🦋05වෙනි කොටස🦋

කොච්චර වෙලාවක් මට නින්ද ගියාද කියලා මට හිතාගන්න බැරිවුනා.මන් ඇහැරෙනකොටත් වැස්ස එක දිගට ඇදහැලෙමින් තිබ්බේ.මට දැනුන වේදනාව නිසාම මන් හයියෙන් කෑ ගහලා ඇඩුවේ මගෙ අසරණකම මතක් වෙලා.අඩ අඩ හිටපු මගේ දෑස් යොමුවුනේ දොරේ ලොක් එක දිහාට.ඒක තාමත් ලොක් කරලා තියෙනවා දකිද්දි මගෙ මුවින් ඉබේටම හුස්මක් පිටවුනා.

උදේටවත් කෑමක් නැති මට දැනුනේ බඩගින්නක්.ඒත් බඩගින්නට වඩා මගේ හිතේ තිබ්බේ ආදී කොහෙද ගියේ කියන එක.දිනුක කියන හැම වචනයක්ම මගේ හදවතේ දෝංකාර දුන්නා.මගේ කම්බුල දිගේ කදුලු ගලාගෙන ගියේ නිමක් නැතුව.

“එයා ඇත්තටම ගියාද….ආයේ කවදාවත් එන්නේ නැද්ද…..ආදී වෙනුවෙන් මගේ පවුලේ අය දාලා ඇවිත් මන් වැරැද්දක් කරාද….”මම එහෙම හිතමින්ම ආපහු සැරයක් ආදීගේ නම්බර් එක ඩයල් කරලා කනේ තියාගත්තත් මට ඇහුනේ ආදීගේ පෝන් එක ඕෆ් කරලා කියන එක විතරයි.

“මගේ තාත්තා කියපු දේ හරි ආදී කියන්නේ කිසිම වැඩකට නැති කෙනෙක්.එයා කියපු සේරම බොරු.එයා මගේ ජීවිතෙත් එක්ක කලේ සෙල්ලමක්.”මගේ අත ගියේ ඉබේටම වගේ මගේ කුසට.

“දැන් මන් ප්‍රෙග්නට්.මට ඉන්න ගෙයක් නෑ.මට පවුලක් නෑ.මට තියෙන්නේ මේ ඇදුම් බෑග් එක විතරයි.මන් දැන් මොකද කරන්නේ….”

“මිහානා ඔයා මේ සීතලේ මොකක්ද කරන්නේ….අනික මේ බෑග් එකකුත් අරගෙන.”මං කල්පනාවෙන් මිදුනේ මට ඇහුන හඩ නිසා.මං ඔලුව උස්සලා බලද්දි දැක්කේ ගිහාන් මන් දිහා බලාගෙන ඉන්නවා.ගිහාන් මන් ලගට ඇවිත් මාව අල්ලන්න හැදුවත් මන් අතින් සන් කරේ එපා කියලා.

“මිහානා ඔයාට සීතලයි.”එහෙම කියපු ගිහාන් එයාගේ ජැකට් එක ගලවලා මගෙ කරෙන් දැම්මේ මාව වත්තම් කරගෙන.

“ඔයා මොනවද මෙහෙ කරන්නේ….”මං එහෙම ඇහුවේ ගිහාන් එකපාරටම මෙතනට ආවේ කොහොමද කියලා හිතන ගමන්.ගිහාන් මගේ ප්‍රශ්නෙට උත්තර දෙනවා වෙනුවට එයා කරෙ ලොක් කරලා තියෙන දොර දිහා බලපු එක.

“සරසි මට කතා කරලා කිව්වා වෙච්ච දේ.ප්ලීස් ඔයාට අම්මා තාත්තා කියන දේ අහන්න බැරිනම් අඩුම තරමේ මන් කියන දේ වත් අහන්න ඔය බඩේ ඉන්න ලමයව නැති කරලා දාන්න “ගිහාන් එහෙම කියනවත් එක්කම මන් ගිහාන්ගෙන් ඈත් වුනේ කේන්තියෙන් .

“නෑ….”

“ඒත් මිහානා ආදී ගියා.”ගිහාන් එහෙම කියනවත් එක්කම මන් ගිහාන් දිහා බැලුවේ පුදුමෙන් .

“ආදී ගියා කියලා ඔයා කොහොමද දැනගත්තේ….”

“ආදී යාලුවො ආදී ගිය එක ගැන කතා කරනවා මට ඇහුනා.”ගිහාන් කිව්වේ නිමක් නැතුව තාමත් එක දිග ඇදහැලෙන් වැස්ස දිහා බලාගෙන .ගිහාන් මගේ පොඩි කාලෙ ඉදන්ම යාලුවා.ගිහාන් ගියෙත් ආදී ගියපු කැම්පස් එකටමයි.ගිහාන් මට වඩා වැඩිමල් වුනේ අවුරුදු දෙකක් වගේ.

“මං මගේ දරුවා නැති කරන්නේ නෑ.අනික මන් මේ දරුවා නැති කරලා ආදී ආපුවම දෙන උත්තරේ මොකක්ද… එයා ආපු නැති නිසා මන් දරුවව නැති කරා කියලද මන් කියන්න ඕන.”මං එහෙම ඇහුවත් ගිහාන් කරේ දෑස් පියාගෙන නිහඩවම හුස්මක් හෙලපු එක.

“ඉන්න ඔයා කියන්නේ එයා එනකම් ඔයා බලන් ඉන්නවා කියලද …”මං ඔලුව වැනුවේ ඔව් කියන්න .ආදී ආපහු එයි එයා කවදාවත් මාව අමතක කරන්නෙවත් මාව අතාරින්නෙවත් නෑ කියලමයි මගේ හිත මට කිව්වේ.

“ආදී ආපහු එයි එයා අනිත් පිරිමි ලමයිට වඩා ගොඩක් වෙනස් “

“ආදී ඔයාට කියන්නෙවත් නැතුව ගියේ එහෙම කරපු කෙනා ඔයාව ආපහු සැරයක් හොයාගෙන එයි කියලා ඔයා විශ්වාස කරනවද….”ගිහාන් අහපු දේට මං උත්තර දෙන්න ගියේ නැත්තේ මගෙ හිතෙත් ඒ ගැන වැඩි විශ්වාසයක් තිබ්බේ නැති නිසා.

“ඔයාගේ දරුවා ඉපෙදෙනකම් එයා ආපහු එන්නේ නැත්තම් මං කිව්වේ අවුරුදු දෙකකට පස්සෙවත්….”

“මං දන්නේ නෑ….”ගිහාන්ගේ මුවින් මන් කියපු දේට පිටවුනේ සුසුම් හඩක් විතරයි.

“මේ අහන්න මිහානා මන් ඔයාව මීට් වෙන්න එන්න කලින් මගේ තාත්තට කතා කරා තාත්තා කිව්වේ ඔයා මේ දරුවව තාමත් බඩේ තියාගත්තොත් ඔයාගේ ජීවීතේට අනතුරක් කියලා.”මට අමතක වුනා ගිහාන් කියන්නෙ ඩොක්ටර් සරත්ගේ පුතා කියලා.

“ඒක නිසා ඔයා මේ දරුවව නැති කරන එකෙන් ඔයාගේ ජීවිතේ බේරෙනවා.ඒක නිසා ප්ලීස් මේක නැති කරන්න.”ගිහාන් කියන දේ අහන්න මට වුවමනාවක් තිබ්බේ නැති නිසාම මං බලාගෙන හිටියේ එක දිගට වහින වැස්ස දිහා.

“මං මේ දරුවව නැතිකරන්නේ නැති වෙන්න එකම එක හේතුවයි තියෙන්නේ.අනික කවුද දන්නේ මට ආපහු සැරයක් අම්මා කෙනෙක් වෙන්න පුලුවන්ද කියලා.”මං ඒක කියනවත් එක්කම ගිහාන් තවත් මට මොකුත් කියන්න නොගියේ මගේ තිරනේ වෙනස් කරන්නේ නෑ කියලා එයාම දන්න නිසා වෙන්න ඇති.

“මං ඔයාට කිව්වා කැම්පස් එකෙ ඉන්න කො/ල්/ලෝ විශ්වාස කරන්න එපා කියලා ඒත් ඔයා මන් කියන දේ ඇහුවේ නෑ.ඔයා මේ සෙල්ලම් කරේ ඔයාගෙම ජීවිතේ එක්ක මිහානා.”ගිහාන් එහෙම කියලා මාව වත්තම් කරගෙන ඇවිත් නැග්ගුවේ එයාගේ කාර් එකට.ගිහාන් කාර් එක ස්ටාට් කරේ….

“ඔයාගේ තීරනේ මොකක් වුනත් මේ ගිහාන් හැමදාටම ඔයත් එක්ක ඉන්නවා.”.මගෙ හිතට දැනුනේ සහනයක්.කාත් කවුරුත් නැති මට ගිහාන් ඉන්නවා කියන එක ලොකු හයියක් වුනා.

“සරසි මට කිව්වා ඔයාගේ තාත්තා ඔයාට ගෙදරින් යන්න කිව්වා කියලා.”මං හිස වැනුවේ ඔව් කියන්න .

“මිහානා ඔයා දැන් ඊලගට කියන්න මොකක්ද හිතාගෙන ඉන්නේ….”

“මොනවා කරන්නත් කලින් මට ඉන්න තැනක් හොයගන්න වෙනවා.”

“නුවර මගේ ගෙදරක් තියෙනවා.ඔයා කැමතිනම් මට ඔයාව එහෙ එක්කගෙන යන්න පුලුවන්”මං හිස වැනුවේ රොබෝ කෙනෙක් වගේ.ගිහාන් කියපු දේ හොදයි.මම යන්න ඕන මාව කවුරුත් දන්නේ නැති තැනකට.මට මගේ තාත්තගේ නම්බුව විනාශ කරන්න ඕන නෑ.මෙතනින් එහාට මගේ ජීවිතේ මොනවා වෙයිද කියලා දන්නේ උඩ ඉන්න දෙවියොම තමයි.මගේ ගමන මෙතනින් පටන් ගන්නවා.මං දෑස් පියාගත්තේ දිග හුස්මක් හෙලන ගමන්.

අවුරුදු 5කට පසු…..