Ex-වයිෆ්
28 වන කොටස
“හලෝ මාත්තියා …මොකද කතා නැත්තේ….මාත්‍තියා මා යෙක්ක තරහ වුනා වත්ද ?.. “
චේතනා එහෙම ඇහුවේ නොඉවසිල්ලෙන්….
“චේතනා …මම තමුන්ව මහත්තයාගේ ගෙදරට යැව්වේ වැඩ කරන්න මිසක් මඟු* නටන්න නෙමෙයි ..”
ලක්ෂිකාගේ කටහඬ වියරු වැටිලා …
එක්වරම නොසිතූ ලෙස ඇද හැලිච්ච වාග් ප්‍රහාරය ඉස්සරහා චේතනා තිගැස්සී ගියා …
ආඩවනේ…ගිහාන් සර්ගේ මොබයිල් එක ආන්සර් කරේ ලක්ෂිකා නෝනාද?…
මම දැන් කොහොමද ලක්ෂිකා නෝනාට මුහුණ දෙන්නේ..
චේතනා බයෙන් වෙව්ලනවා …
“කතා ක#පං ගෑනියේ උ/ බේ කටේ පිට්ටු ද ?..උ/ /ට මිනිහෙක් නෑ කියලා අහිංසක දරු පවුලක් කඩලා තවත් ගෑ/ණු කෙනෙක්ට දුක් දීලා උ/ ඹ මේ නටන නාඩගම හරිද.?.ඔච්චරටම මනුස්සයෙක් ඕන උනානං කසාද බැදපු නැති මි/නි/හෙ/ක්ව අල්ලගන්න තිබ්බනෙ …”
“අනේ නෝනා …මම යේම හිතල කලේ නෑ ..”
“හරි ඔහොම හි%පන් …මම උ/බ/ට මගේ ෆෝන් එකෙන් කෝල් එකක් ගන්නම්…උ/ඹ ඒ කෝල් එක ආන්සර් කරේ නැත්තං මම මේ දැන් උ/ඹ/ව හොයාගෙන උ/ඹ වැඩ කරන ඔෆිස් එකට එනවා …”
“ෂරි නෝනේ…”
ඇමතුම විසන්ධි උනාට පස්සේ ලක්ෂිකා තමන්ගේ ෆෝන් එකෙන් චේතනාට කෝල් එකක් ගත්තා ..
චේතනා ඒකට පිළිතුරු දුන්නා විතරයි ලක්ෂිකා කෝල් එක රෙකෝඩ් කරන්න ගත්තා …
“හෙලෝ චේතනා ….උ/ඹ මොකක්ද අන්තිමට කිව්වේ කිය&න් ඕන කමින් කරේ නෑ කිව්වා …එහෙම වෙන්නේ කොහොමද ?”
මෙච්චර දවසක් මම මගේ නම්බුව ආරක්ෂා කර ගත්තා …
එත් ඒ සේරම මම එක මොහොතකින් නැති කරගත්තා ..
දැන් ඉතිං මේවා හංන්ගලා වැඩක් නෑ..
චේතනා එහෙම හිතලා සේරම වමාරන්න ගත්තා ..
“මාත්තියා දවසක් බීලා ඇවිල්ලා මම යෙපා කියද්දි මට කරදර කරා..”
“උ/ඹ/ට මම කිව්ව චේතනා ..මහත්තයා ගෙදර නැති දවසට වැඩකරලා එන්න කියලා..මහත්තයා ගෙදර ඉන්න දවසට එහෙ රිංගන්න කිව්වේ නෑ …”
“මාත්‍තියා කොළඹ ගිය දවසක මං ආවේ ..මාත්තියා හොඳටම බීලා හිටියේ …”
“මහත්තයා බීලා උනාට උ/ඹ හිටියේ සිහියෙන් …ඇයි ඒක නැවැත්තුවේ නැත්තෙ ..”
“මාත්තියා වගේ අයේ අතරේ කෙනෙක් යෙක්ක මට පුලුවන්ද හැප්පෙන්න …”
“හරි එක වැරදීමක් වුනා කියමු…ඒත් ඒ දේ ආයෙ ආයේ සිද්දවනා..එදා අපි එහේ ආපු දවසේ මහ රෑත් උ/ඹ එහේ හිටියා…බාත් රූම් එකේ හැංගිලා හිටියේ …මම මේ සේරම දේවල් දන්නවා …මම විතරක් නෙමෙයි ගිහාන් මහත්තයාගේ නෝනත් මේවා දන්නවා …”
ලක්ෂිකා එහෙම කිව්වම චේතනාගේ හදවත නතර වුණා වගේ දැනුණා …
“අනේ ඇත්තද නෝනා ..යේ නෝනත් දන්නවාද ?…”
“නෝනා මෙහෙ එන්න හදන්නේ …ඇවිත් උ/ඹේ කෙරුවාව හැමෝගෙම ඉස්සරහ දිග හරියි .පවුල් කඩන ගෑ/නී…උ/ඹ/ට ඔය රස්සාව ත් නැතිවෙලා යනවා ..”
චේතනාගේ ඉකීය හීන් ස්වරයෙන් උච්ච ස්වරයට ගියා …
“උ/ඹ හිතන්නේ ගිහාන් මහත්තයාට ඉන්න එකම ගෑ/නී උ/ඹ විතරක් කියලද ?..ගිහාන් මහත්තයාගේ නෝනාට ඔය වගේ සම්බන්ද කීයක් අහු උනාද ?..”
ලක්ෂිකා එහෙම කිව්වම නම් චේතනා තිගැස්සුණා…
මහත්තයා කිව්වේ නම් මම විතරක් ඉන්නේ කියලා …
මහත්තයා මේ සේරම කරන්නේ පුරුද්දක් විදිහට ද කොහෙද ?..
මම රැවටුනා …
රැවටිලා මගේ චරිතේ නැති කරගත්තා…
චේතනා එහෙම කල්පනා කර කර පසුතැවෙනවා…
“අනේ ඇත්තද නෝනේ…මම රැවටුනා …අනේ මාව බේරලා දෙන්න නෝනා .. “
“මට උ/ඹ/ට ඕනේ නම් එකම එක චාන්ස් එකක් දෙන්න පුළුවන් ..”
“යේ මොකක්ද නෝනා ?…”
“උ/ඹ අදම මේ දැන්ම මේ සම්බන්ධය නවත්වන්න ඕන ..මම මහත්තයාගේ නෝනා එක්ක මේක විසඳගන්නම්..උ/ඹ මොනවද කියන්නේ ?..”
චේතනා මද වෙලාවක් කල්පනා කරා..
මොන තරම් ආදරයෙන් වෙලී හිටියත් ගිහාන් කියන්නේ වෙන කෙනෙක්ගෙ ස්වාමිපුරුෂයෙක් ..
මට අයිතිවාසිකම් කියන්න බෑ …
මගේ අතට ලැබෙන තුට්ටු දෙකටත් තට්ටු වෙන්න යන්නේ …..
මේ දේවල් ආරන්චි උනොත් මේ ඔෆිස් එකෙනුත් මාවත් අස් කරයි ..
ගෙයක දොරක ලැබෙන වැඩක් වත් නැති වෙයි …
අම්මගෙ පුතාගේ මූණ බලන්නේ කොහොමද ?…
ගමේ මිනිස්සු මාව ගමෙන් පන්නලා දාවී…
චේතනා ට ඉදිරියේ සිද්ධ වෙන්න යන දේවල් මැවිලා පේනවා ….
අවසානයේදී චේතනා තීරණයක් ගත්තා …
“නෝනා මම අදම යේක නවත්තන්නම්…යෙනේ මාව බේරගන්න නෝනා ..”
චේතනා පිංසෙන්ඩු වෙනවා …
“හරි මම කියන විදිහට වැඩ කරන් …එහෙම කරොත් මම උව බේරගන්නම්..”
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
දැන් චූටි දෝණි පන්තියේ ඉන්නේ තනියම …
පාඩුවේ පැත්තකට වෙලා ඔහේ කල්පනා කර කර ඉන්නවා …
ටීචර් චූටි දෝණිව පැත්තකට දාලා අනික් ළමයින්ට උගන්වමින් ඉන්නවා…
මේ දරුවා අම්මා ඉන්න දවස් වල කොයි තරම් නම් දඟ කලාද ?..
පන්තිය වටේම ඇවිද ඇවිදා හිටියා…
මුකුත් ඉගෙනගත්තේ නැති වුනත් කේශාරා දුව පන්ති කාමරේ වාඩිවෙලා ඉන්න හරි ඉගෙන ගන්න එක වටිනවා ටීචර්ට එහෙම හිතුනා …
ඉන්ටවල් එක ආවා ….
අනෙක් ළමයි සේරම කනවා…
ඒත් චූටි දෝණි වාඩිවෙලා කල්පනා කර කර ඉන්නවා…
වෙනදා අම්ම ලඟටම වෙලා ඉන්න හැටි ..
අම්මා ආදරෙන් කන්න කියලා ළඟටවෙලා බලන් ඉන්න හැටි මේ සේරම චූටි දෝණිට මැවි මැවී පේනවා …
අම්මා ඕනේ කියලා කියන්න ඕන උනත් ඒ කිසි දෙයක් කියාගන්න බැරිව චූටි දෝණි අසරණ වෙලා…
“අ.ම්..මා…”
කියලා බොහොම අමාරුවෙන් කිව්වත් එතනින් එහා වචනයක් වත් කතා කරග්නන චූටි දෝණිට අමාරුයි…
චූටි දෝණිගේ ඇස්වල කඳුළු පිරිලා….
ටීචර් චූටි දුව ළඟට ආවා..
“දුව කන්නේ නැද්ද?..කෝ කන්න..”
ටීචර් ලඟට ඇවිත් කෑම පෙට්ටිය විවර කරලා දුන්නා..
හිතේ තියෙන හැඟීම්,දුක කියාගන්න බැරිව චූටි දූ හිටියේ ගොඩාක් දුකින් ඒ වගේම තරහෙන්…
තරහ ගිය පාරට චූටි දෝණි ලන්ච් බොක්ස් එක පොළොවේ ගැහුවා…
ටීචර්ට හොඳටම තරහ ගියා …
බිම සීසීකඩ විසි වෙලා තියන කෑම ටික දිහා බලාගෙන ටීචර් රවනවා ..
“මොනවද කේශාරා මේ කළේ ?..හිතනවද අම්මා නළවනවා වගේ මමත් නලවයි කියලා …”
ටීචර් චූටි දෝණිට බනිනවා …
දැන්නම් චූටි දෝණිට ඇඬෙන්න වගේ …
අම්මා හිටියනං මේ මොකුත් නෑ..
අම්මා නම් කවදාවත් මට මෙහෙම සැර කරල නෑ……
මේ ටීචර් තාත්තා වගේම නෝටි ..
මට මේ කව්රුවත් එපා..
අම්මා විතරයි ඕනේ…..
චූටි දූ ඉකි ගගහ අඬනවා …..
“අඬන්න එපා දුව අම්ම එක්කන් යන්න එයි
ටීචර් එහෙම කිව්වේ චූටි දෝණි ගැන අනුකම්පා හිතිලා …
බිම හැලිච්ච බත් ටික අස් කරන්න ටීචර් ලෑස්ති වුණා
කොස්ස තිබුනත් ඩස්ට් පෑන් එක නම් පේන්න තිබුණෙ නෑ ..
මේ ඩස්ට්පෑන් එක කොහේ ගියාද …..
ටීචර් ඩස්ට්පෑන් එකක් ඉල්ලගන්න එහා පන්තියට ගියා …
ඒ එක්කම චූටි දෝණි හිමීට වටපිට බලලා පන්තියෙන් නැගිට්ටා
චූටි දෝණි ක්ලාස් එකෙන් නැගිටිලා යනවා කවුරුවත් දැක්කෙ නෑ
දැක්කත් ඒ හිටපු අනෙක් පුංචි දරුවන්ට ඒ ගැන තේරුමක් තිබුණේ නෑ ….
චූටි දෝණි ගේට් එක ලඟට ගියා…
ගේට්එක ලඟ ඉන්න සිකුරුටි අංකල් පේන්න නෑ…
චූටි දෝණි ගේට් එක විවර කරගෙන එළියට දිව්වා …
අම්මා බලන්න යන්න ඕනේ …
හෙමින් ගියොත් නං යන්න වෙන්නෙ නෑ …
දැන් මාව ටීචර් හැමතැනම හොයනවා ඇති…
මගේ පස්සෙන් එනවද දන්නෑ …
චූටි දෝණි පස්ස බල බල වේගයෙන් දුවනවා…
පාසල් වත්තේ සෙල්ලම් කර කර හිටපු එකොළහ ශ්‍රේණියේ පුතෙක් පාසල් වත්තට එහා පැත්තේ මහ පාරේ දුවගෙන යන මේ චූටි දෝණිව දැක්කා …
චූටි දෝණි දුවන් යන විදිය දැකලා ඒ දරුවාගේ ඇඟ හිරිගඩු පිපුණා …
“අර පාරේ දුවන්නෙ කතා කරන්නේ නැති නංගි නේද ?..අර ..”
“ටීචර්ට හොරෙන් පන්තියෙන් පැන්නා ද දන්නෑ…බලන් ඉඳලා හරියන්නෑ..අපි පස්සෙන් දුවමු…”
ඒ පුතාලා කට්ටියම ළඟම තිබ්බ පිටිපස්ස ගේට්ටුවෙන් පාරට දිව්වා ..
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
ටීචර් ඩස්ට්පෑන් එක අරගෙන බිම තියෙන බත් ටික සුද්ද කරනවා…
සේරම පිරිසිදු කරාට පස්සේ ටීචර් පංතියේ උගන්වන්න පටන් ගත්තා…
ටීචර් පන්තියේ උගන්වන ගමන් කේශාරා දුව වාඩිවෙලා ඉන්න සීට් එක දිහා නිකමට වගේ බැලුවා…
ටීචර්ගේ ඇස් දෙක පුදුමෙන් විසල් වුණා …
කෝ මේ සීට් එකේ වාඩිවෙලා හිටපු දරුවා..
මෙච්චර වෙලා හිටිය නේ ….
මේ දරුවා එක පාරට කොහෙද ගියේ..
දරුවා ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරනවා වත්ද දන්නෙ නෑ …..
එහෙම හිතපු ටීචර් අල්ලපු පන්තියෙ ඉන්න ටීචර්ට පන්තිය බාර පාර කරලා පාසල් වත්තට ආවා …
ඔන්චිලි ,ස්ලයිඩ්ස් තියන පැත්තට ආවේ කේශාරා දුව එහේ සෙල්ලම් කරනව ඇති කියලා හිතල …..
පාසල් වත්ත වටේම ටීචර් කේශාරා දුවව හෙව්වා…
දැන් නං ටීචර්ට හීන් දාඩිය දානවා …
දැන් මම මොකද කරන්නේ….
මේ දරුවා පාරට දිව්ව වත්ද ?…
ටීචර් ගේට් එක ලඟට ගියා …
ගමේ පුංචි ඉස්කෝලේ නිසා ලොකු ලොකු ආරක්ෂක පහසුකම් නෑ ….
එකම එක සිකුරිටි ගාඩ් කෙනෙක් ඉන්නේ …
එයාත් එන්නෙ අවාරෙට පොල් කඩනවා වගේ …
අද සිකියුරිට් ගාඩ් ඇවිත් නෑ …
ටීචර් ගේට් එක ලොක් කරල එළියට ආවා…
එලියට එද්දි ටිචර් දැක්කා පිරිමි ළමයි කට්ටියක් පාරෙ දුවන හැටි …
ඊට පස්සේ තමයි ටීචර් දැක්කේ ඊට මීටර් ගානක් ඉස්සරහින් විදුලි වේගයෙන් දුවන පුංචි දරුවෙක්ව …
ඒ දුවන්නේ කේශාරා දුව නේද?…
මේ ළමයා පාර පුරා දුවන හැටි …
මහ පාර නිසා පාරේ වාහන වලින් අඩුවක් නෑ….
ඉස්සරහින් ආපු ලොරියක් වංගුවේ ඉඳන් ඉස්සරහට කඩාගෙන එන හැටි දැක්කම ටීචර්ගේ ඇඟ කිලිපොලා ගියා …
කේශාරා දුව පාර මැද්දේ යනවා….
ටීචර් දුවන වේගය වැඩිකරා …
ඒත් ළං වෙන්නවත් බෑ ….
සාරියත් එක්ක ටීචර්ට දුවා ගන්න බෑ…..
“අනේ පුතේ ඉක්මන් කරලා ඔය නංගිව බේරා ගන්න …”
ටීචර් හයියෙන් කෑගැහුවා …
ඒත් එක්කම දැකපු දෙයින් ටීචර් බයෙන් බිරන්තට්ටු වුණා …
හමුවෙමු මීළඟ කොටසින් 💔💔💔💔💔
අහක බලාගෙන යන්නේ නැතුව ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න