ඔ..ඔ…ඔයා…………මෙහෙ
ඔව් එතන හිටියේ වෙනකවුරුත් නෙවෙයි .ඒ නපුරු දඩබ්බර ආඩම්බරකාර රාගව්…
ඔව් ඇයි අපිට එන්න හොද නැද්ද….
මේකා මහ නෝන්ජල් හිනාවක් දනගම ඇහුවේ…හරියට මුගේ ගෙදරට මන් ආව වාගේ..
සුදු මැණිකේ ඔය දරුවව ගේ ඇතුලට එන්න කිව්වනම්..
ශික් මට මේක දැක්කහම එකත් අමතක උනානේ…
එන්න පුතේ ඇවිත් ඉදගන්න.පුතා පාන්දරින්නම එන්න ඇති මයේ හිතේ..
ඔව් අන්කල් .මන් හතරට විතර එහෙන් ආවේ.මන් මේ එන්න හිටිය ගමනක් නෙවෙයි .ඩීන් සර් කිව්ව නිසාමයි මේ ආවේ..
ඇයි දරුවෝ හදිස්සියේම…පුතා සුදුමැණිකෙට කෝල එකක් දුන්නානම් ඉවරයි නේව පුතා බොරුවට මහන්සිය වෙලානේ….
අන්කල්ගේ සුදුමැණිකෙ ෆෝන් එක අන්සවර් කරන්නේ නෑනේ.සර් කිහිප වතාවක් කොල් අරන් මිස් කතා කලේ නැති නිසා.තමයි මට ගිහින් හරි මේ පණිවිඩේකට කියන්න කිව්වේ …..
සුදු මැණිකේ ……………
අ…අප්…අප්පච්චී…………..
ඇත්ත මේ දරුවා මේ කියන්නේ…ආ..මොකද මේ නොදරුවෙක් වගේ හැසිරෙන්න .බලන්න ඔයාගේ වැඩ නිසා මේ දරුවට මෙච්චර දුර ගෙවන් එන්න උනානේ…
ම..මට සාමාවෙන්න අප්..අප්පච්චී ……
මන්දිරා ඇගේ පිය බැන වදිද්දී.රාගව් හදවත රිදුම් දෙන්න වුයේ ..මේ සියලු දේ තමන් නිසා නොවේදැයි සිතමිනි…
මන් හේතුවනම් හරියටම දන්නේ නෑ අන්කල් .මෙක හදිස්සිය කැදවීමක්..මන් හිතන්නේ හෙට කැම්පස් එකේ පොඩි උත්සවයයක් තියනවා..මෙක හදිස්සියේම වැටුන එකක්..එ නිසා වෙන්න ඇති මිස්ට එන්න කියනවා ඇත්තේ…
ම්…එකත් එහෙමද..එහෙනම් සුදු මැණිකේ ලැස්ති වෙන්න..මන් පියසෝමට පණිවිඩේ යවනම් ඔයාව ගිහින් දාන්න කියලා..
මේ…..අන්කල් මන් කොහොමත් දැන් කොළඹනේ යන්නේ .අන්කල්ගේ අකමැත්තක් නැත්නම් මන් එක්කම මිස්ට යන්න පුලුවන් .අන්කලට බයයි හරි අවිශ්වාසයයි හරිනම් අන්කල් හරි ආන්ටි හරි යන්..මන් ආපු මෙහාට ගෙනත් ඇරලවන්නම්….
නැ..පුතේ එහෙම දෙයක් නැ…ම්…..හරි සුදු මැණිකේ මේ දරුවා එක්ක යන්නකෝ..මන් ඔය දරුවාව විශ්වාස කරනවා .මොක්කද මේ මගේ පණ.. සදගලතැන්න වලව්වේ උරුමක්කාරි…
එ ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා..අන්කල් මන් මගේ ඇස් දෙකට වගේ පරිස්සමෙන් ගිහින් ඇරලවන්නම්…
පුතේ එන්න කෑම ටිකක් කමු .උදේපාන්දර පිටත් උන නිසා බඩගින්නේ ඇත්තේ…
කමක් නෑ..ඇන්ටි මන් යනගමන් මොනාවා හරි බඩට දාගන්නම්..
අනේ මේ කොල්ලො මෙන්න මෙහෙම වරෙන් යන්න .මිස්ගේ ගෙදර ඇවිත් නොකා කොහොමද …
අප්පච්චී රාගව්ගේ කරවටේ අතක් දාගෙන කෑම මේසෙට එක්ක ගිහින් කෑමත් බෙදලා දුන්නේ ..රාගව් ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉද්දි…
මොකො බලන් ඉන්නේ..කන්න කන්න.. දරුවෝ ..අප්පච්චී රාගව්ගේ ඔලුව අතගාගෙන මේසෙන් වාඩි උනේ..මටත් ඇස් වලින් ඉදගන්න කියන ගමන්..
සුදු මැණිකේ මොකො කැම දිහා බලන් භාවනා කරන්නේ.කන්න හිතක් නැද්ද..වෙනට කිරිබතුයි මාලුඇඹුල් තියලුයි ලුණු මිරිසුයි තියවනම් අපිටත් තියන්නේ නැතුව ගිලිනවා නේ..මොකො..මේ….
සැක් අප්පච්චීත් මේක ඉස්සරම මගේ සායම යවනවා නේ….මන් දත් ටික පෙන්නලා මොඩ පාහෙ හිනාවක් දාල.අම්මට ඇහින් කතා කරේ මට කවන්න කියලා…
අනේ ..ඇත්තට කාසද බදින්න ඕනි වයසෙ ඉන්න දෝණීගේ .හැබැයි තාම අම්මාට කියලා කවා ගන්නේ…
අනේ..පුතේ…ඇයි මේ……
කෑම රස නැද්ද…නැත්නම් සැරයිද…
මට කවන එක නවත්තලා අම්මා..
ඇස් දෙකේ කදුලු පුරවන් කෑම කන රාගව් දැකලා අම්මා ඇහුවේ රාගව්ගේ ඔලුව පිරිමදිමින ගමන්………
නෑ…ඇන්ටි මේ….මේ…
අපහසු නෑ තේරුම් ගන්නට ඔහුගේ සිතැගි .මාත් මෝඩයයෙක් වගේ අදම අම්මට කියලා කවා ගත්තානේ…
කිසිම දවසක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ගේ ආදරයක් රැකවරණයක් නොලැබිච්ච එයාට මේ බැදිම් ආගන්තුක ඇති…
කෝ දෙන්නකෝ මන් පුතාට කවන්නම්…
මන් අම්මට ඇහින් කෑම එක රාගව්ට කවන්න කියලා ඉගි කරද්දී..මගේ ඉගිය තේරුම් අරන් අම්මා රාගව්ට කවන්න ගත්තේ රාගව් වචනයක් වත් නොකියා මුළු පිඟනම හිස් කරද්දි..
පුතේ තව ටිකක් කවන්නද..
අනේ ඇති අම්මා…මගේ ජිවිතේ මන් කාපු රසම කෑම එක කෑවේ අද…
අනේ පුතේ………
ඔව් අම්මා මට අද වෙනකන් කවමදාවකවත් කවුරුත් කවලා නෑ…පළවෙනි වතාවට අද අම්මා තමා මට කැව්වේ…
ඇයි පුතේ පුතාගේ…….
මේ..අම්මා මට කෑම එකක් ඔතලා දෙනවද ගිහින් කන්න..
මන් කතාව නවත්ත ඕනි නිසා අම්මගෙන් කැම එකක් ඉල්ලුවේ..මොක්කද රාගව්ගේ ඇස් වලින් කදුලු වැටෙනවා බලන්න තරම් හයියක් මට නැති නිසා…
.
ගෙදරින් ආපු වෙලාවේ ඉදන් මේ වෙනක් රාගව් නිහඬව වාහනේ එලෙව්වේ.මා එක්ක වචනයක්වත් කතා නොකර …
එත් එකපාරටම රාගව් වාහනේ ප්‍රධාන පාරෙන් අතුරු පාරකට හරවගෙන ටික දුරන් ඇවිත් වාහනේ පොඩි ඇල පාරක් ලඟ නතර කරලා වාහනේ බැහැලා ඇවිත් මගේ පැත්තෙන් දොර ඇරියේ මට බහින්න කියලා ඉගි කරන ගමන්…..
මාත් වාහනේ බැහැලා රාගව් පස්සෙන් ගියේ.රාගව් දොල පාරට කකුල් දෙක දාගෙන ලග තිබ්බ ගස් මුලක් උඩින් වාඩි වෙද්දී…
මට ඉදගන්න ඉඩක් තිබ්බේ නැති හින්දා මන් එයා ලගින් හිටගෙන හිටියත් ..
එකපාරටම මාව ඇදිලා ගිහින් රාගව්ගේ උකුලේ ඉන්ද වුනේ මගේ ඇස් දෙක නොදැනීම විසල් වෙද්දී..
පි..පිස්සුද……..
මන් නැගින්න හැදුවත් ..මට නැගින්න නොදි මගේ බද වටේ එක අතත් යවලා මාව එයාට හිර කර ගත්තේ .අනික් අත මගේ දෙතොල් මතින් තියලා මට නිහඬ වෙන්න කියලා සන් කරන ගමන්…….
විනාඩි කිහිපයක් මගේ ඇස් දෙක දිහාම බලන් හිටපු එයා…
මන් එයාට කතා කරන්න හදවනවත් එක්කම….
මගේ දෙතොලට බර වුනේ……..
මට හුස්ම ගන්නත් අමතක වෙද්දී……
මතුසම්බන්ධයි