11 කොටස
රාගව් බැල්කණියේ වේවැල් පුටුවට බර වී පස් වැනි බිර කැනයක් විවර කර මදින් මද හිස් කරන්නට විය…
කෙදිනකවත් නොවු ලෙස හදවත බොහෝ සෙයින් රිදුම්දෙන්නට විය.ඈ නමින් හදවත රිදුම්දෙන බව රහසක් නොවේ…
තාම අසනීප වී හිදි දිනයේ ඈ තමා අසල ගුලි වී නිදා සිටි මොහොත සිහි කරන විට මොහොතක් පසා දැනුනේයා සැනසීමකි.
බොරු හේතුවක් හදාගෙන ඇගේ නිවසට යෑමට සිත් වුයේ .ඇයට සිය සිතැගි පැවසීමට වුවත් එය උපන්ගෙයි වළදැමීමට සිදු වුයේ ..ඈ තමන් කිසි සේත් අපේක්ෂා නොකළ පවුල දියණියක් වූ නිසාවෙනි ..
නුවර සදගලතැන්න වලව්වේ උරුමක්කාරිය ඇයයි….ඉතිං කෙලෙස ඇය හා දිවි ගෙවන්නට සිහින දකින්නද…
ඈ තාමට වඩා වසර දහයකින් වැඩිමහල් වුවද ඇගේ සිතුවිලි නම්..කුඩා දරුවෙක් සේය..
කෙලස ඇයට ඇති ආදරය ඇගෙන් සගවන්නද…
ඇය දුටු පළමුදිනයේ ඈ සිය හදවත සොරා ගත බව නොරහසක්.ඈ තමා සතු කරගැනිමේ අදිටනින් ඈ හා කල්ගෙව්වද .දැන් එය සිහිනයක් …..
ඇයි ඔයා මට මෙහෙම කලේ….
ඉහී……….ඉහී…….
හෝරා කිහිපයක් එකදිගට හැඩු නිසාවෙන් හිසෙන් දැනුනුයේ කියා ගන්න බැරි තරම් වේදානාවක්..
ඔහුට ආදරය පැවසීමටත් පෙර ප්‍රතික්ෂේප වීම නම් කිසිසේත්ම දාරාගන්න බෑ…
ඇයි රාගව් ඔයා මට මෙහෙම කරේ…ඇයි මට ආදරේ කරන්න බැරි …මන් ඔයාට වඩා වයසින් වැඩි කියලා මට මේ තරම් ලොකු දඩුවමක් …
ඇයි ඔයා මගේ ඇස් ඉස්සරහට ආවේ…ඔයා එහෙම ආවෙ නැත්නම් මේ කිසි දෙයක් නෑනේ…
දින සති ගෙවී යන්න වුයේ මන් සුපුරුදු පරිදි මගේ දේශන කටයුතු කරගෙන යද්දි…
හැබැයි ගත වුන එක දවසකවත් රාගව් සේයාවක්වත් නෙත ගැටුනේ නම් නෑ.
වෙන දෙයක් වෙන්න මන් ආයෙමත් සැරයක් රාගව්ගේ ගෙදර යන්න හිතුවේ.මන් නිසා එයාගේ ඉගෙනීමේ වැඩ විනාශ වෙන්න ඕනි නැති නිසා…
කළුවේ…….
මි…මිස්….මෙහෙ…
ම්……කෝ සර් ඉන්නවද…
මේ…..මේ…….
ඇයි රාගව් කෝ.එ..එ…එයා..හොදින් නේද…
අනේ..මන්දා මිස්…….මේවා කියලත් බෑ…නොකියත් බෑ……..
මොනවද මනුස්සයෝ කියන්නේ .කියන දෙයක් තේරෙන්නේ කියනවද….
ම්……මිස්ම ඔහොම ගිහින් සර්ගෙ රූම් එක බල්න්නකෝ…
මන් වේගයෙන් තරප්පුපෙල නැගගෙන රාගව්ගේ කාමරෙන් ලගට ගිහින් කිහිපවතාවක් දොරට තට්ටු කරත් සද්දයක් නැති නිසා මන් දොර ඇරියා….
කාමරේ කළුවර නිසා ස්විච් එක මන් ඔන් කලා..
අහ්………….
මට දැනුනේ මගේ හුස්ම හිරවෙනවා වගේ..මොකද මන් දැක්කේ….
ෆොටෝ එකක් නිරුවත් ලයට තුරුල් කරන් එක අතක අඩකටත් වඩා හිස් වෙච්චි බෝතායක් අනෙක් අතේ දුමැටියක් දල්වාන
සිතල ටයිල් පොලොවේ ගුලිවෙලා ඉන්න…රාගව්
මුළු කාමරේම එකම අවුල් ජාලයක්..කාමරේ බිම පුරාම එක එක ජාතියේ බියර් කෑන් මත්වතුර බෝතල්..සිගරැට් අළු…විදුරු කටු..
මන් රාගව් ලගට කොහොම ගියද කියන්නවත් මට මතක නෑ..
එක මොහොතකට මට මන් කවුද කියන දේත් අමතක උනා……
රාගව් ලගින් වාඩි උන මට ඇහුනේ.
මා….මා……මාදි…ම…ම .ගේ මැ…ණි ..ක..ම..මන් ම…හ…මහ කාල…කාලකණ්ණියෙක් ම..මන් මා..මගේ…මැණිකව රිද්දුවා….මෙ..මේ…කාලකණ්ණියට පොඩ්ඩක් සමාවනම් දෙන්න එපා……
මතුසම්බන්ධයි