නපුරු දීගේ
“බබා මේ බලන්නකො මෙහෙම ලස්සනයිද කියලා.මං හැදුවෙ…”
දවල් කෑම කාලා ඉවර උනාම ආර්වින් මට අතුරුපසට කන්න දීසියක තියාගෙන පළතුරු ගෙනත් දුන්නා.නිකන් නෙවෙයි පළතුරු ටික තියලා තියෙන්නෙ.
ර/තු ඇපල්, කොළ ඇපල්,නාරන්, කොමඩු, මිදි,ඇඹුල් කෙසෙල් එහෙම ලස්සනට ක ප ලා දීසියෙ අහුරලා.හරියට චිත්‍රයක් වගේ.කන්න ලෝබයි ඒකෙ ලස්සන දැක්කම.
“අනේ හරිම ලස්සනයි ආර්වින්.ඔයාට තියෙන්නෙ හරිම කලාත්මක ඇස් දෙකක්. කන්නත් ලෝබ හිතෙනවා මේකෙ ලස්සන දැක්කම…”
මං දීසියෙන් ඇපල් කෑල්ලක් අරගෙන කන ගමන් ආර්වින්ට මිදි ගෙඩියක් කැව්වා.හෙට ආර්වින්ගෙ උපන්දිනේ.එයාට හෙට කියන්න සුබම සුබ ආරංචියක් තියනවා.මගෙ නපුරු හබී ඒක අහලා ගොඩක් සන්තෝශ වෙයි.
“හෙට ඔයා ඔෆිස් යන්නෑනෙ ආර්වින්?…”
ආර්වින්ට දැන් කාරෙක තනියම ඩ්‍රයිව් කරන්න පුලුවන්.එයා ඔෆිස් යන්නෙත් කාරෙකේමයි.
“බබා එපා කියනවා නම් මං හැමදාම උනත් ඔෆිස් නොගිහින් ඉන්නම්…”
ආර්වින් එහෙම කිව්වෙ පිඟානෙ තිබ්බ මිදි ගෙඩියක් අරන් මට කවන ගමන්.මං දන්නවනෙ ඉතින් නපුරාගෙ හැටි.ඔෆිස් නොගිහින් දවසෙම උනත් මගෙ තු/රු/ල/ට වෙලා ඉඳියි.
“හැමදාටම නෙවෙයි මෝ/ඩ/යො.හෙට විතරයි යන්න එපා කිව්වෙ.හෙට ඉතින් මගෙ හබී බබාගෙ බර්ත්ඩේ එකනෙ.අපි පුංචි පාටියක් දාමු.මං නංගිට කිව්වා ධනුකත් එක්ක හෙට රෑ කෑමට මෙහෙ එන්න කියලා. උදේට පන්සල් ගිහින් දවල්ට අපි කොහෙ හරි යමු…”
මං එයාගෙ තු/රු/ල/ට වෙලා දීසියෙ අන්තිම පළතුරු කෑලි ටික කෑවා.එයාගෙ වැඩේම මට කොයි වෙලේ බැලුවත් පළතුරු කවන එක තමයි.පළතුරු කෑවම බබා ලස්සන වෙනවලු.
“මැණිකාට මහන්සි වෙන්න හොඳ නෑ.උදේට පන්සල් විතරක් ගිහින් ගෙදර එමු…”
“අනේ අප්පා…. හැමදාම යන ගමනක් නෙවෙයිනෙ අනේ.උපන්දිනේ එන්නෙ අවුරුද්දකට එක සැරයයි.ඉතින් ඇයි ඔයාට බැරි ඒ එක දවසෙවත් මාත් එක්ක ඇවිදින්න යන්න බැරි?…”
පූජා නහයෙන් අඬන්න ගත්තා.ආර්වින් කෙ/ල්ලගෙ ලං කරගෙන ඇගේ මුහුණ සි/ප ගත්තා.තරහෙන් හිටපු පූජා ආර්වින් තම මුහුණෙ සි/ප ගත්තු තැන අතින් පිහදාගත්තෙ කේන්තියෙන් වගෙයි.ආර්වින්ට ඒකට හිනා.
ඔහු ආයෙත් පාරක් ඇගේ මුහුණ තදින් සි/ප ගත්තා.ඒ පාර නම් පූජා එහි පහස නොදැනුනාක් මෙන් නිහඬව අහක බලාගෙන හිටියා.
“නපුරි…”
“මම නෙවෙයි නපුරු ඔයයි නපුරු…”
“ඔච්චර කේන්ති ගියොත් එහෙම මැණිකා ඉක්මනටම වයසට යයි.දැනුත් තිහක් විතර පේනවා…”
ආර්වින් එහෙම කියන්නෙ තමාව අවුස්සන්න කියලා පූජා දන්නවා.ඒත් පූජා ආර්වින්ගෙ මුහුණ දිහා බැලුවෙ නැහැ.
“කේන්ති ගන්න එපා මැණික.ඔයාට දුර ගමන් ගිහින් මහන්සි වෙන්න හොඳ නැති නිසයි මං එහෙම කිව්වෙ…”
පව් මට දුකත් හිතුනා ආර්වින් ගැන.මායි දරු පැටියා ගැනයි එයා ගොඩක් හිතනවා.දරුවා බඩට ඇවිත් කියලා දැන ගත්තු දවසෙ ඉඳන් ආර්වින් මගෙ යහපත වෙනුවෙන් නොකළ දෙයක් නැති තරම්.හැමදාම ඔෆිස් ගිහින් එද්දි මට මොනවාම හරි කන්න දෙයක් අරගෙනයි එයා ගෙදර එන්නෙ.
එක තප්පරයක්වත් මාව බඩගින්නෙ තියන්නෑ.අවුරුදු කීපයක්ම දුක් විඳලා දුක් විඳලා ලබා ගත්තු දරු පැටියව එයා පන වගේ ආරක්ෂා කරනවා.සමහර වෙලාවට මට පඩිපෙළ බැහැලා පල්ලෙහාට යන්න දෙන්නෙත් නෑ.මං එපාම කියද්දි එයා බැරි බැරි ගාතෙ කොර ගගලා පල්ලෙහාට ගිහින් මට ඕනි දෙයක් අරගෙන එනවා.
“මට ඒක තේරෙනවා ආර්වින්.ඔයා අපි දෙන්නට ගොඩක් ආදරෙයි.කමක් නෑ.අපි දෙන්නා හෙට උදේම පන්සල් විතරක් ගිහින් එමු.පස්සෙ දවසක බැරියැ වෙන කොහෙ හරි ඇවිදින්න යන්න…”
එයා ආදරෙන් හිනා වෙලා මාව තු/රු/ල/ට ගත්තා.
“බබා මොනවද මගෙ බර්ත්ඩේ එකට දෙන්නෙ?…”
“ඉල්ලලා තෑගි ගන්න සිරිතක් නෑනෙ අනේ…”
“ඒ උනාට මං දැන ගන්න ඕනි බබා මොනවද මගෙ බර්ත්ඩේ එකට දෙන්නෙ කියලා. ස්පෙෂල් මොනවා හරි ඕනි හොඳේ…”
“ඒක රහසක්.හෙටම දෙන්නම්කො.සප්‍රයිස් එකක්නෙ…”
“ෂා…. මොකක්ද ඒ සප්‍රයිස් එක?අනේ කියන්නකො බබා.අනේ…”
එයා නහයෙන් අඬ අඬ මගෙ උරහිසෙන් නිකට තියාගෙන ඉන්නවා.කලින් කිව්වම ඒ සප්‍රයිස් එකෙන් වැඩක් තියනවැ.මේ/කා/ට නම් කිසිම ඉවසීමක් නෑනෙ.
“දැන්ම කියන්න බෑ ආර්වින්.ඒක සප්‍රයිස් එකක්.ඔයාට හෙට උදේ වෙනකල් ඉවසන්න වෙනවා…”
“අයියෝ….. හෙට උදේ වෙන්න තව කොච්චර වෙලා තියනවද අප්පා…”
“ඉවසන්න පුරුදු වෙනවා මෝ/ඩ/යො. අවුරුද්දක් තිස්සෙ ඉවසුවා නම් මේ පැය ගාන ඉවසන්න බැරිද?…”
“ඉඟියක්වත් දෙන්න බැරිද සුදූ…”
ර්ර්ර්….. මට දැන් මේ මිනිහගෙ ඔලුව ප/ල/න්/න හිතෙනවා.ය/කෝ මූ/ට මේ පැය ගාන ඉවසන්න බැරිද?
“බෑ කිව්වොත් බෑම තමයි.හෙට උදේ වෙනකල් ඉවසන්න…”
මං නපුරාට රවලා ගිහින් කාමරේට යන්න පඩිපෙළ නගිද්දි එයා දුවගෙන පිටිපස්සෙන් ඇවිත් මාව තු/රු/ල් කරගෙන බ ඩ අතගෑවා. මං හරි ආසයි එයාගෙ මේ හුරතල් වැඩ වලට.
“හෙට වෙනකල් ඉවසිල්ලක් නෑ බබාගෙ සප්‍රයිස් එක මොකක්ද කියලා බලාගන්න.මං දැන් නිදාගන්න ඕනි…”
එයා මාත් එක්ක කාමරේට ඇවිත් ෆෑන් එක දාගෙන ඇඳෙන් ඇල උනා.
“ඇයි මේ දවල්ට නිදාගන්නෙ?මට පාළුයි අනේ ඇහැරිලා ඉන්නකො.කම්මැලියි…”
“දැන් නිදාගත්තම තුන හතර වෙද්දි නැගිටින්න පුලුවන්.එතකොට ඉක්මනටම වෙලාව ගියාම හෙට වෙනවනෙ.බබාගෙ සප්‍රයිස් එක මොකක්ද කියලා බලාගන්නකල් මට ඉවසිල්ලක් නෑ…”
එයා මෙච්චර ආසාවෙන් ඉන්නවා කියලා දැනෙද්දි ඕනි දෙයක් වෙච්චාවෙ කියලා හිතලා ඒක දැන්මම කියලා දාන්න හිතෙනවා.
එයාට නිදාගන්න දීලා මං නාගෙන කිචන් එකට ඇවිත් හෙට බර්ත්ඩේ එකට කැවිලි වගයක් හදන්න ලෑස්ති කරා.ආර්වින්ගෙ අම්මත් ඉන්න නිසා කැවුම් ටිකක් හදලා කොකිස් එක්ක පැණි වළලු ටිකකුත් හැදුවා.
“මං කේක් එකක් ඕඩර් කරා අම්මෙ.හෙට උදේ ඒක ගෙදරටම ගෙනත් දෙයි…”
“පුතා කවදාවත් මෙච්චර සරුවට එයාගෙ උපන් දිනේ සමරලා නෑ.කො/ල්ලා පව් නිසා මං හැම අවුරුද්දකදිම එයාගෙ උපන් දිනේට මං කැව්ම්,කිරිබත් එහෙම හදලා දෙනවා. පුතා මගෙ අතින් හදන කිරිබත් කන්න හරිම ආසයි.
උදේම නැගිටලා මං ලස්සනට කෑම මේස්ව් සූදානම් කරලා කේක් එකත් ගෙනත් කපන්න ලෑස්ති කරා.දැන් ඉතින් එයාව ඇහැරවන්න එපායැ.එහෙම හිතාගෙන මං කාමරේට යද්දි නපුරා කාමරේ හිටියෙ නෑ.මට ඇහුනා බාතෲම් එකේ වතුර වැටෙන සද්දෙ.
ටික වෙලාවකින් එයා බාතෲම් එකේ ඉඳන් එලියට ආවා.අද බර්ත්ඩේ එක නිසා උදේම නැගිටලා නාගෙන.පුදුමයි හැබැයි.මගේ බර්ත්ඩේ බෝයි අද හරිම හැන්ඩ්සම්.
“මොකෝ මගෙ දිහා ඔහොම බලන්නෙ?බයේ බෑ…”
“බය වෙන්න එපා.මං ඔයාව ගිලින්නෑ.මගෙ මහත්තයා අද කුමාරයෙක් වගේ ලස්සනයි. ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා ආර්වින්.මගෙ රත්තරං මහත්තයා මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනි…”
මං එයාගෙ කම්මුලක් සි/ප ගෙන උපන්දිනේට සුබ පැතුවා.
“තෑන්ක්ස් මගෙ මැණික.මේ අවුරුද්දෙ තමයි මගෙ හොඳම උපන්දිනේ තියෙන්නෙ.මේ උපන්දිනේ මට ගොඩක් විශේෂයි…”
“ඊගාව උපන්දිනේ මීටත් වඩා ලස්සනට තියෙයි…”
මං එහෙම කිව්වෙ කුසත් අතගාමින්.ඊළඟ උපන්දිනේ වෙද්දි අපි දෙන්නා අම්මයි අප්පච්චියි වෙලානෙ.ඉතින් ඒක කොච්චර සතුටක්ද?
“ඔව්නෙ.එතකොට මෙයත් අපි ගාවට ඇවිල්ලනෙ…”
බිම දණ නවලා ආර්වින් මගෙ කුස සි/ප ගෙන උදේම පැටියත් එක්ක කතා කරන්න ලෑස්තිය.අප්පච්චිගෙ කටහඬ එයා දැන් හොඳට අඳුරනවා.ආර්වින් කතා කරද්දි පැටියා ඒවට ප්‍රතිචාර දක්වන්න වගේ බණ්ඩිය ඇතුලෙ ඉඳන් හොඳ ඩිෂූම් පාරවල් එහෙම දෙනවා.
“දැන්වත් කියන්නකො බබා අර සප්‍රයිස් එක මොකක්ද කියලා…”
එයා ඊයෙ රෑ ඉඳන් ඔය ගැන හිත හිතා ඉන්න ඇත්තෙ.හීනෙනුත් පෙනුනද දන්නෑ ඕක.
“යමු පහලට.කේක් එක කපලා ඉවර උනාම කියන්නම්කො…”
මං ආර්වින් එක්ක පහලට ආවා.කේක් කපනකොට ගොඩක් කට්ටිය හිටියෙ නෑ. ආර්වින් එක්ක හිටියෙ මමයි අම්මයි විතරයි. ආර්වින්ගෙ ඔෆිස් එකේ කට්ටියටයි යාළුවන්ටයි නම් රෑ අටහමාරට හොටෙල් එකේ පාර්ටියක් සූදානම් කරලා තියනවා.
“දුව දැන්වත් කියන්නකො පුතාට අර සුබ ආරංචිය…”
කේක් කපලා ඉවර උනාට පස්සෙ අම්මත් එහෙම කිව්වා.ආර්වින් දැන් ඉන්නෙ කිසිම ඉවසිල්ලක් නැතුව කියලා මට තේරුනා.
“ඔව් පූජා.කියන්නකො…”
මං ඒක කියන්න හදනකොටම….
නැවත හමුවෙමු