ආදරණීයම ඔයා…01

නවත්ත ගන්නෙ නැද්ද ඕක දැන්…

මල්ලී කීවේ ඉවසා ඉන්නට බැරිම තැන වන්න ට ඇත. හඬනවා හැරෙන්නට මට කරන්න අන් කිසිවක් ඉතිරිව තිබුනේ නැත.

ඔයාට තේරෙන්නෙ නෑ මල්ලා මං මං කො හො මද….

සැබැවින්ම මට ආයිමත් ඇඩෙන්නට ඇත.

ලොක්කී..උ ඹ ට දැන් මගෙන් ගුටි කන්න ද ඕනි වෙලා තියෙන්නෙ..

එවර නං මල්ලා මහා හඬින් කෑ ගැසුවේය. මට සහෝදර සහෝදරියන් කාටත් හිටියේ මල්ලා විතරය. ඔහු මට අවුරුදු දෙකකට බාලය.

එහෙත් මීට අවුරුදු හතරකට පෙර අප්පච්චී මියගිය දා පටන් මල්ලා හැසිරුනේ මගේ අයියා ලෙසිනි. මා වෙනුවෙන් ඉටුකල යතු වූ සියළු යුතුකම් ඔහු නොපිරි හෙලා ඉටු කලේය.

එතන අවුරුදු පහක් දෙයියනේ මං කොහොම ද එහෙම එකපාර අමතක කරන්නෙ..ධනූ ධනූ ඇයි එයා එහෙම දෙයක් කලේ…මේක බොරු වක් නේද මල්ලා..එයා එයා..එහෙම නෑ නේද..

අපහසුවෙන් හැඬුම වාවාගෙන මම ඇසීමි. සැබැවින්ම ධනුක එවැන්නක් කරතී මම විශ් වාස කරන්නෙ කෙසේද ..

අප්පච්චිත් මල්ලාත් හැරුණු කොට මම මෙ ලොව වැඩියෙන්ම ආදර ය කල වැඩියෙන්ම විශ්වාස කල මට මෙලොව වැඩියෙන්ම ආදරය කල එකම පිරිමියා ඔහුය. ඉතිං ඉතිං ඔහු මෙවැන්නක් මම දරා ගන්නට බැරිය.

මේ ලොක්කි මගෙන් මොනාත් අහගන්නෙ නැතුව කට පියා ගන්නවා..ත මු සෙ ට බොරු කියන්න පිස්සු ද මට.. අනික මේ වෙඩින් එක කටේ තියාගෙන…

මල්ලා කීවේ නොරිස්සුමෙනි.

ඒ කියන්නෙ ධනුක වෙනෙ කෙනෙක් මැරි කර ලා.. එතකොට මම..මට මොනා ද වෙන්නෙ..

මා ඇසුවේ අමාරුවෙන් හැඩුම වාවාගෙනය.

මැරි කරලා තමා..ඒ කි ට ඌ හින්දා දරුවෙක් ලැබෙන්න ඉන්නවළු..

මල්ලි කීවේ ඉවත බලාගෙනය. දෙවියනී මම අර තරම්ම නැහීගෙන ආදරය කලේ ඔහු වැන් නෙකුටද… අප මිනිසුන් ලෙස කුමක් හො වරද ක් වන්නට හැකිය.

එහෙත් ඔහු අවසාන මොහොත දක්වාම එය සඟවා හිඳ මා මෙවන් තැනකට ඇද දැමුවේ ඇයි..පසුගිය වසර පහ පුරාම ධනුක මා රැවටු වේද ඔහු කිසිම දිනක මට ආදරය කලේ නැතිද

..මට ඒ කිසිවක් වටහා ගන්නට නොහැක.

එහෙත් හෙට සිට නිවසට පැමිණෙන අමුත් තන් නෑදෑයින් මා ඔවුන්ට මුහුණ දෙන්නේ කෙ සේද සියල්ල සූදානම් කර අවසානයේ ධනුක මෙවැන්නක් කල බැව් ඔවුන්ට කෙසේ කිය න්නද.. ලොකු නැන්දම්මාත් චූටි නැන්දම්මාත් කුමක් කියනු ඇතිද…

කවදාටත් අප්පච්චිගේ නැදෑයින්ට මල්ලීත් මම ත් කැමති නැත. ඔවුන්ගේ අමුතු මාන්න ක්කාර අඩම්බරකාර වලව්කාර කම අපට ගැල පුනේ නැත.

කොහොමත් අප්පච්චි අම්මාව විවාහ කරගත් එකටත් ඔවුන්ගේ මනාපයක් තිබී නැති හෙ යින් එතරම් සමීප හිතවත් කමක් අපේ තිබු නේ නැත.

පව්ලේ සිද්ධ වන පලමු විවාහ මංගල්ලය හෙ යින් මාත් මල්ලීත් එපා කියද්දීත් අම්මා ඔවුන්ට ආරාධනා කලේ නැතිනම් තවත් අමනාප වේ යැයි සිතාය.

අප්පච්චී නැති බැවින් ඔහුගේ සහෝදරයන් හෝ ඒ මොහොතේ සිටිය යුතු යැයි අම්මා සිතන්නට ඇත.

ඔයාට තේරෙන්නෙ නෑ..මල්ලා..හෙට නෑදෑයො සේරම ගෙදර එනවා.. එයාලට එයාලට මොනා ද කියන්නෙ..දන්නවනෙ නැන්දම්මලාගෙ කට වල්..මට මට මැ රෙ න් න හිතෙනවා..

කෙතරම් උත්සහ කලත් මට මේ හැඬුම වාවා ගන්නට බැරිය. ධනුකගේ වෙන්වීම කෙසේ හෝ දරාගන්නට හැකිය.

ඒ ඔහුගේ සතුට නම් එයට ඉඩ දී නිහඬ වන් නටද හැකිය. එහෙත් එහෙත් මේ සියල්ලට මා තනිව මුහුණ දෙන්නේ කෙසේද..

මගෙන් මැ රං නොකා කට පියා ගනිං ලොක්කි

එන එ වු න්ට කියන්න ඕනි දේවල් මං කියන් නං

මෙච්චර කාලයක් අපි උන්නද මලාද බැළුවෙ නැති එවුන් කට ගහගෙන ආවොත් හොම්බ ත ල න වා මම..

මල්ලා කීවේ අවේගයෙනි. මේ සිදුවූ දෙයින් ඔහු සිටින්නේ කෝපයටත් වඩා වේදනාවෙන් වග මට වටහා ගත හැකිය. සිය එකම සොයු රියගේ විවාහ මංගල්‍යය මෙසේ අවසාන මො හොතේ බිඳ වැටීම ඔහු දරාගන්නේ කෙසේද..

ඔහොම තරහා අරන් මේක විසඳන් බෑනේ

මැණික අපිම ඒ මිනිස්සුන්ට එන්න කියලා බැනලා එලවන්න පුළුවන් ද…

මම අමාරුවෙන් සන්සුන් වන්නට සිතාය. හිත රිදනා බව ඇත්තය. ලෝකයටම ඇසෙන්නට හඬා වැටෙන්නට හිතෙනා එකත් ඇත්තය.

එහෙත් මා තවත් හඬා වැටුනොත් මල්ලා කෝ පයෙන් වියරු වැටී මොනවා කරාවි දැයි මට සිතා ගන්නටවත් බැරිය.

තාදී මැණික ඔයා දන්නවද ඔයාගෙ නමේ තේ රුම… අප්පච්චී වරක් ඇසුවේ මා කුඩා අවදි යේය.

නෑ අප්පච්චී….

තාදි කියන්නෙ අට ලෝ දහමින් කම්පාවට පත් නොවීම.. ඒ කියන්නෙ දුකක් උනත් සතුටත් උනත් එක සමාන හිතකින් දරා ගන්න එක…

අප්පච්චි කිවේ කුඩා මට වැටහෙන ලෙසින් වන්නට ඇත. එහෙත් මට තාමත් මගේ හිත එවන් උසස් තැනකට දියුනු කර ගන්නට හැකිවූයේ නැත. සතුටින් උදම්වන්නේත් දුකින් කඩා වැටෙන්නේත් ඒ නිසාම වන්නට ඇත.

ත මු සෙ දැන් මොනවද කරන්න කියන්නෙ මට

අර ව… පර.. කරපු දේවල් වලට නිකරු නේ එ ක එකාගෙන් කතන්දර අහගෙන කටපියා ගෙ න ඉන්න කියලද…

වෙන මොනා කරන්න ද දෙයියනේ..

කොතරම් ඉවසා සිටින්නට උත්සහ කල ද මේ හැඬුම නැවතත් අළුත් වේ.

කීවා නේද මම දැන්..අඬන්න එපා කියලා..

අඬන්නෙ නෑ..ඇඬෙනවනේ.. මම කෙඳිරිලි හඬකින් කීවෙමි.

හ්ම්ම්..නාඬා ඉන්න දැන්..හෙට මොනවද කර න්නෙ කියලා.. හෙට බලමු..හැබැයි හොටු පෙ රාගෙන අඬන්නයි..පිස්සු නටන්නයි තියාගෙන මාව මි නී ම රු වෙ ක් කරන්න නං ලෑස්ති වෙන්න එපා…

එක අතකට ඔහොම උන එක හොඳයි නැත්

තං මැරි කලාට පස්සෙත් ඔය මි නි හා ඔය ව ගේ දෙයක් කලා නං ත මු සෙට මොනාද වෙන් නෙ..

හැමදේම වෙන්නෙ හොදට කියලා හිත හදා ගන්නවා.. එනවා පහලට යන්න මෙතන ඉදලා අඬන්න තියා ගන්නෙ නැතුව..

මට ටිකක් ඉන්න දෙන්න මල්ලා.. මට ධනූට කතා කරන්න ඕනි එකපාරක් මට මෙහෙම කලේ ඇයි කියලා දැන ගන්න ඕනි…

පිස්සු නටන්නෙ නැතුව ඉන්නවා..

ප්ලීස් මල්ලා එක පාරක්…

හ්ම්ම් කතා කරනවා හැබැයි අඬන්න තියා ගන්න බෑ….

එසේ කියමින් මල්ලා කාමරයෙන් පිටවිය. මම ධනුකට අමතන්ට උත්සහ කලෙමි.

එහෙත් ඔහු ඔහුට සම්බන්ධ විය හැකි කිසිදු මාර්ගයක් මට ඉතිරි කර තිබුනේ නැත. ඒ කි යන් නේ ධනුක මා සම්බන්ධ සියල්ල අත්හැර දමා ඇති බවය.

දෙවියනි අවුරුදු පහක ආදරයක් ඔහු එතරම් පහසුවෙන් අත්හැර දැමුයේ කෙසේද.. මා යහ නේ වැතිර මහා හඬින් ඉකිබිඳ වැලපුනේ කල හැකි කිසිවක්ම නොවූ නිසාය.

මම ධනුකගේ මවට ඇමතුමක් ගත්තේ ධනුක හා සම්බන්ධ වන්නටම නොහැකි නිසාය.

දෝණි කොහොමද මැණික…

අම්මා ඇමතුවේ පෙර සේම ලෙංගතු ලෙසිනි.

අම්මා ධනූ එයා එයා.. මට කතාකරගන්නට බැරිය මේ ඉකිය නවාගත නොහැකිය.

නාඬා ඉන්නකො රත්තරං ඔහොම අඬලා ඔ යාව ලෙඩවෙයි මැණික..

ඇයි අම්මා එයා මෙහෙම කලේ මං මං මොන තරම් ආදරේ කලා ද දෙයියනේ..

කියන දේ අහලා නාඬා ඉන්නකො පැටියෝ.. ඔයා ඇරෙන්න වෙන කෙ ල් ලෙ ක් ට ඉඩ නෑ දෝණි.. අංකල් ඒ දෙන්නව ගෙදරින් එලෙව්වා..

එයා මට එක වතාවක් කීවනං මාව එපා වෙන කෙනෙක් ඉන්නවා කියලා මං යන්න දෙනවනෙ ඇයි මෙච්චර කාලයක් ඉදලා මට මෙහෙම ක ලේ මං මොන වැරැද්දක් කරලද…

නාඬා ඉන්න දෝණි.. මොනා කරන්නද ඒක ඔ යාගෙ නෙවී එයාගෙ කරුමෙ.. මට දුක මම මෙ ච්චර ආදරේ කෙ ල් ලව මේ ගෙදරට ගේන්න බැරි උනාට…

අනේ අම්මා අප්පච්චිට කියන්න ධනූට එහෙම කරන්න එපා කියලා.. ගෙදර ඇර වෙන කොහෙ යන්නද එයාලා…

ධනුක වෙනුවෙන් මට සමාවෙන්න දෝණි.. මම ඔයාට අපහාසයක් වෙන්න දෙන්නෙ නෑ… හෙ ට හවස අප්පච්චියි මායි ඇවිත් ඔයාගෙ නෑය න්ට කියන්නං වැරැද්ද ඔයාගෙ නෙවී කියලා..

දැන්වත් නාඬා ඉන්න රත්තරං.. ඔහොම අඬලා ලෙඩ වෙනවා ඔයාව..

අම්මා එසේ කියද්දීම පිටත සිට මල්ලා කතාක රනු මට ඇසිනි.

අම්මා මල්ලා කතා කරනවා..

හරි මැණික නාඬා ඉන්න අපි හෙට උදේම එන්නං.. බුදු සරණයි දෝණි.. කියමින් අම්මා ඇමතුම නිමා කලාය.

අක්කියා…..
මද වෙලාවකින් මල්ලා කාමරයට ඇතුල් වූයේ එසේ කියාගෙනය. මම දෑසේ කඳුළු පිසදාගෙන යහනින් නැඟිට ගත්තත් මා හඬා වැටී ඇති බැ ව් ඔහුට සඟවන්නට බැරි බැව් මා දැන සිටියෙ මි.

ඇයි මල්ලා..

අන්න ඔයාව මීට් වෙන්න සෝන්‍ය අයියා ඇවිත්

මල්ලා කීවේ සන්සුන් හඬකිනි.

මාව මීට් වෙන්න..මොකටද…

සෝන්‍ය ඔහු මේ මොහොතේ මා හමුවන්නට පැමිණියේ ඇයි..

දන්නෙ නෑ..ගිහින් කතා කරලා බලන්න මොනා උනත් ඒ ඔයාගෙ බොස්නෙ..

මල්ලා කියද්දි මා යහනින් නැඟිට ගත්තේ වෙ න කරන්නම දෙයක් නැති තැනය.

ඔහොම මල හො ල් ම න ක් වගේ මනුස්සයෙ ක් ඉස්සරහට යනවද හලෝ ..මූණ පිහගෙන කොණ්ඩෙ ටිකක් පීරගෙන මනුස්සයෙක් වගේ එනවා..මං යනවා….

කියාගෙන මල්ලා ආපසු ගියේ මා තවත් ප්‍රශ්න වැලක අතර මං කරය.

හමුවෙමු.

මේ කතාව අවුල් වගේද ඔයාලා මේක කියවන්න නැමති නැද්ද