04 වෙනි කොටස🦋
මං දිග හුස්මක් අරගෙන ගෙදරින් එලියට බැස්සේ ආපහු පාරක් ගේ දිහා හැරිලා බලමින්.අම්මා මගේ නම කියලා කොච්චර කෑ ගැහුවත් මන් යන්න ගියේ හිස් හැගීමකින්.
“තාත්තට ඕන මාව එයාගේ ගෙදරින් එලියට ඇදලා දාන්න.මං මේ ගෙදර තවත් ඉන්න එකේ තේරුමක් නෑ.එයාට ඕන එයාගේ දුවව නෙවේ එයාගේ නම්බුව ආරක්ශා කරගන්න.”කල්පනාවේ හිටපු මට ඇහුනේ අක්කගේ කටහඩ.
“මිහානා….”ඇස්වල කදුලු පිහදගත්ත මං අක්කා දිහා හැරිලා බැලුවේ මවාගත්ත හිනාවකුත් එක්ක.අක්කා මන් ගාවට ඇවිත් ඒ අත් දෙකෙන් අල්ලගත්තේ ඇස්වල කදුලු පුරවගෙන.
“මේ අහන්න මිහානා….ඔයා යන්න එපා.මං තාත්තා එක්ක කතා කරන්නම්…එන්නකෝ….අපි තාත්තගෙන් සමාව ඉල්ලමු.”
“නෑ මට බෑ අක්කේ….එයාට ඕන කොහොමහරි මන් මේ දරුවව නැතිකරන්න මට එහෙම කරන්න බෑ.”මෙච්චර වෙලා මන් දිහා බලාගෙන හිටපු ඒ දෑස් යොමුවුනේ මගේ කුස දිහාට.මගේ කුස දිහා බලාගෙන හිටපු අක්කගේ මුවින් ඉබේටම සුසුමක් පිටවුනා.
“මේ අහන්න මිහානා…ඒක තමා දැන් කරන්න තියෙන එකම දේ වගේම හොදම දේ…අනික ඔයා මේ රෑ කියලා කොහෙ යන්නද ඔයාට යන්න තැනක් නෑනේ ප්ලීස් මිහානා මං කියන දේ එක පාරක් අහලා අපි යමු තාත්තගෙන් සමාව ගන්න.”
“මට යන්න තැනක් තියෙනවා අක්කා මං යන්නේ මගේ ආදී ගාවට.”මං එහෙම කිව්වේ ආපහු සැරයක් ගේ දිහා බලාගෙන.
“ඒත් මිහානා තාත්තා ඔයාට කිව්වා ආපහු ගියොත් අය මේ ගෙදරට ඔයාට එන්න එපා කියලා.”අක්කා කියපු දේට මගේ මූනේ ඇදුනේ හිනාවක්.මං හිනාව මූනේ රවදගෙනම….
“මට ආපහු එන්න ඕන නෑ අක්කා…මාව එලවපු තැනකට මං කවදාවත් එන්නේ නෑ…”
“ඒත්….”.
“කමක් නෑ අක්කේ ආදි මාව බලාගන්නවා ඒක මට විශ්වාසයි එයාගේ කැම්පස් එකේ ෆයිනල් එක ඉවර වුනාම එයා මාව මැරි කරයි.”
“ඔයාට ඔය ආදිව හොදටම විශ්වාසද මිහානා….”අක්කා අහද්දි මං කරේ ඔලුව වනපු එක.
“ඔව් ආදී කැම්පස් එකෙන් අවුට් වුන ගමන්ම අපි දෙන්නා මැරි කරනවා.ඔයා අනිවාරෙන්ම අපි දෙන්නගේ වෙඩින්ග් එකට එන්න ඕන.ඔයා එනවා නේද…”අක්කා මොකුත් කියන්නේ නැතුව මගේ මූනට වැටිලා තිබුන කෙස් රොදක් කන දෙපස රැදෙව්වේ හිනාවෙලා.
“අනිවාරෙන්ම මිහානා.මං එනවා.”ඒත් එක්කම මට ඇහුනේ ගොරවන සද්දෙ.ඒක නිසාම අක්කා අල්ලගෙන ඉන්න තමන්ගේ අත ඇරපු මම…..
“වැස්සක් එන්න වගේ මං වැස්සට කලින් යන්න ඕනේ….”මං. එහෙම කියනවත් එක්කම අක්කා එයාගේ සාක්කුවේ තිබ්බ සල්ලි වගයක් මට දික් කරේ ගන්න කියන්න වගේ බැල්මක් මූනේ රදවගෙන.
“ඔයාට සල්ලි ඕන වුනොත් මට කියන්න..”මගේ මූනේ ඇදුනේ හිනාවක්.
“මට සල්ලි එපා මගේ ආදී ගාව සල්ලි ගොඩක් තියෙනවා.ආදී මගේ තාත්තටත් වඩා පොහොසත්…”මං එහෙම කියනවත් එක්කම අක්කා මං දිහා බැලුවේ ඇහි බැම රැලි කරගෙන ප්‍රශ්නාර්තයක් මූනේ රදවගෙන.
“කැම්පස් එකේ ඉගෙන ගන්න ස්ටුඩන්ට් කෙනෙක් අපෙ තාත්තටත් වැඩිය පොහොසත්ද…”අක්කා ඇහුවේ පුදුමෙන්.
මාත් නොකීවට ඉන්නේ ගොඩක් පුදුමෙන්.ආදීට එච්චර සල්ලි ගොඩක් කොහෙන්ද කියන එක තාමත් මගේ හිතේ වදදෙන ප්‍රශ්නයක්.ඒක මං මගේ හිතෙන්ම අහලා ඇති ඕන තරම්.මං මගේ පරස් එකෙන් සල්ලි වගයක් අරගෙන අක්කා අතේ තිබ්බේ….
“තාත්තට ආපහු දෙන්න…”අක්කා ටික වෙලාවක් මං දිහා බලාගෙන හිටියේ නලල රැලි කරගෙන.දිග හුස්මක් ගත්ත අක්කා…
“ඔයා දන්නවද මිහානා ඔයා මේ මොකක්ද කරන්නේ කියලා…”
“ඔව් අක්කා මං දන්නවා මං කැමති නෑ සල්ලිම ජීවිතේ කරගත්ත කෙනෙක්ගෙන් යැපෙන්න.අනික මගේ ආදිට මාව බලාගන්න පුලුවන් තරම් සල්ලි තියෙනවා.”මං එහෙම කියලා හැරුනේ ආයෙ කවදාවටත්ම මේ ගෙදරට අඩිය තියන්නේ නෑ කියලා තමන්ගේ හිතටම පොරොන්දුවක් දීලා.මට ඕන වුනේ ඉක්මනට ආදී ගාවට යන්න…
“තමන්ගේ දුවට වඩා සල්ලි ලොකු වුන කෙනෙක්ට තාත්තා කියන්නවත් බෑ.මං හිටියොත් තවත් ඒගෙදර් මාවත් විකුණයි.”මං හිතුවේ වේදනාවෙන්.
“ඔබ අමතන දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත.කරුණාකර පසුව අමතන්න…”මං කේන්තියෙන් පෝන් එක කට් කරේ 12වෙනි පාරටත් මට ඇහුනේ එකම දේ නිසා.
“ආදී ඔයා කොහෙද…”සීතලට ගැහෙද්දි මං ආදිගේ ගේ දොරකඩට වුනේ දරාගන්න බැරි සීතලකින් මගේ ගතම වෙවුලද්දි.වේගෙන් වැටෙන් වැහි බිංදු වලින් මගේ ගතට වැටුනේ මගේ ඇස් වලින් එක දිගට කදුලු ගලාගෙන යද්දි.ගතට දැනෙන තෙහෙට්ටුවත් එක්කම මං දොරකඩෙන් වාඩිවුනේ ඇගට දැනෙන දැඩි සීතලත් එක්ක.
💫මතු සම්බන්ධයි💫