ආදරණීයම ඔයා…
පෙරවදන..
යහන මත දිගහැර දමා තිබූ මංගල සාරිය දෙස මම බලා සිටියේ ආඩම්බරයෙනි. මම එහි පො ටක් ගෙන උරහිසට දමාගතිමි. ඉන් සැරසුන වි ට මා සුන්දර මනාලියක වෙතැයි මට හැඟී ගි යේය. මම තනිවම කැඩපතට හිනැහුනෙමි.
මා මේ ගෙවමින් හිඳින්නේ මගේ ජීවිතයේ අසී රුම පැය කිහිපය වන්නට ඇත. යුවතියක ම නාලියක වන දිනට පෙර දින කිහිපය සැබැන්ම අසීරුය.
වසර පහක් තිස්සේ දුටු සිහිනයක් එලිවන්නට තව ඉතිරිව තිබුනේ එක් දිනක් පමණි.
ඔව් අනින්දා මාගේ විවාහ මංගල උත්සවය සඳහා සියල්ල සූදානම්ව තිබිනි. ඒ මගේ වසර පහක ආදරය ධනුක නෙත්මල් තෙන්නකෝන් සමය.
අවුරුදු විසි ගනනක් තමා ජීවත් වූ නිවසින් පරි සරයෙන් ආදරණීයයන් ගෙන් වෙන්වීමේ වේද නාවත්,
ඔවුන්ගෙන් පසු සිය ජීවිතයේ තමා වැඩියෙන්ම ආදරය කරනු ලබන පිරිමියා සමඟ ජීවත්වන් නට ඇති ආශාවේ සතුටත් එකවර ඒ හදවත තුල තෙරපී නලිමින් ඇති.
අනිද්දායින් පසු අම්මාත් මල්ලීත් මට ආගන්ත කයන් වන අතර ධනුකත් ඔහුගේ මාපියනුත් මාගේ ලෝකය වනු ඇත.
වාසනාවකට මට මුණගැසුනේ අප්පච්චිගෙන් පසු මෙලොව මට වැඩියෙන්ම ආදරය කරන පිරිමියා වූ අතර ඔහුගේ මාපියන් ද මට බෙහෙ වින් ආදරය කලෝය.
එහෙයින් හිතට බයක් දැනුනේ නැත. ධනුක සමඟ විශ්වයේ අනන්තයට උව යන්නට මම සැදී පැහැදී සිටියෙමි.
අවුරුදු පහක ආදර සිහිනය එලිවන්නට තව ඉතිරිව තිබුනේ පැය හතලිස් අටකටත් වඩා අඩු කාලයකි. මම නැවතත් කැඩපතට සිනා සුනෙමි.
අ..නේ දෙ..යියනේ මේ මොන අපරාධයක් ද සිද්ධ වුනේ..
එක වරම ඇසුනු අම්මාගේ හඬින් මා තිගැස් සිනි. අත වූ මංගල සාරිය එකවරම යහන මත හෙලා මම පහලට දිව ගියේ කිසිවක් සිතා ගත නොහැකිවය. මා යද්දීත් අම්මා උන්නේ ඉහ අත බදාගෙනය.
දෙයියනේ අම්මා…ඇයි මේ…
මා අම්මා ලඟට දිව ගියේ විදුලියකින් මෙනි.
කාට හෝ විසල් කරදරයක් සිදු වී ඇතැයි ඉවෙ න් මෙන් සිත කියද්දි නොතේරෙන බියකින් මා වෙව්ලන්නට වීමි.
අනේ අම්මා ඇයි කියන්කො…මොනවද වෙලා තියෙන්නෙ.. බියටම අම්මාව වැලඳ ගනිමින් ඇසීමි.
ඉවරයි දෙයියනේ හැමදේම ඉවරයි…
මොනවද අම්මා ඉවර වෙලා කියෙන්නෙ…?
මං කොහොම දෝණි මේක කටක් ඇරලා ඔයාට කියන්නෙ.. ධ,,නු..ක…
අම්මා වෙව්ලයි. අම්මාටත් වඩා මා වෙව්ලයි. දෙවියනි මගේ ධනුක ඔහුට කුමක් සිදුවී ද මහා බිය ජනක දසුන් රැසක් මා ඉදිරියේ මැවි මැවී පෙනෙන්ට විය.
අනේ මාව බය කරන්නෙ නැතුව කියන්න අම්මා… මගෙ ධනුකට මොනා වෙලා ද අනේ කියන්නකො..
මා ඇසුවේ මහා හඬින් හඬා වැලපෙමනි. ධනු ක නැති ජීවිතයක් ගැන හිතන්නවත් මට බැරි ය. දෙවියනි ඔහුට කුමක් සිදුවී ඇති ද..
හදවත ඇවිලී ගිය වේදනාවකින් මා දැවී යනු මටම දැනෙන්නට විය.
ඒ ව ල ත් ත ය ට මොනා වෙන්න ද ඔය ඉන්නෙ අපූරුවට… ඇත්තමයි මං ඕ ක ව කෑ ලි කැ ලි වලට ක ප න වා අහු උනානං මට…
මල්ලී නිවසට ගොඩවූයේ එසේ කියාගෙනය. මට මේ කිසිවක්ම වැටහෙන්නේ නැත.
අනේ මල්ලි මොනවද වෙලා තියෙන්නෙ කියන් නකො… ධනුට මොකද එයා හොඳින් නේද…
හොඳින් තමා…
එහෙනං මොකක්ද මේ අම්මා කියන්නෙ
මොනවද ඉවර වෙලා තියෙන්නෙ..
ඉවර වෙලා තියෙන්නෙ ත මු සෙ ගෙ කසාදෙ…
මොකක් මොනවද ඔයා කියන්නෙ..
මෙතන වෙඩින් එකට සේරම ලෑස්ති කරලා තියලා අන්න අ ර කා..වෙන එ කි යක් බැඳලා ගෙදර අරගෙන ඇවිත්..
මල්ලි කියද්දී මට දැනුනේ මුළු ලොවම මා වටා කැරකෙනවාක් වැනි හැඟිමකි. මට මතක තිබුනේ එපමණකි.
හමුවෙමු.
රැල්ලට ලියනවා කියලා බනින්න එපා සෑහෙන ස්ට්රෙස් එකක ඉන්නෙ මේ දවස්වල. එහෙන් අසනීප මෙහෙන් වැඩ ඔළුව විකාර වෙලා වගේ.
හිත හදාගන්න මට තියන එකම විඳිහ මේක විතරයි. කියවන්න අකමැති අය කියවන්න එපා. කවුරු හරි මේකට කවරයක් හදලා දෙන්න