37 වන කොටස

චූටි දෝණි එක්ක දඟලලා හෙම්බත් වෙච්ච හිරූෂාටත් මහන්සිය වැඩි කමට ඇස්පියා ගත්ත ගමන්ම නින්ද ගියා..

නිදාගෙන උන්නූ හිරූෂා එකපාරටම ගැස්සිලා ඇහැරුණේ නින්දෙන් ඇහිච්ච ඒ ශබ්දය නිසා…

“ට්වින්කල් ටිවින්කල් තීතල් ස්තා

අව් අයි වොන් අ වත් යූ ආ…”

චූටි දෝණි ලස්සනට ගලප ගලපා සින්දුවක් කියනවා ..මේක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි ….නිදි විකාරෙට ඇහෙන දකින දෙයක් වෙන්න ඇති එහෙම හිතපු හිරූෂා ඇස් දෙක පිහිදාගෙන ආයෙමත් ඇස් විවර කරන් බැලුවා .

“ට්වින්කල් ටිවින්කල් තීතල් ස්තා

අව් අයි වොන් අ වත් යූ ආ…”

නින්දෙන් දකින දෙයක් නෙමෙයි චූටි දෝණි ලස්සනට සිංදු කියනවා …හැබැයි කියන්නේ එකම පේලි දෙක විතරයි ..චූටි දෝණි මීට කලින් සින්දු කියනවා ඇහිලා නැති ඇස් දෙක ලොකු කරගෙන ඉන්නවා …

දැනුන පුදුමේ වැඩිකමට හිරූෂා කරකියාගන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව ගල් ගැහිලා වගේ බලාගෙන ඉන්නවා .

නින්දෙන් ඇහැරිලා තමන්ගේ දිහා පුදුමයෙන් වගේ බලාගෙන ඉන්න අම්මව දැකලා චූටි දෝනි කිය කිය හිටපු සින්දුව නතර කලා ..

“පුංචා ඕනේ …”

චූටි දෝණි එහෙම කිය කියා අඬන්න ගත්තත් හිරූෂාට පොඩ්ඩක්වත් දුක හිතුනෙ නෑ …අවුරුදු හතක් තිස්සේ අද කතා කරයි හෙට කතා කරයි කිය කියා මග බල බලා හිටපු චූටි දෝණි නොහිතූ වෙලාවක මෙහෙම කතා කරාම හිරුෂාට සතුටු නොහිතුනොත් තමයි පුදුමේ.

සතුට වැඩිකමට හිරූෂාගේ ඇස්වල සතුටු කඳුළු පීදිලා.ඒ එක්කම කොහේදෝ උන්නු හිරූෂාගේ අම්මා එතනට දුවගෙන ආවා..

“ලොකු ඒ සින්දුවක් කීවේ චුටි දෝණි නේද?”

“අම්මටත් ඇහුනද?..”

“ඔව්.. චූටිදූ සින්දු කිව්වද ?”

ආත්තම්මා එහෙම ඇහුවා විතරයි චුටි දු හිනාවෙලා අත්තම්මා දිහා බැලුවා…

“ඕනේ…”

චූටිදූ එහෙම කිව්වේ හැඩුම්බර මුහුණකින් ආත්තම්මා දිහා බලාගෙන.

“කාවද ඕනේ චූටි දු..?..”

“පුංචා…..”

“මගේ චූටි දූ හරි ශෝක් නේ..ලස්සනට සින්ග් කලා.ලස්සනට කතා කරා..අපි ඉක්මනට පුංචිට එන්න කියලා කියමු..ඔන්න බබා සිංග් කළාට කතා කළාට අපි කැලප් කරනවා..”

හිරූෂායි අම්මායි එකතු වෙලා චූටි දෝනිට අත්පොලොසන් ගහද්දී චුටි දෝණි ලැජ්ජාවෙන් හිනා වෙවී බලන් හිටියා.

ජීවිතේ අඳුරුම කාල පරිච්ජේදය ගෙවිලා ජීවිතේට ටිකෙන් ටික සතුට ලඟා වෙනවා කියලා හිරූෂට දැනුනා…

කොහොමත් ඕනෙම ජීවිතයක සතුට වගේම දුකත් තියෙනවා..කටුක කාලයේදී සැපවටත් කාලය උදා වෙනකල් ඉවසීමෙන් ඉන්න ඕනේ..සැපවත් කාලයේදී ඉදිරියේ කටුක කාලයක් එන්න පුළුවන් කියලා හිතලා උපේක්ෂාවෙන් ජීවත්වෙන්න ඕනේ..එහෙම ජීවත් වෙන මිනිසුන්ට කවදාවත් ජීවිතය එපා වෙන්නේ නෑ ..වරදින්නේ නැහැ..

චූටි දෝණි පුංචි අම්මාව මතක් කර කර නො නවත්වා අඬන නිසා හිරූෂා නංගිට වට්ස්ඇප් වීඩියෝ කෝල් එකක් ගත්තා.

ෆෝන් එකේ ස්ක්‍රීන් එකෙන් පේන පුංචි අම්මගෙ රූපය දැකලා දෝනි සතුටින් අත්පොලසන් ගහන්න ගත්තා…

“කේශි බබා…”

පුංචි අම්මා එහා පැතපැත්තෙන් කතා කරනකොට චූටි දෝණි හිනාවෙලා ලැජ්ජාවෙන් වගේ බිම බලා ගත්තා

“කෝ මගෙ මූණ දිහා බලල කතා කරන්න .. “

පුංචි අම්මා එහෙම කිව්වා විතරයි චූටි දෝණි පුංචිගෙ මූණ දිහා බැලුවා .හිරූෂාට චූටි දෝණි ගැන හරි පුදුමයි.,,හිරූෂාට අකීකරු දුව පුංචි අම්මාට මේතරම් කීකරු එක ගැන.

“කොහොමද කේශි බබා..ඔයාට..”

චුටි දෝණි මුකුත් නොකියා නිහඬව පුංචි දිහා බලාගෙන ඉන්නවා.පුංචි දැක්කම හිතට දැනෙන අමුතු සතුට ගැන චූටි දෝණිට වචන කරගන්න තේරෙන්නේ නෑ..

“අද දෝණී පුංචි කියලා දුන්නු ලස්සන පොයැම් එකක් කිව්වා නේ පුංචී…”

හිරූෂා එහෙම කිව්වම හිරූෂාගේ නංගිගේ හිතට දැනුණේ පුදුම සතුටක්..පහුගිය දවස්වල සින්දු පොයෑම් කියලා දෙද්දී චූටි දෝණි ඒවා කිව්වේ නැතත් ඒවා කියන්න වගේ කට හදාගත්තු හැටි හිරූෂාගේ නංගිට මතක් වුණා..කොහොම හරි තමන්ට චුටි දෝණිව හදාගන්න පුළුවන් කියලා විශ්වාසයක් හිරූෂාගේ නංගිට ඇතිවුණා.

වෘත්තියෙන් ගුරුවරියක් නිසා ළමයින් පාලනය කර ගැනීම,හසුරුවා ගැනීම ඇයට ඉතාමත් පහසු දෙයක් ..

“කෝ ඉතිං පුංචිට ඇහෙන්න ඒ පොයම් එක කියන්නකො කේශී..”

කේශාරා බබා නිහඬව පුංචි දිහා බලාගෙන හිටියා ..

“කෝ ඔයා සින්දු කියන්නේ නෑනේ ..පුංචි එහෙනම් යනවා බායි ..”

පුංචි එහෙම කියද්දී චූටි දෝණිගේ මූණ හැඬුම්බර වුණා ..

“පුංචා ..ඕනේ ..”

චූටි දූ එහෙම කියද්දි හිරූෂාගේ නංගිට ගොඩක් සතුටු හිතුනා..හිරූෂාගේ නංගි සතුටින් චූටි දෝණිට අත්පොලොසන් ගැහුවා ..

“well done චූටි දෝණි …ඔයා ලස්සනට කතා කරා නේ.පුංචි අම්මා ඉක්මනට ඔයා ලගට එනවා..මගේ දෝනි හැබැයි දිගටම කතා කරොත් විතරයි පුංචි එහේ එන්නේ..”

පුංචිගෙ ඇමතුමෙන් පස්සෙ චූටි දෝණි සංසුන් වුණා …හිරූෂා චූටි දෝණිව ආදරයෙන් තුරුලු කරගත්තා..

දෝනිව ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් කරවන්න මට වුවමනා නැහැ ..කතාබහ කරලා තමන්ගෙ වැඩ තනියම කරගන්න ස්වාධීන කෙනෙක් වුනොත් මට ඒ හොඳටම ඇති ..හිරූෂා එහෙම හිතලා සැනසුම් සුසුමක් පිට කළා

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

දරුවන්ගේ වියදම් වලට යැව්වට පස්සේ ගිහාන්ගේ අතේ රැඳෙන්නේ සුළු මුදලක් විතරයි..

ගිහාන්ගේ කාර්‍යලයෙන් පෙට්‍රෝල් අලවුන්ස් එකක් දෙන හින්දා ගිහාන් යම්තම් කාර් එක පදවන් යනවා.

කෑමබීම වලට වියදම් දෙනහින්දා යම්තම් වේලපිරිමහන් ඉන්නවා…

ගිහාන් දැන් හැමදාම උදේට චේතනාව කාර්‍යාලයට ඇරලවන් යන්න පුරුදු වෙලා ඉන්නේ…

ගිහාන් චේතනාගේ කාර්යාලය අසලින් රිය නැවැත්තුවේ චේතනා ට බහින්න ..චේතනා කාර් එකේ දොර ඇර ගෙන එලියට බහිනකොටම ගිහාන්ගේ කාර්යාලය සේවය කරන මලිති චේතනාව දැක්කා …

මලිති හිටියේ පෙම්වතාගේ මෝටර් සයිකලේ නැගලා කාර්යාලයට යන ගමන් ..මලිති ගිහාන්ගෙ කාර් එකෙන් බහින මේ කාන්තාව දිහා පුදුමයෙන් බලන් ඉන්න හැටි මලිතිගේ පෙම්වතා බලාගෙන හිටියේ කුහුලෙන්..

“ඇයි ඔයා ඒ lady දිහා පුදුම වෙලා බලාගෙන හිටියේ…?”

“මම ඒ ලේඩිව අඳුරන්නේ නෑ ..ඒත් ඒ ලේඩි බැස්සේ අපේ බොස්ගේ කාර් එකේ …”

“ඒ ඔයාගේ බොස්ද?…”

“ඔව් ළමයෝ…ඒ ලේඩී ඔයාගේ ඔෆිස් එකේද වැඩ කරන්නේ…”

“ඒ අපේ ඔෆිස් එකේ ක්ලීනින් කරන ලේඩි නේ…ඒ ලේඩිට ලොකු පුතෙකුත් ඉන්නවා …හැබැයි දැන් ඔය මනුස්සයා එක්ක තමා ඒ lady ජීවත් වෙන්නේ ..”

“විශ්වාස කරන්නත් බෑනේ ..අපේ බොස් බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නව නේ .”

ඒ එක්කම මලිතිට මතක් උනේ ගීත් කියපු දේ.බොරුවක් කියලද ලොකුවට ගණන් ගත්තේ නැති වුණාට බලන් යද්දි මේ සේරම ඇත්තනේ කියලා මලිතිට එහෙම හිතුණා.

මලිති කාර්‍යාලයට යනකං මේ දේවල් ගැන කල්පනා කරා….

“මොකද බ/න් අහස පොළොව හැට ගහන්න වගේ කල්පනා කරන්නේ ..”

මලිතිගේ වෙනස තේරිලා සමාරා එහෙම ඇහුවා..මලිති දැකපු හැමදේම සමාරා එක්ක කතා වෙද්දි එතැනට කාර්යාලයේ වැඩ කරන සුළු සේවකයා ආවා ..

ඒ සේවකයා අහන් හිටපු හැමදේම එතනින් ගිහින් කාර්යාලයේ වැඩ කරන ගීත් ඇතුළු පිරිසට රස කර කර කිව්වා …

මේ රස කතාව කාර්යාලය පුරා ලැව් ගින්නක් වගේ පැතිරෙන්න වැඩි මොහොතක් ගියේ නෑ…

” කොහොමද බොස් …මාරුවැඩ කාරයා නේද ?..”

“උ/ඹ/ලා අපි කිව්වම නම් විශ්වාස කරේ නෑනේ..”

“කොහොම විශ්වාස කරන්නද ?..ඒ ලේඩි ඒ මදිවට ක්ලිනින් කරන් කෙනෙක්ලූ?….හිතන්නවත් පුලුවන්ද?..

“ඒකනේ කියන්නේ..මිනිස්සුන්ගේ ජොබ් එකෙන්.මිනිස්සු මනින්න හොඳ නෑ…ඒත් දරු පව්ලක් තියාගෙන මේ වගේ ගෑනු කෙනෙක් එක්ක එකට ජීවත් වෙන්න මේ මනුස්සයාට පි/ස්/සු/ද?…”

“අනේද කියන්නේ…?බොස්ගේ සිහි විකල් වෙලාද කොහෙද?._,අච්චර හොඳ වයිෆ් කෙනෙක්.ඉන්දැද්දී…”

“අපි හොඳ වැඩක් කරමු.බ/න්…”

“ඒ මොකක් ද ?..”

“බලන් ඉ/ඳ/ප/න්/කෝ…”

“උ/ඹ/ට පිස්සුද බන්…ඕක කරන්න එපා…”

“එහෙම අවුලක් වෙන්නේ නෑ .බොරුවට බය වෙන්න එපා බ/න්…”

ගීත් දිහා සුමේධ බලන් හිටියේ දෑස් විසල් කරන් පුදුමයෙන්..

මේ අතර කාර්‍යාලයේ සේවය කරන ගිහාන් ඊමේල් පණිවිඩ එකින් එක පරීක්ෂා කරමින් සිටියා…

එක්වරම ලැබුණු ඒ ඊමේල් එක දැකලා ගිහාන් තරහෙන් දැවෙන්න ගත්තා…

මේ මොකක්ද මේ..

කරුමය අනියම් ආදරයක් ලෙස හෝ ඔබ සොයා පැමිණිය හැක…

කවුද වෙබ් පේජ් කාරයෙක් හදාපූ පෝස්ට් එකක්…
අනියම් සම්බන්ධකම් වලට දෝෂාරෝපණය කරමින් සාදා තිබූ ඒ පෝස්ට් එක කවුද මට මේ එවලා තියෙන්නේ…

ඒ ඊමේල් ඇඩ්‍රස් එක හඳුනන කෙනෙක්ගේ නම් නෙමෙයි..

කවුද ගෑනු ළමයෙක්ගේ නමින් සාදපු ඊමේල් ඇඩ්‍රස් එකක්…

කාටද මේ මාව විහිළුවක් වෙලා තියෙන්නේ ගිහාන් කල්පනා කරන්නට වූවා…

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

චේතනා කාර්‍යාලය අවසන් වී ආ මොහොතේ ඉදන් චේතනාගේ පුතා දනූෂ් උන්නේ චේතනාට රවමින්…පුප්පමින්…

චේතනා රෑට කන්න හදපූ ඉට්ලි පුතාගේ අතට ගෙනත් දුන්නේ ඒකට හේතුව කුමක්ද කියලා කල්පනා කරන ගමන්….
චේතනාගේ පුතා චේතනා දීපු ඉට්ලි පිඟාන බිම පොළවේ ගැහුවේ චේතනා තිගස්වමින්..

“ආඩවනේ…යේ මොකක්ද කළේ දනූෂ්?.පයිත්තියම් ද අප්පා..”

චේතනා දනූෂ්ට කෑගහන්න ගත්තේ ළඟදී ඉදලා දනූෂ්ට වෙලා තියෙන්නේ මොනවාද කියලා හිතාගන්න බැරුව..

“මට මුකුත් වෙලානෑ ..මේ ගෙදර ඉන්න එ/වු/න් තමා ළඟදි ඉදලා පි/ස්/සු නටන්නේ..?..”

“මොකක්ද දනූෂ් යේ කියන්න හදන්නේ?..”

“අම්මා කරන දේවල් ගැන මට වඩා අම්මා දන්නවානේ..මට පාරේ බැහලා යන්න බෑ..මිනිස්සු ජ/රා කතා කියනවා..”

පුතාගේ කතා අහලා චේතනාගේ ඇස් පුදුමෙන් විසල් වෙලා…

“යේ මොනා කියනවාද දනූෂ්…”

“අම්මා මිනිස්සුන්ගේ ගෙවල් වල වැඩට යනවා කියලා යන්නේ ව*ත්ත කමේ කියලා මිනිස්සු කියනවා..”

“යේ මිනිස්සුන්ගේ බොරු දනූෂ්..ඉරිසියාවට තමා කියනවා…”

“අර සෙන්ට් ස්ටීපන් රෝඩ් එකේ මහත්තයා එක්ක අම්මාගේ මොකක්ද තියෙන සම්බන්දේ..?”

දනුෂ් එහෙම කියපු ගමන් චේතනා තිගැස්සී ගියා..ඒ කියන්නේ දනූෂ් මේ සේරම හොයාගෙන ඉන්නේ..මම දැන් මොකක්ද කරන්නේ චේතනා දහ අතේ කල්පනා කරන්න ගත්තා.

“යේවා බොරු කතා…”

චේතනා කීවේ දනූෂ්ට මුහුණ දෙන්න බැරුව අහක බලාගෙන…

“මම සේරම දන්නවා.ඒ මිනිහා එක්ක ෆිල්ම් හෝල් අස්සේ යනවා සුමන් දැකලා තියෙනවා..ලැජ්ජ නැද්ද අම්මේ…මෙච්චර කල් හොඳට ඉඳලා මේ වගේ දෙයක් කරගන්න..මම කොහමද පාරේ බැහලා යන්නේ…”

චේතනා සද්ද නොකර බිම බලාගෙන ඉන්නවා තරුණ පුතාට මුහුණ දෙන්න බැරුව…

“මට තව ලැජ්ජා වෙන්න බැ…මේකේ දෙකෙන් එකක් වෙන්න ඕනේ..”

“යේ කිව්වේ …”

“එක්කෝ අම්මා ඔය සම්බන්ධේ නවත්වලා ඉන්න ඕනේ..නැත්නම් ඔය මිනිහාව බැඳලා උ/ගේ ගෙදරට යන්න ඕනේ…”

පුතා මේ වගේ දෙයක් කියයි කියලා චේතනා කවදාවත් හිතුවේ නෑ..

“පුතා උ/ඹ/ට මොකාද මම මොනවා කරත් ..උ/ඹ/ලා ජීවත් වෙන්නේ මම හම්බ කරන සල්ලි වලින්…”

“මේ චේතනා මම මෙච්චර වෙලා කටපියන් ඉටියා..අපි ඉටියාට මුකුත් දන්නේ නෑ කියලා යිතන්න එපා..මටත් ඒ සේරම ආරංචි..කොල්ලා කියනවා හරි..උ/ඹ/ට මෙහේ යින්න ඕනේ නම් ඕක නවත්වන්න ඕනේ.ඒ මිනියා ඕනේ නම් ඒ මිනියා බැඳගන්න ඕනේ..,උ/ඹ/ගේ වැඩ නිසා ඉතේ අමාරුවට මේකා බීලා එන්නත් අරන්..උ/ඹ අද දෙකෙන් යෙකක් කරන්න ඕනේ…”..

අම්මාගේ වදන් අහලා චේතනාගේ මුහුණ අඳුරු වුණා …

දැන් මම මොකක්ද කරන්නේ..චේතනා මොහොතක් කල්පනා කරන්න ගත්තා…

කොච්චර කල්පනා කරත් තීරණයක් ගන්න බැරි වෙච්ච චේතනා ගිහාන්ට ඇමතුමක් ගත්තා..

“හලෝ චේති කියන්න..”

“ගිහාන්…”

චේතනාගේ හැඩුම්බර කටහඬ ඇහිලා නිදා උන්නු ගිහාන්ගේ නිදිමත පහවෙලා ගියා…

චේතනා අම්මයි පුතායි කියපු දේවල් අකුරක් නෑර ගිහාන්ට කීවා..,ඒ දේවල් අහලා ගිහාන්ගේ හදවත මොහොතකට නතර වුණා..

දැන් මම මොකක්ද කරන්නේ ගිහාන් මද වෙලාවක් කල්පනා කළා..

හමුවෙමු මීළඟ කොටසෙන්