලේසියෙන් සාමාන්‍ය කො/ල්/ලෙ/ක් ට නං ගහන්න යන්නෙ නෑ …ඒ ගහපු කො/ල්/ලා/ත් මැරයෙක් වෙන්න ඇති ….”
“එහෙම තමයි සර් මටත් ආරංචිය ……ඌ පාතාලෙට අලුතින්ම බැහැපු එකෙක් කියලා තමයි ආරංචිය ……මට ආරංචි විදිහට ……..මෑන් කුලියට මර්ඩර් කරන කෙනෙක් ……හැබැයි කො/ල්/ලා පෙනුමෙන් හරිම වැදගත් පාටයි කියලා තමයි ආරංචිය …….”
“සිරිවර්ධනත් නියම බුලට් එකක්නේ.පාතාලයේ සිද්ධ වෙන දේවල්ද club වල සිද්ද වෙන දේවල්ද මේ සේරම දන්නවනේ ….”
සනුක එසේ කීවේ සිය ගෝලය දෙස ප්‍රසංශා ත්මක බැල්මක් හෙළමිනි .
” මගේ මිනිස්සු ඉන්නවානේ හැමතැනම….මට උන් හැම නිවුස් එකම දෙනවා….”
“මට පේන්නෙ සිරිවර්ධන වැඩි දවසක් යන්න කලින් ලංකාවට ඩ්‍රග්ස් ගේන කෙනාව කොටු කර ගනී කියලා …..”
ම/ත්/ද්රව්/ය නිවාරණ නිලධාරී සිරිවර්ධනගේ දෑසේ වූයේ විසල් බලාපොරොත්තුවකි.ඒ කෙසේ හෝ ගම්ලත්ට පෙර මේ පුද්ගලයා සොයාගැනීමයි. ඒ ඔහුගේ මීළඟ උසස් වීම ට එය මාර්ගය එළි කරන නිසාය.
💓💓💓💓💓
දිසෙන් පදවාගෙන ආ හොන්ඩා ෆිඩ් හයිබ්‍රිඩ් රිය නැවැත්වූයේ ඉදිරියෙන් ආ පිරිසක් එක්වර පාර හරස් කිරීම නිසා ය .
“ඒ කවුද ?ඔයා අඳුරනවද?……”
දිසෙන් සමඟ වූ අමනාපය අමතක කරමින් ඇය ඇසුවේ ඔහුගේ දෑතේ එල්ලෙමින්..
“මම නං අඳුරන්නෙ නෑ ශේෂා ……බය නොවී ඉන්න ….ඔයා කාර් එකේම ඉන්න . මම කියනකං බහින්න එපා.තේරුණාද ?මට පුළුවන් ඕන ප්‍රශ්නයක් හැඩ්ල් කරගන්න …..”
“අනේ පරිස්සමෙන් දිෂ්….”
දිසෙන් රියෙන් බැස්සේ ඔහුගේ සිත තුළ අනතුරක සේයාවක් දැනෙද්දී ම ය .
රියෙන් බැස පිරිස සමීපයට යන ඔහු දෙස සෙහන්සා බලා සිටියේ බියෙන් ඒ ඔහුට කරදරයක් වෙයි දැයි සිතමිනි .
රියෙන් බැස පිරිස අසළට ගිය ඔහු දෙස ඇය බලා සිටියේ ගැහෙන හදවතින්.
ඔවුන් මැරයන් යැයි කිව හැකි පිරිසක් යැයි ඇයට සිතුණි… ඔවුන් උස් හඬින් යමක් පවසනවාත් දිසෙන්ද ඊට පිළිතුරු ලෙස යමක් උස් හඬින් පවසනවාත් ඇයට ඇසුණි
රියෙන් බැසීමට සිතුනත් ඈ රියටම වී සිටියේ ඔහු එසේ පවසා ගිය නිසාමය.
ඇගේ හදවත මොහොතකට නතරවූයේ එක්වරම ඇසුණු වෙඩි ශබ්දය නිසාවෙනි…………..
හමුවෙමු මීලඟ දිගහැරුමෙන්.