නපුරු දීගේ
“ඔයාට යන්න අමාරුයි නම් අපි නොගිහින් ඉම්මු පූජා.නංගි තරහ වෙන එකක් නෑ. කෝල් එකක් දීලා කියන්න…”
“මට එහෙම ලොකු අසනීපයක් නෑ ආර්වින්…”
මං එහෙම කිව්වෙ නාගෙන ඇවිත් කණ්ණාඩිය ඉස්සරහට වෙලා කොණ්ඩෙ පීරන ගමන්.ගිය සතියෙ ආර්වින්ට කෘතිම පාදයක් සවි කරා.දැන් එයාට ඒකෙ ආධාරයෙන් තනියම ඇවිදින්න පුලුවන්.
“ඔයාට ඩ්‍රයිවින් කරන්න අමාරුයිනෙ මැණික. මං වාහනේ ගන්නම්…”
ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් එකේ ඉඳන් ගෙදර ඇවිත් සනීප උනාට පස්සෙ මං ඩ්‍රයිවින් පුරුදු උනා.දැන් වැඩිපුරම ආර්වින්ගෙ කාරෙක ඩ්‍රයිව් කරන්නෙ මං.
“මට ඩ්‍රයිවින් කරන්න පුලුවන් මැ/ට්/ටො.බය නැතුව ඉන්නවා.මං හොඳින්.මට එහෙම අසනීපයක් නෑ…”
“එහෙනම් උදේ කිව්වෙ කලන්තෙයි,ව/ම/නෙ යනවා කියලා…”
“ඒ උදේනෙ.අප්පිරියාවෙන් කාපු නිසා වෙන්න ඇති.දැන් හොඳ මහත්තයා වගේ ඉක්මනට ලෑස්ති වෙන්න…”
මං එයාව බබා වගේ ලෑස්ති කෙරෙව්වා.අද අපි රෑ කෑමට ධනුකලාගෙ ගෙදර යන්නයි හදන්නෙ.
දම් පාට ටීෂර්ට් එකට නිල් පාට ඩෙනිම ඇඳලා ආර්වින් හරිම ලස්සනයි.මං ජෙල් ගාලා එයාගෙ කොණ්ඩෙ ලස්සනට හැදුවා. මගෙ මහත්තයා දැන් මනමාල කුරුල්ලා වගේ.කි/ස් දුසිමක් විතර දෙන්න හිතෙනවා.
“බබා මගෙ දිහා බලාගෙන භාවනා කරනවද?…”
එයා මගෙ අතින් අල්ලලා අරගෙන ප/පු/ව/ට හේත්තු කර ගත්තා.එයාගෙ ආදරේට මං හරිම ලෝබයි.දවසින් දවස වැඩි උනා මිසක් කවදාවත් ඒ ආදරේ අඩුවක් උනේ නැහැ.
“දවසක් නෙවෙයි කල්පයක් උනත් මට ඔයාගෙ මූණ දිහා බලාගෙන ඉන්න පුලුවන්…”
මං එහෙම කිව්වෙ එයාගෙ බෙල්ල වටේට අත් දෙක යවලා තවත් තු/රු/ල් කරගන්න ගමන්.එයා මගෙ ක/ට චුට්ටක් හ/ප/ලා බ්ලව්ස් එක පාත් කරා.
“මගෙ හබී දැන් ටිකක් විතර ව$ වෙලාද මන්දා…”
මං එහෙම කිව්වෙ එයාගෙ නහය මි/රි/ක/න ගමන්.
“ව$ වෙන්නැද්ද බ/න් මේවා දකිද්දි…”
එයා කිව්වෙ මාව උස්සලා මේසෙ උඩින් වාඩි කරවන ගමන්.මට බයේ බෑ ඉතින් එයාගෙ කකුලට අපහසුවක් දැනෙයිද කියලා.
“ඔයාගෙ කකුල රිදෙයි මෝ/ඩ/යො මාව උස්සන්න ගිහින්.දැන් මෙතන හුරතල් වෙවී ඉන්න වෙලාවක් නෑ.යමු ඉක්මනට…”
එයා මාව හරහට වඩාගෙන දොර ගාවට ඇවිත් බිමින් තිබ්බා.
අපි දෙන්නා ධනුකලාගෙ ගෙදරට එද්දි රෑ හත උනා.නංගියි ධනුකයි අපි දෙන්නව පිළිගත්තෙ හරිම සතුටින්.ධනුක නංගිව ගොඩක් ආදරෙන් බලා ගන්නවා කියලා මට තේරුනා.එයාලා දෙන්නා සන්තෝශෙන් ජීවත් වෙනවා නම් ගොඩක් හොඳයි.
“ඔයාලා දෙන්නා සතුටින් නේද ඉන්නෙ?…”
ධනුකයි ආර්විනුයි කතා කරද්දි මං නංගිව තනි කරගෙන එහෙම ඇහුවා.
“ඔව් අක්කෙ.ධනුක මට ගොඩක් ආදරෙයි. අපි ගොඩක් සතුටින් ජීවත් වෙනවා.ඔයාලා හැමෝම හිතුවෙ ධනුක මට වෙනස්කම් කරයි කියලනෙ.එයා එහෙම උනේ නෑ අක්කෙ.ඔයා එදා එයාට ආදරේ කරපු තරමට වඩා එයා අද මට ආදරේ කරනවා…”
“මට ගොඩක් සතුටුයි නංගි ඔයාලා දෙන්නා ගැන.මොනවා උනත් ධනුක දැන් හැම දෙයක්ම තේරුම් අරගෙන යහපත් මනුස්සයෙක් උනානෙ.ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඕනි…”
නංගි අපි වෙනුවෙන් ලස්සනට කෑම මේසයක් සූදානම් කරලා තිබුනා.මඟුල් ගෙදරකට වගේ කෑම ජාති ගොඩාක් හදලා තිබුනා.මට මතක් උනේ මීට අවුරුදු කිහිපයකට කලින් ආර්වින් මුලින්ම අපේ ගෙදරට ආපු වෙලාවෙ මං එයා වෙනුවෙන් මගේ අත් දෙකෙන් හදපු කෑම වේල.
කෑම කාලා ඉවර උනාට පස්සෙ ධනුක ආර්වින්ට කුටු කුටු ගගා මාව පෙන්නලා මොකක් හරි දෙයක් කිව්වා.ආර්වින්ගෙ හොර බැල්මෙන් මට තේරුනා ධනුක එයාට මොකක් කියන්න ඇත්තෙ කියලා.
“බබා…”
ධනුක මොකක්ද මන්දා කියලා ආර්වින් මගෙ ගාවට ඇවිත් චාටුවෙන් චාටුවෙන් මොනවදෝ කියන්න ලෑස්ති උනා.මං දන්නවා මෙයා මොකාටද එන්න හදන්නෙ කියලා.
“ඇයි?…”
“මං චුට්ටක් ගත්තට කමක් නැද්ද?අදට විතරයිනෙ.බැහැ කිව්වොත් හොඳ නෑනෙ මැණික…”
“ඇයි බැහැ කිව්වොත් මොනවද වෙන්නෙ?මං ඔයාට කියලනෙ තියෙන්නෙ ආර්වින් බොන්න එපා කියලා.මගෙ ඇ ඟ ට ත් ටිකක් හරි නෑ වගේ.ගෙදර යද්දි ඩොක්ටර් ගාවට යන්න කියලා බැලුවෙ…”
“ඔයාට ආපහු සනීප නැද්ද බබා?අපි එහෙනම් හොස්පිටල් යමු…”
“ඕන්නෑ.ඔයා ඇති තරම් බීලා එන්නකො.මං එහා කාමරෙන් නිදා ගන්නවා.හෙට උදේට ගෙදර යමු.රෑට වාහනේ ඩ්‍රයිව් කරන්න මට බයයි…”
මං කාමරේට යන්න හදද්දි ආර්වින් මගෙ අතින් ඇදලා අරගෙන එයාගෙ ප/පු/ව/ට තු/රු/ල් කරගත්තා.
“ඒයි නපුරි මොනවද මේ කියන්නෙ?ඔයා දන්නවනෙ මැණික ඔයා තරම් මට මේ ලෝකෙ වෙන මොකුත් වටින්නෑ කියලා.මගෙ මැණික අසනීපෙන් ඉන්නැද්දි මට පුලුවන්ද බීලා සතුටු වෙන්න.අපි හොස්පිටල් යමු…”
“හ්ම්ම්…”
ධනුකලාගෙ ගෙදර ඉඳන් අපි කෙලින්ම අපේ ගෙදර නොගිහින් හොස්පිටල් එකට ආවා. උදේ ඉඳන්ම ඇ/ඟ/ට දැනුනු අපහසුතාවය නිසා මං දෙයක් අනුමාන කරත් ඒක මං ධනුකට කිව්වෙ නැහැ.බැරි වෙලාවත් මං හිතපු දේ වැරදියි නම්….. පව් ධනුක.එයාට ගොඩක් දුක හිතෙයි.
අවුරුදු ගානක අපේ බලාපොරොත්තුව ඉශ්ඨ කරමින් ආර්විනුයි මමයි අම්මයි අප්පච්චියි වෙන්න යනවා.එයාගෙ පුංචි පැටියෙක් මගේ කුසේ පන ගැහෙන්න අරන්.මට ඇති උනේ දරාගන්න බැරි තරම් සතුටක්.
අපි කොච්චර දුක් වින්දද දරු පැටියෙක් ලබා ගන්න.දවසින් දවස අපේ කිරි සිහිනෙ දුරට ගියා.අවුරුද්දක් තිස්සෙ අනුරාධපුරේ වෙද ගෙදරට වෙලා බෙහෙත් කරා.ඒත් අන්තිමේදි ඒ අවුරුද්ද ඉවර උනාට පස්සෙ දෛවය අකාරුණික වෙලා අපේ හීනෙ තවත් මාස ගානක් දුරට අරන් ගියා.ආර්වින් සදාකාලික අ/බ්/බ/ගා/ත/යෙ/ක් උනේ අපේ ජීවිත තවත් හඬවමින්.
“මෙයාව ලබා ගන්න අපි කොයි තරම් දුක් වින්දද පූජා.අද නම් මට දැනෙන්නෙ පුදුම සතුටක්.අවුරුදු ගානක් බලන් හිටියනෙ මේ වගේ දවසක් එනකල්.මගෙ මැණික් කැටේ දෝතට ගන්නකල් මට ඉවසුමක් නෑ…”
දරාගන්න බැරි තරම් සතුටක් එක්ක ආර්වින් ඇඳේ ඉඳන් මගෙ කු/ස පුරාම සි/ප ගන්නවා. දරුවෙක් නැතුව එයා කොයි තරම් දුක් වින්දද.කොයි තරම් කඳුලු හලන්න ඇත්ද ඔය ඇස් දෙකෙන්.
“දැන් ඉතින් හැම දෙයක්ම හරිනෙ…”
“නෑ නෑ.මෙයා විතරක් මදී.පහක් හයක්වත් හදන්න ඕනි…”
“අනේ මෝ/ඩ/යො තව පහක් හයක් හදන්න කලින් අවුරුදු ගානක් දුක් විඳලා බඩට ගත්තු මේ ළමයා ගැන හිතනවා.මෙයාව ගන්න අපි කොච්චර දුක් වින්දද.ඔයා කසාය ලීටර් ගනන්නෙ බිව්වෙ.මතකද ඒ කාලෙ?…”
මං එයාගෙ අතට පාරක් ගහලා අතීතෙ මතක් කරලා දුන්නා.
“අම්මෝ අම්මෝ…. මතක නැත්තෙ මොකද?අර පුංචි මැටි ගෙදර අපි දෙන්නා අවුරුද්දක් තිස්සෙ ජීවත් වෙච්චි හැටි මට මැවි මැවි පේනවා…”
මතු සම්බන්දයි