වෙස් 🎭🎭

සෙහන්සා ඔහුගේ අතින් ඇදගෙන සමාජ ශාලාවේ එළිමහනට රැගෙන ගියේ අසීරුවෙන් ඒ යදඩු මෙන් හැඩිදැඩි අතපය වාරු කරගෙනය.

“අතාරිනවා මගේ අත….”.

“නෑ මම අත අරින්නේ නෑ……ඔයා දන්නවද ඔයා රණ්ඩු වුනේ කා එක්කද කියලා?”.

“මට ඌ කවුද කියලා වැඩක් නෑ.ඒත් තමුසෙගේ අතින් බලෙන් ඇඳන් ත/මු/සෙ/ට වද දෙනකන් බලන් ඉන්න මම $$$$$ කියලා හිතුවද?ත/මු/සෙ/ව රිද්දනවා මම කොහමද බලන් ඉන්නේ? ශේෂා…………”

කලුවර ගොම්මහන් රැයේ ඇගේ දෑස්

තරු මෙන් දිලිසෙන්නට වැඩි වෙලාවක් ගියේ නැත.

දිසෙන් නිහඬව හුන්නේ කටින් ගිලිහුණ වදන් ආපසු ගත නොහැකිවය .

“ඒ මොකද ඒ …..?”
.
“නි…කන්… ත/මු/සෙ මගේ….”

“මොකක්ද ඒ කියන්න ගියේ…?”

“තමුසේ මගේ බොස් නිසා….”

“මම අදමයි ඇහුවේ බොස්කෙනෙක්ට ත/මු/සේ කියලා කතා කරන කෙනෙක් ගැන.මම දන්නවා ත/මු/සෙ/ත් මට ආදරේ කියලා……”

“මගේ අත අතරිනවා ශේෂා.මම ත/මු/සෙ?ට ආදරේ නෑ.ආදරේට වඩා මට කරන්න දේවල් ගොඩක් තියෙනවා.මගෙන් ඈත් වෙලා ඉන්නවා .මට මගේ ජොබ් එක කරන් ඉන්න දීලා.”

“බෑ මම මගේ ජීවිතෙන් ත/මු/සෙ/ට යන්න දෙන්නේ නෑ.මම ත/මු/සෙ/ට ආදරෙයි දිෂ්……”

එක්වර කාලය නැවතුන වගක් ඔහුට දැනුණි.

“මම ළං වෙද්දී මගෙන් ඈතට යන්නේ ඇයි මෝ/ඩ/යෝ….?”.

“ඒ මම මෝ/ඩ නැති නිසා.මගෙ අත අතරිනවා දැන්වත්.අ/රු/න් හිතනවා ඇත්තේ මම උ/න්/ට බයේ එළියට ගියා කියලා….”

“දිෂ් ……ඒ සේරම දේවල් වෙලා ඉවරයි……
ආයේ එහෙම යන්නේ නෑ රණ්ඩුවට…..”.

ඈ කීවේ ඔහු අත් හල ඒ රතු වී තඩිස්සීවී ගිය ඇගේ දෑත් අතගාමිනි.

“මට ත/මු/සෙ?ගෙ අත් දෙක දැක්කම ඌ/ට ගිහින් ආයේ දෙකක් නෙළලා එන්න හිතෙන්නේ…බ$$$”.

“ලිස්ටන් මී දිෂ්….නව් ඉනෆ්”.

ඈ කීවේ කෝපයෙන් රතු පැහැ ගැන්වූණු ඒ දෑස් දෙස තරවටුවාත්මක බැල්මක් හෙළමින්.

ඔහුගේ කෝපාන්විත ඇස් ඇතුලාන්‍තයේ සැඟවී ඇති ආදරය ඈ නොදුටුවා නම් පුදුමය.

“උ/ඹ/ලා මෙතන ලව් කරනවා .මෙහේ අපේ බොක්ක රත් වෙලා දඟලනවා ය/කූ..”

රෝමය ගිනිගනිද්දී නීරෝ වීණා වාදනය කරාමෙන් මේ දෙදෙනා මෙතන පෙම් කරනවායැයි මිශ්කාට සිතුනි.

“අපි යමු බං…”

“මාත් කියන්න ගියේ යමු….”

“එහෙම යන්න ගියොත් අ/රු/න් හිතයි මම උ/න්/ට බයේ කියලා…..”

“දිෂ් උ/න් මොනවා හිතුවත් වැඩක් නෑ….
මාත් එක්ක ඔයා ආවා……මට ගෙදර යන්න ඕනේ උනා….දැන් ඔයා මාත් එක්ක ගෙදර
යන්න එන්න ඕනේ….”

ඔහු මිෂ්කාගේ රියේ පිටුපස අසුනට නැඟුනේ ඇගේ වදන් වලට මෙල්ලව නිහඬවය.

“මිස් මොකද පිටි පස්ස ෂීට් එකට නැග්ගේ….”

“ඇයි මට පිටිපස්ස ෂීට් එකේ ඉඳ ගන්න බැරිද …..?”

ඇය එසේ ඇසුවේ ඔහුගේ අතකින් අල්ලාගෙනය.

රිය පදවන ගමන් මිශ්‍කා ඔවුන් දෙස හැරී බලද්දී දුටුවේ සෙහන්සා ඔහුගේ අතක එල්ලී ඉන්න අයුරුත් දිසෙන් රවමින් ඇගේ අත ඉවත් කිරීමට උත්සාහ කරන අයුරුත් ය.

“උ/ඹ ඩ්‍රයිව් කරනවනම් ඉස්සරහ බලන් ඩ්‍රයිව් ක/ර/ප/න් මිෂ්කෝ”.

“හරි හරි මම ඉස්සරහා බලාගන්නම්.කොහොමත් ඕවා දැකලා පුංචි අපේ හිත් තැලෙනවා “.

දිසෙන් යටිතල දසන් වලට මැදි කරමින් මුවට ආ සිනාව මැඩ ගත්තේ අපහසුවෙන්.

මිස් මම මිස්ගේ බොඩිගාඩ් .ලැජ්ජ නැද්ද මිස් ගැහැණු ළමයෙක් නේද…….. ?”.

“එතකොට ආදරේ කරන්න පුළුවන් හිතේ තියෙන දේවල් කියන්න පුළුවන් කොල්ලොන්ට විතරද දිෂ්………”

“මිස්ට මං එක පාරක් කිව්වනේ .මට ආදරේ කරනවට වඩා කරන්න දේවල් ගොඩක් තියෙනවා කියලා….”

“මට මිස් කියලා කියන්න එපා මැට්ටෝ ….කලින් කතා කරා වගේ ශේෂා කියලා කතා කරනවා……”

“පිටිපස්සේ සීට් එකේ ඉන්නවනම් මට පාඩුවේ ඉන්න දීලා යනවා මෙතන ඇඟේ එල්ලෙන්නේ නැතුව රෙ$$”

“මට අද තේරුණා ඔයා මට ආදරේ කියලා නෑ කියන්න එපා ………ඔයාට ඒක කියවෙන්න ගිහින් ඔයා කට වහ ගත්තා…..”

ඈ කීවේ එවර ඔහුගේ පුළුල් උරහිස මත හිස තබා ගනිමිනි.ඇගේ දඟකාර වැඩවලට ඔහුට ලෝබ සිතුනත් ඔහු මවාගත්තේ බොරු තරහවකි.

” මම එක පාරක් කිව්ව නේද මට පාඩුවේ ඉන්න දෙන්න කියලා.මේක මහ වදයක් උනා නේ ම@@ …..”

” ඇයි මට මෙහෙම කරන්නේ දිෂ්…….ඔයාගේ හිතේ මම ඉන්නවා ඒක මම හොඳට දන්නව …….ඒත් මට ලං වෙන්න බයයි …………”.

“මම නිකම්ම නිකමෙක් ….
ලැබෙන්නේ නැති දේවල් පස්සේ දුවලා හති වැටෙනවට වඩා මේ විදියට මගේ පාඩුවේ ඉන්න එක ඇඟට ගුණයි.රෙජිනෝල් සර් මාව විශ්වාස කරලා මේ ජොබ් එක මට බාර දුන්නේ ………..මට මේ ජොබ් එක පාඩුවේ කරන්න දෙනවා ……………………කරුණාකරලා මගෙන් ඈත් වෙලා ඉන්නවා…………”

ඔහුගේ උරහිසක් මත ඇගේ උණුසුම් කඳුළු වැටෙද්දී ඇය සිය හිස ඔහුගේ උරහසින් ඉවතට ගත්තාය ……..

ඒ කඳුළු වල උණුසුමට ඔහුහේ හදවත උණු වූවත්,ඔහු සිටියේ ආයාසයෙන් සිත දරදඬු කරගෙන රියෙන් ඉවත බලාගෙනමය.

ඉන්පසුව නිහඬ බව දසත වෙලා ගියත් දෙදෙනාගේ හදවත් තිබුණේ බොහෝ දොඩමළු වීය…….

💓💓💓💓💓💓💓💓💓

මත්ද්‍රව්‍යය නිවාරණ නිළධාරී සිරිවර්ධන සිය ප්‍රදානියා හමුවට ආවේ ඔහුගේ සැලසුම ගැන කතා කිරීමටයි.

“සර්…… මේ බලන්න සර්……”

“මේ ෆොටෝවල ඉන්නේ සර් මිනිස්ට්‍රිරි ධර්මදාස නේද?…….කවුද මේ……එයා එක්ක ඉන්නේ……..?”

“චීෆ් මේ ඉන්නේ වසන්ත…..”

“වසන්ත කියන්නේ මැ/රයෙක් නේද…..?”

“ඔව්…..සර්…..පාතාලේ මැ/රයෙක් වගේම මිනිහා ඩ්‍ර/ග්/ස් ඩීලර් කෙනෙක්……අර ඊයේ අල්ලගත්තේ කඩුවෙල කු/ඩු කිලෝ එකක් එක්ක මිනිහෙක්…….මේ ඒ මිනිහා”.

සනුක රත්නායක ගේ හඬ තුල වූයේ ලොකු උනන්දුවකි.ඒසේ නම් මේ පැටලුණු නූල් බෝලයේ කොනක් මතු වී ඇත්දැයි ඔහුට සිතුණි.

“එතකොට narcotic officer සිරිවර්ධන කියන්නේ ලංකාවට ඩ්‍ර/ග්/ස් ඉම්පෝර්ට් කරන්නේ මිනිස්ටර් ධර්මදාසකීයලද……..?”

“ඔව් චීෆ් මම එහෙම තමයි හිතන්නේ ……..”

“හිතලා විතරක් වැඩක් නෑ සිරිවර්ධන …අපිට ඕනේ සාක්ෂි ……ඔයා ළඟ මේගැන සාක්ෂි මොනවා හරි තියෙනවද ….?

“චීෆ් මේ සීඩී එක පොඩ්ඩක් බලන්න ….”

සිරිවර්ධන දුන් ඒ සීඩී තැටිය සනුක සිය පරිගණකයට දැම්මේ සැණෙකින් .

“බලන්න සර් මේ පහුගිය මාසය ඇතුළත මේ දෙන්නා විසි පාරකට වඩා මුණගැහිලා තියෙනවා .මේ බලන්න සර් මේ ෆොටෝ ………..මේ දෙන්නා වැඩිපුරම හම්බවෙලා තියෙන්නේ මිනිස්ටර්ගේ ගෙදරදී නෙමේ රහසිගතව ………”

“බලන්න සිරිවර්ධන …….මේ හැම ෆොටෝ එකකම මේ දෙන්න ඉන්න එකම තැනක කියලා මට නම් පේන්නේ…….”

සනුක සිය ඇඟිල්ලක් දිගුකර පෙන්නුවේ ඡායාරූප වල පසුබිම් සියල්ලම නිරීක්ෂණය කරමින් .

“මේ වසන්තලගේ ගෙදර සර්…….”

“හ්ම්……….ඒ කියන්නේ දෙන්න අතර මොකක්හරි රහසක් තියෙනවා .නැත්තං මේ වගේ අන්ඩවර්ල්ඩ් මනුස්සයෙක් ගේ ගෙදර මිනිස්ට්‍රර්ට ට යන්න උවමනාවක් නෑනේ” .

“මේ බලන්න සර්…….”

සිරිවර්ධන එවර තම ප්‍රධානියා වෙත දිගුකරේ බැංකු වාර්තා වගයකි.

“මේ වසන්තගේ බෑන්ක් ඩීටෙල්ස් ….
මේ තියෙන්නේ මිනිස්ටර්ගේ බෑන්ක් අකවුන්ට් නම්බර් එක….”

” මිනිස්ට්‍රර් හැම මාසෙම වසන්ත ගෙ අකවුන්ට් එකට කෑෂ් ඩිරෙක්ට් බෑන්ක් කරලා තියෙනවා…

“ඔව් සර් මට හිතෙන විදිහට ….මිනිස්ට්‍රර් ඩ්‍රග්ස් ඉම්පෝට් කරන්නේ වසන්ත ලව්වා …..වසන්තට සල්ලි දාන්නේ එක නිසා වෙන්න ඇති ….”

“එතකොට පොඩ්ඩක් හිතන්න සිරිවර්ධන ….වසන්ත ලව්ව මින්ස්ට්‍රර් ඩ්‍රග්ස් ඉම්පෝර්ට් කරලා බිස්නස් කරනවා නම් ඇයි වසන්ත මිනිස්ට්‍රර් එකවුන්ට් එකට සල්ලි දාන් නැත්තේ ……?”

සනුක රත්නායකට ඇතිවූ ගැටලුව එයයි.

“මම ඒ ගැනත් හිතුවා සර් ,මෙහෙම වෙන්න බැරිද ?…..වසන්ත සල්ලි දාන්නේ මිනිස්ටර්ගෙ නෝනගේ හරි ළමයෙක්ගෙ හරි අකවුන්ට් එකට වෙන්න පුළුවන් ……”

“අන්න හරි සිරිවර්ධන එහෙම වෙන්න පුළුවන් …..ඔයා දැන් හොයලා බලන්න මිනිස්ට්‍රර්ගේ වයිෆ් ගෙයි පුතාගෙයි බෑන්ක් අකවුන්ට්ස් වල විස්තර…….”.

“මම ඒක බැංක් එකෙන් රික්වස්ට් කළා.මිනිස්‍ට්‍රගේ බෑන්ක් ඩීටේල්ස් දුන්නෙත් සර්ගෙ ලියුමට. මම ලෙටර් එකක් හරි ගැස්සුවා .සර් එකේ සයින් කරල දෙන්න.”

“ඒ වගේම සිරිවර්ධන .වසන්ත මේ වෙලාවේ ඉන්නේ මරදාන පොලිසියේ .වසන්ත ගෙන් මේ ගැන ප්‍රශ්න කරල දැනගන්න පුළුවන් නේ ……”

තුරුම්පුව දැනටමත් පොලිස් භාරයේ සිටින නිසා ඉක්මන් කළයුතුයැයි සනුක ට සිතුනි
ඔහුගේ දෑස් දැල්වුනේ බලාපොරොත්තුවෙන්

“ඔව් සර් ,මම සර්ව හම්බවෙන්න ආවේ ඒ ගැන කතා කරන්න තමයි….”

“good job සිරිවර්ධන …..මම ලොක්කා ගෙන් රික්වෙස්ට් කරලා බලන්නම් වසන්තව මෙහෙට ගෙන්නලා ප්‍රශ්න කරන්න පුළුවන්ද කියලා ………….”

තුරුම්පුවක් අසු වූ වෙලාවේ කෙසේ හෝ මේ ක්‍රීඩාවෙන් ජය ගත යුතුයැයි සනුක සිතුවේය.

💓💓💓💓💓💓💓💓

පෙරදින ඔහු තමාව දරුණු ලෙස ප්‍රතික්ෂේප කිරීම නිසා සෙහන්සා උන්නේ දුකෙන් .ඒ දුක ඈට දරාගත නොහැක්කේ කිසිවෙකුත් කෙදිනකවත් ඇව මේ ලෙස ප්‍රතික්ෂේප නො කළ නිසාය.

කාර්යාලයට එන තුරු සෙහන්සා ඔහු දෙස
නොබලා සිටියේ ,කතා නොකර සිටියේ එබැවින් ම ය .

සිය කාර්යාල කුටියේ ම පසෙක වූ මේසයේ ඔහු වැඩ කරමින් සිටින අන්දම ඈ වරින්වර බැලුවත් ඒ ඔහුට නොදැනෙන්නට ය .

පෙරදිනේ ඇයට සැළකූ අන්දම නපුරු වැඩියැයි දිසෙන් කල්පනා කරමින් උන්නේ වැඩ කරන ගමන්ම ය.

ඒත් ඒ අයුරින් හැසිරෙනවා හැරෙන්නට කුමක් කරන්නද ?මේ වැඩකට නැති ආදරය සිතේම සිරකරන් ඉන්නවා හැරෙන්නට කරන්නට වෙන දෙයක් නොමැතියයි දි සෙන්ට සිතුනි .

වෙනදාට දවල් කෑමට යද්දි සෙහන්සා ඔහුට පුරුද්දට මෙන් කතා කරත් ,අද ඈ නිහඬව කෑමට පිටව ගියේ ඇගේ සිත බෙහෙවින් පෑරි ඇති නිසා විය යුතු යැයි සිතමින දිසෙන් වැඩ කලේ දුකින්.

ඈ කෑමට ගොස් නැවත එන තුරුම ඔහු සිටියේ ඈ ගැනම සිතමිනි.

“ලන්ච් අරන් එන්නම් මිස් “.

බෙහෙවින්ම දවල් වී ඇති නිසා සිය අසුනෙන් නැගිට කෑමට යන ගමන් ඔහු එසේ කියද්දී සෙහන්සා නිකමටවත් හෝ ඔහු දෙස නොබලාම සිය හිස සෙලවූ අයුරින්ම ඔහුට දැනුනේ ඈ තමා නිසා කෙතරම් දුක් විදිනවාද යන්නයි.

ඔහු කෑමට ගොස් කෑම කන අතරතුරේත් කල්පනා කළේ සෙහංසා ගැනය.ඇගේ මුහුණ ,දෙඇස් යට ඉදිමී ඇති අන්දමින්ම ඈ පෙරදා රාත්‍රියේ හැඬූ වග ඔහුට සිතුණේ උදෑසන ඒ මුහුණ දුටු විටමය.

“මොකෝ අද ලන්ච් එන්න මෙච්චරම පරක්කු වුනේ “.

ඒ හඬත් සමඟ ඔහු හිස ඔසවා බැලුවේ ආපනශාලාවේ තමා කමින් සිටි මේසයේ යාබද අසුනේ අසුන්ගත් සොනාලී දෙසය.

ඇය ඇඳ සිටි සුදු බ්ලවුසයේ ඉහළම වූ බොත්තම් දෙක නොපියවා තිබූ හෙයින්
ඇය අසුන් ගනිද්දී ,ඇගේ ලෑමෙන් හරි අඩක්ම තිබුනේ විවර වය.

බලා සිටීමට අපහසු නිසාම දිසෙන් කෑම කෑවේ බත් මුල දෙස බලාගෙනමය.

“මොකෝ බිම බලාගෙනම කන්නේ.ඔයා ආඩම්බරයිද නැත්තං මැඩම් කිව්වද අපිත් එක්ක කතා කරන්න එපා කියලා …..”.

“එහෙම එකක් නෑ සොනාලි .මැඩම් මට එහෙම මුකුත් කියලා නෑ…..”.

“මැඩම් ඔයාලගේ ළඟම රිලේෂන් කෙනෙක් වෙනවද ?…………”

ඔහු මද වේලාවක් කල්පනා කරේ ඊට දිය යුතු පිළිතුර කුමක්දැයි සිතමින්.

“නෑ දුරින් “.

“දුරින් කියල නම් පේන්නේ නෑ,ඒ ජානම තමා ඔයාටත් තියෙන්නෙ “.

“ඒ මොකද…… ??”

“නෑ ඉතින් ආඩම්බරකම…”

ඈ එසේ කීවේ යටඇසින් ඔහු දෙස බලමින් හිනැහෙමිනි.

“මොකෝ අනේ ඔච්චර හයියෙන් කාගෙන යන්නේ …….මම දන්නවා ඉක්මනට කාල යන්නනේ ඕනේ …..ඇයි මම ගිලී කියලා බයයි ද ?”

දිසෙන් කිසිවක් නොකියා නිහඬව හිටියේ මද සිනාවක් පාමිනි.

ඔහු ඉක්මනින් කෑමකා අත සෝදන්නට ගියේ සොනාලීගෙන් ඉක්මනින් ගැලවී යාමට ය .

එහෙත් අත සෝදා අවසන් කර යළි මේසයට ආ ඔහු අතට ඇය දිගු කළේ කුඩා elephant house චොක්ලට් රසති අයිස්ක්‍රීම් බඳුනකි .

“මේකත් කාලා ම යන්න .මම කැන්ටින් එකෙන් ගත්තෙ අපි දෙන්නට ……”

“මට එපා පරක්කු වෙනවා.මිස් මාව හොයනවා ඇති…..”.

ඔහු එසේ කීවේ ඇගෙන් ගැලවීමට නොහැකි තැන ය.

“ඕකත් කාලා ම යන්න.හැන්ඩ්සම් උනා කියලා ඔච්චර ආඩම්බර වෙන්න එපා …..”

ඔහු එය විවර කරන් කන්නට වූයේ සොනාලිගේ දැඩි බල කිරීමට ය .

“ඔයා කොහොම දැන් ඔච්චර fitness එකට ඔයාගේ ඇඟ හදා ගත්තේ……”

ඇය කීවේ තම සිරුර දෙස කා/මු/ක බැල්මක් හෙළමින් බව දිසෙන්ට සිතුනි. ඔහු නිහඬව සිටියේ ඔහුගේ එක වචනයක් ඇයට අනුබලයක් ලෙස දැනිය හැකි නිසාය.

“ජිම් යනවා නේද ??නැත්තං කොහොමද ඔච්චර ලස්සනට arms muscle හදාගන්නේ…..ඔයාට හරියන්නේ මේ වගේ ඔෆිස් එකක් ඇතුලේ හිර වෙලා කරන ජොබ් එකක් නෙමෙයි “ඔයාට තිබ්බෙ මොඩ්ලර් කෙනෙක් හරි ඇක්ටර් කෙනෙක් හරි වෙන්න.ඔයා ඇක්ට් කරන්න ගත්ත නං එහෙනම් හේමාල්ලා කැලේ…. “

වක්කඩක් කැඩුවක් මෙන් එක දිගට කියවගෙන යන ඇය දෙස ඔහු මදකට බලද්දී එක් වරම සොනාලි සිදුකළේ ඔහු කිසිලෙසකින්වත් නොසිතූ දෙයකි ……

ඔහු ඇයට යමක් කියන්නට මුව විවර කරද්දීම එතනට පැමිණියේ සෙහන්සා ය …..ඈ ඔවුන් දෙදෙනා දෙස ……………….

හමුවෙමු මීලඟ දිගහැරුමෙන්