නපුරු දීගේ

“ඉතින් අගේ නොකර කියන්නකො පූජා ඔයාගෙ සප්‍රයිස් එක මොකක්ද කියලා.මං ඊයෙ ඉඳන් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නෙ…”

තීරණාත්මක මොහොත උදා උනා.එයා මගෙ ළඟට ඇවිත් ඉවසිල්ලක් නැතුව වගේ බලන් ඉන්නවා.ඒ ඇස් ආදරයෙන් දිලිසෙනවා. අම්මත් පැත්තකට වෙලා සතුටින් හිනා වෙලා ඉන්නවා.

“අපිට ලැබෙන්න ඉන්නෙ නිවුන් දරුවො ආර්වින්.පුතාලාම දෙන්නෙක්…”

ආර්වින් පුදුම වෙලා වගේ කටට අත තියාගත්තා.එක දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නැද්දි දරුවො දෙන්නෙක්ම ලැබුනා කියන්නෙ ඒක කොයි තරම් ලොකු සතුටක්ද.

“මට නම් මේක…. හිතාගන්නවත් බැහැ පූජා… දරුවො දෙන්නෙක්….. මගෙ කොලු පැටව් දෙන්නා උපන්දිනේ දවසෙදිම එයාලගෙ අප්පච්චිව සප්‍රයිස් කරා…”

ආර්වින් මගෙ බඩ අතගාලා ලොකු කේක් කෑල්ලක් කැව්වා.බර්ත්ඩේ එක එයාගෙ උනාට කේක් කාලා බඩ පිරුනෙ මගෙ.

“දරුවො නැතුව දුක් විඳපු අපිට එක සැරේම දරුවො දෙන්නෙක් ලැබුනෙ අපේ වාසනාවකට පූජා.දෙවියො අපිට මේ දීපු අවස්ථාව මගෙ පන වගේ මං ආරක්ෂා කරනවා…”

උදේ කෑම කාලා එයා ඇඳට ඇවිත් මගෙ බඩ කි/ස් කරන්න ගත්තා.කේක් වැඩිපුර කාලා මත් ගතියක් දැනුනු නිසාද මන්දා මට නිදි මතක් දැනුනා.දහයට විතර පන්සල් යනවා කියලා හිතාගෙන මං ටිකක් නිදාගත්තා.

මේ කෙ/ල්ල උදේ පාන්දරම මාව පි/ස්/සු වැට්ටුවා.නිකමටවත් මට හිතුනෙ නෑනෙ මේ බණ්ඩිය ඇතුලෙ පැටව් දෙන්නෙක්ම ඉන්නවා කියලා.මෙච්චර චූටි බණ්ඩිය අස්සෙ මගෙ කොලු පැටව් දෙන්නා කොහොම ඉන්නවද මන්දා.මේ ඇට කෝට්ටිත් ඉතින් හාල් මැස්සි වගේනෙ හිටියෙ ඉස්සර.දැන් චුට්ටක් විතර මහත් වෙලා ඉන්නවා.

ආර්වින් පූජාගෙ කුස අතගගා එහෙම හිතුවා.ඇයට හොඳටම නින්ද ගිහින්.උදේම පන්සල් යමු කිව්වත් ආර්වින්ට දුක හිතුනා ඇයව ඇහැරවන්න.

පව්නෙ ඔහේ නිදාගත්තුවාවෙ.කේක් ගොඩක් කාපු නිසා මත් වෙලා වගේ ඇත්තෙ. නැගිට්ටම පන්සල් එක්කන් යනවා.ඇඳුම් ටික ලෑස්ති කරලා තියන්න ඕනි.

එහෙම හිත හිතා ආර්වින් ඇඳෙන් නැගිටලා ගිහින් අල්මාරිය ඇරලා පූජාට පන්සල් යද්දි අඳින්න ලා නිල් පාට මල් වැටුනු සුදු පාට ගව්මක් අරන් කණ්ඩාඩි මේසෙ උඩින් තිබ්බා. සුදු ටීෂර්ට් එකකුයි නිල් ඩෙනිමකුයි අරන් එලියෙන් තිබ්බා.

“පුතාලා දැන්ම පන්සල් යනවද?…”

“නෑ අම්මෙ.පූජා නිදි.ඇහැරුනාම යනවා…”

“මං මේ කියන්නමයි හිටියෙ පුතේ.මේ කාලෙ දුවව වැඩිය මහන්සි කරවන්න එපා.ඔය පන්සල් එහෙම නම් ගියාට කමක් නෑ.දුර ගමන් බිමන් එහෙම එක්කන් යන්න එපා…”

නැන්දම්මා ලේලිට ගොඩක් ආදරෙයි.දෙන්නා සමගියෙන් ඉන්නැද්දි ආර්විනුත් ඒ දිහා බලලා සතුටු උනා.

දහයහමාරට විතර ආර්වින් පූජාත් එක්ක පන්සලට ආවා.පූජා ගොඩක් සතුටින් පන්සලට ආවෙ.තමා ධනුක සමඟ විවාහ වී ගැබිණියක වී සිටි කාලයේ මෙලෙස පන්සල් ආ හැටි ඇයට සිහිපත් උනා.එදා ධනුක ටානියා සමඟින් එක්ව තමාගේ කුසේ වැඩෙනා දරු පැටියාව ම$ දමන්නයි සැළසුම් කරේ.නමුත් ඒ උත්සහය අසාර්ථක වූයේ එදින ධනුකගේ මවත් ඔවුන් සමඟ පන්සල් යෑමට පැමිණි නිසාවෙනි.

“බබා මොනවද කල්පනා කරන්නෙ?…”

“න්… මේ… මොකුත් නෑ ආර්වින්.මට පරණ දෙයක් මතක් උනා.ඉස්සර අපි ආදරේ කරපු හැටි…”

මට මතක වෙච්චි දේ ආර්වින්ට කිව්වොත් එයාට දුක හිතෙයි.ඒ නිසා පන්සලේ උනත් මං බොරුවක් නොවන බොරුවක් කිව්වා. ඇත්තටම මට පන්සලට එනකොට ආර්වින්ගෙයි මගෙයි අතීතෙත් මතක් උනානෙ.

“ඒ කාලෙ මතක් වෙද්දි හිතට හරිම අමුතු හැඟීමක් දැනෙනවා පූජා.අපි දෙන්නා මුණ ගැහුනෙත් හරි පුදුම විදියකටනෙ…”

“එදා මගෙ ජීවිතේ හරිම අවාසනාවන්ත දවසක් ආර්වින්.ඔයා වාසනාව අරන් මගෙ ජීවිතේට ආවෙත් එදානෙ…”

තව දුරටත් ඔවුන්ගෙ හමුවීම ගැන කතා කරොත් පූජාගෙ හිත පෑරෙයි කියන බයට ආර්වින් මාතෘකාව වෙනතකට යොමු කරා.

“මල් පූජා කරලා අපි අර පැත්තට යමුද පූජා. එතන පොකුණෙ ලස්සන ලස්සන මාළු ඉන්නවා…”

මල් පූජා කරලා අපි දෙන්නා පල්ලෙහා පොකුණ ගාවට ආවා මාළු බලන්න.මාළුන්ට පොරි දාලා අපි දෙන්නා ගොඩක් වෙලා ඒ දිහා බලන් හිටියා.පොකුණෙ මල් පිපිලා හරිම ලස්සනයි.පන්සලට ආවම හිතට දැනෙන්නෙ පුදුමාකාර සැනසීමක්.

ඉස්සර මං ධනුකගෙන් එල්ල වෙන දුක් කරදර පීඩා ඉවසගන්න බැරුව හිත නිවාගන්න එන්නෙ පන්සලට.මගෙ දුක මං ඇවිත් කිව්වෙ බුදුන්ට.වෙන කාටවත් කියලා හිත නිවාගන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. ධනුක නිසා පුදුම විදියට මං ඒ කාලෙ දුක් වින්දෙ.

එකපාරටම බඩ රිදීගෙන ආපු නිසා මං පොකුණ අයිනෙ ගලක් උඩින් වාඩි උනා. ආර්විනුත් කලබල උනා මං බඩට අත තියාගෙන අමාරුවෙන් වගේ ගල උඩින් වාඩි වෙද්දි.

“ඇයි පූජා ඔයාට අමාරුයිද?…”

“මගෙ බඩ ටිකක් රිදෙනවා ආර්වින්.කොර වෙලා වගේ…”

“හුඟක් අමාරුයිද මැණික?අනේ හොස්පිටල් යමු…”

එයා බය වෙලා මාව උස්සගෙන හොස්පිටල් අරන් යන්නයි ලෑස්තිය.මට ඇති වෙන පුංචිම පුංචි අසනීපෙකදිත් ආර්වින් ගොඩක් බය වෙනවා.

“එහෙම ලොකු අමාරුවක් නෑ ආර්වින්. හොස්පිටල් යන්න ඕන්නෑ…”

“හොස්පිටල් යන්න ඕන්නෑ කියන්නෙ ඔයා ඩොක්ටර්ද?මොකද දන්නෑනෙ එකපාරටම බඩ රිදෙන්න ගත්තෙ.යමු ඩොක්ටර් ගාවට. මෙයා අපි ගාවට එන්නද දන්නෑ හදන්නෙ…”

“අනේ මෝ/ඩ/යො පුතාලා දෙන්නා ඉපදෙන්න තව කල් තියනවා.තවම මාස හතක් උනා විතරයි.මේ චූටි බඩේ කැක්කුමක් විතරයි. ඒකට කලබල වෙන්න ඕන්නෑ.මෙහෙම පොඩි පොඩි අමාරුකම් දැනෙනවා මේ කාලෙට…”

මං එයාගෙ අත අල්ලන් නැගිට්ටා.මගෙ නපුරු හබී හොඳටම බය වෙලා.මං හිනා වෙලා හිටියා ආර්වින්ගෙ බය නැති කරන්න. එයා රවාගෙන මගෙ දිහා බැලුවා.

“මට රවන්න එපා.පුතාලා දෙන්නා තරහ වෙයි ඔයත් එක්ක අප්පච්චි එයාලගෙ අම්මිට රවනවා කියලා…”

“රැව්වෙ තරහට නෙවෙයිනෙ මැණිකො.ඔයා බඩ කැක්කුමයි කියලා කියපු නිසා මට බය හිතුනා…”

“බය වෙන්න එපා අනේ.ඒක ලොකු අමාරුවක් නෙවෙයි.අපි දැන් යමු ගෙදර.රෑට පාර්ටියකුත් තියනවනෙ.ඒකටත් ලෑස්ති වෙන්න එපායැ…”

ආර්වින් මගෙ අතින් අල්ලගෙන පන්සල් බිම මැද්දෙන් කාරෙක නවත්තලා තියන තැනට ආවා.ආයෙමත් බඩ රිදීගෙන ආවා.බඩ ඇතුලෙන් ලොකු වේදනාවක් දැනුනෙ.කොර වෙලා වගේ හරියට.සැරෙන් සැරේට එන ඒ වේදනාව දැන් නම් මගෙ හිතට ඇති කරේ ලොකු බයක්.

මේ වේදනාව මට දැන් දවස් තුනක හතරක ඉඳන් දැනෙන්න අරන් තිබුනෙ.ගැබිනි සමයෙ ඇති වෙන විවිධ අපහසුතාවයන් ගැන හිතද්දි මේ වේදනාවත් එවැනි අපහසුතාවයක් කියලයි මං හිතුවෙ.

“ඔයා ඉතින් ඩොක්ටර්නෙ.මං කියන කිසිම දෙයක් අහන්නෑ…”

ආර්වින් කතා කරන්නෙ මදක් කේන්තියෙන් වගේ.

“අපි හොස්පිටල් එකට ගිහින් යමු ආර්වින්. දැන් ආයෙමත් මගෙ බඩ රිදෙනවා…”

“අනේ ගොඩක් රිදෙනවද මැණික?…”

එයා ඇහුවෙ හොඳටම බය වෙලා.මට පව් කියලත් හිතුනා.

“එච්චර රිදෙන්නෑ ආර්වින්.ඔයා බය වෙන්න එපා මහත්තයො…”

ආර්වින් හැකි ඉක්මනින් පූජා රැගෙන හොස්පිටල් එකට ආවා.තමාට නොකිව්වට ඇය ඉන්නෙ ගොඩක් අපහසුතාවයකින් කියලා ඔහුට වැටහුනේ කාරෙකේදිත් විටින් විට ඇගේ මුවින් නැගුනු කෙඳිරිලි හඬ නිසයි.

“පූජාට කොහොමද ඩොක්ටර්?එයාට ලොකු අමාරුවක් නෑ නේද?…”

වෛද්‍යවරයා බැරෑරුම් මුහුණකින් ආර්වින්ගෙ පිටට තට්ටුවක් දාලා ඔහුත් සමඟ මදක් ඉදිරියට ආවෙ පූජා ගැන යමක් පැවසීමටයි.

මතු සම්බන්දයි.

පූජාට මොනවා වෙලා කියලද හිතෙන්නෙ?