වයිෆ්

26 වන කොටස

කොහොමද මේ ඇඳ යටින් සද්දයක් ආවේ ..

කවුද මේ ඇඳ යට ඉන්නේ ..

ලක්ෂිකාගේ හිතට ඇති උනේ ලොකු කුතුහලයක්….

ලක්ෂිකා වැතිරිලා උන්න ඇඳෙන් නැගිට්ටා….

බිම යටට පාත්වෙලා බැලුවා….

ඇඳ යට පේනන කවුරුවත් නැහැ .. ..

එහෙනම් මොකක්ද මේ සද්දයක් එන්නේ…

ලක්ෂිකා විමසිල්ලෙන් වටපිට බැලුවා…

ඒත් එක්කම ආයේමත් ඇඳ පැත්තෙන් සද්දයක් ආවා..

ඒ ගමන සද්දේ එන්නේ ඇඳ ඇතුළින් වගේ….

මෙට්ටය ඔසවලා බැලුවාම ලක්ෂිකාගේ ඇස් දෙක විසල් වුනා….

ඇඳ යට මීයෙක් හැංගිලා…

ලක්ෂිකා මීයාට බයේ කෑගහන්න ගත්තා….

“චමිල…මේ ..එන්නකෝ…මේ බලන්නකෝ..

මීවිත සාජ්ජේ හිටපු ගිහානුයි චමිලයි ඒ කෑගැහිල්ලට ගැස්සිලා ගියා…

“ලක්ශිකාට මොකක්ද උනේ…”

චමිලට වඩා කලබල වෙලා ඉන්නේ ගිහාන්..

ගිහාන්ගේ පපුව දැන් නම් වේගයෙන් ගැහෙනවා. ……

කාමරේ පැත්තෙන් නේද ඒ සද්දේ ආවේ?…

මලකෙලියයි ජූලි හතයි….

දැන් සේරම ඉවරයි….

ලක්ෂිකා කාමරේට ගිහින් වගේ…

ලක්ෂිකා කාමරේට ගියානම් අනිවාර්‍යයෙන් චේතනාව දකිනවා….

දැන් මම මොකද කරන්නේ ….

ගිහාන් හොඳටම බය වෙලා…

“ලක්ෂිකාට කරදරයක්ද දන්නෑ…”

“අර කාමරේ පැත්තෙන් සද්දේ ආවේ….”

චමිල කලබලයෙන් ගේ ඇතුළට ගියා…

ගිහාන් ඊට වඩා හයියෙන් ගේ ඇතුලට ගියා ……

දැන් ගිහාන්ගේ හෘදස්පන්දනය හොඳටම වැඩි වෙලා..

දෙන්නා ලක්ෂිකා ඉන්න කාමරයට ගියා …

ලක්ෂිකා බිත්තිය අයිනට වෙලා ඇඳ දිහා බයවෙලා බලාගෙන ඉන්නවා …

ඇඳේ මෙට්ටේ බාගෙට අයින් කරලා ඇඳ පොලු අයින් කරලා කියලා ගිහාන් දැක්කා ..

ඉවරයි ඉවරයි….සේරම ඉවරයි …..

මම කර මුලටම අහු වෙලා තියෙන්නේ ………

චේතනාට ඇඳ යට හැංගිලා ඉන්න කියලා මම ගියේ…

ලක්ෂිකා චේතනාව දකින්න ඇති…

මම දැන් මොකක්ද කරන්නේ ?…

මොකක්ද කියන්නේ… .

කෝ ඒත් එහෙනං චේතනා ..

චේතනා පේනනවත් නෑනේ …

ලක්ෂිකාට අහුවුණාම චේතනා පැන්නවත්ද?…

ඒ චේතනා කොහෙටද ගියේ ……

එළියට ගියා නම් අපි දකිනවා නේ…

ගිහාන් එහෙම කල්පනා කරා ….

ගිහාන් හිටියේ හොඳටම බීත වෙලා…

“මොකද… මොකද ලක්ෂිකා ඇයි මොකද්ද උනේ …”

“අර ඇද යට…සද්දයක් ඇහුනා …මම පාත් වෙලා බැලුවා…”

දැන්නම් ගිහාන් හොඳටම ගල් ගැහිලා …

මගේ නම්බුව සේරම ඉවරයි…

“ක..වු…ද ඇ..ඳ යට හිටියේ….?”

ගිහාන් එහෙම කිව්වේ නෑ ඒත් ගිහාන්ට එහෙම කියවුණා…

ගිහාන් එහෙම අහපු ගමන් චමිල එක්වරම ගිහාන් දිහා බැලුවා…

මේ වෙන කිසිම දෙයක් චමිලට තේරුම් ගන්න බෑ……

“මොකක්ද වුනේ ලක්ෂිකා කියන්න..”

“චමිල මම අර ඇඳේ නිදාගෙන හිටියා…සද්දයක් ඇහුනා …ඇද යට බැලුවා..ඇඳ යට කවුරුවත් නෑ ..ආයේ ඇඳේ හාන්සි උනාම ආයෙමත් සද්දයක් ඇහුණා …
ඇඳ පොලු උස්සලා බැලුවමයි දැක්කේ ඇඳ යට ලොකු මීයෙක් ඉන්නවා …”

ඇති යන්තම් ….මේ ලක්ෂිකා මාව හොඳටම බය කරා…

මේ මීයා දැකලද ලක්ෂිකා මෙච්චර ඳගලලා තියෙන්නෙ…

ගිහාන්ගේ ඇඟට _ටිකක් ඉනුවේ එතකොට තමයි.

“අයියෝ මේ මීයා දැකලාද මෙච්චර දැඟලුවේ…?..”

චමිල මීයාව එලවන්න හැදුවා …..

ඇඳ යට හිටපු මීයා මුලු කාමරේ පුරාම දුවන්න ගත්තා …

ලක්ෂිකා බයෙන් සාලෙට ගියා..

ගිහාන්ට සැනසීමක් දැනුනේ නෑ චේතනා ගැන හිතලා..

චේතනා ට මොකක්ද වුණේ….

මේ රෑ තිස්සේ කොහේ ගියාද දන්නෑ…

මේ දෙන්නා ඉක්මනට යන්නෙත් නෑ …

ගිහාන් හිත යටින් චේතනාටයි චමිලටයි බනිනවා….

චමිල අමාරුවෙන් මීයාව එළවලා දැම්මා ..

චේතනා සන්සුන් වුණා….

චේතනාට ආයෙමත් මතක් උනේ ගිහාන් ගැන සැක ඇතිවෙන විදිහට තියෙන සාක්ෂි කිහිපය…

අනෙක් දේවල් ප්‍රබල සාක්ෂි නොවුනත් චේතනාගේ හෑන්ඩ් බෑග් එකයි සපත්තු දෙකයි ගැන ලක්ෂිකා ඉන්නේ පුංචි සැකයකින්….

“සර් මම දැක්කා චේතනාගේ හෑන්ඩ් බෑග් එක සර්ගෙ කාමරේ තියෙනවා…’

ගිහාන් ගේ මූණ ආයෙමත් අඳුරු වුණා….

හැමදේම හාරා අවුස්සමින් හොයන ලක්ෂිකාට ගිහාන් හිත යටින් බනිනවා …

“චේතනාට කිසිම සිහියක් නෑ…හැමදාම මොනව හරි දාලා යනවා ….ඔයා කිව්වට මම දැක්කෙත් නෑ ….”

“හරි පුදුමයිනේ සර් ,සර්ගෙ කාමරේ කබඩ් එකක් උඩ පේන්නම තිබ්බේ…වැඩේ කියන්නේ චේතනාගේ අයිඩින්ටි යත් ඒකේ..”

ගිහාන්ගෙ මූණ ඇද උනා…

ගිහාන්ට එකපාරටම කට උත්තර නැති වුණා..

ගිහාන් මද වෙලාවක් කල්පනා කරා..

“නෑ…නෑ…මම ආපු ගමන් නිදා ගත්තා මම දැක්කේ නෑ..ඇහැරුනේ ඔයාලා එන්න ටිකකට කලින් ..පුදුම සිහියක් තමයි .එක දවසක් ෆෝන් එකත් දාල ගිහින් ….”

“ඉන්න සර් මම චේතනා ට කෝල් කරල කියන්නම් ….”

“හොඳටම රෑ වෙලා නේ …ඔයා හෙට උදේට කෝල් කරල කියන්න ..”

“ඒකත් ඇත්ත ලක්ෂි..දැන් හොඳටම රෑ වෙලා අපි ගෙදර යමු ..”

“මට ඊට කලින් වොෂ් රූම් එකට යන්න ඕනේ ..”

ලක්ෂිකා ගිහාන්ගෙ වොෂ් රූම් එක ලඟට ගියා …

ඒ වොෂ් රූම් එක පිහිටා තිබුනේ ගිහාන්ගෙ කාමරයට එහා පසින්…

ලක්ෂිකා කොච්චර බාත්රූම් එක විවර කරන්න හැදුවත් ලක්ෂිකාට දොර විවරකරගන්න බැරි වුණා…

“මේ බාත් රූම් එකේ දොර ඇරෙන්නේ නෑනේ…”

ලක්ෂිකා එහෙම කිව්වම ගිහාන් වොෂ් රූම් එක ලඟට ආවා..

“සර් ..ඇයි මේකේ දොර අරින්න බැරි…”

ලක්ෂිකා දොරට ගහමින් කිව්වා…

“ඔය බාත්රූම් එකේ ලොක් එකේ ප්‍රශ්නයක් තියෙනවා …ගොඩක් වෙලාවට ඔහොම වෙනවා….”

ලක්ෂිකාගේ හිතේ ඇති වෙලා තිබ්බ සැකේ ත්‍රීව වුණා…..

මම මීට කලින් මේ බාත්රූම් එකට ගිහින් තියෙනවා…..

බාත්රූම් එකේ ඉස්සරහ දොර වහලා නෑ .

ඒත් බාත් රූම් එකේ දොර අරින්න බෑ….

කවුරුහරි බාත්රූම් එක ඇතුලෙ ඉන්නවා වත්ද?…

ඒ චේතනාවත් ද ?…

ලක්ෂිකා එහෙම කල්පනා කරන්න ගත්තා..

“බාත් රූම් එක ඇතුලේ කවුරු හරි ඉන්නවද දන්නෑ සර්….”

ගිහාන් නිහඬව හිටියට ගිහාන් දැන් හොඳටම දන්නවා චේතනා ඉන්නේ බාත් රූම් එක ඇතුලේ කියලා..

ගිහාන්ට ලක්ෂිකා ගැන ඇති වුනේ පුදුම තරහක්….

මේ ගෑ/නිට ඕන නැති දෙයක් නෑ…

හැමදේටම ඇඟිලි ගහනවා..

තමන් යටතේ වැඩ කරන සේවකයන්ව ඕනෑවට වඩා ළන් කරගත්තාම ඕක තමා තියෙන කරදරේ…

ගිහාන් එහෙම කල්පනා කරා…

“ඔයා ආවේ මගේ ගෙදර චෙක් කරන්නද ?…ඔයාට ඕනනම් මම බාත් රූම් එකේ දොර කඩලා පෙන්නන්නම්…”

ගිහාන් එහෙම කිව්වේ තරහින් කියලා චමිලට තේරුණා ….

“අපි ඉක්මනට ගෙදර යමු …අපේ ගෙදරට පැය භාගයක් වත් යන්නෑ නේ…දැන් හොඳටම රෑ වෙලා අපි යමු ලක්ෂි..”

චමිල ලක්ෂිකා ව එක්කගෙන ගියා …

ලක්ෂිකා ගෙදර ගියේ සැකයෙන් හිත පුරවගෙන …

“අපරාදෙ අපි ආවෙ…ගිහාන් සර්ගේ මොකක් හරි ලොකු හොරයක් තියෙනවා …මටනම් හිතෙන්නේ චේතනාගෙයි සර්ගෙයි මොකක් හරි හුටපටයක් තියෙනවා…අර බාත්රූම් එක ඇතුලෙ හැංගිලා ඉන්න ඇත්තේ චේතනා …”

“ඔයාට පි/ස්/සු/ද ලක්ෂි…ගිහාන්ට ගෑ/ණු ඕනේ නම් ඔය වගේ හඩු ගෙවල් වල දැලි වළං හෝදන ගෑ/ණි/යෙ/ක් එක්ක යාලු වෙන්න ඕනෙද …?..ඔෆිස් එකේම කොච්චර කෙ/ල්/ලො ඉන්නවද ?…මනස්ගාත හිතන් නැතුව ඉන්න …”

“එහෙනම් කොහොමද චේතනාගේ හෑන්ඩ් බෑග් එකයි සපත්තු දෙකයි එහේ තිබ්බේ…?”

“චේතනා අමතක කරල දාලා යන්නැති ..”

“එහෙනම් කවුද අර බාත් රූම් එකේ හිටියෙ ..?”

“බාත් රූම් එකේ කවුරුවත් හිටියේ නෑනේ..
බාත්රූම් එක ලොක් වෙලා …”

“ඕගොල්ලොත් ඕන බොරුවකට අහු වෙනවා ..බාත්රුම් එක එක එලියෙන් නෙමේ ලොක් වෙලා තියෙන්නේ…ඇතුලෙන් …සර් කොච්චර ඔලුවෙන් හිටන් කිව්වත් බාත්රූම් එක ලොක් වෙලා තිබ්බේ ඇතුල පැත්තෙන්…”

“ඔයාගේ මනස්ගාත …ඇරත් ඒ ඔයාගේ බොස් …ඔයා ඔයාගේ සීමාව අඳුනගෙන ඉන්න. අනුන්ගේ ජීවිතවලට එබිකම් කරන්න ලෑස්ති වෙන්න එපා …..මම මීට පස්සේ ඔයා එක්ක එන්නෙ නෑ …”

“ඔයාට වත් මාව විශ්වාස නෑනේ …මම ඔය හොරේ අතටම අල්ලගන්නම්…”.

“දෙයියන්ගේ නාමෙන් පාඩුවේ ඉන්නවා .එහෙම දෙයක් තිබ්බත් ඔයාට මොකද ?…අනුන්ගේ ම/ඟු/ල් හොයන්නේ නැතුව ඉන්නවා”

චමිලට හොඳටම තරහ ගිහින් කියලා ලක්ෂිකාට තේරුණා …

ලක්ෂිකා නිහඩ උනා …

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

“එයාලා ගියා ඔයා එළියට එන්න …

ලක්ෂිකා පිට වුනත් චේතනා බාත් රූම් එකේ දොර විවර කළේ නැහැ ….

ගිහාන් බාත්රූම් එකේ දොරට ගහලා බැරිම තැන එහෙම කිව්වා ….

චේතනා බාත්රූම් එකේ දොර හිමිහිට ඇරියා ..

“ආඩවනේ මාත්තියා …මම ඔඳටම බය වුණා ….”

“ඔයාත් මාර වැඩ තමයි චේතනා කරන්නේ… මොකටද බාත්රූම් එක අස්සේ හැංගුනේ ….තව පොඩ්ඩෙන් සේරම මාට්ටු වෙනවා ….ලක්ෂිකා බාත්රුම් එකට එන්න හැදුවා …”

“හයියෝ මාත්තියා …මම ඇඳ යට හිටිය නේ ..ඒක අස්සෙ හිටපු මීයා දැක්කම මට සේරම අමතක උනා ..මට ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ ..මම බාත්රූම් එකට ගියා…”

“ඇති යන්තම් ඔයින් ගියා …..ඒත් අපි ඉස්සරහට පරිස්සම් වෙන්න ඕනේ…”

චේතනා ගිහාන් දිහා බැලුවා ….

අද සිද්ද වෙච්ච සිදුවීමෙන් චේතනා හොඳටම බය වෙලා හිටියේ….

“මාව නම් මාත්තයා අපේ මුරුගමා තමා බේර ගත්තේ …අපි යේක නවත්තමු මාත්තයා ….අපේ ළමයින්ලාට යේක ආරංචි වුණොත් වෙන්නේ ලොකු විනාසයක්….”

චේතනා ට ඉන්නෙත් හිරිමල් යෞවනයේ දොරකඩ ඉන්න පුතෙක් ….

ගිහාන්ටත් ඒ වගේම පුතෙක් ඉන්නවා කියලා චේතනා දන්නවා..

“ඒගොල්ලොන්ට මේවා ආරන්චි වෙන්නෙ කොහොමද ?…”

“යේ ල…ක්…ෂිකා නෝ…නා ය..පේ ගෙවල් දන්..නවා …ඇ..වි..ත් කියයි කියලා බයයි මාත්තයා..යේ නෝනා මාත්තයාගේ නෝනටත් කියයි …යේවා දුරදිග යවා ගන්න ඕනේ නෑ මාත්තයා ….යේවා ගමේ මිනිසුන්ට ආරංචි වුණොත් පාරක බෑලා යන්න බැරි වෙනවා …”

චේතනා හොඳටම බය වෙලා…

බය වැඩි කමට කටහඬ වෙව්ලනවා ….

හමුවෙමු මීළඟ කොටසින්