සිතින් විතරක්
මොකද ත මු සෙ කියන්නෙ ලක්ස විසිපහක් මදි කියල ද ආ…
ඒ ගෝරනාඩු හඬින් මං ඇත්තටම ගැස්සුනා. ඔළුව උස්සලා ඒ මූණ දිහා බලන්න මගෙ හිත ට හයියක් නෑ.
ස…ර්…ස…ර්… ම…ම…මම ගොත ගැහුවා.
මොනාද මඟුල ගොත ගහන්නෙ කියන රෙ ද්දක් තේරෙන්න කියනවා… ඒ හඬ ආයිම කෑ ගහනවා. මම ඔළුව උස්සලා එයා දිහා බැළුටවා.
අඩි හයකටත් වඩා උස, උසේ ගානට මහත යෝධයෙක් වගේ කො ල් ලෙ ක් මං ඉස්සරහා හිටගෙන. හීනි දිග ඇස්, පිරැණු දෙතොල් ගාන ට කපපු රැවුල, ගෙලතෙක් වැවුණු කෙස් ඒ මූණට එක්කලේ තේජවන්ත පෙනුමක්. ඒත් හිනා බිඳක් ගෑවිලවත් නැති ඒ මූණෙ තිබුනෙ නපුරුකමක් විතරයි.
මොනාද ඕයි මගෙ මූණ දිහා බලාගෙන කල්ප නා කරන්නෙ…ඒ ගමන මීට කලින් කොල්ලෙක් දැකලා නෑද…. සමච්චල් හිනාවක් මූනට පුරෝ ගෙන එයා අහනවා.
මට තව ටිකක් හිතන්න ඕනි සර්…. මම හරි අමාරුවෙන් අකුරු එකතු කලා.
මොනාද හලෝ ඔච්චර හිතන්නෙ… ත මු සෙ ට මොන ජොබ් එකෙන්ද අවුරුද්දකින් ලක්ස විසි පහක් හම්බවෙන්නෙ..
අර සමච්චල් හිනාව ඒ ඇස්වල පිරිලා.
ඒත් සර් මේක මගෙ ජීවිතේනෙ ..
හරි ඕයි මම ත මු සෙ ව කන්නෙ නෑ.. අර නාකි යා මැ රු ණු ගමන්…ත මු සෙ ට ඕනි මඟුලක යන්න දෙන්නං..
එයා කීවෙ කිසිම හැඟීමක් නැති කෙනෙක් වගේ.
මම එහෙම කෙනෙන් නෙවී සර් .. මම කිව්වෙ අඬන්න හොඳටම ලඟ හඬකින්.මේ සල්ලිකාර මහත්තුරුන්ට අපි වගේ අසරණ දුප්පත් මිනි ස්සුන්ගෙ ජීවිත මහ විහිළුවක්.
මම තරු පබා සුරංගනාවි..කවුරු මට මේ නම දැම්මද දන්නෙ නෑ මොකද මගෙ අම්මා තාත්තා කවුද කියලා මම දන්නෙ නෑ දන්න දවසෙ ඉදන් මම හැදුනෙ ලමා නිවාසෙක.
හැමෝම කියනවා මං සුරංගනාවියක් වගේ ලස්සනයි කියලා. ලස්සන ඇර වෙන මොනවත නැති අනාතයෙක් මම.මම අද මේ තරම් අසර ණ වෙලා ඉන්නෙ ඒ ලස්සන හින්දා.
මේ නපුරු කුමාරයා ලක්ෂ විසිපහකට මාව මිලට ගන්න හදන්නෙ ඒ නිසා. අවුරුද්දකට එයාගෙ තාව කාලික බිරිඳ විඳිහට.
ලෙඩ ඇඳේ ඉන්න එයාගෙ සීයගෙ දේපල ටික අයිතිකර ගන්න. ඒ මනුස්සයා මැ රෙ න කං බලාගෙන ඉන්න මුනුපුරෙක්. එයාගෙ හැටි දන්න නිසාම සීයා කියලා දේපල දෙන්න මැරි කරන්න කියලා.
එයා හොයාගත්තෙ නෑ නං සීයා කෙනෙක් හොයලා දෙනවා කීවලු. ඉතිං මේ ලාබෙට මනමාලියක් හොයනවා. සීයට පේන්න පෙනී ඉන්න.
මොනාද ඕයි ත මු සෙ හිතාගෙන ඉන්නෙ හෙන බියුටි කුවින් කියලද… අර සමච්චල් හඩ ආයිම
එහෙම දෙයක් නෙවී සර්…
එහෙනං කොහොම දෙයක්ද.. ඉක්මනට කියන මඟුලක් කියනවා ත මු සෙ ට බෑ නං මට තව ඕනි තරං කෙ ල් ලො හොයා ගන්න පුළුවන්….
මේ නපුරා හිතාගෙන ඉන්නෙ සල්ලි වලට ඕනි දෙයක් ගන්න පුළුවන් කියලා ඇත්තනෙ ඉතිං කවුද සල්ලි වලට නොවිකෙනෙන්නෙ. මගෙ ගාන ලක්ෂ විසිපහයි.
ඒ ගාන අවුරුද්දක් මොන ජොබ් එකක් කලත් මට හොයා ගන්න බෑ. අවුරුද්දක් කියන්නෙ දිග කාලයක්. අඩුතරමින් මට අවුරුද්දක් ඉන්න තැනක් ලැබෙනවා. කන්න අදින්න ලැබෙනවා.
තව ටික දවසකින් මට මේ ලමා නිවාසෙන් එලියට යන්න වෙනවා. මොකද දැන් මගෙ වයස අවුරුදු දහ නවයයි. මම තවත් ලමයෙක් නෙවී. එහෙම යන්න තැනක් මට නෑ. කරන්න දෙයක් නෑ.
මම කැමතියි සර්…
අවසානෙ මම කීවෙ වෙන කියන්න දෙයක් නැති නිසා.
ඔය මඟුල කියන්න ඔච්චර වෙලාව ගත්තෙ මොන රෙද්දකටද…. කිසිම හැඟීමක් නැති කෙනෙක් වගේ එයා රවාගෙන කීවා.
හමුවෙමු.
අළුත් කතාවක් කියවලා බලන්න හොඳද කියලා.