🦋06වෙනි කොටස🦋
උදේම නැගිට්ට මන් හැදුවේ පුතාට ස්කූල් එකට ගෙනියන්න මොනවහරි ලෑස්ති කරන්න.නිදාගෙන ඉන්න පුතාගේ හිසට සිපුමක් තියපු මම කොන්ඩේත් උඩට කරලා බැදගෙන ආවේ කිචන් එකට.කිචන් එකට එනකොටම මට ඇහුනේ හිරු ටීවී එක දාලා ඒක දීහා බලන් ඉන්නවා.මන් හිරූට ගුඩ්මෝර්නින්ග් කියාගෙන ඇවිත් ෆිජ් එක ඇරලා කලින් දවසේ අනලා තිබ්බ් පිටි ගුලිය අතට අරගෙන හැදුවේ රොටී ටිකක් හදන්න මොකද මගේ පුතා ආසම රොටී කන්න .මන් රොටී හදනකොටම වාගේ ඇහුනේ මන් මේ ලෝකේ ගොඩක්ම වෛ/ර කරන කෙනා ගැන ඇහෙන කතාවක්..
මන් ඒ ගැන තැකීමක් නොකර අවදානය දුන්නේ මන් හදන රොටී එකට.
“මේ රිපෝටස්ලට කිසිම ජීවිතයක් නෑ.”හිරූ හයියෙන් කෑ ගහලා කිව්වේ රිමෝට් එකත් පැත්තකට විසි කරලා දාලා.හිරූ තවත් යමක් කිව්වත් මන් නෑහුනා වගේ හිටියේ අද දවස අවුල් කරගන්න බැරිනිසා.මොකද අද දවස පුතාට වගේම මටත් ගොඩක් විශේශයි මොකද අද තමයි මගේ පුතාගේ ස්කූල් එක පටන් ගන්න දවස.
“එයා හද ගැහෙන කෙනෙක්.ඔයා එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද…..එයා මගේ කරගන්න මන් ඕනම දෙයක් කරනවා.”හිරූ එහෙම කියනවත් එක්කම මන් එයා දිහාට හැරුනේ පුදුමෙන්.මන් දැක්කේ එයා හිනාවෙවී ටීවී එක දිහා බලන් ඉන්නවා.
“හිරූ මන් ඔයාට කිව්වා එයා ගැන හොයන එක එයාගේ ප්‍රෝගෑම් බලන එක නවත්තන්න කියලා.”තවත් මොකුත් කියන්න කලින් මගේ පුතා ආර්යන් ඇවිත් හිරූ ගාවින් වාඩිවුනේ ඇස් දෙක පොඩි කර කර.
“හිරූ මන් එක සැරයකුත් කිව්වා ඒ මිනිහා ගැන දාන නිවුස් බලන්න එපා කියලා.”මං කිව්වේ ටීවී එකේ පෙන්නන ආදිගේ රූපේ දිහා කේන්තියෙන් බලලා.
“අයියෝ මිහානා බලන්නකෝ එයාගේ ලස්සන අනික එයා දැන් හැමෝගෙම වීරයා වෙලා ඉවරයි.”හිරූ කිව්වේ ඇඹරෙමින්.ටීවී එක දිහා බලන් ඉන්නකොට මගේ කේන්තිය වැඩිවෙන නිසාම මන් අහක බලාගෙන පිටිගුලිය අතට ගත්තේ කේන්තියෙන් .මන් කේන්තියෙන් පිටිගුලිය ඇනුවේ හිරූ මන් දිහා බලාගෙන ඉද්දි.
“මිහානා ඔයාගේ ඔය තරහා පිටිගුලිය පිටින් යවන්න එපා.”හිරු එහෙම කියද්දිම මන් බැලුවේ ටීවි එක දිහා.හිරූ මගේ පුතාට කාටූන් චැනල් එකක් දාලා දීලා ආවේ මන් ලගට.
“ඔයා ඒ රූපෙට ගොඩක් වෛ/ර කරනවා වගේ….”හිරූ කිව්වේ හුස්මක් හෙලමින්.ආදීට වෛ/ර කරන තරම දන්නේ මංම විතරයි.එයා බො/රු/කා/ර/යෙ/ක් වං/චා/කා/ර/යෙ/ක් බ/ය/ගු/ල්/ලෙ/ක්.එයා මට කරපු දේ හිරූ දන්නවනම් කවදාවත් මෙහෙම එයා ගැන කතා කරන්නේ නෑ.
“ඇයි ඔයා එයාට වෛ/ර කරන්නේ කියලා මං අහන හැම වෙලේම ඔයා ඒකට මොකුත් කියන්නේ නෑ.ඔයා මගේ හොදම යාලුවෙක්ද කියලා මටම පුදුමයි.”හිරූ කිව්වේ වේදනාවෙන් .
“මං එයාට වෛ/ර කරන්නේ නෑ.අනික මොකක්දෝ හේතුවකට මං එයාව දකින හැම පාරකම මට කේන්ති යනවා.”මන් හිරූට කිව්වේ වෙනදා දෙන උත්තේරේමයි.
“දැන් අවුරුදු තුනක් තිස්සේ ඔයා මට කියන්නේ ඔය උත්තරේම තමයි.”හිරූ එහෙම කියල ෆිජ් එක ලගට ගිහින් ෆෙයාස් ගෙඩියක් අරගෙන ආපහු ආවේ මං ලගට.
“මං දැන් අවුරුදු තුනක් තිස්සේ දන්නවා.ඔයා අමතක කරන්න එපා මන් තමයි ඔයාට ඉන්න එකම යාලුවා.එහෙම වෙලත් ඔයා මට සලකන්නේ පිට කෙනෙක්ට වගේ.”
“මං ඔයාට පිට කෙනෙක් විදිහට සලකන්නේ නෑ හිරූ.”මං කිව්ව දේට හිරූගේ මූනේ ඇදුනේ හිනාවක්.
“එහෙනම් මට ඇත්ත කියන්න ඔයා කොහෙ ඉදන්ද ආවේ….”හිරූ හදන්නේ කොහොමහරි මගෙන් මගේ අතීතය ගැන අහගන්න.ඒත් මට බෑ අද නෙවේ ඉස්සරහටත්.මන් මගේ අතීතයට තාම මූන දෙන්න ශක්තිමත් වෙලා නෑ.
“කොලඹ ඉදන්.”මන් කිව්වේ දිග හුස්මක් හෙලමින්.
“ඔයාට මොකක්ද වුනේ ඇයි ඔයා කොළඹ දාලා නුවරට ආවේ….අනික ආර්යන්ගේ තාත්තා කවුද එයා කෝ….ඔයා කවදාවත් මට ආර්යන්ගේ තාත්තා ගැන කියලා නෑ.ඇයි ආර්යන්ගේ තාත්තාව ඔයා දාලා ආවේ……”මගේ මූනේ හිරූ අහන දේට මූනේ ඇදුනේ වේදනාත්මක හිනාවක්.හිරූ දන්නවනම් එයා පැයකට කලින් වද වුනේ ආර්යන්ගේ තාත්තා ගැන කියලා.ඇයි මන් එයාව දාලා යන්නෙ….එයයි මාව දාලා ගියේ.එයා මාව අතඇරලා දැම්මා.අඩුම තරමේ එයා මොකුත්ම හේතුවක් නැතුව මාව දාලා ගියේ.
“ඔයා මාව පිට කෙනෙක් විදිහට සලකන්නේ නැත්තම් මං අහපු දේට උත්තර දෙන්න.”මං කොලඹ දාලා ආපු ඒ සිදුවීම මන් නුවර එන්න වුනු හේතුව ආපහු පාරක් මගේ හිතේ චිත්‍රපටයක් වගේ මැවෙන්න ගත්තේ මෙච්චර දවස් හදාගෙන හිටපු හිත ආපහු පාරක් පාරවමින්.
අතීතයට….
ආර්යන්ව නිදි කෙරෙව්වේ ගොඩක් අමාරුවෙන්.මන් නලලට අත තියලා බැලුවේ ආර්යන්ගේ උන අඩුවෙලාද කියලා වාසනාවට උන අඩුවෙලා තිබ්බා.මන් ගැබුරු හුස්මක් හෙලලා මගෙ හිස තියාගත්තේ පුටුවට.
“මිහානා ඔයා ගොඩක් මුරණ්ඩුයි.ප්ලීස් මට ඔයාට උදව් කරන්න දෙන්න.”ගිහාන් එහෙම කිව්වත් මගේ දෑස් යොමුවුනේ මේසේ උඩ තියෙන ලක්ශ දෙකේ චෙක් එකයි ක්‍රෙඩිට් කාඩ් එකයි දිහාට.
“ඔයා කොච්චර කාලයක් මට උදව් කරනවද…..සදහටම….”
“මන් ඔයාට සදහටම උදව් කරන්න කැමති මිහානා.”ගිහාන්ගේ දෑස් යොමුවුනේ මගේ ඔඩෙක්කට වෙලා නිදාගෙන ඉන්න මගේ පුතා දිහාට.
“බලන්න මිහානා එයා දැනටමත් මට කතා කරන්නේ තාත්තා කියලා.මට ඔයාගෙයි පුතාගෙයි වගකීම ගන්න පුලුවන් .ඔයා මට ඉඩ දුන්නොත් මට එයාගේ තාත්තා වෙන්න පුලුවන් .”
මෙච්චර කල් ගිහාන් ආර්යන්ට තාත්තා වුන එක ඇත්ත.මගේ පුතා හිතන්නේ ගිහාන් එයාගේ තාත්තා කියලා.ඒත් ඇත්ත ගිහාන් කියන්නේ ආර්යන්ගේ තාත්තා නෙවෙයි.
“මට උදව් කරන්න දෙන්න මිහානා ප්ලීස් ….මම….”
“ගිහාන් …..”මන් ගිහාන්ගේ නම කිව්වේ එයා කියන දේට බාදා කරමින්.ගිහාන් මන් දිහා බලාගෙන හිටියේ බලාපොරොත්තු පිරි දෑසකින්.ගිහාන්ගේ ඇස්වලින් මන් දැක්කා ගිහන්ගේ හිතේ මට තියෙන ආ/ද/රේ.ඒත් මට ඒ ආදරය පිලිගන්න බෑ.මොකද ගිහාන් කියන්නේ හැමදාම මට සහෝදරයෙක්ම විතරයි .
“ආර්යන්ටයි මටයි කරපු හැම උදව්වකටම ගොඩක් තෑන්ක්ස් ගිහාන්.ඒත් මන් හිතන්නේ මගේ ජීවිතේ ඉස්සරහට තනියම යන්න ඕන.”
“ඔයා මොකක්ද කියන්නේ..”
“ඔයා මට කරපු උදව් ජීවීතේට අමතක කරන්න බෑ .ඒත් ගිහාන් මට ඔයාව ආර්යන්ගේ තාත්තා වෙන්න දෙන්න බැහැ”මන් ඊලගට කියන්න හදපු දේ නතර කරේ ගිහාන්ගේ ඇස් දෙකේ තිබුන කදුලු දැකලා.
“ඔයා කියන්නේ ඔයා තාමත් ආදී එනකම් බලන් ඉන්නවා කියලද….”
🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
💫මතු සම්බන්ධයි💫
ගිහාන් අහපු දේට මිහානා මොනවගේ උත්තරයක් දෙයිද?කතාව ශෙයාර් කරගෙන යමු