Episode 10
එක් වරම සිතට ආ සිතුවිල්ලකට අනුව ඔහු ඇමතුමක් ගත්තේ සිය ප්‍රධානියාටය.
කීප වාරයක් ඇමතුම් ගනිද්දී,අනෙක් පසින් ඔහුට සිය ප්‍රධානියාගේ හඬ ඇසිණි.
“හෙලෝ රත්තා.මොකෝ මේ හදිසියේ”.
“මැඩම් පොඩි කේස් එකක් “.
“පොඩි කේස් එකක් ඒ මොකක්ද ?”.
ඇයගේ හඬ එක්වරම ගැස්සී ගිය අයුරු රතු මහත්තයාට දැනිණි.
“මැඩම් කඩුවල ඩීමන් ගේ ගෝලයා වසන්තව දන්නවනේ .උ/ගේ බඩු වගයක් පොලීසියට මාට්ටු වෙලා ..”.
” පරිස්සමින් වැඩ කරන්න බැරි බබ්බුන්ට බඩු සප්ලයි කරන්න එපා කියලා මං හැමදාම කියනවා .ඕකෙන් මේකෙන් වෙන්නේ මගේ බෙල්ල ගහලා යන එක .”
ඇයගේ හඬ කෝපයෙන් වෙව්ලන බව රතු මහත්තයාට දැනුණි.
“මේකයි මැඩම් වසන්ත ,ගෑ/නි/යෙ/ක් ගේ අතේ බඩු වගයක් යවලා පොට් එකකට “.
“ඉතින්”
“යවලා තියෙන්නේ ඒ ගෑනු කෙනාගේ ඇඳුම් ඇතුලට දාලා මහල.කාටවත් හොයාගන්න බැරි විදියට .එකපාරටම පොලිසියෙන් අල්ලගෙන මටනම් හිතෙන්නේ කවුරුහරි ඔත්තුවක් දීලා…”
රතු මහත්තයා එසේ කියද්දී ඇය මද වේලාවක් නිහඬව සිටියාය .
මේ තරම් සූක්ෂම අන්දමට සිදු කරා නම් පොලිසියට හසු වීමට කිසිම ඉඩක් නැති බව ඈට සිතුනි.
“හ්ම්……අනිවාර්යයෙන්ම ඔය කියන විදියට මටත් හිතෙන්නේ කවුරුහරි ඔත්තුවක් දීලා කියලා.ඒත් ඒ කෙනා ඩීමන්ලා වසන්තල එක්ක ඉන්න කෙනෙක් වෙන්න ඕන “.
“ඒක තමයි මැඩම් මටත් හිතෙන්නේ.”.
“රත්තා ,ත/මු/සේ ඉක්මනටම ඩීමන්ට කියනවා හදිස්සිය හරි ඩීමන්ව අහුවුනොත් ත/මු/සෙ/ව අහු කරන්නැතුව ශේප් වෙනවා කියලා .ත/මු/සෙ/ව අහුවුනොත් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ.”
“මම ඩීමන් ට ඒක කලින්ම කිව්වා මැඩම්.මැඩම් මේ ගැන ගන්න ඕන නිසයි කතා කෙරේ “.
“හ්ම්ම්ම්.. අපි සේරම පරිස්සම් වෙලා ඉන්න ඕනේ රත්තා.ඒත් කලබල වෙලා වැඩේ අනා ගන්න එපා.ඩීඅයිජී අභයගුණවර්ධන ඉන්නකම් අපිට බය වෙන්න දෙයක් නෑ..රත්තා ගාව මහත්තයාගේ නොම්බරේ තියෙනවනේ .ඩීමන් හදිසියේ හරි පොලිසියට අහු උනොත් ඌ කට අරින්න කලින් රත්තා ඩී.අයි.ජී මහත්තයට කතා කරලා ගොඩින් විසඳ ගන්න බලන්න.මම පොඩි වැඩ වගයක හිර වෙලා ඉන්නේ .මම තියනවා “.
“හොඳමයි මැඩම්”
එක කුඩා සුළු අතපසුවීමකින් සියලු දෙනාවම පොලිසියට කොටු විය හැකි බව ඔහුට සිතුනෙන් ,සිය ගෝලයන් පිරිස කැඳවා ඉදිරියේදී ප්‍රවේසමෙන් වැඩ කරන ලෙස කිව යුතුයැයි රතු මහත්තයා කල්පනා කළේය.
💓💓💓💓
ඇය පදවමින් උන් හොන්ඩා ෆිට් හයිබ්‍රිඩ් රිය එක්වරම ලිබර්ටි සාප්පු සංකීර්ණයේ නවත්වද්දී දිසෙන් ඈ දෙස බැලුවේ එහි යන බවක් මීට පෙර නොකියු නිසාය.
ඈ රියෙන් බසිද්දී ඔහුත් බැස ඇය පසුපසින් ගියේ ඈට කිසි විටෙක තනි වීමට ඉඩ නොදෙන ලෙස ඇගේ පියා දැන්වීමත් එය තමාගේ රැකියාවත් නිසා ය .
පාරෙ යන එන තරුණයන් ඇය දෙස බලා සිටින්නේ කිසිදිනක වෙනත් තරුණියක් නොදුටු පරිද්දෙන් යැයි ඔහුට සිතුණි .
තරුණයන් පමණක් නොව අනෙකුත් කාන්තාවන්ද ඈ දෙස බලන්නේ ඇය බොහෝ සෙයින් රූමත් නිසා යයි දිසෙන්ට සිතුනි .
අන් තරුණයින් ඈ දෙස බලද්දී ඔහුගේ හිතට මේ ආකාරයේ තිගැස්මක් දැනෙන්නේ ඇයි දැයි කල්පනා කරමින්ම ඔහු ගියේ ඈ ඇතුළු වූ වෙළෙඳ කුටිය තුළටය.
ඈ එම පොත් සාප්පුවට ඇතුල් වූයේ ඇයි දැයි ඔහු කල්පනා කරන්නට වූවේය .
ඈ හිමින් හිමින් පොත් තෝරද්දි ඔහු පසෙකට වී බලා සිටියේ සමාජ ශාලාවලට යන එවන් යුවතියක් පොත් කියවීමට කැමති යැයි කිසි ලෙසකින්වත් නොසිතුව නිසාය .
පැය බාගෙකට වඩා වැඩි කාලයක් ඇය පොත් තෝරද්දි ඔහු සිටියේ ඇය දෙසම බලා සිටිමින්.
කෙතරම් වේලාවක් ඈ දෙස බලා සිටියත් එපා නොවෙන තරමට ඈ සුන්දර යැයි ඔහුට සිතුණි.
ඇගේ තද දුඹුරු බෝල ඇස් ,මනබඳින සිනහව ,සිහින් දිගු රතැඟිලි, ඔහුව වෙනම ලොවකට ගෙන යන්නාක් මෙනි .ඇය ඔහු බලන අයුරු නොදුටුවේ ඇයගේ නෙත් පොත් වලම වූ නිසාය .
අවසානයේ දී ඇය ආවේ පොත් වලින් පිරුණු ලොකු බෑගයකි දෝත දරාය .එහි පොත් විස්සකට වඩා තිබෙනවා දුටු ඔහුගේ දෑස් විසල් වුණි.
“මොකෝ පුදුම වෙලා වගේ බලන් ඉන්නේ .ඇයි අපි පොත් කියවන් නෑ කියලද හිතුවේ.”
ඇය කීවේ ඔහු දෙස සීතල රැවුමක් පාකරමින් .ඔහු නිහඬව මද සිනාවක් පාමින් පොත් බෑගය වෙත අත දිගු කරේ එය ඔහුගේ අතට ඉල්ලමින් .
“ඔයා මගේ බොඩිගාඩ් විතරයි .සර්වන්ට් නෙමෙයිනේ .”
ඔහුගේ අතට බෑගය නොදීම ඇය එය රැගෙන ගියේ ඔහුගේ සිතට තරහවක් ගෙනෙමිනි .
ඇගේ ආඩම්බරකමට හිතින් බනිමින්ම ඔහු ඈ හා රිය වෙත ගමන් කළාය .
සෙහන්සා රිය හසුරුවමින් මද දුරක් යද්දී ඔහු අතට ඈ දිගු කළේ ඒ පොත් මල්ලයි.ඔහු විස්මයෙන් ඈදෙස බලා සිටියේ මේ පොත් ඇය මිලදී ගත්තේ තමා වෙනුවෙන් දැයි සිතමිනි ..
“ඔය පොත් මං ඔයාට ගත්තේ.”
ඔහු පොත් බෑගය දෝතින් ගෙන උකුල මත තබාගෙන පොත් එකිනෙක අතට ගෙන පෙරළා බැලුවේය .
“මට කියවන්න බෑනේ මිස් මේවා ඉංග්‍රීසි පොත් නේ”.
“ඒකම තමයි මං ඒ පොත් ඔයාට ගත්තේ.ඔයාට ඉංග්‍රීසි තේරුම් ගන්න පුලුවන්නෙ ටිකක් .කතා කරන්නනේ අමාරු .ඔය පොත් සේරම චේතන් භගත්ගේ. ත්‍රී ඊඩියට්ස් ෆිල්ම් එක ,හාෆ් ගර්ල්ෆෙන්ඩ්,ටූ ස්ටේටස් හින්දි ෆිල්ම් හැදුවේ එයාගේ පොත් වලින් . එයාගේ පොත් ලියල තියෙන්නෙ ගොඩක් සරල භාෂාවෙන්.ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙක්ට එයාගේ පොත් තරම් හොද වෙන ඉංග්‍රීසි පොතක් හොයාගන්න බෑ .කියවලා බලන්න මාර ඉන්ටෙරස්ටින්ග්.ඔයාගේ ඉංග්‍රීසි කොනේලේජ් එකත් වැඩි වෙයි.මම ගාව ඉන්ගිලිෂ් මූවිවල සීඩී වගයක් තියෙනවා.ඔය පොත් කියවන ගමන් ඒවත් බලන්න .ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් හොඳම විදිය ඉන්ග්ලිෂ් මූවි බලන එක .ඉංග්ලිෂ් සිංදු අහන එක. “
ඔහු නිහඬව මොහොතක් උන්නේ ඒ ආදරය දරාගත නොහැකිවය.
ඇය රිය පදවන ගමන් වරින් වර ඔහු දෙස බැලුවත් ඔහු නොබැලු හෙයින් ඈ රිය පදවන්නට වූයේ දිගු සුසුමක් හෙළමින්.
ඈ රියේ සීඩී ප්ලේයර් එකෙන් තෝරාගත් ගීයක් දමන්නට වූයේ ඉන් අනතුරුවය.
🎶🎶🎶🎶
Look into my eyes
You will see
What you mean to me
Search your heart
Search your soul
And when you find me there
You’ll search no more
Don’t tell me it’s not worth tryin’ for
You can’t tell me it’s not worth dyin’ for
You know it’s true
Everything I do
I do it for you
Look into your heart
You will find
There’s nothin’ there to hide
Take me as I am
Take my life
I would give it all
I would sacrifice
Don’t tell me it’s not worth fightin’ for
I can’t help it, there’s nothin’ I want more
You know it’s true
Everything I do
I do it for you
There’s no love
Like your love
And no other
Could give more love
There’s nowhere
Unless you’re there
All the time
All the way, yeah
Look into your heart, baby
Oh, you can’t tell me it’s not worth tryin’ for
I can’t help it, there’s nothin’ I want more
Yeah, I would fight for you
I’d lie for you
Walk the wire for you
Yeah, I’d die for you
You know it’s true
Everything I do
Oh
I do it for you
Everything I do, darling
And we’ll see it through
Oh, we’ll see it through
Oh yeah
Yeah
Search your heart
Search your soul
You can’t tell me it ain’t worth dying for
Oh yeah
I’ll be there, yeah
I’d walk the wire for you
I will die for you
Oh yeah
I would die for you
I’m going all the way, all they way, yeah
🎶🎶🎶🎶🎶🎶
ඒ ගීය වාදනය වන පුරාවට සෙහන්සා ඔහු දෙස දෙඇසට ඉනූ කඳුළු අතරින්ම බැලුවේ ඔහු වරක් හෝ ඇය දෙස බලාවියැයි
සිතුවෙන්.
එසේ නොම වෙද්දී ඈ නිහඬව සිත තදකර ගත්තේ ඔහුට තම ආදරය වටහාගැනීමට තබා තමා දෙස බැලීමටවත් උවමනා නැතැයි සිතමින්.
ගීයේ අරුත වටහා ගන්නට තරම් ඉංග්‍රීසි දැනුමක් තිබූ දිසෙන්ට දැනුණේ ඒ ගීතය තම හදවතේ වැදී නතර වෙනවාක් පරිදි හැඟීමක් .
සෙහන්සා ගේ සිතේ තමා වෙනුවෙන් ලොකු ඉඩක් ඇති බවත් ,ඇය තමාට අසීමිත ආදරයක් දක්වන බවත් දන්නා දිසෙන් ඇය දෙස නොබලා නිහඬවම බිම බලාසිටියේ ඈ දෙස බැලුවොත් තම සිතේ ඈ ගැන පවතින හැඟීම ඈට විනිවිද දැකිය හැකි බව සිතමින් .
ඒ තරම් විසල් ආදරයක් දිසෙන්‍ට දරාගත නොහැකි තරම්ය .දෙදෙනාගේ සිතේ පවතින මේ අප්‍රකාශිත ආදරය දුරදිග යාමට දිය නොහැකිය.එය ආරම්භ වීමට පෙර ම ලොප් කර ගත යුතුය සිතමින් ඔහු උන්නේ සිත ගලක් කරගෙනය…
ඇගේ ආදරය වැඩියෙන් දැනෙන තරමට ඔහු උත්සාහ කළේ වැඩියෙන් ඇයගෙන් ඈත් වීමටයි .
💓💓💓💓
නිවසට වැදී මොහොතකින් යලිත් ඈ කළු පැහැති අත් නැති දනහිසට දිග ගවුමකින් සැරසී සාලයට ආවේ
“මැගිලින් දිසෙන්ට පොඩ්ඩක් කතා
කරන්න “.
යනුවෙන් මැගිලින්ට අණ කරමින් සාලයේ සෝපාවක අසුන් ගනිමින් .
මැගිලින් සෙහන්සා දෙස බැලුවේ නැවතත් ඈ රාත්‍රී සමාජ ශාලා වලට යාමට පටන් අරන් ඇතැයි සිතමින්.
සෙහන්සා දුටුගමන් දිසෙන් පුදුම වී බැලුවේ නිවසට පැමිණ මොහොතකින් යළි ඈ සැරසී පැමිණ සිටි නිසාවෙන් .
“මං ක්ලබ් යනවා .ඔයත් ලෑස්ති වෙන්න ..”
ඈ කීවේ ඔහුව ගණනකට නොගෙන .
ඔහු නිහඬව තම කාමරයට ගියේ ලෑස්ති වී ඉක්මනින් එමටයි .
ඔහු සූදානම්වී සාලයට එන විට ඈ සමග උන්නේ තද නිල් පැහැති දනහිසට වඩා කොට ගවුමකින් සැරසී උන් තවත් රූබර තරුණියක් .
“මම ලෑස්තියි යමූ මිස්”.
සෙහන්සාගේ මිතුරිය තමා දෙස බලා සිටියේ පුදුමයෙන් බව දිසෙන් දුටුවත් ඔහු එය ගණනකට නොගෙන සිටියේ ඉවත බලාගෙනය.
“ශේෂා යමු මගේ කාර් එකේ.”
මිෂ්කා ඇගේ රිය අසලට ගියේ එසේ පවසමින් .මොවුන් දෙදෙනා ඉදිරිපස අසුනට යද්දි දිසෙන් ඉද ගත්තේ පිටුපස අසුනේ ය .
“උ/ඹ නම් මාරයි බං ?කො/ල්/ලාආව කියලා මට කිව්වෙත් නෑ …. .කමක් නෑ කමක් නෑ උ/ඹ/ට හරි යනවා නම් ඉතින් මට හරි ගියා වගේ තමයි ශේෂා”.
“එහෙම එකක් නෑ බං….”.
“කොල්ලා හැබැයි ෆොටෝ එකේ හිටියටත් වඩා පට්ට හැන්ඩියා….. “
“කෑගහන්න එපා ඇහෙයි “.
සෙහන්සා කීවේ ඇගේ හඬ ඉතා සිහින් කරමින්.මිශ්රා ද ඇගේ ඇගේ හඬ සිහින් කර ගත්තේ ඈ අනුගමනය කිරීමෙනි.
“කො/ල්?ලා එදා ජොබ් එකට එන්න බෑ කිව්ව කියලා නේද උ/ඹ කිව්වේ?”.
“ඔ/ව් තාත්තා කතා කරලා කැමති කරගත්තේ.හෙන ආඩම්බරයි “.
සෙහන්සා කිව්වේ ඔහුගේ ආඩම්බර කම සිහිපත්ව ඇගේ මුහුණ හකුලුවාගෙනය.
“එහෙනම් උ/ඹ/ටත් හරි ගියා නේද .ශේෂා?”.
“අනේ වැඩක් නෑ .මගේ දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ”.
“උ/ඹ/ට වැඩක් නැත්තම් මට දී/ප/න්/කො….”
“හිතේ ඇති කටවහන් ඉ/ඳ/ප/න්….. “
“අපි අද ඕ ටු ඕ ක්ලබ් එකට යමු?.”
එම සමාජ ශාලාවට යනකම් ඔවුන් දෙදෙනා හිනැහෙමින් කියවමින් යන අන්දම දිසෙන් බලා සිටියේ සතුටින් .
ඈ සතුට විඳීමට ම උපන් තරුණියකි .තමා හා සිටින විට මැලවී ඉන්නා ඈ මෙලෙස හිනහෙමින් ඉන්නා අන්දම දුටුවිට ඔහුටත් දැනෙන්නේ සතුටකි .
ඈ තමන් නිසා දුක් විඳීමට අවැසි කෙනෙකු නොවන බවත් තමා ඇයගෙන් ඈත්වී සිටිය යුතු යැයි ඔහු සිය සිතට සිහිපත් කළ දුන්නේ ඇගේ මේ සිනහව දුටුමතින්මය.
සමාජ ශාලාවේදී ඈ සිටියේ ඔහුව ගණනකට නොගන්නා පරිද්දෙනි.ඈ සිය මිතුරියට සමාජ ශාලාවකට යාමට කතා කළේ ම ඔහු නිසා රිදවී ඇති තැවුල් සිත නිදහස් කිරීමට උවමනා නිසාවෙනි.
සමාජ ශාලාවේ උන් තරුණයන් කීපදෙනෙක්ම මිතුරියන් පිරිසක් වට කරන් හිඳිනා ඈ දෙස නෙතු යොමු කරන් හිඳින අයූරු දිසෙන් දුටුවේය.
බීමෙන් මත් වූ දෙනෙත්වලින් ඔවුන් එසේ බලා සිටින අයුරු ඔහුට ගෙන ආවේ තරහක්.
ඈ කුමකට මෙවන් සමාජ ශාලාවලට පැමිණෙන්නේදැයි සිතගත නොහැකිව ඔහු සිටියේ කල්පනා කරමින්.
ඉහළ ධනපති පන්තිය මෙසේ නිකරුණේ හිස් දේවල් වලට මුදල් වියදම් කරද්දී ,පහළ මධ්‍යම පංතිකයන් කුසට අහරක් නොමැතිව කෙතරම් දුක් විඳිනවාද එසේ සිතමින් දිසෙන් කල්පනා කරමින් සිටියේය.
යෙහෙළියන් පිරිස හා ඇය නැටුමට යන අයුරු ඔහු බලා සිටියේ විපරමින්.
පසුබිමින් වැයෙන වේග රිද්ම ඉංග්‍රීසි සින්දුවට ඈ නටන්නට වූවේ ඇගේ නිතඹ සොලවමින් .
එතැන සිටි සියලුම යුවතියන් අතර ඈ කැපී පෙනුණේ ඇගේ නැටුමින් හා රූ සපුවෙන් යැයි ඔහුට සිතුණි .ඔහු ඇස් පිය නොහෙලා බලා සිටියේ ඇගේ නර්තන විලාසය ටයි.
ඒ දෙස බලා සිටිනු ඔහු දුටුවේ එක්වරම එතැනට ආ තරුණයෙක් ,ඈට නැටුමට ආරාධනා කරන බවයි .ඔහු නිහඬව බලා සිටියේ ඒ ඇගේ මිතුරෙකු යැයි සිතමිනි.
එහෙත් ඈ අකමැත්තෙන් මුහුණ හකුළුවාගෙන මිතුරියන් සමග එතැනින් ඉවත් වෙන අයුරු ඔහු විමසිල්ලෙන් බලා සිටියේ මේ ඇගේ මිතුරෙකු නොවන බව පසක් වීමෙනි .
ඈ නැවත මිතුරියන් හා ගිය තැනට එම තරුණයා පසුපසින් ආ අයුරුත් ඇය නටද්දී ඔහු ඇගේ අතකින් ඇද ඔහු ලගට ගත් අයුරු දුටු දිසෙන්ගේ _රත්වන්නට ගියේ මද වෙලාවකි.
ඔහු එතැන මැද්දට කඩන් පැන්නේ වියරු වැටුන විලසිනි .
ඔහු එතැනට යද්දී එම තරුණයා සිටියේ ඇගේ මිතුරියන්ගේ බැනුම් මැද්දේම ඇගේ දෑත තදකර අල්ලා ගනිමින් .
” අ/ත/ඇ/ර/පන් ….මාව……..”
ඈ එසේ වේදනාවෙන් කෑ ගසද්දී දිසෙන්ට තවදුරටත් ඔහුව පාලනය කර ගැනීමට නොහැකි විය.
“අ/ත ඇ/ර/ප/න් ඔය කෙල්ලව……..”
“ත/මු/සේ කවුද %% අ/ත ඇ/ර/ප/න් මගේ ෂර්ට් කොලර් එක… .”.
“මම ඔය කෙ/ල්/ල/ගේ බොඩි ගාර්ඩ් .හි/ට/ප/න් මම උ/ඹ/ට හොඳ වැඩක් කරන්න බ%%….මීට පස්සේ කෙ/ල්/ලෙ/ක් ගේ අතින් අදින්න තියා කෙ/ල්/ලෙ/ක්/ගෙ දිහා බලන්න බැරි වෙන්න %%%%”
සෙහෙන්සා තරුණයාගේ දෑතින් මිදුනේ දිසෙන් ඔහුට එකපිට එක එල්ල කර පහරවල් කීපයක් නිසා තරුණයා ගේ ග්‍රහණය ලිහිල් වූ නිසාය.
සෙහන්සාත් ඇගේ මිතුරියන් පිරිසත් දිසෙන් ඔහුට පහර දෙන අයුරු බලාසිටියේ පුදුමයෙනි.
දිසෙන් එම තරුණයාට ගහද්දි එක්වර එතනට පැමිණියේ එම තරුණයාගේ මිතුරන් සිවුදෙනෙකි.
තරුණයාගේ මිතුරන් දිසෙන්ට ගැසීමට එතැනට පැන්නත් දිසෙන් තමාගේ ප්‍රහාරය නතර කළේ නැත .ඔහු එම තරුණයන් පිරිස හා හරි හරියට සටන් කරන්නට වූයේය.
“දිසෙන් ඇති අපි යමු ………”.
සෙහන්සා එතැනට පැමිණ ඔහුගේ අතක එල්ලුනේ ඔහුට කරදරයක් ඇතැයි සිතමින්.
“ඔය කට්ටිය කරගන්න රණ්ඩුවක් මේ ක්ලබ් එකෙන් එළියට ගිහිල්ලා කරගන්න .මේක ඇතුලෙ ගහගෙන අපිට ප්‍රශ්න ඇති කරන්න එපා”.
එතැනට පැමිණි සමාජ ශාලාවේ කලමණාකාරු එසේ කියද්දී දිසෙන් පහර දීම නවතා පසෙකට වූයේ ඔහුගේ කීම සත්‍යයක් නිසාවෙනි.
“උ/ඹ දැන ගනින් උ/ඹ ගැහුවෙ කාටද කියලා .උ/ඹ අත ඉස්සුවේ වසන්තගේ පුතාට …….”
“ඉතින් මට පාන්ද බ/න් .උ/ඹ මොකාගේ පුතා වුණත්…..ඔය කොයිකත් මට ඒකයි. මම එකෙක්ටවත් බය නෑ ය%”
දිසෙන් කීවේ තමා වෙත දබරඇඟිල්ල දිගු කරගෙන සිටින සෙහංසා ගේ අතින් ඇද ඈට කරදර කළ ඒ තරුණයා වෙතයි …….
හමුවෙමු මීලඟ දිගහැරුමෙන්