10 කොටස
විනාඩියක් දෙකක් නැ..අඩහොරාවකටත් ආසන්න කාලයක් රාගව් මගේ දෙතොල් පෙති අතරේ පැටලුනේ..මට මාවත් අමතක කරවමින්….
ම්…………මොකො මේ හැන්ගෙනේ…
මොකො මේ සුදු මැණිකේ රතු වෙලා…දැන් නම් සුදු මැණිකේ නෙවෙයි රතු මැණිකේ වගේ…
මගේ දෙතොල් පෙති එයාගේ දෙතොල් මතින් නිදහස් කරලා.රාගව් මගේ වත එයාගේ දෑතට මැදි කරගෙන ඇහුවේ මාව ලැජ්ජාවෙන් තවත් රතු වෙද්දී……
මන් එයාගේ දැතින් මිදිලා එයාගේ ගෙල පාමුලින් හිස හොවාගන්න වුනේ මට එයාගේ මුණ බලන්න තරම් හයියක් නැති නිසා …
මේ..බලන්න …
කෝ කිව්වහම අහන්නකෝ…
රාගව් කොච්චර මට කතා කරත් මන් පොඩ්ඩක්වත් ඔලුව උස්සන්නේ නැතුව තවත් තවත් එයාට තුරුල් උනෙ එයාගේ බෙල්ල වටේ දෑත් යවන ගමන්…
කියන්න මන් අහන් ඉන්නේ……
කියනදේ අහලා පොඩ්ඩක්වත් මෙහෙ බලන්න….
රාගව්ගේන් බෙරෙන්න බැරි පාර මන් එයාගේ තුරුලේන් මෑත් උනේ ..එයා මාව උස්සලා එයා ඉදගෙන හිටපු තැනින් තියලා නැගිටලා මට පිටුපාලා හිට ගනිද්දි…
ම්…..ඉස්සෙල්ලාම මන් සමාව ඉල්ලනවා මට එච්චර ආදරේන් සලකපු ඒ අම්මාටයි අප්පච්චීටයි ඔයාටයි බොරු කියන්න වුනාට..
මොක්කද ඔ…ඔයා මේ කියන්නෙ……මොක්කද ඔයා කිව්ව බොරුව..
ඇත්තම කියනවනම් ඔයාට ඩින් සර් එන්න කිව්වේ නෑ ……
මොකක් ……….
රාගව් කරපු දේ ගෑන තරහක් ආවත්…මන් එක මැඩගත්තෙ එයා ඉලගට කියපු දේත් එක්ක…
ඔව් මන් එහෙම කිව්වේ .මට ඔයාව ගෙදරින් එලියට ගන්න වෙන ක්‍රමයක් තිබ්බේ නැති නිසා..මන් පහුගිය දවස් ටිකේම ඔයාට කොච්චර කෝල් කලත් ඔයා අන්සවර් කරෙ නැති හින්දයි මන් ඔයා හොයාගෙන ආවේ .මොකද මට ඔයා එක්ක කතා කරන්න වැදගත් දෙයක් තියනවා..
ඔ..ඔයා..කො..කොහොමද මන් ඉන්න තැන දන්නේ ..
එක වැඩක් නැනේ..මන් කොහොම හරි හොයා ගත්තානේ..අනික හැටේවත්තේ රාගව්ට ඕවා සුලු දේවල්…
මන් ඔයාට කියන්න හිටියේත් ඒ ගැනමයී..
මොක..මොකක් ගැනද…..
ඔයා මට ආදරේ කරාට මන් කවුද කියලවත් දන්නවද දරුවෝ ……
මො..මොකක්ද ……
මට දැනුනේ මාව නිකන් කරකවලා අතැරියා වගේ..රා…රාගව් කො…කොහොමද දන්නේ කියාල..මොක්කද මන් කවදාවත් එයාට එහෙම දෙයක් ඉගියකින්වත් ඇගෙව්වේ නෑනේ..එදා එයා සිහිය නැතුව හිටපුදවසේ මිසක්….
මොක්කද දරුවෝ මේ බය වෙලා..
ම්…..මන් බය වෙන්න දෙයක් කිව්වද…
රාගව් එයාගේ සාක්කුවෙන් ලේන්සුවක් අරන් මගේ මුව හා ගෙල දෙපස නැගුන දාබිදු පිහිදැම්මේ.මට බයට කටේ කෙලත් හිදෙද්දී..
ඔ..යා කොහොමද දන්නේ මන්..ඔ..ඔයාට ..
ශ්………
ඉස්සෙලාම මන් කියන දේ අහන් ඉන්න..
ඔයා ඔය හිතේ තියන අදහස හිතින් අතැරගන්න දරුවෝ ….
රා..රාගව් ……..
එතකොට ඔයා දැන්…ටිකකකට කලින් මාව…
අනිත් හැමදේම අතාරින්න…
නිකමට හිතන්න….
මට තාම අවුරුදු දහඅටක් ලැබුවා විතරයි .එත් ඔයා..ඔයාට අවුරුදු විසිඅටක් වෙනවා…ඔයා හිතනවද ඔයාලගේ ගෙදරින් මට ඔයාව දෙයි කියලා…මාදි..
ඔයා දැන් කියයි වයස කියන දේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා..එත් අපි තාම ජිවිතේ වෙනේ සාම්ප්‍රදායික විදිහට හිතන මිනිස්සු ජීවත් වෙන සමාජෙක.ඉතිං ඔයා හිතනවද මාදි අපිට කවදාවත් එකතු වෙන්න පුලුවන් කියලා..ම්…
ඇති තව වචනයක්වත් කතා කරන්න එපා.
මන් අඩාගෙන වාහනට නැග්ගේ ..රාගව් නිහඬව වහනේට ගොඩවෙලා වාහනේ ඉදිරියට ගනිද්දි……
මතුසම්බන්ධයි